ලොවම පුදුම කළ හොඳම ඡායාරූප 20ක්

Ravindudineth

Active member
  • Mar 23, 2014
    101
    70
    28
    ලොවම පුදුම කළ හොඳම ඡායාරූප 20ක්

    2015 අවුරුද්දේ කැමරා කාචයේ රැඳුණු ස්වභාවධර්මයේ අපූර්වතම මොහොතවල් අතුරින්, හොඳම 20 ලෙසට “National Geographic” සඟරාව තේරූ ඡායාරූපයි මේ.

    01.හොඳටම කේන්තියෙන් කඩාපනින මේ පෙන්ගුයින් සත්ත්වයා ඡායාරූපයට නැඟුණේ ඇන්ටාටිකාවේ සැසී ස්ටේෂන් ප්‍රදේශයේදී ය.
    1.jpg


    02. “. Winter White” ලෙසට නම් කර ඇති මේ ඡායාරූපය කැමරාවේ සටහන් වූයේ ඉතාලියේ “Gran Paradiso” හෙවත් “Grand Paradise” ජාතික උද්‍යානයේ දී ය. ශිත සෘතුවේ සුදු හිම මතින් මෙලෙස එබී බලන්නේ සුදෝ සුදු අර්මයින් සත්ත්වයෙකි.
    2.jpg


    03. පලාඋ, එයි මලක්‌ හි ජෙලි ෆිෂ් විලේ පිහිනන කහ ජෙලිෆිෂ් අහිනක් සහ විද්‍යාත්මක කටයුතු උදෙසා විලේ කිමිදී සිටින තරුණියක් මෙහි දැක්වේ. මේ කහ ජෙලි ෆිෂ් විෂ රහිත සතුන් වුවත්, මේ විලේ සිටින ඇතැම් ජෙලි ෆිෂ්ලා මාරාන්තික විෂ සහිත සතුන් ය. ඇතැම් ජෙලි ෆිෂ්ලා ස්පර්ශ වීමෙන් පමණක්ම වුවද මරණය සිදුවිය හැක.
    3.jpg


    04. ” Against the Wind” හෙවත් “සුළඟට එරෙහිව” ලෙස නම් කර ඇති මේ ඡායාරූපය ගනු ලැබුවේ කැනඩාවේ ක්විබෙක් හිදී ය. මෙලෙස සුළඟට එරෙහිව සිටගෙන සිටින්නේ එතරම්ම සුලභ නොවන සුදු බකමූණෙකි.
    4.jpg


    05. . “Something’s Fishy” කැනඩාවේ, බ්‍රිටිෂ් කොළොම්බියාවේ දිය කඩිත්තක මත්සයන් සොයන නරියෙකි මේ.
    5.jpg


    6. සර්බියාවේ බයිකාල් විලේ මිදී තිබූ හිම තට්ටුව, අධික උෂ්ණත්වය නිසා පුපුරා යන ආකාරයයි මේ.
    6.jpg


    07. ඉන්දියාවේ ගොඩනැගිල්ලක ඉරි තැල්මක් අතරින් එබී බලන වැලි මීයෙක්. මෙය නම් කර තිබෙන්නේ “Who’s There?” ලෙසට ය.
    7.jpg


    8. මිත්‍රශීලි සිනහවකින් යුතුව මේ බලාසිටින රතු නරියා එස්ටෝනියාවේදී කැමරා කාචයට හසුවිය.
    8.jpg


    9. මේ අප්‍රිකාවේ වනගත දර්ශනයකි. මිහිදුම් සහගත උදෑසනක පැතිරී යන හිරුගේ රන්වන් ආලෝකය මේ ඡායාරූපයට ගෙන දී ඇත්තේ ස්වප්නරූපී ස්වභාවයකි.
    9.jpg


    10. මේ සරත් සෘතුවේ දිය ඇලි ප්ලිට්වයිස් ජාතික උද්‍යානයේ දී කැමරාවට හසුකරගන්නා ලදී. ප්ලිට්වයිස් ජාතික උද්‍යානය පිහිටා ඇත්තේ ක්‍රොඒෂියාවේ ය.
    10.jpg


    11. Humpback තල්මසා හෙවත්, කුදු තල්මසා යනු අතිශය දුර්ලභ සත්වයෙකි. මේ දුර්ලභ සත්වයා ඡායාරූපයට නැඟුණේ ටොන්ගාවේදී ය.
    11.jpg


    12. “Bioluminous Larak” යනු ඉරානයේ ලාර්ක් දුපතේ ඉවුරකි. කළුවරේ ආලෝකය විහිදුවන රේඩියම් වැනි සංඝටකයක් විහිදුවන ඇල්ගී සහ කුඩා සත්වයන් මේ විල අඳුරේ අලංකෘත කරයි. චිත්‍රපට රැසක් සඳහා අලංකාර පසුබිම් දර්ශන මේ විල විසින් සපයා ඇත.
    12.jpg


    13. “Bird Feeders” චීනයේ ගුවන්ෂි පළාතේ පිහිටි ෂිංග්පිංග් ගම්මානයේ දසුනකි. මේ කුරුල්ලන් බලා සිටින්නේ විල් පතුලේ සිට දිය මතු පිටට එන කුඩා මසුන්ගෙන් කුස පුරවාගන්නට ය.
    13.jpg


    14. සොඩ්ලිගේට් ගම්මානයයි මේ. පිහිටා ඇත්තේ හංගේරියාවේ ය.
    14.jpg


    15.” All The Fish In The Sea” ලෙසට මේ ඡායාරූපය නම් කර ඇත. මෙක්සිකෝවේ කබෝ පුල්මෝ දිය යට උද්‍යානයේ දසුනකි.
    15.jpg


    16.ඉතාලියේ “Gran Paradiso” හෙවත් “Grand Paradise” ජාතික උද්‍යානයේදී හමු වූ රතු නරියෙකි. National Geographic සඟරාවේ හොඳම ඡායාරූප 20 අතරට ආ දෙවන “Grand Paradise” ඡායාරූපයයි.
    16.jpg


    17. “Dancing With The Moo” මේ “සඳ සමඟ රැඟීම” අයිස්ලන්තයේ ය. හිම මතට වැටුණු සඳ එළිය සහ ධ්‍රැව ආශ්‍රිත උෂ්මාවලෝකය මෙහි දැක්වේ.
    17.jpg


    18.”Shining Through” ඡායාරූපයයි මේ. අපොස්ට්ල් දුපතේ දසුනකි. එය අයත් වන්නේ විස්කොන්සින්වලට ය. ගිරි කුලක එල්වුණු අයිස් තට්ටුවක් අතරින් එබුණු හිරුගේ මනස්කාන්ත දසුනයි මේ.
    18.jpg


    19 කැරිබියන් දූපත් සමුහයට අයත් බෝනායර් දුපතේ දසුනකි. පෙරළී යන ලදුව ගමන නැවතී ඇති, කාලයෙන් බැට කෑ මුහුදු යාත්‍රාවකි මේ.
    19.jpg


    20. “Imperial Blossoms” හොඳම විස්සේ විසි වැන්න මෙයයි. “Weeping Cherry”හෙවත් හඬන චෙරි ගසක මල් බර වූ අත්තකි.ජපානයේ ක්යෝටෝවල දසුනකි.
    20.jpg


    (උපුටා ගැනීමකි)
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    සුපිරි බන්.. ගුප්ත බවක් තියෙනව.. සමහර ෆොටෝ වල.. :) :) :)