වතුර බිලත් ඉහලට - ආශ්චර්ය

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    වතුර බිලත් ඉහලට - ආශ්චර්ය

    ජල බිලත් ඉහළට
    z_p-37-Solution-2.jpg

    රටේ දැනට පවතින දැඩි වැසි රහිත කාලගුණ තත්වය හේතුවෙන් ජලය සැපයීමේ දුෂ්කරතා පැන නැගී ඇතැයි ජල කලමනාකරණ සහ ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.මේ වන විට ගංගා ආශ්‍රිත ජල මට්ටම සීග්‍රයෙන් පහල බැස ඇති අතර ජල පිරිපහදු මධ්‍යස්ථාන සඳහා ජලය රැස් කරන ස්ථානවල ජලමට්ටම පහල යෑම හේතුවෙන් මුහුදු කරදිය ජලය ගංගා ජලයට මිශ්‍රවීමේ අවදානමක්ද මතුවී ඇතැයි මණ්ඩලය පවසයි.මේ හේතුවෙන් අපතේ යන සහ නාස්ති කරන ජලය අවම කිරීමටත් වෙනත් ප්‍රවාහන ක්‍රම මගින් ජල පිරිපහදු මද්‍යස්ථාන සඳහා ජලය ගෙන ඒමට සිදු වීමත් හේතුවෙන් යන වියදම අවම කර ගැනීම සඳහා මුල් ජල ඒකක 50 සඳහ මිල 15%කින් වැඩි කිරීමටත් ඒකක 50 සිට ඒකක 120 දක්වා 22% කින්ද ඒකක 120ට වැඩිවන සෑම ජල ඒකක ප්‍රමාණයට 35% ක මිල වැඩි කිරීමක්ද සිදු කල බවත් මණ්ඩලය ප්‍රකාශ කර සිටී.මෙම සියලු මිල වැඩිකිරීම් අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන බවත් මෙතෙක් බිල් නොගෙවමින් මණ්ඩලය වෙත ලැබිය යුතු මුදල් පැහැර හැරි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කරන බවත් මණ්ඩලය දන්වා සිටී.
    මහේෂ් ගොඩමුන්න.(ලක්බීම)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අවුරුදු තෑගී දෙනව කස්ටියට මෙදා පොටේ මදි නොකියන්න..ඔය ඔක්කොම කරල ලැජ්ජ නැතුව අලුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩේකුත් එවයි අපේ ෆෝන් වලට :lol: