ගොඩක් අයගේ බාලි යැමේ ප්‍රධානම අරමුණ තමයි අද කොටසේ මාතෘකාව.බාලිවල මේ කතා කරන්නේ පස්වන කොටස.
ඇත්තටම මේ තමයි ගොඩක් අයට බාලි කියලා බලන්න ඕනේම දේවල් ටික තියෙන තැන.මෙතන තමයි බාලි වල ගියා කියලා ගොඩක් අයට ගන්න හිතන් ඉන්න ගොඩක් ෆොටොස් වල තැන් ටික තියෙන තැන.Denpasar වලින් ගොඩ බැහැලා බාලි දූපතේ ඇවිදින්නෙත් නැතුව ගොඩක් අය දුවන්නේ මෙහෙට.ඇත්තටම මේ Nusa penida දූපත ඒ තරම් හොදද ? හොයලා බලමු අද කොටසින්.
ඔයා අපේ චැනල් එකට අලුත්නම් සහ ඔයා Travelling වලට ආසා කෙනෙක් නම් දැන්ම චැනල් එක Subscribe කරලා තියාගන්න.මේ චැනල් එකෙන් අපි කරන්නේ ලන්කාවේ වගේම ලෝකෙ ලස්සනම ලස්සන තැන් වලට තනියෙන් ගමනක් සැලසුම් කරගන්න කියලා දෙන එක.
Nusa penida දූපත ඉන්දුනීසියාවේ බාලි දූපතට ගිනිකොන දෙසින් පිහිටි Klungkung Regency දිස්ත්‍රික්කයට අයත් දූපතක් වන අතර එයටම අසල්වැසි කුඩා දූපතක් වන nusa lembongan ද ඇතුළත් වේ.Badung සමුද්‍ර සන්ධිය දිවයින සහ බාලි වෙන් කරයි. Nusa penida හි අභ්‍යන්තරය කඳුකරය, උපරිම උන්නතාංශය මීටර් 524 ක් වන අතර වඩාත්ම ජනප්‍රිය වන්නේ දූපත වටා පිහිටි වචනයෙන් කියා නිමකරහැකි සුන්දරත්වයක් සහිත වෙරළ පරිසරයටයි.
ඇත්තටම බාලි වල ඉදන් කිලෝමීටර් 67ක දුරින් තමයි මේ දූපත පිහිටලා තියෙන්නේ. වුනත් මේ දූපතට යන්න වැය වෙන්නේ විනාඩි 40ක් විතරයි.
Sanur කියන්නේ බාලි වලින් Nusa penida වලට යන්න බෝට්ටු පිටත් වෙන ප්‍රධානතම තොටුපල.ඔයාට Nusa penida යන්න ආසාවක් තියෙනවා නම් ඉස්සෙලාම කරන්න ඕනේ Sanur කිට්ටුවෙන් තියෙන තැනක නවාතැන් ගන්න එක.එහෙමත් නැත්නම් තියෙන වෙලාව අනුව Sanur වලින්ම පිටත් වෙන්න බලන් එන එක.
දූපතේ නවතින්න පහසුකම් තියෙනවා.ඒ නිසා දූපතේ රැයක් දෙකක් ගත කරලා ඇවිදලා බලන්න පුලුවන් විදියට චාරිකාව සූදානම් කරගන්න පුලුවන් නම් වටිනවා.කාලය මදි නම් එක්දින චාරිකාවක් උනත් යන්න බැරි කමක් නැ.හැබැයි බොහොම කලබලෙන් තමයි ගොඩක් දේවල් බලන්න වෙන්නේ.
බාලි වල ඉදන් Nusa penida යන තියෙන විදිය තමයි කලින් කීවා වගේම අධිවේගී බෝට්ටු සේවය. Sanur වලින් ටිකට් එක ගන්නත් පුලුවන්.නැත්නම් යන්න කලින් Online ම ටිකට් එක බුක් කරලා අපි නැවතිලා ඉන්න හොටෙල් එකෙන් අපිව අරගන්න කියල එයාලට දැනුම් දෙන්නත් පුලුවන්.ගොඩක් සන්චාරකයන්ගේ අද්දැකීම් අනුව Online ටිකට් ගන්න එකේ සැහෙන මිල වෙනසක් තියෙනවා.ඒ නිසා හැකියාවක් තියෙනවා නම් Online ම ටිකට් ටික අරගන්න බලන්න ඔයාට ගානක් ඉතුරු කරගන්න පුලුවන්.
සාමාන්‍යයෙන් බාලි වල ඉදන් යන්න එක වරකට එක්කෙනෙක්ට අපේ මුදලින් 1800 - 2000ක් අතරේ මුදලක් වැයවෙනවා.ඉතින් ඒ මුදලට යන්න පුලුවන් Online බුක් කරොත් විතරයි.පහල තියෙන ලින්ක් වලින් ඔයාට පහසුවෙන්ම ටිකට් එකක් බුක් කරගන්න පුලුවන්.
https://www.boatbalitogili.com/
https://www.fastboatgili.com/?gclid...6SKAM5iEk1L8KpFQkxOKPAd2em2yz52hoCY0IQAvD_BwE
https://www.klook.com/activity/23020-fast-boat-ticket-sanur-nusa-penida-bali/
https://skypenida.com/
Nusa penida වලට බැස්ස ගමන් කරන්න තියෙන්නේ ඉතින් නවතින්න බලන් ආව හොටෙල් එකට යන එක.නවතින්න තැනක් හොයාගන්න නම් කලින් ලිපි වල සදහන් කරපු විදියට කරාම හරි.ඊලග දේ තමයි දූපතේ ඇවිදලා බලන්න ස්කූටර් එකක් රෙන්ට් එකට ගන්න එක.දූපතේ පොදු ප්‍රවාහන සේවා මොකුත්ම නැ.ඒ වගේම දූපතේ ඇතුලට වෙන්න පාරවල් උනත් එච්චරම හොද තත්වයේ නැ.ඒ නිසා හොදම දේ ස්කූටර් එකක් රෙන්ට් එකට අරන් දූපතේ ඉන්න දවස් ටිකට පාවිච්චි කරන එක.
පහල තියෙන තැන් වලට ගිහින් හරි කෝල් කරලා හරි ලේසියෙන්ම ස්කූටර් එකක් රෙන්ට් එකට ගන්න පුලුවන්.මේ වගේ තැන් ගොඩක් තියෙනවා. Reviews හොදටම තියෙන කීපයක් පහලින් දාන්නම්.මේවගේ Location එක හොයාගන්න ඔය නම Google map search කරානම් හරි.
rental Scooter/car Kertha Yoga
+62 819-9908-1196
abdul scooter
+62 819-3606-4654Rental MotorBike Nusa Penida
+62 878-6098-7238Sun Glory Motorbike Rental
+62 812-4689-9197
දූපතට ආවට පස්සේ නවාතැනත් හරිනම් ස්කූටර් එකත් හරිනම් ඊලගට කරන්න තියෙන්නේ දූපතේ බලන්න තියෙන දේවල් එකින් එක හදුනගෙන පිලිවෙලට බලන්න යන එක.තියෙන වෙලාවත් එක්ක හැම එකම බලන්න බැරිවෙයි.හැබැයි පුලුවන් තරමක් ආවරනය කරන්න.විශේෂම දේ තමයි එක්දින සන්චාර සදහා දවල් කාලයේ ගොඩක් සන්චාරකයෝ දූපතට එනවා.ඒ වෙනකොට දවල්ට රස්නේ සහ පිරිස එක්ක නිදහසේ ෆොටෝ එකක් ගන්නත් ඉඩ ලැබෙනවා අඩුයි.ඒ නිසා දූපතේ නැවතිලා ඉන්න එකේ උපරිම ප්‍රයෝජන ගන්න හැම දවසකටම උදේ පාන්දර 6ටවත් හෝටලයෙන් පිටවෙලා ඇවිදින්න පටන් ගන්න.
පහතින් මම විස්තර කරනවා දූපතේ ඔයා නැරඹිය යුතුම තැන් ටික.පුලුවන් තරමක් බලන්න උත්සහ කරන්න.මේ විස්තරයේ සියළුම ෆොටොස් වල තැන් තියෙන්නේ Nusa penida දූපතේමයි.
Pura Goa Giri Putri ගුහා නැරඹීම
දුපතේ මධ්‍යම තරම්ක් කදුකර ප්‍රදේශයක මැද පිහිටා ඇති ගුහා සන්කීර්ණයකි.ආගමික පූජා වත්වන ස්ථානයක් ලෙස සැලකෙන මෙය නැරඹීමට කෙටි පඩිපෙලක් ඔස්සේ ගොස් තරමක් විශාල ගුහාවකට පිවිසීමට සිදුවේ.මේ තැනට යනවා නම් දිගට ඇදගෙන යන්න මතක තියාගන්න.Atuh Beach
දූපතේ බලන්න තියෙන ලස්සනම බීච් කීපය අතරින් එකක්.මේ වගේ බීච් ගැන විශේෂයෙන් සදහන් කරන්න බලාපොරොත්තුවක් නැ.හේතුව මේවා ගිහින්ම බලන්න ඕනේ තැන්.විස්තර කරන්න අපහසුයි.ඒ නිසා තැන විතරක් මතක තියාගන්න.Peguyangan Waterfall
ලස්සන බෑවුමක් දිගේ යන්න පුලුවන් පාරක් එක්ක තියෙන වෙරල අයිනේම තියෙන කුඩා වතුර පාරකින් හැදුන දිය ඇල්ලක්.දිය ඇල්ලට වඩා ඒකට යන්න තියෙන පාර තමයි ලස්සන.Seganing Falls
ඉතාමත් අපහසු පටු මාර්ගයක් ඔස්සේ පහලට බහින්න තියෙන සැගවිලා තියෙන බීච් එකක් කීවොත් හරි.වැඩිය කට්ටිය යන්නේ නැ.යන්නත් අමාරුයි.ත්‍රාසජනක අද්දැකීම් වලට කැමති ඔයාටම ගැලපෙන තැනක්.Kelingking (‘The T-Rex’ )
මේක තමයි මේ දූපතට එන්න ප්‍රධානම හේතුව.උඩින් බලපුවම T-Rex ඩයිනෝසරයෙකුගේ ඔලුවක් වගේ පේන නිසා මේ වෙරළට T-Rex කියලත් කියනවා. විස්තර කරන්න දෙයක් නැ.අනිවාර්‍යයෙන් නැරඹිය යුතුම තැන.වීව් පොයින්ට්ස් කීපයක්ම තියෙනවා උඩ ඉදන් බලන්න.ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා.හැම එකම ට්‍රයි කරන්න බලන්න.එක එක තැන් වලින් එක එක කෝනෙන් මේ පිහිටීම බලාගන්න පුලුවන්. දෙවනි ප්‍රධානතම වීව් පොයින්ට් එක Kelingking Cliff Lookout .Crystal Bay Beach
දූපතේ බලන්න තියෙන ලස්සනම බීච් කීපය අතරින් එකක්
ToyapakehDivinng කරන්න කැමති අයට ගැලපෙනම තැන.විශාල කොරල් පරයක් වගේම මුහුදයට නටඹුන් ගොඩක් බලන්න පුලුවන් තැනක් විදියට ප්‍රසිද්ධයි.
Broken Beach
තවත් ඔබ නැරඹිය යුතුම තැනක්.Thousand Island (Pulau Seribu) Viewpoint
මේක වීව් පොයින්ට් එකක්.ඒ කියන්නේම ඉතින් ෆොටොස් වලට ගොඩක් ප්‍රසිද්ධ තැනක්.යන්න ගිහිල්ලම බලන්න.Nusa Penida Treehouse (Rumah Pohon)
මේක තමයි බාලි වල ප්‍රසිද්ධ අර ලී ගෙයක් උඩ නැගලා ගන්න ෆොටෝ එක ගන්න තැන.මේකට නම් ෆොටෝ එකක් ගන්න අයකිරීමක් කරනවා. ටිකක් ලොකු ගානක්.හොයාගත්ත විදියට අපේ මුදලින් 2400 ක් වගේ මුදලක් වෙනවා.ඒ වගේම පාර්ක් එකට ඇතුල් වෙන්න 200ක විතර මුදලක් අය කරනවා.Diamond Beach Viewpoint
දූපතේ බලන්න තියෙන ලස්සනම බීච් කීපය අතරින් එකක්
Puncak Mundi
දූපතේ උසම ස්ථානය.Nusa penida දූපත නුසා සෙනින්ගන් සහ නුසා ලෙම්බොංගන් සමඟ සසඳන විට තරමක් විශාලය. එමනිසා ඔබ ඉක්මන් නොවී සියලු වැදගත් කරුණු දැකීමට කැමති නම් රාත්‍රී 2-3 ක් දිවයිනේ ගත කිරීම ගැන සලකා බැලීමට ඔබට අවශ්‍ය විය හැකිය.
සමහර ප්‍රදේශවල පාරවල් හොද තත්වයේ පවතින අතර දිය ඇලි සහ මුහුදු වෙරළවල් බොහොමයකට යන්න පාරවල් අබලන්වේ.. කුඩා පිවිසුම් හෝ වාහන නැවැත්වීමේ ගාස්තුවක් ගෙවන ලෙස ප්‍රදේශවාසීන්යම් කිසි මුදලක් ඉල්ලීමට ඉඩ ඇත.
ඊලග ලිපියෙන් බාලි වල කෑම,NUSA LEMBONGAN දුපත,
LOMBOK දුපත සහ ගිලී දූපත් සමූහය (Gili islands) ගැන තොරතුරු කතා කරමු.
ඊලග කොටසෙන් ඒ කියන්නේ හය වෙනි කොටසෙන් බාලි සවාරිය ඉවර වෙනවා.හත්වන කොටස විදියට බාලි වල ටුවර් ප්ලෑන් එකක් සහ බජට් එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා.

