වටපිට නිශ්ශබ්ද කරන මියුසෝ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වටපිට නිශ්ශබ්ද කරන මියුසෝ

    1-4-701x526.jpg



    මනස එක්තැන් කරගෙන වැඩක් කරද්දී වටපිටාවේ ඝෝෂාකාරී බව මහත් කරදරයක්. ඒ වගේම ගම්බද කෙනෙක්ට නගරබද මාර්ගයක ආසන්න නිවසක කාලය ගත කරන්නට සිදුවුණොත් නිදා ගැනීමට පවා ඉන් බාධා ඇති වන්නට පුළුවන්. මේ බාහිර ශබ්ද වලින් මිදෙන්නට අපි හෙඩ්සෙට්වලට පුරුදුව සිටියත් දිනය මුළුල්ලේම ඒවා භාවිත කරන්නට බැහැ. විශේෂයෙන් ඒවා දාගෙන නිදාගන්න බැහැ. ඒ නිසා මේ මියුසෝ උපකරණය ජනේලයේ හෝ බිත්ති මතුපිට සවිකර සක්‍රීය කිරීමෙන් ඔබට එම තලයෙන් එපිට සිට පැමිණෙන සියළු ශබ්ද නවතාලන්නට හැකියාව ලැබෙනවා. මෙමඟින් සිදුවන්නේ එම බාහිරින් පැමිණෙන ශබ්ද හඳුනාගෙන ඒවාට ප්‍රතිවිරුද්ධ ශබ්ද ප්‍රතිජනනය කිරීමයි. එමඟින් ශබ්දයට-ශබ්දය කැපී ගොස් අපට නිශ්ශබ්ද කලාපයක් ගොඩ නැගෙනවා. ඔබ අවන්හලකට ගොස් පෙම්වතිය හා කරන උකුළු මුකුළු පිට අයට ඇසෙනවාට අකමැති නම් මියුසෝ එක මේසය උඩින් තැබුවාම ඕනෑම රහස් සාකච්ඡාවක් කරන්නට පසුබිම සැකසෙනවා.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට මැවිලා පේනවා වේව් එකක් මේම මේම එනවා ඇවිල්ලා මේකේ වේව් එකේ හැප්පෙනව... ආවා ගියා