ලෝකයේ රටවල් වල ජිවන තත්වය මනින හොඳම ඒකකය විදියට අද පිළිගන්නේ ක්‍රය ශක්තිය අනුව ඒක පුද්ගල අදායම. GDP (PPP) per capita.
ඒක පුද්ගල අදායම කියන්නේ රටේ මුළු නිෂ්පාදනය (GDP), ඉන්න මිනිස්සු ගානෙන් බෙදුවම එන එක. GDP කියන එකෙන් විතරක් මනින්න බැරි ඇයි? GDP එකෙන් විතරක් මැන්නොත් ජනගහනය වැඩි රටවල් නිරායාසයෙන්ම උඩට යනවා රටේ ජිවන තත්වය මොකක් උනත්. උදාහරනෙකට ඉන්දියාව වගේ රටවල් වල GDP එක වැඩියි යුරෝපයේ ජර්මනිය ඇර අනික් හැම රටටම වැඩිය. හැබැයි ඉන්දියාව යුරෝපෙට වැඩිය දියුණුද? නැහැ. ජනගහනය වැඩි කරලා රට දියුණු කරන්න පුළුවන් නම් හරි ශෝක්!
මේ හින්ද තමයි ඒක පුද්ගල අදායම කියන එක (GDP per capita) අර්ථ දක්වලා තියෙන්නේ. මේකෙන් කියවෙන්නේ නැහැ ඒ රටේ ඉන්න හැම මනුස්සයම මේ ආදායම ලබනවා කියල. කොහෙත්ම නැහැ. කොහොමහරි GDP per capita කියන එකෙත් අවුලක් තියෙනවා. ඒක තමයි රටේ තියෙන ජිවන මිලට (buying power එකට) සම්බන්ධයක් නැති එක. උදාහරනෙකට A කියන රටේදී තමන්ගේ මුලික අවශ්‍යතා වලට යන්නේ $5000, B කියන රටේදී තමන්ගේ මුලික අවශ්‍යතා වලට යන්නේ $10,000 කියල හිතමු. රටවල් දෙකේම GDP per capita එක $9,000 කියල හිතමු. ඉතින් A කියන රටේ කෙනෙක්ට තමන්ට ලැබෙන අදායම හොඳටම ඇති. හැබැයි B කියන රටේ කෙනෙක්ට ඒ ආදායමම හම්බුනත් ඒක මදි, මොකද ඒ රටේ භාණ්ඩ හා සේවා වල මිල වැඩි හින්දා. රටවල් දෙකේම GDP per capita එකම වුනාට A රටේ ක්‍රය ශක්තිය B රටට වැඩිය දෙගුණයක්.
මෙන්න මේ හේතුව හින්දා තමයි, ක්‍රය ශක්තිය අනුව ඒක පුද්ගල අදායම (GDP (PPP) per capita) කියන එක අර්ථ දක්වන්නේ. රට රටවල GDP per capita එක adjust කරනවා buying power එක මත, සංසන්දනයේ පහසුවට. ඇමරිකාවට සාපේක්ෂව buying power එක තමයි සම්මතයක් විදියට ගන්නේ. ඉතින් මොකක් හරි රටක GDP (PPP) per capita එක $ 20,000 කියන්නේ, ඒ රටේ තියෙන GDP per capita එක ඇමරිකාවේදී $ 20,000 හම්බෙනවා වගේ කියන එක.
කොහොමහරි මේකෙත් අවුල් නැත්තේම නැහැ. විශේෂයෙන්ම ආදායම් විෂමතාවය කියන එක නිරුපනය වෙන්නේ නැහැ මේ දර්ශකයෙන්. ඉතා සුළු පිරිසක් ඉහලම අදායම් ලබනවා නම් (මෙක්සිකෝව, බ්‍රසීලය වගේ රටවල් වල මේක තියෙනවා ) GDP (PPP) per capita විකුර්ති වෙන්න පුළුවන්.
දැන් බලමු රටවල් ලැයිස්තුව. IMF එක, world bank එක වගේ ආයතන වෙන වෙනම මේ ලිස්ට් හදනවා. පොඩි පොඩි වෙනස්කම් තිබ්බත් ලොකු වෙනසක් නැහැ ලිස්ට් අතර. මේ තියෙන්නේ IMF එකේ ලිස්ට් එක 2021 ට. ලෝකයේ රටවල් 195 වගේ තියෙනවා නේ. මේ ලිස්ට් එකට 188 අරගෙන තියෙනවා (අනික් රටවල දත්ත නැතුව ඇති). ලංකාව ඉන්නේ 88 වෙනි තැන. අංක 1 ට ඉන්නේ luxembourg රට. අංක 188 ට ඉන්නේ Burundi රට.
https://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_(PPP)_per_capita

1 |
|
2 |
|
3 |
|
4 |
|
— |
|
5 |
|
6 |
|
7 |
|
8 |
|
— |
|
9 |
|
10 |
|
178 |
|
179 |
|
180 |
|
181 |
|
182 |
|
183 |
|
184 |
|
185 |
|
186 |
|
187 |
|
188 |
|
Last edited:

මේකේ කිසිම නරකක් කියලා නැහැ නේ.. ලංකාව 88 වෙනි තැන ඉන්නේ රටවල් 188න්. ඒ කියන්නේ මුල් 50% ඉන්නවා.