ලොව සුපිරි ධනවතුන් වෙසෙන මොනාකෝ රාජ්‍

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ලොව දෙවැනි කුඩාම ස්වාධින රාජ්‍ය - මොනාකෝ



    monaco-port-hercules.jpg



    මොනාකෝව ස්වාධින රාජ්‍යයක්. ලොව දෙවැනි කුඩාම ස්වාධින රාජ්‍ය මොනාකෝව. ඒ වගේම ලොව වැඩිම ජන ඝනත්වයක් ඇති රට වන්නේත් මෙයයි. මොනාකෝව පිහිටලා තියෙන්නේ කොතේ ද‘සියෝරේ නම් ප්‍රංශය මධ්‍යධරණි මුහුදට සිමාවන ගිනිකොණදිග කොටසේ. තුන් පැත්තකින් ප්‍රංශයෙන් වටවෙලා තියන මොනාකෝව අනෙක් පසින් මධ්‍යධරණි මුහුදෙන් වටවී පවතින්නේ. මොනාකෝව ලොව කුඩාම වෙරලතිරය සහිත රට.
    මොනාකෝවේ අගනුවර මොන්ටේ කාලෝ නුවරයි.

    රට පොඩි උනාට ඉතිහාසය නම් පොඩි නැ. මොනාකෝවේ තියනවා රොචරෙ දි මොනාකෝ කියලා ගල් පර්වතයක්. මේකට නැග්ගම මධ්‍යධරණි මුහුද හොදින් නිරික්ෂණය කරන්න පුලුවන්. මෙන්න මේ පර්වතය ගල් යුගයේ පටන් භාවිතා උනා කියලා කියනවා. පසු කාලිනව ඒ අවට පැවැති විවිධ රටවල් පවා මේ පර්වතය අත්පත් කරගත්තා මධ්‍යධරණි මුහුද නිරික්ෂණය කිරිමේ උපාය මාර්ගයක් ලෙස. මොනාකෝ කියන නම වැටුනේ ක්‍රි.පූ 6වැනි සියවස කාලේදි කියලා තමා කියන්නේ. හර්කියුලිස් කියන රෝම දෙවියාගේ නවතැන කියලා රෝම වැසියන් මෙය හදුන්වලා තියනවා. මොනාකෝව රෝම අධිරාජ්‍යය යටතේ බොහෝ කාලයක් පාලනය උනා.
    ගල් පර්තයේ ස්ථානීය වැදගත්කම නිසා පසුකාලිනව ආක්‍රමණ කිහිපයකට මුහුණ දෙන්න මොනාකෝවට සිදුවෙනවා. ගිරිමල්ඩෝ කැනෙල්ලා විසින් මොනාකෝව තුල රජපෙලපතක් ආරම්භ කරනවා. වර්තමානයේ මොනාකෝව පාලනය කරන දෙවැනි ඇල්බට් කුමරු පැවගෙන එන්නේද ගිරිමල්ඩෝ පරපුරෙනි. ගිරිමල්ඩෝ වරුන් මොනාකෝව සමෘදිමත් කිරිමට ක්‍රියාමාර්ග ගති. පසුකාලිනව ගිරිමාල්ඩෝ පරපුර හා ප්‍රංශය අතර පවතින සබදතා විටෙක මොනාකෝව තුල අර්බුද පවා ඇතිකලේය. මෙවැනි අර්බුද වලදි සහයට පැමිණියේද ප්‍රංශය විසිනි. විටෙක මොනාකෝ කිරුල වෙනුවෙන් වූ බල අරගලය විසදීමට යම් මැදිහත් වීමක් සිදුකිරිමටද ප්‍රංශයට සිදුවිය.

    දෙවැනි ලෝක යුධ සමයේදි මොනාකෝව අපක්ෂපාතික තමා ගැනිමට ඒවකට රජු වූ දෙවැනි ලුවිස් රජු උත්සහ කලා. නමුත් රජුගේම පැවැති සමහර ප්‍රංශ සබදතා නිසා මෙය තරමක් අපහසු විය. දෙවැනි ලෝක යුධයේදි ඉතාලිය මොනාකෝව ආක්‍රමණය කරන අතර පසුව ජර්මණිය මොනාකෝව තමා යටතට ගෙන එහි සිටි යුදෙව් ජාතිකයින් පිටමං කරන්නට විය. මෙසේ අල්ලාගත් බොහෝ යුදෙව්වන් අවුෂ්විට්ස් ඝාතකාගාරයේදි මරණට පත්කෙරිනි. ජර්මනිය පරාජය වීමත් සමග මොනාකෝවද නිදහස් විය.1990 දශකයේ මුල් භාගයේ මොනාකෝව එක්සත් ජාතින්ගේ සාමාජිකත්වය ලබාගත්තේය.

    මොනාකෝව ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් ඇති රටක්. රටේ ප්‍රධානියා මොනාකෝ රජ කුමරා වේ. රාජ ප්‍රාප්තිය පිරිමින් අතරින් සිදුවේ.රාජ්‍ය ඇමති ආණ්ඩුවේ ප්‍රධානියා වේ. ජාතික සභාව සාමාජිකයන් 24කින් යුතු වේ. නමුත් විශේෂ ආඥා සම්මත කරන රාජ්‍ය සභාව රාජ්‍ය ඇමතිවරයාද ඇතුලුව සාමාජිකයින් 6කින් යුතු වේ. ප්‍රංශයේ අදිසි හස්තය මෙය තුල පවතින බව නොරහසකි. මොනාකෝව ඒක දේශපාලන පක්ෂ ක්‍රමයක් පැවැති රාජ්‍යයක් වුවත් පසුව බහු පක්ෂ ක්‍රමයක් ඇතිවිය.

    මොනාකෝව සතුව කුඩා යුධ හමුදාවක් ඇතත් ගුවන් හමුදාවක් හෝ නාවික හමුදාවක් නැත. ඊට අදාල සියලුම කටයුතු සිදුකරන්නේ ප්‍රංශය විසිනි.

    මොනාකෝව ආර්ථික ශක්තිය අතින් මධ්‍යධරණි කලාපයේ ඉදිරියෙන්ම පසුවන රාජ්‍යයකි. ඉතාම අඩු රැකියා වියුක්තියක් ඇති රාජ්‍යයකි. ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ සංචාරක ව්‍යාපාරයයි. නමුත් මොනාකෝව යුරෝපා සංගමයේ සාමාජිකයෙක් නොවේ. නමුත් ඔහු යුරෝපා සමුලු වලදි නිරික්ෂකයෙන් ලෙස ඉදිරිපත් වේ.

    පෙර කී පරිදි මොනාකෝව සංචාර ව්‍යාපාරය හොදින්ම කෙරෙන රටකි. මොනාකෝව තුල කැසිනෝ ව්‍යාපරය සරුවට සිදුවේ. එහෙමන්ම ෆර්මියුලා වන් මෝටර් රථ තරග වලටද මොනාකේව ප්‍රකටය. මොන්ට කාලේ මෝටර් රථ රැලිය සංචාරකයන්ගේ නෙත් බදන ඉසව්වකි.

    - රොෂින් ප්‍රනාන්දු
     

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    BUMP

    Grace Kelly ව තමයි මොනාකෝ රාජ්‍යය ගැන හිතනකොට ඔළුවට ආවේ.
    ------ Post added on Oct 31, 2022 at 7:18 PM
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    Care giver ගිහින් මොනාකෝ වලිනුත් ඩොලර් බිලයන ගණන් උස්සපු සුපිරි පොරවල් තමා ලංකාවේ ඉන්නේ.

    පල්ලෙහා ෆොටෝ එක නිකං දැම්මේ
     

    Attachments

    • FB_IMG_1700971185476.jpg
      FB_IMG_1700971185476.jpg
      141.1 KB · Views: 80

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    Care giver ගිහින් මොනාකෝ වලිනුත් ඩොලර් බිලයන ගණන් උස්සපු සුපිරි පොරවල් තමා ලංකාවේ ඉන්නේ.

    පල්ලෙහා ෆොටෝ එක නිකං දැම්මේ
    mokkda mey seen eka..poddk phadili krpnko brown jacket ekwa nethiwa anith un dennwa nm dnnwa
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    Care giver ගිහින් මොනාකෝ වලිනුත් ඩොලර් බිලයන ගණන් උස්සපු සුපිරි පොරවල් තමා ලංකාවේ ඉන්නේ.

    පල්ලෙහා ෆොටෝ එක නිකං දැම්මේ
    ekek ara utube dial eka. mokakda seen eka?
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,397
    16,070
    113
    Colombo
    Care giver ගිහින් මොනාකෝ වලිනුත් ඩොලර් බිලයන ගණන් උස්සපු සුපිරි පොරවල් තමා ලංකාවේ ඉන්නේ.

    පල්ලෙහා ෆොටෝ එක නිකං දැම්මේ
    ado danna ekek innawane..oka ausi inne