වංගෙඩි ගලෙන් - ආදරකන්දට

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    වංගෙඩි ගලෙන් - ආදරකන්දට


    කොරෝනා අස්සේ කාමරෙන් මිදුලටත් මිදුලෙන් කාමරේටත් ඇවිද ඇවිද ඉද්දි නිකන්ම මතකෙට එන්නෙ කොහේ හරි ලස්සන බලලා. ස්භාවධර්මය එක්ක නිදහසේ පුංචි කුරුල්ලෙක් වගේ සැරිසරපු මතක.... :( :(

    ඒ අස්සේ පරණ ට්‍රැවල් පොටෝ අවුස්සගෙන යන කොට ආසම කරපු ගමනක මතකයන් අකුරු කරන්න හිතුනා:yes::yes:

    ට්‍රැවල් කරන නොකරන හැමෝම දන්න තැනක් තමා වංගෙඩිගල.. ඇත්තටම කියනවා නම් දැන් වංගෙඩිගල දූශනය වෙලා ඉවරයි(සමහරවිට මට හිතෙනවා කොරෝනා නිසා එක හොදක් වෙනවා කියලා. ඒ දූශනය වෙච්ච පරිසර පද්ධති ක්‍රම ක්‍රමයෙන් යතාවත්වෙනවා. ඒ වගේම සතා සීපාවා ට නිදහසේ හැසිරෙන්න ඉඩ ලැබෙනවා කියලා)

    මේ මතකය නම් වසර ගානක් පිටිපස්සට යන එකක්
    කාලෙක ඉදන් හිතේ තිබුන අදහසක් ප්ලෑන් එකක් මායි තව කිහිපදෙනෙකුයි එක්ක පටන් ගත්තේ.
    වංගෙඩිගල (1800m) , වංගෙඩිකන්ද, බලතුඩුව (2012m ) , ගොම්මෝලිය(2034m) , ආදර කන්ද (පරවියන් ගල) (1540m) ... ඔක්කොම එක දිගට...
    ගොඩක් අය මේක කවර් කරන්නේ කොටස් දෙකකට ආදර කන්ද එකක් වන්ගෙඩිකන්ද ඔය සෙට් එක එකක් විදියට. ඒත් අපේ දුවන ඉත්තෑවා නිසා මේ ඔක්කොම එක පාරින් කවර් කරන්න තමා සැලසුම ගැහුවේ....

    කලුපහනින් පටන් අරන් හෙමින් හෙමින් වංගෙඩිගල මුදුනට ලගා වෙද්දි දකුනු පැත්තෙන් බඹරකන්ද දිය ඇල්ල, ලංකා ඇල්ල, ඒවගේම යකාගේ පඩිපෙළ ලස්සනට පේන්න ගත්තා. වංගෙඩිගල වීව් පොයින් එකේ මේ ඔක්කොම අමුතුම ලස්සනක් මැව්වා. වැසි සමයක ගිය නිසා ලස්සන තවත් වැඩී. ඒ වගේම එකපාරටම වහ ගන්න මීදුමකුත් බාලා තිබ්බේ සිත්තරෙක්ගේ චිත්‍රයක් වගේ. අමුතුම ලස්සනක්.... :yes::yes:

    ඒ ලස්සන විදිමින් පොඩි විවේකයක් අරගෙන වතුර බෝතල් එහම පුරවගත්තේ ආයේ මුලු ගමනටම (පඹහින්නට යනකන්ම) වතුරපාරක් හම්බෙන්න නැති නිසා... :shocked:

    වන්ගෙඩිගලෙන් සමු අරන් ඉස්සරහින් පේන ඉලක්ක තුන බලා වංගෙඩිකන්ද හරහා යන්න පිටත් උනේ පොඩී හීන් පොදයකුත්එක්ක. වංගෙඩි කන්ද මුදුනේත් වීව් එක සුපිරි. නකල්ස් 5පීක් ගියපු එක්කෙනෙක් ට නම් 5 වෙනි පීක් එකේ වීව් එක මතක්කරවනවා :love:
    වංගෙඩි කන්ද නම් රූස්ස ගස් නැති ඕපන් ඒරියා එකක් උනාට මෙතනින් එහාට නම් රූස්ස කැලේ ..... :love::P

    හෙමින් හෙමින් ලස්සන බලබලා බලතුඩුවටම යන්න තමා අපේ ප්ලෑන් එක තිබ්බේ.
    බලතුඩුව පාමුලට එනකොට හවස 3.30-4 වගේ ඇති. ඇත්තටම කියනවා නම් ලෙසි පහසු ගමනක් නම් නෙවේ. සෑහෙන්න බරකුත් එල්ලගෙන. ඒ මදිවට වැස්ස නිසා ලිස්සනවාත් එක්ක . කොහොම හරි ටෙන්ට් ටික ගහලා බෑග් ටික දාලා තේ කක්වත් බොන්නෙ නැතුව ටක් ගාලා උඩට දිව්වේ ලස්සන බලන්න. :D

    බලතුඩුව 360* වීව් එකක් තියෙන සිරාම තැනක් :love::love:
    ගොම්මෝලිය ,ලෝකාන්තය ඒරියා , නග්‍ රැක්, හාවා ගල ,බබරකන්ද, හල්දුම්මල , ඉදල්ගස්හින්න , බෙරගල,සමනල වැව, ආදරකන්ද, මේ සෙට් එකම වටේට ලස්සනටම පේනවා. :yes::yes:

    හූවක් තිබ්බම ආයේ කදුවල වැදිලා ආපහු එන දෝංකාරය, ඒ වගේම මීදුමෙන් වැහෙන්න ගත්තම ලස්සන. :love: අපි නිකන් දිව්‍යලෝකේගියා වගේ. කොච්චර මහන්සිය තිබ්බත් මෙතන කලුවර වැටෙනකන්ම අපිට වෙලාව යනවා තේරුනේ නැත්තේ ඒ තරම් ලස්සනක්තිබ්බ නිසා. :):)

    උදේ..... මෙතෙක් මගේ ජීවිතේ කන්දක් උඩ දැක්ක ලස්සනම sun rise එක දැක්කේ එදා. :love: බලතුඩුව ගිය අය ඉන්නවා නම් ඒක නෑ කියන්නේ නැතුව ඇති. දිව්‍යලෝකේ පරාදයි. (පිංතූර බලලාම කියන්නකෝ).

    ඊලග නැවතුම ගොම්මෝලිය..:rofl:
    බලතුඩුව ඉදන් වැඩි දුරකුත් නැති නිසා බෑග් ටෙන්ට් ඔක්කොම එහෙම්ම්ම තියලා ගොම්මෝලියට පිටත් උනෙ 1km විතර තිබ්බත්පාර පොඩ්ඩක් පැහැදිලිව නම් නෑ.බලතුඩුවෙන් බැහලා ගොම්මෝලිය තරනය කරද්දි දිවියාගේ වසුරු වගේම ගස්වල නියපාරවල්එහමත්:confused: දකින්න ලැබුනා.

    ගොම්මෝලියේදී 270* ක පමණ වීව් එකක් තමා බලන්න පුලුවන්, විශේශත්වය කියන්නේ මෙතනට බලතුඩුව පීක් එක පෙන්නේ නෑ. හරියටම ලෝකාන්තේ ඉස්සරහා. ලෝකාන්තෙ ඉදන් කෑ ගහනවා උනත් මෙතනට ඇහෙනවා. නග්‍රැක් බන්ගලාව, නන්පේරියල් estate එකත් , තේ ෆැක්ට්‍රිය හොදට පේනවා...:rolleyes:

    ගොම්මෝලිය බලතුඩුව වෙලාවක් ගත කරලා ආයේ ආපහු ආවේ කෑම්ප් කරපු තැන ඉදලා 300m වගේ එද්දි දකුණ ට තියෙන පාරඔස්සේ රෑ වෙන්න කලින් ආදර කන්දෙන් බහින්න... මේ ටික නම් රූස්ස කැලේ අස්සෙන් උනාට දැඩි බෑවුම් සහිත area පහුකරන්නඋනා. මඩේ ලිස්ස ලිස්ස ගිය අවස්ථා නැතුවමත් නෙවේ ඉතින්.
    කලින්දවසේ මල්ලිලා සෙට් එකක් ආදරකන්දෙන් බලතුඩුවට ආපු නිසා මාර්ගය ටිකක් පේන්න තිබ්බා. Gps track එකත් බලාගෙනහෙමින් හෙමින්
    මුලු ආදරකන්ද රේන්ජ් එකම කවර් කරලා ආදර කන්දට ආවා. කැලේ මැදින් නිසා හිරු රශ්මියේ නම් ලොකු අවුලක් උනේ නෑ.

    ආදර කන්ද මුදුනට හාවාගල බලංගොඩ නගරය සබරගමුව විශ්ව විද්‍යාලය සමනල වැව වගේ ගොඩක් දේවල් හරි ලස්සනටදැකගන්න පුලුවන්

    මෙතන ඉදන් තිබ්බෙ ටිකක් රළු බෑවුමක් වගේම විවුර්ත තන බිම... බොරලු සහිත පාරේ මම හොදම කරනමකුත් ගැහුවා. (පොඩ්ඩ ක් මිස් උනා නම් අද උබලට මේක ලියන්න මං නෑ :(:(:( )
    අන්තිම හරියට එද්දි මහා වරුශාවක් සෙට් උනා. ඇත්තටම ඒක ලස්සන මවන්න තවත් දායාදයක්ද කියලා හිතුනේ. පයිනස් අතුඅස්සෙන් වතුර වැටෙනවා අමුතුම ලස්සන මැව්ව නිසා. වැස්සෙන් නාගෙනම ගමට එද්දි 3 විතර පඹහින්නට සේන්දු උනේ.

    දවස් 2 ක 30 km විතර ලස්සනම අත්දැකීම් සෙට් එකක් ජීවිතේට එකතු කරගෙන....ං

    සැයු: ආදරකන්ද නොහොත් පරවියන්ගල තරණය කිරීම මේ වන විට සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, කොහොම කලත් ගමහරහා යායුතු අතර ගම්වාසින් විසින් පොලීසියට අල්ලා දෙනු ලබයි.




    MAP-1024x514.png

    Trail Map

    IMG-3624.jpg

    දිගු ගමනක ඇරඹුම ...

    IMG-3642.jpg

    ඈතින් පේන බඹරකන්ද ...

    IMG-3665.jpg

    in to the mist -වංගෙඩිගල අතරමග

    IMG-3701.jpg


    IMG-3705.jpg

    ලංකා ඇල්ල , මග විසිතුරු

    IMG-3724.jpg


    IMG-3738.jpg


    IMG-3741.jpg

    මග විසිතුරු

    IMG-3745.jpg

    මීදුමෙන් වැසුන බලතුඩුව

    IMG-3775-EFFECTS-EFFECTS.jpg


    IMG-3789.jpg

    ඉර සේවය :love:

    IMG-3817.jpg


    IMG-3889.jpg


    IMG-3898-EFFECTS.jpg

    ගොම්මොලියේ සිට

    IMG-3946.jpg

    ආදර කන්ද බලා

    IMG-3993-PANO.jpg

    ආදර කන්දේ සිට (වස්සානයක ඇරඹුමක් )

    IMG-4004.jpg


    E53-FF5-C5-1-A84-4-DF0-B5-DB-154-D6-C437-BFD.jpg

    ගමනක අවසානය ..



    හොදයි වගේ නම් රේප් ටිකක් දාගෙනම යන් :love:
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    පට්ට ලස්සනයිනේ.රෙප් දෙන්න බෑලු.පස්සේ දෙන්නම්.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    සැයු: ආදරකන්ද නොහොත් පරවියන්ගල තරණය කිරීම මේ වන විට සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, කොහොම කලත් ගමහරහා යායුතු අතර ගම්වාසින් විසින් පොලීසියට අල්ලා දෙනු ලබයි.
    why is it forbidden now ?:confused::confused:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    why is it forbidden now ?:confused::confused:

    අපේ උන්දලාගේම වැඩ තමා , පරවියන්ගල උද තිබ්බ ගමට වතුර දෙන මූලාශ්‍රය කඩලා , අවට අපිරිසිදු කරපු නිසා:(:(