ලෝක විනාශය කොයි වගේද ?
නිල්වන් ජල ග්රහලෝකය….විශ්ව සැරියේ අඳුරු එහෙත් අතුරින් පතර තරු කැට නිවී දිලෙන, ධවල දුමාරයක් බඳු වූ ක්ෂීර පථයේ හමුවන කුඩා සජීවි නවාතැන් පොළ….එයටම ඈතින් ගිනි ගෙන නලියන යෝධ ගෝලයේ දරු පිරිවරෙන් තුන් වැන්නා…අපූර්ව, විෂම, ගොඩබිම් පන්තියක් තුරුළේ හොවා ගත් මාතාව…
ඇගේ ඇරඹුම වර්ෂ බිලියන 4.5 කට පෙර අධික සක්රීය කාබනික ධූලියෙන්…ගිනි දිය දෝරේ දමන මහා යමහල්….අනතුරුව සක්රීය වායූන් එක්ව තැනූ වායුගෝලය…ජලචක්රය….ඉන් පසු මහ වැසි…අහසේ ගුගුරන අකුණු..නයිට්රජන් ඩයිඔක්සයිඩ් පසට….යෝධ සමූහ සාගර…”පැන්ජියාව” මතු වීම…වෘක්ෂ ලතාවෝ..ඒක සෛලික සරල අසරණ ජීවය…වර්ධනය…මහාද්වීප තල දෙදරා වෙන්වීම….වැල්ලේ තැබූ යෝධ පිය සටහන්…ලොවක් හෙල්ලූ සද්දන්ත දේහ ධාරීහු….මැකීයාම…කිරි බී වැඩෙන්නෝ….අවසන් අධිපතීන්ගේ මී මුත්තන් ගසෙන් බැසීම….
හට ගැන්ම ගැන ඔබ සැම දන්නා කථා වස්තුව එපරිද්දෙනි…එහෙත් නැසීමේ ස්වභාවය කෙබඳුද?…මේ පිළිබඳව ලොව විවිධ සංස්කෘතීන්, දර්ශණ වාද, ආගම්, විද්යාදත්මක පරීක්ෂණ, කරන ලද පුරෝකථනයන් අප්රබමාණය….
එනමුත් මේ නොදන්නා, නොපෙනෙන අනාගතය ගැන ආගමික ශාස්තෘන් පැවැසූ දෙය ඉහත දර්ශණ වාදී පසෙහි කොටසක් ලෙස කඩා ඔබ හමුවේ ගෙන හැර දක්වමි. ඉන් සමහරක සටහන් වනුයේ මිහිමත ඇතිවන බිහිසුණු විනාශයන් වැලක් මතුයෙහි තමන් වහන්සේ ගේ පුනරාගමනයෙන් සියල්ල අවසාන වන බවයි…
උදා:
ජෙරුසලම බහුවිධ ජාතීන්ට අයත් හමුදාවන් විසින් අවරෝධනය කරනු ලැබූ දිනෙක ඇතිවන “ආමගෙඩෝන්” (Armageddon) මහ සටනේ යහපතට ජය ගෙනෙන්නට ජේසු සමිඳාණෝ කරන පුනරාගමනයෙන් ලෝකාවසානයද, ඉක්බිති විනිශ්චයද ඇරඹෙති…(Apocalypse, the book of revelation)…
හින්දු දහමේ භගවත් ගීතාවෙහි 8:17 අනුව “නපුර, අධර්මය ලොව රජය කල්හී ශ්රී විෂ්ණුගේ දශ වැනි අවතාරය වන “කල්කී” (Kalki) අවතාරය කලියුගයේ කෙළවර උල්කාවක් සේ දිලිසෙන අසිපතක් දරා ධවල අශ්වයෙකු පිට නැග අයෝධ්යාක නුවර දොරටුවෙහි දිස්ව, නපුර වනසා, කල්පය නිමා කොට, යහපත රජයන ලොවක් යළි නිර්මාණය කරනු ඇත”….
මේ සියලු පෙරැයීම් වල හා භෞතික ගතිකයන්ගේ හෙවත් එදිනෙදා මිනිසා ඇතුළු ජීවීන්ට විඳින්නට ලැබෙන ලෝක ධාතුවෙහි යම් කිසි නොගැලපීමක් ඇති බව අමුතුවෙන් කිවයුතු නැතැයි සිතමි..
එහෙත් අප ඒ ආගමික මතවාද හුදු මුසාවන් සහ අසත්යපයන් ලෙස සළකා ඒවාට නින්දා, අපහාස කරන්නට පෙළැඹිය යුතු නැත… ලෝකයම එක පවුළක ලෙස සිට මරණයට මුහුණ දිය යුතු මොහොතක් සමීපයෙහිම පැමිණෙතොත්, එදාට අප මහත් අවිදග්ධ ලෙස කල කිසිදු වාද විවාදයක ඵලක් නොමැති බව මිනිසුන්ට වැටහී යනු ඇත…
එබඳු දිනයක් නුදුරේදීම එනවාද? එය කල්ප විනාශයද? කල්ප විනාශය සම්මා සම්බුදු ඇසින් කෙබඳුද?….
මෙම ලිපියේ අරමුණ වන්නේ බුදු ඇස සහ විදු ඇස දකින “ගෝලීය ඝාතක” අන්තරායන් (Global Killers) ගැන විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමයි..ඉහත කී ආගමික ලෝකාවසාන මතවාද තිබේවා, සම්මා සම්බුදු ඇසින් දුටු කල්ප විනාශය කෙතරම් විද්යාමනුකූලදැයි දන්නේ නම් ඔබේ රෝම කූප කෙළින් සිටුවීමට එයම ප්රමාණවත්ය….
…වයධම්මා….
“හට ගැන්ම ස්වභාවය කොට ඇත්තක් වේද..ඒ නැසීම ස්වභාවය කොට ඇත්තේය…”