ලෝකය යමින් පවතින්නේ යායුතු ගමනකි

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    මේ ලෝකය යමින් පවතින්නේ යායුතු ගමනකි... ලෝකය කවදත් ගියේ මුළාව දෙසටය. අපි කිසිවකුට සටන්කොට ලෝකය නිවැරැදි කළ නොහැක. නිවැරැදි කිරීමට ස්‌ථිරවූ , නිත්‍යවූ දෙයක්‌ ලෝකය තුළ නොමැත, ස්‌ථිර නොවන දෙයක්‌ යමෙක්‌ කෙසේ වෙනස්‌ කරන්නද, එය ස්‌වභාවයෙන්ම වෙනස්‌වෙමින් පවතී. ඝනභාවයත්, දියර ස්‌වභාවයත්, උණුසුම් ස්‌වභාවයත්, වායු ස්‌වභාවයත් පදමට මුසුව හතරෙන් එකකට සිඳුවා නිර්මාණය වූ ලෝකයක්‌, රූපයක්‌ ලෝකය ලෙස අල්වාදීම අවිද්‍යාවේ ස්‌වභාවයයි...!

    මිනිසා මේ හති දමාගෙන, බුල්ඩෝසර් දමාගෙන චිකන් ගුන්යා, සත්ව කුර රෝගය යෑයි කියමින් සතුන් ලක්‍ෂ ගණනින් මරා දමන්නේද, මස්‌, බිත්තර, කිරි, චොකලට්‌, විනාශ කරන්නේද, රූපය ජාති, ජරා, ව්‍යාධි, මරණවලට ලක්‌වීම මිනිසාට වෙනස්‌කළ නොහැකි නිසාය. එය ස්‌වභාවයෙන් පීඩා විඳිය යුතුය. ඔය සතුන් ලක්‍ෂ ගණනින් විනාශ කරන මිනිසුන් අතින් සිදුවන අකුසල කර්මයන් ඊළඟ ජීවිතයේදී ගෙවීමට අදාළ පරිසර, ලෝකය තුළ නිර්මාණය විය යුතුය. මරණ බියෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් මියයන සතුන්ද, එම අකුසල් නිසා නැවත කර්ම ගෙවීමට අවශ්‍ය ලෙස ලෝකය නිර්මාණය විය යුතුය. නිර්මාපකයා අවිද්‍යාවයි....!

    අවිද්‍යාව ඌරාගේ මස්‌ ඌරාගේ පිටේ තබා කපනවා සේය. හේතුඵල ධර්මයන්ට අනුව මැරෙන්නටද, මරන්නටද ඔහුගේ කර්ම විපාකයන් විඳීමට අවශ්‍ය මාරාන්තික රෝග, මාරාන්තික යුද්ධ නිර්මාණය කරයි. මේ මාරාන්තික යුද්ධ, මාරාන්තික රෝග නිර්මාණය කරන්නේද අවිද්‍යාසහගත සිත විසින්මය...

    මාරාන්තික යුද්ධ, මාරාන්තික රෝග යනු අහම්බයන් නොවේ..., දේව කෝපයන් නොවේ...හේතුඵල ධර්මයන්ය. මේවා ලෝකය අවිද්‍යාවෙන් දියුණුවන්න දියුණුවන්න, සත්වයා රැස්‌කරන්නාවූ අකුසල් විපාකදීමට සකස්‌වන්නා වූ ලෝකධර්මතාවයන්ය. එහිදී යුද්ධයක්‌ යනු, මාරාන්තික රෝග යනු අතීතයේ ඔබ කළ කර්මවිපාකයන්ගේ කැඩපතක්‌මය. ඔබ ඒ කැඩපත දෙස අවිද්‍යාවෙන් තොරව බැලුවොත් ඔබ දකින්නේ පෙර ආත්මභවවල ඔබ කළ අකුසල්වල ස්‌වභාවයන්ය. දැන් ඔබට වැටහෙනවාද ලෝකය මේ වන විට ගමන් කරන්නේ මොන දිශාවටද කියලා. ඔබ විසින් ඇතිකළ හේතූන්ට විපාකයන් සකස්‌වීමට සුදුසු ස්‌වභාවය දෙසට, පරිසරයක්‌ දෙසට...!!!

    උපුටා ගැනීම - පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත ලිපි ඇතුළත් "අතහැරීම 04" ග්‍රන්ථයෙනි.

    තෙරුවන් සරණයි ..!!!

    උතුම් ධර්ම දානය පිණිස Share කරන්න...
     

    AnuradhaRa

    Well-known member
  • Entropy එක මේකට සම්බන්ධවෙන්නේ කොහොමද? නලීන් සිල්වා වත් මොනවහරි කිව්වද?
    භෞතිවකවත් හැම දේම වෙන්නෙ එක පැත්තකටනෙ. අනිත් පැත්තට වෙන්ඩනං ශක්තියක් යොදවන්ඩ වෙනව
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    භෞතිවකවත් හැම දේම වෙන්නෙ එක පැත්තකටනෙ. අනිත් පැත්තට වෙන්ඩනං ශක්තියක් යොදවන්ඩ වෙනව
    Thermodynamics වල 2වෙනි නියමය වැරදියි කියලා කැම්පස් එකේදිවත් උගන්නනේ නෑ මං හිතන්නේ.
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    mewa hodai ithin wadagena hamuduruwo kiyana detama sadu sadu kiya kiya inna as kan nathi nakiyonta..awidyawa gana surangana katha kiyane nathuwa aththa hyapanko.anun kiyana ewama ahanne rukada wage..matanam ekaagamakinwath wadak na..man hyanne aththa mokakda kiyala..
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    40147098514_045fbe2cb8_o.png
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    mewa hodai ithin wadagena hamuduruwo kiyana detama sadu sadu kiya kiya inna as kan nathi nakiyonta..awidyawa gana surangana katha kiyane nathuwa aththa hyapanko.anun kiyana ewama ahanne rukada wage..matanam ekaagamakinwath wadak na..man hyanne aththa mokakda kiyala..
    uba moko siyalla dathda
    meke kiyala thiyana mokakda waradi dee kiyala kiyapanko apitath danaganna
    jothisya ekak,bauddha darshanaya ekak,deka patalaganna epa
     
    • Like
    Reactions: OrangeHat