ලොව විශිෂ්ඨතම පිරමීඩය වූ සමණොල ගිර

suta86

Active member
  • Aug 2, 2011
    471
    148
    43
    ලොව විශිෂ්ඨතම පිරමීඩය වූ සමණොල ගිර

    හෙළ ජාතිය පිටසක්වලින් පැමිණි ජාතියක් විය හැකි යැයි සිතූ ඇමරිකාවේ නාසා ආයතනය පිටසක්වල ජීවින්ට යැවූ සාම පණිවිඩයේ දෙවැන්නට සිංහල බස ඇතුළු කළේය. හෙළයා පිළිබඳ එලෙස සිතන්නට හේතු වූ කාරණාද නැතුවා නොවෙයි. එයට බලපෑ ප්‍රධානතම කාරණය වූයේ ලාංකිකයන් ලෙස අප පිළිනොගත් රාවණ තාක්‍ෂණය ඇමරිකානු 51 වැනි ජනපදය පර්යේෂණ තුළින් සනාථ කර ගැනීමයි.

    අපට රාවණ යුගය මිත්‍යාවක් වුවත් එය දිනෙන් දින නව තාක්‍ෂණය සොයා යන පංච මහා බලවතුන්ට නම් මිත්‍යාවක් වූයේ නැත. විශ්වය පුරා දියුණු ජීව වර්ග හය දහසකටත් අධික සංඛ්‍යාවක් ජීවත් වන බව මේ වනවිට සොයාගෙන හමාරය. රාවණ පරපුර නැතහොත් සූර්යයාගේ සිට පැමිණි පරපුර පෘථිවියට පැමිණියේ ඇල්නිලම් යන තාරකාවේ සිට බවට විශ්වාසයක් පවතී. ඇල්නිලම් තාරකාව යනු ක්‍ෂිතිජය පුරා විසිර ඇති තරු රටා අතර පිහිටි දඩයක්කාරයා නැතහොත් ඔරායන්ගේ බඳ පටියේ මධ්‍යයේ ඇති තාරකාවයි.

    අදින් වසර දසදහස් ගණනකට පෙරදී මෙම බඳ පටියේ පිහිටි තරු නැතහොත් ග්‍රහලෝක තුන ත්‍රිකෝණයක අයුරින් පිහිටා තිබුණි. අද වනවිට ඇල්නිලම් ග්‍රහලොව දෙපසින් පිහිටි ග්‍රහලෝක දෙකේ චුම්භක බලය මත එක පෙළකට පිහිටා ඇති බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.

    මෙම ත්‍රිත්ව ග්‍රහලෝක තුළ එකම ජීවී විශේෂයක ජනපද පිහිටි අතර එක්වරම ප්‍රබල පිටසක්වළ ආක්‍රමණයකට ඔවුනට මුහුණ දීමට සිදුවිය. දිගින් දිගට පැවති මෙම ආක්‍රමණකාරී තත්ත්වයන් මත එම ග්‍රහලෝකවල පරිසර පද්ධතිය බොහෝසෙයින් බිඳවැටුණි. ඇල්නිලම් ග්‍රහලොවේ පරිසර පද්ධතිය පෘථිවි පරිසරයට වඩා වසර හැටකින් පමණ ඉදිරියෙන් පවතී. එසේම එය මියදෙමින් පවතින ග්‍රහලෝකයක් බවට පත්ව ඇත.

    ඇල්නිලම් ග්‍රහලෝක වැසියෝ(බුදු බණට අනුව ආහස්වර දෙව්ලොව) තම බිඳ වැටෙන ග්‍රහලොව රැකගැනීම උදෙසා නව ක්‍රමවේද සෙවූහ. හෙළ රාවණ පරපුර බිහිවන්නේ එලෙසය. පෘථිවිය යනු ජීවී ග්‍රහලොවක් වුවත් දියුණු ජීවී පරපුරක් සිටියේ නැත. ඩයිනෝසර් වැනි මාංශ භක්‍ෂක අති විශාල ජීවීන් විනාශ කර දැමීමට ඇල්නිලම් නම් පිටසක්වල ජීවීහු කටයුතු කලේ දැවැන්ත න්‍යෂ්ඨික පිපිරීමක් සිදු කිරීමෙනි. මෙම පිපිරීමෙන් ජීවී විශේෂ බහුතරයක් විනාශ වී ගිය අතර ඉන් වත්මන් ඇමර්සන් ප්‍රදේශය අශ්‍රිතව වෙසෙන සත්ත්ව විශේෂ බොහොමයක් සුරක්‍ෂිත විය.

    මෙම ඉතිරි වූ ජීවීන්ගෙන් තෝරාගත් සත්ත්ව විශේෂයක ජාන මඟින් නව මිනිස් විශේෂයක් බිහිවිය. ඒ අද අප කතා කරන පෘථිවිවාසීහුය. ඇල්නිලම් පිටසක්වල ජීවිහූ තම පෘථිවි ශිෂ්ඨාචාර ගොඩනැගීමේ ක්‍රියාන්විතයේ මූලස්ථානය ලෙසින් පවත්වාගෙන ගියේ හෙළ දීපයයි. එයට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ එකළ භූමි පිහිටීම අනුව පෘථිවියේ මධ්‍යය ලක්‍ෂය හෙළ දේශය තුළ පිහිටීමයි.

    අනෙක් කරුණ වූයේ හෙළ ද්වීපය තුළ ඉහළට හා පහළට ශක්තිය ගමන් කරනා විශ්ව බල කේන්ද්‍ර දෙකක් පැවතීමයි. මේ හරහා විශ්වයේ සිට පැමිණෙන යානා වලට ලේසියෙන් පැමිණීමට හැකි වීමත්, පිටව යනවිට ලෙහෙසියෙන් පිටව යාමට හැකියාව පැවති බවටත් විශ්වාස කෙරේ.

    හෙළ රාවණ පරපුර යනු එලෙස බලන කල ඇල්නිලම් ග්‍රහලොවේ සිට පැමිණි ජීවීන්ගේ ව්‍යාප්තියකි.

    හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය හරහා ලොව පුරා ශිෂ්ඨාචාර ගොඩනැඟුණු බව පෙර රාවණ ලිපි වලින් අප කතා කලෙමු. පෘථිවිය ජනාවාස වීම හා මිනිස් පරිණාමවාදය පිළිබඳ මෙතෙක් පැවති මතවාදයන් බිඳ වැටී වෙනස්ම කතාන්තරයක් කරළියට පිවිස ඇත.

    මේ කතාවට පදනම සැකසෙනුයේ ලොව බලවත් රටවල් පහ එක්ව හොරරහසේ පවත්වාගෙන යන පිටසක්වල ජීවින්ගේ සබඳතා පිළිබඳ තොරතුරු සාමාන්‍යය මිනිසුන් වෙත ගලා ඒමත් සමඟය.

    පිටසලක්වල ජීවින් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වුනු මුල් කාල වකවානු වල විශ්වයට පණිවුඩ යවමින් ඔවුන් හා සබඳතා ගොඩනැඟීම්ට උත්සහ ගත් ඇමරිකාවේ ඒරියා 51 පරීක්‍ෂක කණ්ඩායම් අවදානමක්ද අතට ගෙන කටයුතු කළහ. ඒ විනාශකාරී පිටසක්වල ජීවී කාණ්ඩයක් පැමිණියහොත් යන ගැටලුවය. ඒ සඳහා පරමාණු අවි භාවිතා කල හැකි වේ යැයි සිතා පෘථිවි කක්‍ෂයට ඔවුන් පිවිසෙන අවස්ථාවේදීම පුපුරුවා හැරීම ඒරියා 51 කණ්ඩායම් වල ඉලක්කය විය. එහෙත් එය මහා විහිළුවක් බව ඔවුනටම පසක් වූයේ ආලෝක වර්‍ෂ ගණනක් පැමිණීමට තරම් දියුණු තාක්‍ෂණයක් සහිත ජීවී විශේෂයකට පරමාණු ශක්තිය යනු රතිඤ්ඤාවක් තරම්වත් වැදගත් නොවන දෙයක් බව පසක් වීමත් සමඟය.

    මිනිසා යනු කෘතීමව නිපදවූ ජීවියකු බව අද විද්‍යාව විසින් පිළිගෙන හමාරය. එයට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ විද්‍යාවේ සාමාන්‍යය නියමයන්ට අනුව එකකට එකක් සම්බන්ධ වෙමින් ජීවින් තුළ පරිවර්තනය සිදු වුවත් මිනිස් පරිණාමය තුළ අවස්ථා දෙකක් අතුරුදන්ව පැවතීමය. එසේනම් යම් සත්ත්ව විශේෂයක පරිණාමය යම් දියුණු ජීවීන් පිරිසක් විසින් වෙනස් කර පැවතිය යුතුය. මෙම හේතුව මත ඇමරිකාවේ ඒරියා 51 කණ්ඩායම් හා පිටසක්වල ජීවීන් සමඟ කළ සංවාද හරහා මෙතෙක් ගැටලුවක්ව පැවති බොහෝ තොරතුරු ටිකෙන් ටික එළිවන්නටද විය.

    හෙළ අධිරාජ්‍යය මුල් කර ගනිමින් ලොව පුරා ජනපද හතක් ගොඩ නැංවීය. මෙම ගොඩ නැංවූ ජනපද වල පාලනය ගෙනයාම සිදුවූයේ ඇල්නිලම් ග්‍රහලෝකවාසීන්ගේ මුල්වීමෙනි. අප දෙවිවරු ලෙස පිළිගත්තේ ඔවුන්වය. ඔවුනට පහළින් තම රාජ්‍යය ව්‍යාප්තිය සහ ඇල්නිලම් ග්‍රහලොවේ ජීවත්වන පිටසක්වල ජීවින්ගෙන් දීර්ඝායුෂ වෙනුවෙන් නිපදවන ලද මිනිසුන් නම් සත්තව විශේෂය විය. මිනිසුන් නිර්මාණය කිරීමේදී ඔවුන් තුළ ඇති ඇති කරන ලද වේගවත් ව්‍යාප්තියට අදාල හෝ(ර්)මෝන වෙනස්කම් හේතුවෙන් අති වේගයෙන් ලොව පුරා මිනිසුන් ව්‍යාප්ත විය.

    රාවණ පරපුරට අයත් ප්‍රබල බලගතු ආයුධයක් මෙන්ම රාජ්‍යය සංකේතය ලෙසින් සැලකූ දම් පැහැ ආලෝකයක් නිකුත් කරන කුඩා ප්‍රමාණයේ චන්ද්‍රහාස් ලෙසෙන් හැඳින්වෙන කඩුවද මෙම ප්‍රධාන ජනපද හත උදෙසා ලබාදුන් රාජ්‍යය සංකේත හතයි. පෘථිවිය ඇල්නිලම් ග්‍රහලොව යටතේ පාලනය වූ ග්‍රහලොවක් බැවින් මෙහි පාලන ඒකක ගෙන ගියේ එම ග්‍රහලොවේ නියෝජිතයින් මඟිනි. මායා, මිසර, පේරු ආදී ශිෂ්ඨාචාරවල මෙන්ම බොස්නියා ශිෂ්ඨාචාරවලින් හමුවූ පිරමීඩ වලද මෙම කඩුවල රූප සටහන් දැකගත හැකිවෙයි.

    සෑම ශිෂ්ඨාචාරයක් තුළම ඔවුන් විශේෂිත පිරමීඩ 3ක් ගොඩ නැඟූහ. ගීසා පිරමීඩ මෙලෙස ඉදිකළ පිරමීඩ වලින් ලොව ජනප්‍රියතම පිරමීඩ ත්‍රිත්වයයි. මෙම පිරමීඩ වල පිහිටීමත් ඔරායන් බඳපටියේ ග්‍රහලෝකවල පිහිටීමත් එකිනෙකාට සමාන වේ. (තරු තුනේ ඡායාරූපයක් පිරමීඩ මත තැබූ විට පිරමීඩ වල මධ්‍යය ලක්‍ෂය මත පිහිටයි.) ගීසා පිරමීඩ මෙන්ම බැබිලෝනියානු ශිෂ්ඨාචාරය ගුවනින් ආ හෙළයෝ විසින් නිර්මාණය කරන ලද බව මේ වනවිටත් තහවරු කරගෙන හමාරය. ගීසා පිරමීඩ ලොව ජනප්‍රිය වූයේ එය පොළොව මතුපිට පැහැදිළිවම දැකගත හැකිවීම නිසාය.

    නවතම සොයාගැනීම් හරහා ප්‍රධාන ශිෂ්ඨාචාර හත තුළම ඉදිකර ඇති පිරමීඩ පිළිබඳ රහස් එළිවෙමින් පවතී. මේ අතර ඉන්දියාව, බොස්නියාව ආදී රටවල පිරමීඩ පිළිබඳ තොරතුරු හෙළිවෙමින් පවතියි. මෙම රටවල් අතරට ලංකාවත් එක් වෙතැයි පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ස්වාභාවික කඳු, පිරමීඩ බවට පත් කිරීම මුලින්ම ක්‍රියාවට නැඟුණේ හෙළ පොළොවෙනි. ලොව ප්‍රථම ස්වාභාවික පිරමීඩය සමණල ගිරයි. මේ තුළ ප්‍රබල ක්‍රියාකාරීත්වයකින් යුත් ස්වාභාවික පිරමීඩයක් පවතී. ඉන්පසු ක්‍රියාකාරී මට්ටමේ ඇති පිරමීඩ ත්‍රිත්වය ඇත්තේ බොස්නියාවේය. එහි හිරු, සඳු සහ පොළොව ලෙස නම්කළ ස්වාභාවික පිරමීඩ තුනක් පවතියි. එලෙසම පේරු රාජ්‍යය තුළ ස්වාභාවික වැලි පිරමීඩයක් දැකගත හැකි වෙයි. ඉන්පසු චීනයේ සුප්‍රසිද්ධ සුදු පිරමීඩයද ස්වාභාවික පිරමීඩයකි. ඉන්දියාවේ කෛලාෂකූඨයද ස්වාභාවික පිරමීඩයක් බව මේ වනවිට විද්‍යාඥයන් තහවරු කර අවසානය.

    ගිසා පිරමීඩ, බොස්නියා පිරමීඩ මෙන්ම අප රටේ රාවණ යුගයටත් කලියෙන් ඔරායන් බඳ පටියේ ග්‍රහලෝක ඉලක්ක කර ඉදිකළ විශේෂිත පිරමීඩ තුනක් පැවතුණි. ඒ රුවන්වැලි සෑය, ජේතවනය හා මිරිසවැටියයි. එහෙත් මෙම දාගැබ් වලට ඇත්තේ වසර දෙදහස් ගණනක ඉතිහාසයක් යැයි ඔබ කියනු ඇත. නමුත් එය එසේ නොවේ. මෙම ස්ථානවලම පසු කාලීනව විශාල දාගැබ් ඉදිවූවා මිසක හෝ නොමැති නම් පිරමීඩ සඟවා දැමුවා මිසක අලුතින් ඉදිවූයේ නැත. මෙම දාගැබ් හා ගීසා පිරමීඩ තවමත් ක්‍රියාකාරීත්වයෙන් පවතී.

    පිරමීඩ යනු ශක්තිය ගබඩා කොට එම ශක්තිය තම මවු ලොවට ලබාදෙන මධ්‍යස්ථානයන්‍ය. මෙහිදී දාගැබ් හරහා එම ග්‍රහලෝක තුනට අවශ්‍යය ජලය ගමන් කිරීම සිදුවන අතර ගීසා පිරමීඩ හරහා එම ලොවට අවශ්‍යය අග්නි කදම්භ සම්ප්‍රේශනය වීම ස්වාභාවිකව සිදුවේ.

    සමනළ ගිර මෙම පිරමීඩ වල මධ්‍යස්ථානය ලෙසින් ස්වාභාවිකවම ක්‍රියා කරයි. බුදු බණට අනුවද දෙවියන් ජීවත් වනුයේ මිනිසුන්ගේ චිත්ත ශක්තිය මත යැපෙමිනි. අපි පිංදීම යනු අපේ චිත්ත ශක්තිය ඔවුන් ආරෝපණය කරගැනීමයි. සමනළ ගිර යනු අති බහුතර ලෙස චිත්ත ශක්තිය ආරෝපණය කර ගනිමින් ක්‍රියාත්මක වන ශක්ති ගබඩාවකි. එනම් ඇල්නිලම් නැතහොත් ආහස්වර වාසී දෙවියන්ගේ දේව ශක්තිය වර්ධනය කිරීම උදෙසා චිත්ත ශක්තිය සපයන පිරමීඩයකි. මේ සියල්ල අදටත් ක්‍රියාත්මක වෙමින් පවතී. අපට මෙය අරුමයක් වුවත් ඇමරිකාවට හෝ චීනයට මෙය අරුමයක් නොවේ.

    ඒ ඔවුන් විශ්ව ජීවීන්ගෙන් සියලු රහස් දැනගෙන සිටින නිසාය. රාවණ පරපුර නැතහොත් පෘථිවිය ජනාවාස කළ මුල් පරපුර පිටසක්වල ජීවීන් වූවත් අප සහ ඔවුන් අතර ලේ සබඳතා තිබේ. සත්‍යය වශයෙන්ම මෙය අපට ආඩම්බරයකි.

    හෙළයන් ලෙස අපට කළ නොහැක්කක්ද නොමැත්තේ එබැවිනි.



    Source:-FB
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමත් ඔය කතාව පිලිගන්නවා.. මොකද මිනිස්සු කියන්නෙ පිටසක්වල ජීවින් හා වදුරාගේ ජාන මිශ්‍රනයක් කියලා කියන්න පුලුවන්... නැත්තම්. පුරාතන යුගයේ ඉඳල පැවතුනු ඉබ්බා කිඹුලා වගේ සත්තු තාමත් එහෙමම ඉඳිද්දී වඳුරට පරිණාමය වෙලා මනුස්සයෙක් වෙන්නෙ තිබුන මෝල් අමාරුව මොකක්ද?:confused:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ කතාව 100% ක්ම අනුමත කරන්න අමාරුයි.. ඒත් පිළිගත හැකි කරුණු කීපයක් අඩංඟු වෙනවා..මිනිසා ස්වභාවික පරිණාමයට අදාල නොවන ජීවි කොට්ටාශයක් කියන එක නම් මේ වෙද්දි විවිධ මත හරහා තහවුරු කරන්න උත්සාහ අරගෙන තියෙනවා..අර පිරමීඩ සීන් එක නම් මම හරියටම දන්නේ නැහැ..ඒත් මම දන්න තරමට පෘථිවි මධ්‍ය ලක්ෂයේ තමයි මහා පිරමීඩය පිහිටා තියෙන්නේ..එය අහඹුවක් කියලා කියන්න බැහැ..ඒ වගේම ඒක මමී තැන්පත් කිරීමේ අරමුණකින් ගොඩ නැගූ එකකුත් නෙමෙයි කියලා දැන් හොයා ගෙන තියෙනවා..බලමු ඉතින්..මේ ලිපියෙන් ඒ ඒරියා ගැන හොයපු විමසිලිමත් වෙලා නොහිටපු කෙනෙක් කියෙව්වොත් නම් ඔළුවත් අප්සට් ගහයි..මම නම් ආසාවෙන් කියෙව්වා..ජාතියක් විදියට සුද්දා හෙළුවෙන් කැලේ හිටිය කාලේ අපි ගෙවල් හදන් යුද්ධත් කර කර ඉඳලා තියෙනවා..ඒත් අද උන් කොතනද,අපි කොතනද..කොතනද අවුල..අන්තිමට අපේ ඉතිහාසෙත් අපිට උන්ගෙන්ම අහගන්න තැනට ගිහින්..
    එල මචන්... REP 2 + ADDED
     
    • Like
    Reactions: Mirrors

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    +5 udsic good post, good logic it would be perfect if you add some solid proof also..
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මේ කතාව 100% ක්ම අනුමත කරන්න අමාරුයි.. ඒත් පිළිගත හැකි කරුණු කීපයක් අඩංඟු වෙනවා..මිනිසා ස්වභාවික පරිණාමයට අදාල නොවන ජීවි කොට්ටාශයක් කියන එක නම් මේ වෙද්දි විවිධ මත හරහා තහවුරු කරන්න උත්සාහ අරගෙන තියෙනවා..අර පිරමීඩ සීන් එක නම් මම හරියටම දන්නේ නැහැ..ඒත් මම දන්න තරමට පෘථිවි මධ්‍ය ලක්ෂයේ තමයි මහා පිරමීඩය පිහිටා තියෙන්නේ..එය අහඹුවක් කියලා කියන්න බැහැ..ඒ වගේම ඒක මමී තැන්පත් කිරීමේ අරමුණකින් ගොඩ නැගූ එකකුත් නෙමෙයි කියලා දැන් හොයා ගෙන තියෙනවා..බලමු ඉතින්..මේ ලිපියෙන් ඒ ඒරියා ගැන හොයපු විමසිලිමත් වෙලා නොහිටපු කෙනෙක් කියෙව්වොත් නම් ඔළුවත් අප්සට් ගහයි..මම නම් ආසාවෙන් කියෙව්වා..ජාතියක් විදියට සුද්දා හෙළුවෙන් කැලේ හිටිය කාලේ අපි ගෙවල් හදන් යුද්ධත් කර කර ඉඳලා තියෙනවා..ඒත් අද උන් කොතනද,අපි කොතනද..කොතනද අවුල..අන්තිමට අපේ ඉතිහාසෙත් අපිට උන්ගෙන්ම අහගන්න තැනට ගිහින්..
    එල මචන්... REP 2 + ADDED

    සහතික් ඇත්ත මචන්. අද උන් කොතනද? අපි කොතනද? මේ සේරටම වග කියන්න එනේ මැති ඇමතිවරු. :(:(:(
     
    • Like
    Reactions: Randike Mendis