ලොව විශාලතම බැටරිය

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    ලොව විශාලතම බැටරිය

    maw4du.jpg

    ඇමෙරිකාවේ Missouri ප්‍රාන්තයේ පිහිටා ඇති Taum Sauk Hydroelectric Power Station ජල විදුලි බලාගාරය ඉතාමත් අපූරු එකක්. මෙම බලාගාරයෙන් නිපදවන විදුලි බල ප්‍රමාණයට වඩා වැඩි විදුලි බල ප්‍රමාණයක් උපයෝගී කරගෙන නැවත මෙම ජලාශයටම එම ජලය පුරනවා. මේක බැලූ බැල්මටම පෙන්නේ මෝඩ විකාර කතාවක් වගේ.
    මෙම බලාගාරයට ජලය සපයන ජලාශය ස්වභාවික එකක් නොවේ. මෙය කන්දක් උඩ කොන්ක්‍රීට් වලින් කෘතිමව නිපදවපු ටැංකියක් කිව්වොත් වඩා නිවැරිදියි. මෙයට ජලය සපයන එකම ස්වභාවික ජල මාර්ගයක්වත් පිහිටා නැහැ.
    විදුලි බලාගාර වල නිපදවන විදුලිය ගබඩා කර තබා ගන්න බැහැ. සිදුවන්නේ ඉල්ලුමට අවශ්‍ය ප්‍රමාණයට සරිලන ලෙස විදුලිය එම මොහොතේම නිපදවා පද්ධතියට එක් කිරීමයි. නමුත් ඉල්ලුමට සරිලන ලෙස නොකඩවා විදුලිය සැපයීමට නම් සෑම විටම පද්ධතියේ ධාරිතාවය වැඩි කර යුතුයි.
    Peak time යනු අධික විදුලිය පරිභෝජනයක් ඇති වේලාවයි (රාත්‍රී 6 - 9 සහ උදෑසන). මේ වේලාවට අවශ්‍ය විදුලි ඉල්ලුම සැපයීමට තාප බලාගාර ක්‍රියාත්මක කර විදුලිය නිපදවිය යුතුයි. මෙය ලාභ දායක නැහැ. ඒවගේම Off Peak time යනු එතරම් විදුලිය පරිභෝජනය නොකරන වේලාවක්. මේ වේලාවට අක්‍රිය කල නොහැකි සුර්ය, සුළං, ජල වැනි බලාගාර විදුලිය බොහොමයක් පරිභෝජනය නොවන නිසා අපතේ යනවා ඒවා ගබඩා කර ගත නොහැකි නිසා.
    Peak time එකේදී ඉහත ටැංකියේ ජලය භාවිතා කර ඊට පහලින් ඇති බලාගාරයේ ජල විදුලි ටර්බයින කරකවා විදුලිය නිපදවා පද්ධතියට එක් කරනවා. ඉවත් වන ජලය බලාගාරය ආසන්නයේ වෙනත් ටැකියකට එකතු වෙනවා. මේ නිසා තාප බලාගාර භාවිතය අවම වෙනවා.
    Off Peak time එකේදී පද්ධතියෙන් අපතේ යන (සුළං, සුර්යය බලාගාර) විදුලිය උපයෝගී කරගෙන මෝටර් ආධාරයෙන් පහල ටැංකියේ ඇති ජලය නැවත ඉහල ටැංකියට පුරවනවා.
    මේ නිසා සැබවින්ම සිදුවන්නේ අපතේ යන විදුලිය භාවිතා කර මෙම විශාල ජල ටැංකිය පුරවා නැවත ඉල්ලුම වැඩි විට එම ජලයෙන්ම නැවත විදුලිය නිපදවීමයි. මේ නිසා තාප බලාගාර වලින් විදුලිය නිපදවන අධික වියදම ඉතිරි වෙනවා. එම නිසා මෙම බලාගාරයේ නිපදවන විදුලිය සැබෑ ජල විදුලි බලාගාරයකටත් වඩා වටිනවා.
    ඇත්තටම බැලුවම මේ විශාල ජල ටැංකිය අපතේ යන විදුලිය ගබඩා කර තබා ගෙන අවශ්‍ය වේලාවට මුදා හරින යෝධ බැටරියක්!!


    උ.ගැ-සිංහලපීඩියා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,959
    113
    ඇමරිකාවෙ එහෙම කරත්, ලංකාවෙ එහෙම කරන්නෑ...
    මොකද මේකෙ (CEB) එවුන් ඒව දන්නෙ නෑ...

    :P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    ඇමරිකාවෙ එහෙම කරත්, ලංකාවෙ එහෙම කරන්නෑ...
    මොකද මේකෙ (CEB) එවුන් ඒව දන්නෙ නෑ...

    :P

    මචං ඔතනදි තාප බලාගාර කියන්නේ Nuclear ඒවා. Nuclear power plant තමා පටන් ගත්තට පස්සේ හිතෙන හිතෙන වෙලාවට නවත්තන්න බැරි :D:D
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ පට්ට අයිඩියා එකක් නේහ්..:rolleyes:
    වියදමත් ඒ වගේම ඇති.. ඒවුනත් එකේ ප්‍රතිඵලයත් වටිනව..:cool:
    TFS +Rep
     

    Similar threads