වත්ත ක්ලීන් කරද්දි හමුවුණු දෙවනි අහිංසකයා-කබර රදනකයා

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    මේ පලවෙනි එකා

    වත්ත ක්ලීන් කරද්දී පොඩි පොඩි අහිංසකයෝ ටිකක් සෙට් වුනා මේ දෙවනි එකා

    කබර රදනකයා (නිර්විෂ)
    Shaw’s Wolf Snake
    Lycodon striatus, 1955





    පුල්ලිදත්කැටියෝ වගේ නෙමේ.. මෙයාලා පොඩ්ඩක් හපන්න ට්‍රයි කරනවා.. අපි සාමාන්‍යයෙන් නිර්විෂ රදනකයෝ උග්‍රවිෂ කරවලුන්ගෙන් වෙන් කරගන්න තියන ප්‍රධාන ලක්ෂණයක් තමා හිස කදෙන් වෙන්වී තිබෙන පැහැදිලි ගෙල.. ඒත් මේ අයියලාගෙ අනිත් රදනකයන්ට සාපෙක්ෂව පැහැදිලි ගෙලක් නෑ..


    අපට ආවේණික උප විශෙශ්ෂයක් වන මෙයාලා තෙත් කලාපයේ තමා ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙ.. කලබල වූ විට ගුලි ගැසීම,හිස සගවා ගැනීම,ශරීරය පැතලි කිරීම පෙන්වයි.. ඒ වගේම මේ අයියලාට ටිකක් හයියෙන් යන්න පුලුවන්..

    පුංචි එවුන් සෙන්ටිමීටර 10-15 වගේ වන අතර ලොකු අයියලා සෙන්ටිමීටර 25-45 අතර වේ.. හිස pear-shaped එකක් දක්නට ලැබෙන අතර පෘෂ්ඨීයව පැතලි වේ.. යටි හනුවට වඩා දිගින් වැඩි පලල් හොම්බක් ඇත... පෘශ්ඨීයව කලු හෝ දුඹුරු වන අතර දේහයේ හරහට සුදු පටි 11-18 වගේ ඇත.. ශරීරයේ අපර කොටසේ මෙම පටි වඩාත් පුලුල්ව විසිරී ඇත.. තනි කලු ඇස් දෙකකි..

    ගල් ගොඩවල් කුනු ගොඩවල් ගෙවල් ආශ්‍රිතව දක්නට ලැබෙන අතර මොවුන් නිශාචර සතුන් වේ..ප්‍රධාන ආහාරය හූනන් වේ..වරකට බිත්තර 2-4 පමන දමයි..



    DS
     
    Last edited:

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    හුනෝ කන නිසා මේකෙක් ගෙට දාගත්තට කමක් නෑ
    හූනෝ හිකනැල්ලු පොඩි පොඩි උරගයන්ගෙ බිත්තර කනවා.. ඔකුන් හපනවා බය උනාම.. පොඩි නිදිකුම්බා කටුවක් ඇනුනා වගේ ඒ වෙලේ පොඩ්ඩක් රිදෙනවා
     
    • Like
    • Wow
    Reactions: kinkon and NRTG