ලොව_දුර්ලභම_මැණික්_පහ

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
ලොව_දුර්ලභම_මැණික්_පහ

ලොව දුර්ලභම මැණික් පහ..


”ලිච්ඡවීවරුනි, ලෝකයෙහි මැණික් පහක් පහළ වීම දුර්ලභයි. ඒ පහ කුමක්ද?

(01) ලෝකයෙහි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීම දුර්ලභයි.

(02) ලෝකයෙහි තථාගතයන් වහන්සේ දේශනා කරන ලද ධර්ම විනය දේශනා කරන පුද්ගලයා දුර්ලභයි.

(03) ලෝකයෙහි තථාගතයන් වහන්සේ දේශනා කරන ලද ධර්ම විනය දැනගන්නා පුද්ගලයා දුර්ලභයි.

(04) ලෝකයෙහි තථාගතයන් වහන්සේ දේශනා කරන ලද ධර්ම විනය දැනගෙන ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා දුර්ලභයි.

(05) ලෝකයෙහි කළගුණ දන්නා, කළගුණ සිහිකරන පුද්ගලයා දුර්ලභයි.

ලිච්ඡවීවරුනි, ලෝකයෙහි මේ මැණික් පහ පහළ වීම දුර්ලභයි.”

--පිංගියානි සූත‍්‍රය (පිංගියානි බ‍්‍රාහ්මණයා මුල්කොට වදාළ දෙසුම)