මේවා තමා මේ සියවසේ ලොකුම විණ. ආගම දහමක් අදහන්නේ නැති උන් හෙන ලොඩ් තර්ක ගේනවා විද්යාවෙන් තමයි ඔක්කොම පෙන්නන්න පුලුවන්, එහෙම බැරි නම් ආගම් අදහන උන් මොඩයි, ගොඩේ ටිපිකල් කියලා. ඒතියස්ට් තමා නූතන බුද්දිමත් මානවයා කියලා. මම කියන්නේ හැම ආගමකම ඒ ඒ කාලෙට අනුරූපීව මුලාව, ප්‍රයොගය සහා සාහිත්ය රසය තියනවා. ඒ මැජික් දැකලා අපිට කියන්න බැ ආගමේ හර පද්දතිය බොරුයි කියලා. එතනයි වරද්දගන්න හොද නැත්තේ. සමාජයේ යහ පැවැත්මට ආගම කියන දේ බලපානවා. ඔක්කොම ආගම් විද්යාවට පටහැනියි, තෙරුමක් නැ අදහන්න එපා කියලා තහනම් කලොත් වෙන්නේ මිනිස්සු දාර්මික බවෙන් ඇත්වෙනවා. අද නීතී පද්දතියෙන් ක්‍රියාත්ම වෙන දේ, ආගම්වලින් අපාය ස්වර්ගය පෙන්නලා නිවන පෙන්නලා පව පින කියලා බෙදලා මිනිස්සු ස්වකැමැත්තෙන් යහමගට ගන්නවා. සමාජය බිහිසුනුතැනක් වෙනවා පව පින කියන දේට මිනිස්සු බය නැති උනොත්. ආගමක මම දකින ප්‍රදාන දේ ඇත්ත/බොරුවට වඩා ආගමක් සමාජ නිර්මපකයෙක් ලෙස කරන කාර්යබාරය සමාජෙක පැවැත්මට වටිනවා. ඒක වැදගත්.