ලෝකයේ_ඕනෑම ආයුර්වේද බෙහෙතක්‌ අපි ළඟ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    ලෝකයේ_ඕනෑම ආයුර්වේද බෙහෙතක්‌ අපි ළඟ

    ලෝකයේ ඕනෑම ආයුර්වේද බෙහෙතක්‌ අපි ළඟ තියෙනවා



    සුප්‍රසිද්ධ ශාන්ත ජෝන් මාළු වෙළෙඳසැල හෙවත් මාළු කඩය පෑලියගොඩට රැගෙන ගොස්‌ මේ වන විට කලක්‌ ගත වී හමාරය. ගබොස්‌ලේන් හෙවත් ගබොස්‌ පටුමගට අල්ලපු වැටේ තිබූ 'මාළු කඩය' පෑලියගොඩට ගොස්‌ ඇති බැවින් අපුල දනවන සුළු පිළීකාරම මුසු සුළඟ වෙනුවට දැන් ඒ අවට හමන්නේ ඖෂධීය සුවඳින් යුත් අලුත් සුළඟක්‌ ය. අද ඒ අවට දකින්නට ඇත්තේ එතෙක්‌ කල් මුව වසාගෙන ඔබ මොබ ගිය මිනිසුන් වෙනුවට පිරිසිදු වාතාශ්‍රයකින් යුත් හුස්‌මක්‌ ආශ්වාස කරමින් නිදහසේ හුස්‌ම ගන්නා මිනිසුන් ය.

    පැරැණි මාළු කඩය අසලට වන්නට පිහිටි ගබොස්‌ ලේන් පිළිබඳ කතාව විසිතුරු ය.

    දේශීය ඖෂධ හෙවත් ජන වහරේ එන අයුරින් සිංහල බෙහෙත් බඩු ලංකාව පුරා තොග සහ සිල්ලර වශයෙන් බෙදා හරින වගකීම් සහගත වෙළෙ¹ම මුළුමනින් ම පාහේ සිදුවන්නේ ගබොස්‌ලේන් හි පිහිටා ඇති ලොකු කුඩා දේශීය ඖෂධ අලෙවිසල් හෙවත් සිංහල බෙහෙත් බඩු කඩ මුල්කර ගනිමිනි.


    auweda1.jpg

    එහි පිහිටා ඇති බොහොමයක්‌ වෙළෙඳසල් තුළ කොත්තමල්ලි ඇටයේ සිට ඉතාමත් විරල ඖෂධ වන ගෝරෝචන, කුංකුමප්පු, කස්‌තුරි ආදී අධික මිලෙන් යුත් විදේශීය රටවල්වලින් පවා ගෙන්වනු ලබන ආයුර්වේද ප්‍රතිකාරයන් සඳහා අවශ්‍ය සියලුම ඖෂධ වර්ග අලෙවිය පිණිස තිබේ. ඒ සියලු දේශීය විදේශීය ඖෂධ හඳුන්වනු ලබන්නේ 'සිංහල බෙහෙත් බඩු' යන හුරු පුරුදු වචනය යොදා ගනිමින් ය.

    වසර හැත්තෑ පහකට එපිට සිට ගබොස්‌ ලේන් කේන්ද්‍ර කොට පැවත එන සිංහල බෙහෙත් බඩු කඩ ඉතිහාසය පිළිබඳ තොරතුරු දැක්‌වීම පිණිස කීපදෙනෙක්‌ අපත් සමඟ කතාබස්‌ කළහ. එහි ඇතැම් ව්‍යාපාරික ස්‌ථාන මේ වන විට පවත්වා ගෙන යන්නේ තුන්වැනි පරම්පරාව විසින් ය.

    auweda2.jpg

    ගබොස්‌ ලේන් හා ශාන්ත ජෝන් මාවත එකිනෙකා මුණ ගැසෙන තුන්මංසලට මුහුණලා ඇති වෙළෙඳසලකි. ඒ වෙළෙඳසලෙන් පනස්‌ වසරක්‌ පුරා උණ සෙම්ප්‍රතිෂ්‍යාවට ලබා දෙන පස්‌පංගුවේ සිට ඉහළට ඇති ඕනෑම ඖෂධයක්‌ මිලට ගත හැකිය. මේ වන විට එහි භාරකාරත්වය උසුලන ඉමල් කුලසූරිය අපගේ පළමු දැන හඳුනා ගැනීම විය. ඔහු තම ව්‍යාපාරය පිළිබඳවත් එහි අතීතය සම්බන්ධවත් අපත් සමඟ කතා කළේය.

    "මේක දිග කතාවක්‌ සහිත ව්‍යාපාරයක්‌. දැනට වසර පනහක්‌ තිස්‌සේ අපි මේ ව්‍යාපාරයත් එක්‌ක කටයුතු කරනවා. එහෙම ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ මේක 'බිස්‌නස්‌' එකකට එහා ගිය යහපත් අරමුණකින් යුක්‌තව ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා ගැනීම මත සිදුවන දෙයක්‌ හින්දයි. මොකද? මේ වෙළෙ¹මේ පවතින්න ඕන වැදගත්ම දේ තමයි ලාභයට එහා ගිය ගුණාත්මක බව. ඒක මෙතෙක්‌ කල් ආරක්‍ෂා කර ගන්න පුළුවන් වූ අය විතරයි මේ සිංහල බෙහෙත් බඩු වෙළෙ¹මේ අදත් යෙදිල ඉන්නේ."

    "ඉතා පහළ මිල ගණන් යටතේ පවතින පොල්පලා ශාකයේ ඉඳලා ඉහළම මිල ගණන් යටතේ අලෙවි වන ඕනෑම සිංහල බෙහෙත් බඩු වර්ගයක්‌ ගබොස්‌ ලේස්‌ එකෙන් මිලට ගන්න පුළුවන්. මේ වෙනකොට ශාකමය ඖෂධ අතින් ඉහළ මිලකට යන්නේ බිම් කොහොඹ. අද වෙළෙඳපොළේ බිම් කොහොඹ කිලෝ එකක්‌ රු. 5000 ක්‌ පමණ වෙනවා. ලංකාවේ සෑම පළාතකම වාගේ අපට බෙහෙත් වර්ග සපයන සැපයුම්කරුවන් ඉන්නවා. ඒ අය රස්‌සාව විදියට කරන්නේ බෙහෙත් ඖෂධ සැපයීම. ඒ ඒ ප්‍රදේශවල ආවේණික ඖෂධීය ශාක එක්‌රැස්‌ කරල අපිට ගේන්නේ ඒ අය.

    auyeda32.jpg

    දහස්‌ ගණනින් යුත් ඒ අය තමයි අපේ විශ්වාසවන්ත සැපයුම්කරුවන් වෙන්නේ. අනෙක්‌ කාරණය තමයි බහුතරයක්‌ මේ ව්‍යාපාරය සිදුකරන්නේ සිංහල ව්‍යාපාරිකයන් වීමය. සිංහල වෙදකමත් සමඟ අතීතයේ පටන් තියෙන අපේකම. ඒකට ප්‍රධානම හේතුව වෙන්නත් ඇති. අනික තමයි ඖෂධීය ශාක හඳුනා ගැනීමට සිංහලයන් සතු හැකියාව. දැන් බලන්න කැලේට ගිහින් කොළයක්‌ කඩල මේක අහවල් ඖෂධ වර්ගය කියල කියන්න පුළුවන් හැකියාවක්‌ අපේ අයට තියෙනවා. එහෙම උනේ ඒ සුවඳ අපේ ඇඟේ තියෙන හින්දනේ. ඒක එදත් අදත් එහෙමයි. හේතුව තමයි ආයුර්වේදය වේවා, පාරම්පරික දේශීය වෙදකම වේවා, ඒවා පැවත එන්නේ අවුරුදු දහස්‌ ගණනක්‌ එපිට ඉඳලා. මේ සියලුම දේශීය ඖෂධ පැවත එන්නෙත් එදා පටන්. එදා පටන් තිබුණු පැවත එන ඖෂධ වර්ග තමයි අදත් අපේ අය ලෙඩට දුකට ප්‍රතිකාර පිණිස ගන්නේ."

    ඉන් අනතුරුව ඉමල් කුලසූරිය විසින් අපව වෙනත් ව්‍යාපාරික ස්‌ථානයක්‌ වෙත කැඳවා ගෙන ගියේය. ඔහු එයට ගොඩවීමට පෙර කළගුණ අමතක නොකළ මතකයක්‌ ද යළි මෙනෙහි කළේය.

    "මෙතැන තමයි මගේ තාත්තා මුලින්ම රැකියාව කළ තැන. ඒ මීට වසර හැට හැත්තෑවකට කලින්. ඔහු අපට තවත් ව්‍යාපාරිකයෙක්‌ හඳුන්වා දුන්නේය. හේ ප්‍රදීප් කවිරත්න විය. ව්‍යාපාරිකයකු පමණක්‌ නොව, ආයුර්වේද සහ පාරම්පරික දේශීය වෙදකමේ සුලමුල පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතකු වූ ඔහු තමන් නියුතු ව්‍යාපාරය පිළිබඳවත්, එහි වර්තමානය සහ අනාගතයේදී ඇතිවිය හැකි යම් යම් අවාසනාවන්ත තත්ත්වයන් පිළිබඳවත් පුළුල් දැනුවත් භාවයක්‌ සහිතව අදහස්‌ ප්‍රකාශ කරන්නෙකු ද විය.

    "ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන්නේ අවුරුදු 5000 ක්‌ ඉතිහාසය සහිතව පැවත එන්නක්‌. අපි මේ ව්‍යාපාරය දකින්න උත්සාහ කරන්නේ අපේ පාරම්පරික වෙදකම තවදුරටත් ඉස්‌සරහට රැගෙන යැමත් එක්‌ක සිදුකරන වෙළෙ¹මක්‌ විදියටයි. අද රටේ විවිධ ප්‍රදේශවල නොයෙක්‌ පුද්ගලයන් මහා පරිමාණයෙන් මේ වෙළ¹මට අතදාල තියෙන්නේ. ඔවුන් ඒ දේවල් කරන්නේ දැනුවත්භාවය සහිතව නොවෙයි. ලාභය මුල්කර ගෙන. අපි එහෙම නැ. ඇත්තම කියනවා නම් ගබොස්‌ ලේන් එක නැත්නම් අපේ පාරම්පරික වෙදකම නැත්තටම නැතිවෙලා."

    මේ මොහොත වන විට අපේ දේශීය ඖෂධවලට සිදු වී ඇති ව්‍යසනය ඔහු අප සමඟ කීය.

    "දැන් බලන්න. අපේ රටේ සුදුහඳුන් ගස්‌ ටික ජාවාරම්කරුවන් රට පටවනවා. ඉතා වටිනා ඖෂධයක්‌ වන සුදුහඳුන් ටික රටට අහිමි වෙනවා. අද සුදුහඳුන් ඉන්දියාවෙන් ගෙන්වන්න වෙලා තියෙනවා. රත්හඳුන් ගත්තත් එහෙමයි. වේගයෙන් වඳ වී යැමේ තර්ජනයට ලක්‌වෙලා. ඒ වෙනුවට රත්කීරිය ඉන්දියාවෙන් ගෙන්වනවා. අපේ පොළොවේ පැළවුණ ඉතා වටිනා ඖෂධ රාශියක්‌ අද වඳවෙමින් පවතිනවා. ඒකට හේතුව තමයි වල් නාශක. වල් නාශක යෙදීම නිසා රටට අහිමි වෙන්නේ අවුරුදුÊදහස්‌ ගණනක්‌ තිස්‌සේ තිබුණ වටිනා ඖෂධ පැළෑටි ටික. මන්නාරමින් ගෙනාපු 'කලාඳුරු' ටික අද ගේන්නේ පිටරටින්. ත්‍රිකුණාමලෙන් ගෙනාපු නෙරෙංචි ටික අද එන්නේ ඉන්දියාවෙන්. මී පැණි ගේන්නේ ඉන්දියාවෙන්. ඒකට හේතුව වෙලා තියෙන්නේ අපි විසින් සිදු කරන පරිසර විනාශය. අලෙවිය පිණිස අප වෙත රැගෙන එන බොහොමයක්‌ ඖෂධ එදා වෙළෙඳපොළට ගෙනත් දුන්නේ අපේ මිනිස්‌සු. අපේ මහපොළොව මත වැවෙන දේ තමයි ඔවුන් ජීවත් වීම පිණිස ආදායම් මාර්ග බවට පත්කර ගත්තේ. ඒ අය ඉවක්‌ බවක්‌ නැතිව ඒව විනාශ කළේ නෑ. අවශ්‍ය ප්‍රමාණය පමණක්‌ පොළොවෙන් ලබා ගැනීම පමණයි ඒ අය කළේ. ඉන් ග්‍රාමීය ආර්ථිකයට ශක්‌තියක්‌ ලබා ගත්තා. උදාහරණ ලෙස අනුරාධපුරයේ වැවෙන පාවට්‌ට ටික අගලවත්ත, මතුගම ප්‍රදේශයේ බහුලව ඇති වෙනිවැල්ටික, මන්නාරමේ වැවෙන හාතවාරිය ටික, කලාදුරු ටික කොළඹ ආවේ ඒ අය හරහා. අද තත්ත්වය ඊට වෙනස්‌. මී පැණි පවා ඉන්දියාවෙන් ගෙන්වන්න වෙලා. ගුණයෙන් හා රසයෙන් ඉහළම වටිනාකමක්‌ තියෙන අපේ රටේ මී පැණි ටික පවා අද අහිමි වෙමින් පවතින්නේ අපි විසින් පරිසරයට කරපු හානියේ ප්‍රතිඵල විදියට තමයි.

    මම මේ කතා කරන්නේ ව්‍යාපාරික වාසි ප්‍රයෝජන අරමුණු කොට නොවෙයි. ඉන් එහා ගිය යහපත් පණිවුඩයක්‌ රටට දීම පිණිසයි. අද ලෝකය පුරාම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම වේගයෙන් ව්‍යාප්ත වෙනවා. බටහිර රටවල් ඇතුළු බොහෝ පිරිස්‌ ඒ සඳහා නැඹුරු වෙනවා.

    විදේශිකයන් ලංකාව දකින්නේ 'ඔසු උයනක්‌' විදියට. ඔවුන් ලංකාවට පැමිණීමට එක හේතුවක්‌ තමයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ඇති ඇල්ම. අදාළ බලධාරීන් මේව හරියට තේරුම් ගත යුතුයි. අපි අපේ පැත්තෙන් අපේ වගකීම අවුරුදු 75 ක්‌ තිස්‌සේ නිවැරැදිව සිදුකරනවා. වටිනා ශාකමය ඖෂධ යම් තරමකින් හරි අදත් ආරක්‍ෂා වෙලා තියෙන්නේ අපි මේ වෙළෙ¹ම ජාවාරමක්‌ කර ගත්තේ නැති හින්ද බව මතක්‌ කළ යුතුයි."

    ධර්මරත්න පාරම්පරික උරුමයක්‌ සහිතව ගබොස්‌ පටුමගේ වෙළෙ¹ම් කරනා ව්‍යාපාරිකයෙකි. ඔහුත් තමන් සතු අත්දැකීම් සහ පළපුරුද්ද පිළිබඳ අදහස්‌ දැක්‌වූයේය.

    "ඉස්‌සර ගබොස්‌ ලේන් එකේ තිබුණ අම්බර් කියන ඖෂධයක්‌. ජනප්‍රවාදයේ තියෙන්නේ හිමාලයේ වෙසෙන ඇත්කඳ ලිහිනියන් ආහාරයට ගන්නා දෙයින් ඒවා සැකසෙනවා කියලා. ඇත්කඳලිහිනිය 'වසුරු' ලෙස පිට කරන දේට තමයි අම්බර් කියන්නේ. ඒවා ගංගා ඇළ දොළට එකතුවෙලා මුහුදට ගලාගෙන එනවා. මාළු ඒවා ආහාරයට අරගෙන ගිලල වැමෑරුවට පස්‌සේ ඒක 'මීනම්බර්' ලෙස හඳුන්වනවා. මුහුදු යන අය හරහා වෙළෙඳපොළට එන මීනම්බර් විශාල වටිනාකමක්‌ සහිත දුර්ලභ ඖෂධයක්‌. ඒ කාලේ ගබොස්‌ ලේන් එකේ මීනම්බර් පවා අලෙවි කළා. ඒ වගේ තමයි මුහුදු පොල් කියන ඖෂධයත්. අදත් මුහුදු පොල් අපි ගාව විකුණන්න තියෙනවා. ඒක හැදෙන්නෙත් මුහුදේ. ඒ ඖෂධය වැඩිපුර අපෙන් මිලට ගන්නේ මාලදිවයින් වැසියන්. අපේ සිංහල බෙහෙත් වට්‌ටෝරුවල ඒ බෙහෙත ලියවෙනව අඩුයි. මේ වෙළෙ¹ම කාලයක්‌ තිස්‌සේ කරගෙන ඒම තුළ අපි ළඟ තියෙන අත්දැකීම් ප්‍රයෝජනයට අරගෙන සිංහල වෙදකම ඉස්‌සරහට ගෙනියන්න රජය මැදිහත් වෙනව නම් ඒ සඳහා උදව් කරන්න අපි ඕනම වෙලාවක සූදානම්."

    ඔවුන් සමඟ ගත කළ කාලය තුළ සිංහල බෙහෙත් බඩු වෙළෙ¹ම යනු කඩපොළක්‌ පමණක්‌ නොව හෙට දවස පිණිස රැකගත යුතු උරුමයක්‌ බවට පත්ව ඇති බව ඔවුන් අපට කියා දුන්නේය.

    බතක්‌ ඉදීමට පෙර බිඳුණ අතක්‌ සවි කිරීමට සමත් හෙළ වෙදකමක්‌ සහිත මිනිසුන් විසූ රටක්‌ ලෙස රොබට්‌ නොක්‌ස්‌ වැනි විදේශිකයන්ගේ පවා සම්භාවනාවට ලක්‌වෙමින් වසර සිය දහස්‌ ගණනක එපිට සිට පැවත එන හෙළ වෙදකමට අනුපාන සපයමින් ද, ව්‍යාපාරික කොළඹට අහිමි වෙමින් පවතින සිංහලකම රැක ගනිමින් ද වසර සියයකට ආසන්න කාලයක්‌ ගබොස්‌ ලේන් කේන්ද්‍ර කොට ගනිsන් පවත්වාගෙන යන ආයුර්වේද ඖෂධ වෙළෙ¹මේ හෙට දවස රැක ගැනීම මෙන්ම ඒ හරහා දිවි සරිකර ගන්නා රට පුරා විසිර සිටින දහස්‌ සංඛ්‍යාත මිනිසුන්ගේ යහපත පිණිස අදාළ ආයතන සහ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු කාලය තවමත් ඉක්‌ම ගොස්‌ නැත.

    හිස කඳ කෙළින් කොට නැගී සිටිය හැකි ජාතියක්‌ නිර්මාණය කිරීම පිණිස දේශීයත්වයට මුල්තැනක්‌ දීමට ඔවුන් උත්සුක වන්නේ නම් සෙම්ප්‍රතිශ්‍යාව සඳහාත් පෙති බෙහෙත් ඉල්ලා බටහිරට අතපාන ජනතාව නගා සිටුවීම පිණිස ලක්‌පොළොව මේ මොහොතේ ද පසුවන්නේ දැඩි වුවමනාවකින් යුතුවය.


    රුවන් ජයවර්ධන

    divaina
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113


    **මරුසිරා**;16395672 said:
    BUMP......

    Good post mchn...:):)
    rep denna widiyak naluu.. :(:(

    yeah we can buy anything from here and very cheap than other local areas

    Bump......


    පෝරිසාදයා;16395826 said:

    :):)
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,997
    354
    83
    Gampaha
    "බතක්‌ ඉදීමට පෙර බිඳුණ අතක්‌ සවි කිරීමට සමත් හෙළ වෙදකමක්‌ සහිත මිනිසුන් විසූ රටක්‌" Me katawa attatama atta... mage kakula kadila eddi beheth karanna geyama beheth badala 1H walin mawa avidduwa machann... hetaganna baha e dewal...