බොහෝ මසුරු මිනිසෙක් දවසක් වෙනත් පෙදෙසක වෙසෙනා තම නෑයින් බැලීමට සිතා මහ රෑම පයින් පිටත් විය. මෙසේ ඔහු පයින්ම ගමන යෑමට පිටත් වූයේ තම බිරිඳ සමග වාහනයකින් ගියහොත් මුදල් වැයවන නිසාය.
ගමනින් අඩක් ගෙවා අවසාන වනවිට තමා නිවසින් බැහැරව එද්දී තමන්ගේ කාමරයේ පහන පත්තුකර පැමිණි බව ඔහුට සිහිපත් විය.
"අපරාදේ තෙල් ටික පිච්චිලා නාස්තිවෙලා යනවා..." යි සිතූ ඔහු ගමන නතරකර ආපසු නිවස වෙත පැමිණ බිරිඳට කතා කළේය.
"මේ හාමිනේ, මගේ කාමරේ ලාම්පුව පත්තු වෙනවා. ඔය තෙල් ටික නාස්තිවෙන්න ඉස්සෙල්ලා ඕක නිවා දමාපන්" යි කෑගසා කීවේය. නින්දෙන් පිබිදුණ බිරිඳ දොර විවෘත කිරීමට පැමිණෙන බව ඔහුට වැටහුනි.
"නෑ නෑ දොර අරින්න ඕනේ නෑ. හැම තිස්සෙම දොර අරින්න වහන්න ගියාම යතුරු තහඩු ගෙවිලා යනවා. ඉක්මනට ගිහින් ලාම්පුව නිවහන්".
"අනේ අනේ තමුසේ වගේ මිනිහෙක්. තමුසේ ඔය විදිහට එහෙටයි මෙහෙටයි ගියාම සපත්තු 2 ගෙවිලා නාස්තිවෙලා යනවා නේද?" නිවස ඇතුලේ සිට බිරිඳ පැවසුවාය.
"හහ්.. හහ්.. හා.. තමුසේ හිතුවද මම එච්චර මෝඩයෙක් කියලා. මම ආපහු එද්දී සපත්තු දෙක ගලෝගෙන අතේ ගෙනාවේ..." ඔහු ජයග්රාහී ලෙස පිළිතුරු දුන්නේය..

meya rana liyana blog pituwen uputagath lipiyaki