ලෝකයේ අපි ඉන්න තැන

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලෝකයේ රටවල් වල ජිවන තත්වය මනින හොඳම ඒකකය විදියට අද පිළිගන්නේ ක්‍රය ශක්තිය අනුව ඒක පුද්ගල අදායම. GDP (PPP) per capita.

    ඒක පුද්ගල අදායම කියන්නේ රටේ මුළු නිෂ්පාදනය (GDP), ඉන්න මිනිස්සු ගානෙන් බෙදුවම එන එක. GDP කියන එකෙන් විතරක් මනින්න බැරි ඇයි? GDP එකෙන් විතරක් මැන්නොත් ජනගහනය වැඩි රටවල් නිරායාසයෙන්ම උඩට යනවා රටේ ජිවන තත්වය මොකක් උනත්. උදාහරනෙකට ඉන්දියාව වගේ රටවල් වල GDP එක වැඩියි යුරෝපයේ ජර්මනිය ඇර අනික් හැම රටටම වැඩිය. හැබැයි ඉන්දියාව යුරෝපෙට වැඩිය දියුණුද? නැහැ. ජනගහනය වැඩි කරලා රට දියුණු කරන්න පුළුවන් නම් හරි ශෝක්!

    මේ හින්ද තමයි ඒක පුද්ගල අදායම කියන එක (GDP per capita) අර්ථ දක්වලා තියෙන්නේ. මේකෙන් කියවෙන්නේ නැහැ ඒ රටේ ඉන්න හැම මනුස්සයම මේ ආදායම ලබනවා කියල. කොහෙත්ම නැහැ. කොහොමහරි GDP per capita කියන එකෙත් අවුලක් තියෙනවා. ඒක තමයි රටේ තියෙන ජිවන මිලට (buying power එකට) සම්බන්ධයක් නැති එක. උදාහරනෙකට A කියන රටේදී තමන්ගේ මුලික අවශ්‍යතා වලට යන්නේ $5000, B කියන රටේදී තමන්ගේ මුලික අවශ්‍යතා වලට යන්නේ $10,000 කියල හිතමු. රටවල් දෙකේම GDP per capita එක $9,000 කියල හිතමු. ඉතින් A කියන රටේ කෙනෙක්ට තමන්ට ලැබෙන අදායම හොඳටම ඇති. හැබැයි B කියන රටේ කෙනෙක්ට ඒ ආදායමම හම්බුනත් ඒක මදි, මොකද ඒ රටේ භාණ්ඩ හා සේවා වල මිල වැඩි හින්දා. රටවල් දෙකේම GDP per capita එකම වුනාට A රටේ ක්‍රය ශක්තිය B රටට වැඩිය දෙගුණයක්.

    මෙන්න මේ හේතුව හින්දා තමයි, ක්‍රය ශක්තිය අනුව ඒක පුද්ගල අදායම (GDP (PPP) per capita) කියන එක අර්ථ දක්වන්නේ. රට රටවල GDP per capita එක adjust කරනවා buying power එක මත, සංසන්දනයේ පහසුවට. ඇමරිකාවට සාපේක්ෂව buying power එක තමයි සම්මතයක් විදියට ගන්නේ. ඉතින් මොකක් හරි රටක GDP (PPP) per capita එක $ 20,000 කියන්නේ, ඒ රටේ තියෙන GDP per capita එක ඇමරිකාවේදී $ 20,000 හම්බෙනවා වගේ කියන එක.

    කොහොමහරි මේකෙත් අවුල් නැත්තේම නැහැ. විශේෂයෙන්ම ආදායම් විෂමතාවය කියන එක නිරුපනය වෙන්නේ නැහැ මේ දර්ශකයෙන්. ඉතා සුළු පිරිසක් ඉහලම අදායම් ලබනවා නම් (මෙක්සිකෝව, බ්‍රසීලය වගේ රටවල් වල මේක තියෙනවා ) GDP (PPP) per capita විකුර්ති වෙන්න පුළුවන්.

    දැන් බලමු රටවල් ලැයිස්තුව. IMF එක, world bank එක වගේ ආයතන වෙන වෙනම මේ ලිස්ට් හදනවා. පොඩි පොඩි වෙනස්කම් තිබ්බත් ලොකු වෙනසක් නැහැ ලිස්ට් අතර. මේ තියෙන්නේ IMF එකේ ලිස්ට් එක 2021 ට. ලෝකයේ රටවල් 195 වගේ තියෙනවා නේ. මේ ලිස්ට් එකට 188 අරගෙන තියෙනවා (අනික් රටවල දත්ත නැතුව ඇති). ලංකාව ඉන්නේ 88 වෙනි තැන. අංක 1 ට ඉන්නේ luxembourg රට. අංක 188 ට ඉන්නේ Burundi රට.


    https://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_(PPP)_per_capita

    1​
    23px-Flag_of_Luxembourg.svg.png
    Luxembourg
    2​
    23px-Flag_of_Singapore.svg.png
    Singapore
    3​
    23px-Flag_of_Ireland.svg.png
    Ireland
    4​
    23px-Flag_of_Qatar.svg.png
    Qatar
    —​
    23px-Flag_of_Macau.svg.png
    Macau
    5​
    16px-Flag_of_Switzerland.svg.png
    Switzerland
    6​
    21px-Flag_of_Norway.svg.png
    Norway
    7​
    23px-Flag_of_the_United_States.svg.png
    United States
    8​
    23px-Flag_of_Brunei.svg.png
    Brunei
    —​
    23px-Flag_of_Hong_Kong.svg.png
    Hong Kong
    9​
    20px-Flag_of_San_Marino.svg.png
    San Marino
    10​
    20px-Flag_of_Denmark.svg.png
    Denmark


    88​
    23px-Flag_of_Sri_Lanka.svg.png
    Sri Lanka
    89​
    23px-Flag_of_Moldova.svg.png
    Moldova
    90​
    23px-Flag_of_Libya.svg.png
    Libya
    91​
    23px-Flag_of_Armenia.svg.png
    Armenia
    92​
    23px-Flag_of_Iran.svg.png
    Iran
    93​
    23px-Flag_of_Paraguay.svg.png
    Paraguay
    94​
    23px-Flag_of_Egypt.svg.png
    Egypt
    95​
    23px-Flag_of_Peru.svg.png
    Peru
    96​
    23px-Flag_of_Indonesia.svg.png
    Indonesia

     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    ඔය මුල් 10 ගොඩක් රටවල මිනිස්සු හරි අඩුයි නේද? බෘනයි එහෙම රටේ සල්ලි තිබ්බට මිනිස්සු මහ ලොකු සල්ලියක් තියෙන උන් නෙමෙයිද කොහෙද...
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Lanakwa hoyaganna hari lesiy.. hama list ekama 100 kituwa number ekak tama innne 😂
    Singapore is always on top of these kinds of lists. :D

    Aniwa. Singapore me list eke #2 walata inne.

    ඔය මුල් 10 ගොඩක් රටවල මිනිස්සු හරි අඩුයි නේද? බෘනයි එහෙම රටේ සල්ලි තිබ්බට මිනිස්සු මහ ලොකු සල්ලියක් තියෙන උන් නෙමෙයිද කොහෙද...

    Samahara ewa lokui machan. USA, Norway, Switzerland, Ireland, Denmark wage ratawal thiyenawa mul 10.
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබලනම් කොහොම තැන වල ඉන්නවද දන්නේ නැහැ.. හැබැයි ටොප් ක්ලාස් ටියර් වන් ක්ලාස් රටක පෙට්‍රල් පම්ප්කාරයෙක් තමා උබලව රන් කරන්නේ..
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උබලනම් කොහොම තැන වල ඉන්නවද දන්නේ නැහැ.. හැබැයි ටොප් ක්ලාස් ටියර් වන් ක්ලාස් රටක පෙට්‍රල් පම්ප්කාරයෙක් තමා උබලව රන් කරන්නේ..
    ඇයි රිදිලා? :rofl: මේකේ කිසිම නරකක් කියලා නැහැ නේ.. ලංකාව 88 වෙනි තැන ඉන්නේ රටවල් 188න්. ඒ කියන්නේ මුල් 50% ඉන්නවා. :rolleyes: :confused:
     
    • Like
    Reactions: Solo Rider

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇයි රිදිලා? :rofl: මේකේ කිසිම නරකක් කියලා නැහැ නේ.. ලංකාව 88 වෙනි තැන ඉන්නේ රටවල් 188න්. ඒ කියන්නේ මුල් 50% ඉන්නවා. :rolleyes: :confused:
    නොසැහෙන්න ඕක එක්ස්ප්ලේන් කරලා තියනවා කිරියේ මම.. ආයේ දාන්න බැහැ. කියවපු එකෙන්ගෙන් අහගනින්..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    Nikamata balapan oya list wala China innet 70 ganata, un apita loan denne ayi kiyala hitagannako :P

    okath ekka HDI ekath balanna oni
    https://en.wikipedia.org/wiki/List_of_countries_by_Human_Development_Index

    api eke yantham 70 ganan awit tiyanawa, api ehema iddi China inne 80 ganan
    e kiyanne ratata kochchara salli power tibbata minissunge living condition hodai kiyanna baha
    ayet HDI list eke uda tiyana ratawal wala top 20 ratawal walata tamai minissu pana dagena migrate wennet okai
    nattam minissu China migrate wenna epeine
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Nikamata balapan oya list wala China innet 70 ganata, un apita loan denne ayi kiyala hitagannako :P

    okath ekka HDI ekath balanna oni
    https://en.wikipedia.org/wiki/List_of_countries_by_Human_Development_Index

    api eke yantham 70 ganan awit tiyanawa, api ehema iddi China inne 80 ganan
    e kiyanne ratata kochchara salli power tibbata minissunge living condition hodai kiyanna baha
    ayet HDI list eke uda tiyana ratawal wala top 20 ratawal walata tamai minissu pana dagena migrate wennet okai
    nattam minissu China migrate wenna epeine

    Aniwaryen machan. China wala cities tika pattama diyunu wunata gam walata giyama thaama duppath. Ekane lankawe construction wada walata katta kagena ehe indan kattiya enneth.

    Unge rata loku hinda salli balaya wadiyi. Lankaweth 72-77 kale ratata salli thibba sahena. Habai minissunge jiwana thathwe anthimai, kannawath naha hariyata.
     
    • Like
    Reactions: kinkon

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඔය මුල් 10 ගොඩක් රටවල මිනිස්සු හරි අඩුයි නේද? බෘනයි එහෙම රටේ සල්ලි තිබ්බට මිනිස්සු මහ ලොකු සල්ලියක් තියෙන උන් නෙමෙයිද කොහෙද...
    ඔව් බන් luxembourg වල ඉන්නේ ලක්ෂ 6 ක් විතර ජනගහනය.