ලොව වටා අභිරහස්
ලොව වටා අභිරහස්
කඳුළු සලන දරුවා - The Crying Boy Painting
ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියකු වන Giovanni Bragolin නැමැත්තා " The Crying Boy" නම් සිතුවම ඇඳි මොහොතේ යම් දිනෙක අදහාගත නොහැකි යමක් මෙම සිතුවමින් වන බව ඔහු මොහොතකටවත් නොසිතන්නට ඇත. මෙම සිතුවමේ කටයුතු සම්පුර්ණ කිරීමෙන් දශක ගණනාවකට පසුව එක්තරා ගිනිනිවන භටයෙකු මෙම සිතුවම පිළිබඳව තම අත්දැකීමක් ප්‍රකාශ කළේය. ඔහු ගිනි නිවන හමුදාවට අනුයුක්තව බොහෝ කාලයක් සේවයේ නියුතු වූවෙකු වන අතරම ඔහුගේ සේවා කාලය තුළ මෙම සිතුවම ඔහුට අවස්ථා ගණනාවකදීම හමු වනවා. එසේ හමු වන්නේ ගිනි නිවීමේ රාජකාරියේ යෙදී සිටි අතරතුර වන අතර මෙම සිතුවම තිබූ සෑම නිවසක්ම ගින්නෙන් අළු වී තිබෙනවා. එහි වූ විශේෂත්වය නම් නිවසේ සෑම භාණ්ඩයක්ම අළු වී තිබියදීත් මෙම"The Crying Boy" සිතුවමට කිසිදු හානියක් සිදු වී නොතිබීමයි.
මරණයේ මල් බඳුන The Death Vase
1980 දශකයේ පුද්ගලයෙකුට තම නිවසේ පිළිකන්නේ (backyard) හි තිබී වෙනස් ආකාරයේ පරණ මල් බඳුනක් හමුවිය. එහි කිසියම් පණිවිඩයක් ඔබ්බවා තිබුණි. එහි සඳහන් වූයේ "පරිස්සම් වන්න මෙම මල් බඳුන ඔබට මරණය කැඳවනවා ඇත" යනුවෙනි.අනතුරුව එම නිවැසියන් මෙම වෙනස් ආකාරයේ පරණ මල් බඳුන වෙන්දේසියේ දමා වෙනත් පුද්ගලයෙකුට අලෙවි කරන අතර මරණයේ පණිවිඩය ගැන නොදත් එම පුද්ගලයා මෙය සිය නිවෙසට ගෙන යනු ලබයි. පුදුමය නම් මෙසේ කල් ගත වී මාස කිහිපයක් තුළ එම නිවසේ නිවැසියන් තිදෙනෙකුම අනපේක්ෂිත ලෙස මිය යන්නේ මරණයේ පණිවිඩය සැබෑ කරමිනි.
කොයි නූර් දියමන්තිය

"කොයි නූර් දියමන්තිය" හා සම්බන්ද පුදුමසහගත කතාවකි. එනම් මෙම "කොයි නූර් දියමන්තිය" සහිත ඔටුනු පළඳින කාන්තාවන්ට මෙම දියමන්තිය වාසනාව ගෙන දෙන බවයි. නමුත් මෙම දියමන්තිය සහිත ඔටුනු පළඳින රජවරුන් හට මෙයින් ගෙන එන්නේ අවාසනාවකි. කැරට් 109 වන මෙම දියමන්තිය සහිත ඔටුන්න බ්‍රිතාන්‍ය පාලනය කළ වික්ටෝරියා රැජින පැළඳි නමුත් වත්මන් බ්‍රිතාන්‍ය රැජින වන එලිසබත් රැජින මෙම දියමන්තිය පැළඳීමෙන් වැලකී සිටියි. 1540 කාලයේ උතුරු ඉන්දියාව පාලනය කළ " sher shah suri" නම් රජු මෙම "කොයි නූර් දියමන්තිය" සහිත ඔටුන්නක් පැළඳි අයෙකි. ඔහු අවාසනාවන්ත ලෙස මරණයට පත් වන අතර ඔහුගේ පුත්‍රයාද කුමන්ත්රණයකින් ඝාතනය වූයේ මෙම දියමන්තිය ගෙනා අවාසනාව නිසා යැයි කියැවේ.
පූජනීය ගල - Blarney Stone
අයර්ලන්තයේ පිහිටි මෙම පූජනීය ගල ලොව නන් දෙසින් පැමිණෙන මිලියන ගණනක් ජනතාව සිපගෙන ඇත. මෙම ගල සිප ගැනීමෙන් වාසනාවට උදා වන බවත් යම් හෙයකින් මෙම ගලෙන් කොටසක් හෝ ගැලවී ගියහොත් එය ඉතා අසුබ පෙරනිමිත්තක් බවත් සැලකේ, එනම් රැකියා අහිමිවීමේ සිට ඉතා බරපතල ව්‍යවසනයන්ට මුහුණ දීමට සිදු වන බව එමගින් කියැවේ.
මරණයේ පුටුව - Busby's stoop chair
1702 දී Thomas Busby නැමැත්තා ඔහුගේ මාමා මෙම පුටුවේ වාඩිවී සිටින අවස්ථාවේ ගෙල සිරකර මරා දමා තිබෙනවා. ඉන් පසුව ඉතා පුදුම සහගත ලෙස විවිද හේතු මත මිනිසුන් 63 දෙනෙකු මෙම පුටව මතම මියගොස් තිබෙනවා. මෙයට හේතු වී තිබෙන්නේ Busby නැමැත්තාගේ මාමා සිය මරණයට පෙර මෙම පුටුවට කරන ලද සාපයක් නිසා බව ජනප්‍රවාද වල සඳහන්ය. 1972 වසරේ මෙම පුටුව එංගලන්තයේ "Thirsk" කෞතුකාගරයේ සිවිලිමේ එල්ලන ලද්දේ නැවත කිසිවෙකුටත් මෙහි හිඳ ගැනීමට නොහැකි වන ලෙසටයි.

උපුටා ගැනීම http://kawluva365.blogspot.com/
Last edited: