ලොව විශාලතම ඩීසල් එන්ජිම

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    ලොව විශාලතම ඩීසල් එන්ජිම

    ඩීසල් එන්ජින් කියන්නෙ අපේ ජීවිත වලට සමීප දෙයක් වුවත් ලොව විශාලතම හා ප්‍රබලම ඩීසල් එන්ජිම ගැනයි අද ලිපියෙන් කියන්නෙ.

    1.gif.jpg
    එහෙනම් යාලුවනේ බලාගන්න Wärtsilä RT-flex96C නමින් හඳුන්වන එම එන්ජිම.

    පිස්සු වගේ නේද, වාහනේක එන්ජිමක් නම් අපි තරම්වත් උස නෑ , ඒත් මේක. Wärtsilä නම් Finnish සමාගමකින් තමයි මේක හදලා තියෙන්නෙ. 80080KW පමණ බලයක් ලබාදෙන්න මේ එන්ජිමට පුලුවන්කමක් තියෙනවා.එමෙන්ම මෙය ටොන් 23,000ක බරකින් යුක්ත වේ. මෙය මන්දගාමී Two-Stroke Turbo එන්ජිමකි. මෙතරම් ශක්තිමත් Wärtsilä RT-flex96C එන්ජිම 2006 සැප්තම්බර් මස පටන් භාවිතයට ගන්න පටන් අරන් තියෙනවා.
    worlds-largest-diesel-7-610x424.jpg


    2.jpg
    මෙය සිලින්ඩර් 14 එන්ජිමක් වන අතර එක් චක්‍රයකට ඩීසල් අවුන්ස 6.5 පමණ වැය කරයි. සෑම සිලින්ඩරයක්ම 7500KW ශක්තියක් නිපදවයි. මෙහි සැලැස්ම RTA96C එන්ජිමට සමාන වුවත් සාප්‍රදායික කැමිදණ්ඩ, ද්‍රව ඔදයනය සහ පොම්ප වෙනුවට, අලුත් තත්වයේ state-of-the-art rail තක්ශණයෙන් නිපදවා ඇත. එන්ජිමේ වේගය 22-102 rpm පමණ වේ.
    3263_03.jpg

    170 g/kWh පරිභෝජනයක් ඇති මෙහි කාර්යක්ශමතාව අති බැලුවහොත් ඉතා ඉහල අගයක් ගන්නා අතර පරිසර හිතකාමී බවක්ද පෙනේ.මන්ද යත් එය අධික ලෙස GHG වායු විමෝචනයක් සිදු නොකරන බැවිනි.
    නිසැකවම මෙම Wärtsilä RT-flex96C එන්ජිම වත්මන් ඉන්ජිනේරු තාක්ශණයේ විස්මය ද්න්වන නිර්මාණයකි.මෙම ඕනෑම ප්‍රමාණයක නැවක් බලගන්වන්න පුලුවන්කමක් තිබෙන ඕනෑම බල අවශ්‍යතාවකට ඔරොත්තු දෙන සිලින්ඩර 14කින් සමන්විත වේ. මේ අපූර්ව එන්ජිම අඩි 44ක උසින් හ අඩි 99ක දිගින් යුක්ත වේ.

    image006.jpg

    චීනයේ සිට ඇමෙරිකාවට භාන්ඩ ප්‍රවාහණය කරන නෞකා සැබවින්ම දැවැන්ත වේ.ඉතින් එව්වා ගොඩක් විශාලයි, ඒ නිසා අපිට කතාකරන්න සිද්ද වෙනවා ටොන් 180,000ක් පමණ බර අඩි 1300ක් හෝ ඊට වැඩි දිගකින් යුත් නැවි ගැන. සාමාන්‍ය Turbo එන්ජිමකට මේ දැවැන්තයින්ව හොල්ලන්නවත් බෑ.නමුත් අශ්වබල 109,000ක් සපයන Wärtsilä RT-flex96C එන්ජින් තමයි ඔය දැවැන්තයින්ව ඇදගෙන යන්නෙ. දැනට මෙවැනි දැවැන්ත එන්ජින් 25ක් පමණ ඇති අතර සාගර 86ක ගමන් ගනී.වැඩිදියුණු කළ ඉන්ධන පිරිමැසුම, වැඩි ආයුකාලය හා උසස් ක්‍රියාකාරීත්වය සමඟ Wärtsilä RT-flex96C එන්ජිමේ අනාගතය ගොඩනැගේ.

    images6-610x223.jpg
     

    waligamaya

    Well-known member
  • මේ එන්ගින් බොහෝවිට බවිතවන්නේ මෙගා මාස් වගේ අතිවිශාල නැව් වලට. සාමාන්‍ය පිස්ටෝන් ස්ට්‍රෝක් එක අඩු එන්ගින්වලට වඩා ලොකු ස්ට්‍රෝක් ලෙනත් එකක් තියෙන එන්ගින්වල දකින්න පුලවන් ප්‍රදානම වෙනස තමයි ක්‍රොස් හෙඩ් එක එකෙන් කරන්නේ ස්ට්‍රෝක් ලෙනත් එක වැඩිවුණාම සාමාන්‍ය විදියට කොනේක්ටින් රෝඩ් එක සවිකලොත් ක්‍රෑන්ක් ඩයමිටෙර් එක හොදක් ලොකුවෙනවා එක වලක්වන්න් තමයි ක්‍රොස් හෙඩ් එක කියන යාන්ත්‍රනය බාවිතා කරන්නේ.

     
    Last edited: