ලෝකයේ_මෙතෙක්_ලොකුම_ශබ්දය

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ලෝකයේ_මෙතෙක්_ලොකුම_ශබ්දය

මෙතෙක් ලොකුම ශබ්දය ආවේ රුසියාවේ පිපිරුණු උල්කාපතයෙන්! ඒත් එය මිනිස් කනට ඇහුණේ නෑ!



පසුගිය පෙබරවාරි 15 වැනිදා රුසියාවේ චෙල්යාබින්ස්ක් නගරය අසලට කඩා වැටුණු උල්කාපාතය ඔබට මතකද? විශාලම කැබැල්ල ඒ අසල හිම මිදුණු විලකට කඩා වැටෙන්නට පෙර අහසේ දී මහා පිපිරීමක් සිදු වුණා. එයින් 1200කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

මධ්‍යම රුසියාවේ වූ ඒ පිපිරීම මෑත දී සිදු වූ විශාලතම එකයි. උල්කාපාතය පුපුරා යාමේ දී අවධ්වනික කම්පන තරංගයක් නිකුත් වුණා. එය මෙතෙක් පටිගත කරන ලද මහා ශබ්දය ලෙස වාර්තා වෙනවා.

එය පටිගත කර ගෙන ඇත්තේ ගෝලීය න්‍යෂ්ටික අත්හදා බැලීම් ගැන සොයන්නට ලොව පුරා පිහිටුවා ඇති පරීක්ෂණ ජාලය මගිනුයි. එම පිරික්සුම් ජාලය හැඳින්වෙන්නේ ‘විස්තීර්ණ න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ ගිවිසුමට අදාළ සංවිධානයේ (Comprehensive Nuclear-Test-Ban Treaty Organisation) පරීක්ෂණ ජාලය ලෙසයි. කෙටියෙන් හැඳින්වෙන්නේ ‘සීටීබීටී ඕ’ (CTBTO) කියලයි. ඊට අයත් ලොව පුරා පිහිටුවා ඇති සවන්දීමේ ස්ථාන 17න් ම මෙම පිපිරීම් හඬ පෘථිවි ග‍්‍රහයා පුරා විසිර යද්දී පටි ගත කොට තිබෙනවා.

ඒ අතරින් වඩාත් ඈතින්, සැතැපුම් 9,000ක් දුරින් ඇන්ටාර්ටිකාවේ පිහිටි සවන් දීමේ මධ්‍යස්ථානයේ උපකරණවලත් මේ ශබ්දය සටහන් වී තියෙනවා.

1.jpg

මේ පිපිරීම නිසා ඇති වූ අවධ්වනිත කම්පන තරංගය මෙතෙක් පටිගත කර ඇති විශාලතම ශබ්දය ලෙස සලකෙනවා. මේ පිපිරීමේ ඡායාරූපය රැගෙන ඇත්තේ රුසියන් රියැදුරකු ඔහුගේ වාහනයේ ඇති කැමරාවෙන්.

රුසියාවේ කිසිම රේඩාවකට අසු නො වී පහත් වුණු මෙය අහසේ දී පුපුරා ගියා. එහි සුන්බුන් නොවැටී චෙල්යාබින්ක්ස් නගරය බේරුණේ අනූ නවයෙන්. නාසා ආයතනය කියන විදියට එය අඩි 55ක් පළල ටොන් 10,000ක් බර දැවැන්ත උල්කාපාතයක්. යූරල් කඳුකරයට ඉහළින් මෙය පුපුරා ගියේ කිලොටොන් 500කට සමාන බලයකින්. 1945 ජපානයේ නාගසාකිවලට දැමූ පරමාණු බෝම්බය මෙන් 25ස් ගුණයක් ප‍්‍රබලයි කියලයි කියන්නෙ.

මේ අති දැවැන්ත පිපිරීමෙන් නිකුත් වූ අවම සංඛ්‍යාත තරංග අපේ කනට අසුවන සීමාවේ නැහැ. ඒ නිසා අපට අපේ කනෙන් එය ඒ අයුරින් ම ග‍්‍රහණය කර ගන්න බැහැ. ඒත් ඒ කම්පන තරංග මහාද්වීප හරහා සිසාරා යද්දී ‘සීටීබීටී ඕ’ ජාලය මගින් පටිගත කර තියෙනවා.

130220meteorlookupinthe.jpg


මේ ගූගල් අර්ත් ඡායාරූපයෙන් ඔබට පෙනෙන්නේ ‘සීටීබීටී ඕ’ ජලයට අයත් අවධ්වනිත ශබ්ද පටිගත කිරීමේ උපකරණ සවි කර ඇති ස්ථාන 17 මගින් ඒ මහා පිපිරීමේ හඬ පටිගත කළ ආකාරයයි.

”අපට කෙළින් ම කියන්න පුළුවන් මේ සිද්ධියත් 2009 දි ඉන්දුනීසියාවේ සුලාවෙසිවල හටගත් පිපිරීම තරම් ම විශාල එකක් බව” කියා ‘සීටීබීටී ඕ’ ආයතනයේ ධ්වනි විද්‍යාඥ පයිරික් මියාල් කියනවා.

‘සීටීබීටී ඕ’ ජාලයට අයත් අවධ්වනිත නිරීක්ෂණ මධ්‍යස්ථානවලට දැණුණු ආකාරයට මෙය මෙතෙක් පටි ගත කෙරුණු විශාලතම ශබ්දය ද වෙයි.

මේ වනතෙක් ඉන්දුනීසියාවේ සුලාවෙසිවල සිදු වූ පිපිරීමෙන් නිකුත් වූ ශබ්දය තමා විශාලතම ශබදය ලෙස වාර්තා වී තිබුණේ. ස්ථාන 15කින් ම ඒ බව වාර්තා කර තිබුණා.

අවධ්වනිත ශබ්ද මේ ‘සීටීබීටී ඕ’ ජාලය යොදා ගන්නේ ලොව කොතැනක හෝ පරමාණු බෝම්බ පිපිරීමක් සිදු වුණොත් එය අල්ලා ගන්නයි.

මේ ක‍්‍රමය මුලින් ම යොදා ගත්තේ 2001 දී මේ වර්ගයේ ප‍්‍රථම මධ්‍යස්ථානය ජර්මනියේ දී ආරම් කරද්දීයි.

මෙසේ ලබා ගන්නා දත්ත ඒ මොහොතේ ම ඔස්ටි‍්‍රයාවේ වියානා නගරයේ පිහිටුවා ඇති ‘සීටීබීටී ඕ’ සංවිධානයේ මූලස්ථානයට යවනවා. එහි දී මේ දත්ත විශ්ලේෂණය කරනවා. ඉන්පසු ඒ දත්ත සමග විශ්ලේෂණ වාර්තාත් එම සංවිධානයේ අනෙකුත් සාමාජික රටවලට යවනවා.

5.jpg


කසකස්ථානයේ පිහිටුවා ඇති මධ්‍යස්ථානයේ උපකරණවලින් ලබා ගත් දත්තවලින් එම පිපිරීම සටහන් වූ අන්දම.

‘මේ පිපිරීම න්‍යෂ්ටික අවියක් මෙන් එක තැන සිදුවන එකක් නෙවෙයි. එය උල්කාව පොළොව දෙසට ශබ්දයට වඩා වැඩි වේගයෙන් යද්දී සිදුවන එකක්. ඒ වගේ ම මෙය තනි පිපිරීමක් නෙවෙයි, ගිනි ගෙන දැවෙමින් අධි වේගයෙන් යද්දී සිදු වන්නක්. අපට ඒ නිසා ආකාරයක පිපිරීමක් හෝ යමහල් විදාරණයක් හෝ ලෙස සලකා මෙය මනින්න බැහැ.’ මියාල් කියනවා.

‘ලොව පුරා විද්‍යාඥයන් ඉදිරි මාස කීපය තුළත් ලබන වසර තුළත් මේ ‘සීටීබීටී ඕ’ ආයතනයෙන් ලබා දෙන දත්ත හදාරමින් මේ සංසිද්ධිය තේරුම් ගැනීමට තැත් කරනු ඇති. මේ උල්කාව ගැන විවිධ පැතිවලින් හැදෑරීම් කරනු ඇති. එහි උන්තාංශය, මුදා හළ ශක්ති ප‍්‍රමාණය හා උල්කාව පුපුරා ගියේ කෙසේද කියාත් අපට මේ හැදැරීම්වලින් පසු දැන ගත හැකි වේවි.’ ඔහු වැඩි දුරටත් කියනවා.

දැනට අවධවනිත නිරීක්ෂණ මධ්‍යස්ථාන 45 ක් ‘සීටීබීටී ඕ’ ජාලය සතුව කි‍්‍රයාත්මක වෙනවා. ඒවායින් කෙරෙන්නේ අවධ්වනිත තරංග නිසා වායුගෝලයේ සිදුවන මයික්‍රොපීඩන වෙනස්කම් මැන බැලීමයි.
උල්කාවක් හෝ න්‍යෂ්ටික පිපිරීමක් වැනි දෙයක දී එකිනෙකට වෙනස් තත්වයන් ඇති කරන නිසා ඒවා වෙන් කර හඳුනා ගැනීම අපහසු නැහැ. ඒවා නිකුත් කරන අවධ්නිත තරංග මහාද්වීප හරහා බොහෝ දුර ගමන් කරනවා.

‘විස්තීර්ණ න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ ගිවිසුමට අනුව ලොව පුරා සිදු කෙරෙන සියලූම වර්ගයේ න්‍යෂ්ටික පිපිරවීම් තහනම් කර තියෙනවා. ඒ නිසා ‘සීටීබීටී ඕ’ ජාලය ඒ පිළිබඳව විමර්ශනය කරන්නට ශබ්ද නිරීක්ෂණ සඳහා විවිධ තාක්ෂණික ක‍්‍රම හතරක් භාවිත කරනවා. ඉන් එකක් තමා අවධ්වනිත ශබ්ද කම්පන තරංග විමර්ශනය. අනෙක් ක‍්‍රමවලට අයත් වන්නේ භූකම්පන, හයිඩ්‍රොධ්වනිත, රේඩියෝනියුක්ලිඞ් යන ඒවායි.

රුසියාවේ උල්කාපාතය පුපුරා යන්නට දින තුනකට කලින්, එනම් 2013 පෙබරවාරි 12 වැනිදා ‘සීටීබීටී ඕ’ ජාලය හඳුනා ගත්තා කොරියානු ප‍්‍රජාතාන්ත‍්‍රික සමූහාණ්ඩුවේ පාලනය යටතේ ඇති උතුරු කොරියාවේ න්‍යෂ්ටික පිපිරීමක් සිදු වූ බව. එය 4.9ක ප‍්‍රමාණයේ එකක්. ඔවුන් එය ලොවට හෙළි කළ පසු කොරියාව ප‍්‍රකාශයට පත් කළා තමන් න්‍යෂ්ටික පිපිරවීමක් කළ බව.

රුසියාවේ අනතුරු ඇඟවීමේ පද්ධතියට උල්කාව හසු නොවුණේ ඇයි?

රුසියාවේ බලගතු මිසයිල ආරක්ෂණ රේඩාර් පද්ධතියක් තියෙනවා. එසේ තිබියදීත් මේ උල්කාපාතය ඔවුන්ගේ ඒ ආරක්ෂණ පද්ධතියට අසු නොවූයේ ඇයි ? යන්න බොහොම දෙනකුට ප‍්‍රශ්නයක් වුණා.
පිපිරීම සිදු වූ වහාම රුසියාවේ දේශපාලන බලවතුන් ලෝකයේ බලවත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියේ අපේ ග‍්‍රහයාට පිටතින් එල්ල වන ග‍්‍රහක හෝ උල්කාපත තර්ජන වැනි දේ කල්තියා දැන ගැනීමට හැකි වන සේ තාක්ෂණය දියුණු කිරීමට පෙරට එන ලෙසයි.

මිහිමත ඇති කිසිම ජාතියකට නොමැති, දැනට පවතින ඉහළම තාක්ෂණයෙන් යුත් පෙර දැනුම් දීමේ පද්ධතිය ඇත්තේ රුසියාවේයි. එහෙත් න්‍යෂ්ටික බලයෙන් හා තාක්ෂණයෙන් සපිරි රුසියාවට තමන් දෙසට ආ මේ අනතුර කල්තියා දැක ගැනීමට නොහැකි වූයේ මක්නිසාද?

රුසියාවේ න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘතියේ විශේෂඥයන් කියන්නේ මේ උල්කාපාතය කෙතරම් විශාල එකක් වුවත් එය ඔවුන්ගේ රේඩාර් පද්ධතිය එල්ල කර ඇති ආකාරය අනුව, එයට අභ්‍යවකාශයෙන් එන වස්තුවක් හසු කර ගත නොහැකි බවයි.

මේ පිරිස එය පැහැදිලි කිරීමට රූප සටහනක් පවා පළ කරල තියෙනවා. රේඩාර් පද්ධතිය එල්ල කර ඇති ආකාරය එහි සෙවණැලිවලින් දක්වා ඇති අතර කොළ පැහැති රේඛාවෙන් උල්කාපාතය ආ මාර්ගය දක්වා තියෙනවා.

130220meteorlookupinthe.jpg


රුසියානු රේඩාර් පද්ධතිය අහස ආවරණය කරන අයුරු හා කොළ පැහැති රේඛාවෙන් උල්කාපාතය පොළොවට ආ මාර්ගය දැක්වෙනවා.

ඔවුන් කියන විදියට මේ රේඩාර් එල්ල කර තියෙන්නේ පහත අවකාශයෙන් මිසයිල කල්තියා හඳුනා ගැනීමේ අදහසින්. අන්තර් මහාද්වීපික බැලස්ටික මිසයිල එන්නේ අහසේ ඒ මට්ටමෙන්. ඒ නිසා අභ්‍යවකාශයෙන් එන කිසිවක් ඒවායේ පථවලට වැටෙන්නේ නැහැ.

දැන් සවන් දෙන්න ඒ දැවැන්ත අවධ්වනිත කම්පන තරංගය ‘සීටීබීටී ඕ’ ජාලය විසින් පටිගත කර ඇති ආකාරයට.



ගත්තේ ''මල් කැකුළු'' එකෙන් ..
Fireball එක එන හැටි






Comprehensive Nuclear-Test-Ban Treaty Organisation(CTBTO)ගැන විස්තර මෙතනින් බලන්න
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    "අන්තර් මහාද්වීපික බැලස්ටික මිසයිල" ලස්සන දරුනු වචනයක්, පට්ට මච්න්, තැන්ක්ස් :yes: REP 2+
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    pattai 7+

    "අන්තර් මහාද්වීපික බැලස්ටික මිසයිල" ලස්සන දරුනු වචනයක්, පට්ට මච්න්, තැන්ක්ස් :yes: REP 2+

    ela mchan,rep denna balu


    TFS
    rep 4+



    මම බෙනා;14595296 said:
    naaaaaaaaaaaaaa

    පට්ට... තැන්ක්ස්
    හැමෝටම පට්ට තෑන්ක්ස් ...!!!
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි