ලොව_වඩාත්ම_නම්‍යශීලී_තරුණිය_හමුවෙමු

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ලොව_වඩාත්ම_නම්‍යශීලී_තරුණිය_හමුවෙමු





article-2408787-1B940B01000005DC-377_634x371.jpg


article-2408787-1B940844000005DC-6_306x423.jpg
article-2408787-1B9408C9000005DC-876_306x423.jpg


article-2408787-1B940975000005DC-233_634x401.jpg

අප බොහෝදෙනකුට පාදයේ ඇඟිලි තුඩු දෑතින් ස්පර්ශ කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි ඉඟටියෙන් නැමීම අපහසුදායක අත්දැකීමක් වුවද, ලොව වඩාත්ම නම්‍යශීලී කාන්තාව ලෙස විරුදාවලි ලැබ සිටින රුසියානු ජාතික ‘ජුලියා ගන්තෙල් ස්ලාටා’ හට නම් එය ඉතාම පහසුවෙන් සිදු කළ හැකි සාමාන්‍ය 16-2ඉරියව්වක් පමණි. අප බොහෝදෙනකු ඉතා අපහසුවෙන් ඉදිරියට නැවෙමින් දෙපා තුඩු ස්පර්ශ කිරීමට උත්සාහ දරද්දී සිතා ගැනීමට පවා අසීරු පිහිටීම් හා ඉරියව්වලට සිය ශරීරාංග චලනය කිරීමේ විස්මිත හැකියාවකින් යුතු ස්ලාටා එය සිදු කරන්නේ සිය දෙපා හිස වටා පහසුවෙන් ඇඹරවීමෙනි.
article-2408787-1B940AFD000005DC-356_634x390.jpg

නම්‍යශීලීත්වය සම්බන්ධයෙන් එතෙක් මතෛක් ලොව විවිධ පුද්ගලයන් විසින් තබා තිබූ වාර්තා ගණනාවක් බිඳ හෙළා ඇති හිටපු ජීම්නාස්ටික් ශූරියකද වන ස්ලාටා හට සිය අඩි පහයි අඟල් අටක උසකින් යුතු සිය සිරුර 50cm3ක පෙට්ටියක් තුළට මුළුමනින්ම ඇතුළුකිරීමට වැයවන්නේ විනාඩියකටත් නොඅඩු කාලයකි.
article-2408787-1B940771000005DC-828_634x419.jpg

සාමාන්‍ය පුද්ගලයෙකු හට අසාමාන්‍ය වූ ඉරියව්වලින් පෙනී හිඳීම තමාට ඉතාම සාමාන්‍ය අත්දැකීමක් බව පවසන ස්ලාටා ඇතැම් විට ඡායාරූප ගත කිරීම් සඳහා මෙබඳු ඉරියව්වලින් දිගු වේලාවක් පෙනී සිටීම තරමක අපහසුදායක අත්දැකීමක් බව පිළිගැනීමට මැලි වන්නේ නැත. ජර්මනියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වක්‍රතා උළෙ‍ලේදී (International Contortion Convention) සිය නම්‍යශීලී සිරුරේ විස්මිත දස්කම් ඉදිරිපත් කිරීමටද විසිහත් හැවිරිදි ස්ලාටා බලා‍පොරොත්තුවෙන් පසුවන්නීය. විවිධ වැඩමුළු, විශේෂ අංග හා සංදර්ශනයන් සඳහා ලොව සෑම අහුමුල්ලකම වෙසෙන ජිම්නාස්ටික් ශිල්පීන්, පිනුම්කරුවන් හා පුහුණුකරුවන් කොලොන් නුවරට රැස්වන මෙම සමුළුවේ ප්‍රධාන තාරකාව වනුයේ සුරූපී ස්ලාටාය.

article-2408787-1B9405EB000005DC-206_634x329.jpg


යන්තම් බහ තෝරන වියේ පටන් සිය සිරුර ඉතා නම්‍යශීලී ලෙස විවිධාකාරයේ පිහිටීම්වලට හසුරුවීමේ දක්ෂකම් පෑ ස්ලාටා එවැනි දෑ කෙරෙහි 16-4කෙතරම් ප්‍රියතාවයක් දැක්වූයේද යත් වසලින් පසුව පැවැත්වුණු සර්කස් පුහුණු කිරීමේ පන්තියකටද සහභාගි වීමට පෙළඹුණාය. කල්යත්ම ඇයට හැඟී යන ලද්දේ තමා සිව් හැවිරිදි වියේ සිට ප්‍රගුණ කළ මෙම අසාමාන්‍ය හැකියාව හැර සිය වෘත්තීය සඳහා තෝරා ගත හැකි අන් සුදුසු ක්ෂේත්‍රයක් නොමැති බවය. සිය ජීවිතයේ ඉදිරි කාලය පුරාවටම තමා නියැළීමට ප්‍රිය කරනුයේ මෙබඳු ක්ෂේත්‍රයක බව ඒ වන විටත් ඇයට අවබෝධ වී තිබිණි. එසේ වුවද හැකියාව තිබූ පමණින් එය ඇයට පහසු කර්තව්‍යයක් වූයේ නැත. දිනපතා ඉතා අසීරු පුහුණුවීම්වල නිරත වෙමින් සිය සිරුර මනා හැඩයකින් යුතුව පවත්වා ගැනීමට පමණක් නොව සිය හැකියාවන් පිළිබඳව ඊර්ෂ්‍යාවෙන් පසු වූ සෙසු තරුණියන්ගේ කෙණෙහිලිකම්වලට මුහුණදීමද ඇයට අසීරු අභියෝගයක්ව තිබිණි. රුසියානු තරුණියන් අතර ජිම්නාස්ටික් ක්‍රීඩාව කෙරෙහි වන දැඩි උනන්දුව, ස්ලාටාගේ අද්විතීය හැකියාවන් පිළිබඳව අන්‍යයන් තුළ නොරිස්සුමක් සේම දැඩි ඊර්ෂ්‍යාවක් හට ගැන්වීමට හේතු වීම කිසිසේත්ම පුදුමයක් නොවේ. නමුත් ඇය විඳි දුෂ්කරතාවන්ට අද තිළිණ ලැබි ඇත්තේ ස්ලාටා ලොව සිටින වඩාත්ම නම්‍යශීලී තරුණිය ලෙස කිරුළු පළන්දමිනි.
විස්තර "දිවයිනෙන්"

 

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    මේකව කසාද බදින මිනිහට නම් මරු....:cool:ඕනි පෑත්තකට නමන්න පුලුවන්නේ...;);)අතේ අරන් යන එකක් ගත්ත වගේ....:lol::lol::lol:
     
    • Like
    Reactions: HondaMPLG

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සාමාන්‍ය විදිහට ඉපදිලා අසාමාන්‍ය ,අසීරු දෙයක් කරලා ලෝකප්‍රසිද්ධ වෙච්ච දිරිය දියනියක්....මේක ලේසි දෙයක් නෙමෙයි...කඳුල,වේදනාව,දුක ,හැම දෙයක්ම උපරිමව විඳලා ලබා ගත්තු ජයග්‍රහනයක්....Wish u all the best....:)
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    wayasata yaddi oya namilla case wena ekak nadda ban...??

    nikan asthi shaktimat nati ledak ehema enne nati weida mekita...??? oke healthy patta gana dana ganna asai ban...??

    ape EK eke inna doctor knk poddak pahadili karannakoo..........!!!!!!!!:):)