ලෝකයේ_තුනීම_තුනී_අත්_ඔරලෝසුව_මෙන්න!

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ලෝකයේ_තුනීම_තුනී_අත්_ඔරලෝසුව_මෙන්න!

වසර 15ක් පාවිච්චි කළ හැකි බැටරියක්!

ලෝකයේ වඩාත් ගනකම අඩු අත් ඔරලෝසුව දැන් නිපදවා තියෙනවා. ‘සීඑස්ටී -01’ (SCT -01) යනුවෙන් නම් කර ඇති මේ අත් ඔරලෝසුවේ ගනකම මිලිමීටර 0.8ක්! තනි පටියට තනා ඇති මෙය නැමෙනසුලූ වානේ පටියකින්. එය ඔබේ අතේ ප‍්‍රමාණයට නවා හැඩ කර ගෙන වළල්ලක් මෙන් පලඳින්න පුළුවන්.

ක්‍රෙඩිට් කාඞ් එකකටත් වඩා තුනී මේ අත් ඔරලෝසුවේ වේලාව දැක්වෙන්නේ ඉලෙක්ට්‍රොනික තීන්ත (E-ink) වලින්. ‘කින්ඞ්ල්’ (Kindle) ඉලෙක්ට්‍රොනික පොත සඳහා යොදා ගත් තාක්ෂණයම තමයි, මෙයටත් යොදා ගෙන ඇත්තේ.

එහි ඇති ඉලෙක්ට්‍රොනික කොටසත් මිමී 0.5කට වඩා ගනකම නැහැ. අවශ්‍යතාව අනුව හැඩ ගැසිය හැකි උපාංගයක්! ඊට බලය සපයන්නේ ‘තිනර්ජි මයික්‍රො සෙල් එනර්ජි බැටරිය’කින්. එයට විදුලිය ආරෝපණය කරන්න කාලය අවශ්‍ය වන්නේ මිනිත්තු 10යි. එය මාසයක කාලයකට ප‍්‍රමාණවත්! එය 10,000 වාරයක් ආරෝපණය කරන්න පුළුවන්. ඒ අත් ඔරලෝසුවේ ආයුකාලය වූ අවුරුදු 15ට ඒ බැටරිය ප‍්‍රමාණවත්!

article-2340091-1A45B40F000005DC-391_634x423.jpg

මේ සීඑස්ටී -01 (CST-01) අත් ඔරලෝසුව නිපදවා ඇත්තේ ඇමරිකාවේ චිකාගෝ නුවර ‘සෙන්ට‍්‍රල් ස්ටෑන්ඩර්ඞ් ටයිමිං’ සමාගමයි. ක්‍රෙඩිට් කාඞ් පතකටත් වඩා තුනියි. එහි වේලාව දක්වන්නේ ඉලෙක්ට්‍රොනික් තීන්ත යෙදූ ක‍්‍රමයකටයි.

article-2340091-1A45B40B000005DC-743_634x380.jpg

මේ සීඑස්ටී -01 (CST-01) අත් ඔරලෝසුව විවිධ වර්ණ ගණනාවකින් නිකුත් වන අතර මෙහි දැක්වෙන්නේ කළු හා සුදු යන වර්ණවලින් තැනූ ඒවායි. එසේ මෙය ලොකු, මධ්‍යම හා කුඩා වශයෙන් ප‍්‍රමාණ තුනකින් නිකුත් කෙරෙන අතර ඒවා ඔබේ අතේ ප‍්‍රමාණයට අනුව හැඩගස්වා ගෙන පලඳින්න පුළුවන්.

මේ නිර්මාණයේ ගෞරවය හිමි වන්නේ නව නිපැයුම්වල පුරෝගමියකු වූ ඬේව් වොන්ඩල් (Dave Vondle) ටයි. ඔහු සිය මිතුරු ජෙරී ඕලියරි සමග එක්ව සෙන්ට‍්‍රල් ස්ටෑන්ඩඞ් ටයිමිං ආයතනය (Central Standard Timing) පිහිටුවා ගත්තා මේ නව නිපැයුම තනා වෙළෙඳ පොළට යවන්නට.

මෙය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ආයෝජනය සඳහා අරමුදල් සොයන්නට කික් ස්ටාටර් (KickStarter) වෙබ් අඩවියේ සහය ලබා ගන්නට ඔවුන් තීරණය කළා. ඔවුන් බලාපොරොත්තු වූ ඩොලර් ලක්ෂයේ අරමුදල වෙනුවට ඩොලර් 4,319,959ක් ලැබුණා දින පහක් ඇතුළත. දැන් ඔවුන් ඒ නව නිෂ්පාදනය මුදල් ආයෝජනය කළ අයට මුලින් ම ලබන සැප්තැම්බරයේ දී ලබා දෙන්න සූදානම්.

මේ සීඑස්ටී-01 අත් ඔරලෝසුවට බලය සැපයෙන්නේ සීකෝ එප්සන් සිස්ටම් එකට අනුව තැනූ චිපයකින්. වඩාත් තුනී කරන්න අවශ්‍ය වූ නිසා එහි අගුල් බෝල, යතුරු බොත්තම් ආදිය කිසිවක් නැහැ.

article-2340091-1A45B413000005DC-112_634x671.jpg
මේ සීඑස්ටී -01 (CST-01) අත් ඔරලෝසුවෙහි උපාංග වෙන් කර ගත් විට මෙසේ දැක්විය හැකියි. අවශ්‍ය විධියට නමා හැඩ කර ගත හැකි ඉලෙක්ට්‍රොනික පරිපථය සවි කළ මල නොබැඳෙන වානේ පටිය, මයික්‍රො බැටරිය, සීකෝ එප්සන් සිස්ටම් චිපය හා ඊ-තීන්ත දර්ශකය

article-2340091-1A45B417000005DC-228_634x357.jpg
මේ සීඑස්ටී -01 (CST-01) අත් ඔරලෝසුව මූලික වශයෙන් වර්ග දෙකකින් නිකුත් වෙනවා. මේ ඒ එක් වර්ගයක්. මෙහි ඔරලෝසුව විතරක් ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් 15,000ක් පමණ වේවි.

මේ පිළිබඳ විස්තර Central Standard Timing වෙබ් අඩවියෙන් දැන ගන්න පුළුවන්.

article-2340091-1A45B41B000005DC-39_306x313.jpg
10.jpg
මේ ඔරලෝසුවෙහි ඇති මයික්‍රො බැටරිය නැවත විදිලිය ආරෝපණය කරන්න මෙහි දැක්වෙන ‘බේස් ස්ටේෂන්’ එකක් මිලට ගන්න ඕනෑ. ඊට අමතරව එය බිත්තියේ පේනුවට යා කිරීමට අවශ්‍ය කෝඞ් ආදියට අතිරේකව තවත් රුපියල් 6,000ක් පමණ වැය කරන්න සිදු වෙනවා.


http://www.malkakulu.com/2013/06/15.html#ixzz2Xa9dpCiC



ගත්තේ "මල් කැකුළු " එකෙන්..
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    patta i have a kindle
    battery eka masa 2k tiyaganna puluwan :D

    e-ink wala battery yanne display eka wenas karanna, display tiyan inna battery yanne na ekai ochchara durable