ඔහොම උනාම බෝර්ඩ් එකෙන් පහුගිය බිල් බලලා ඇස්තිමේන්තු බිලක් දෙනවා.
වතුර බිලේ ඇති දින 30 සාමාන්‍ය ජල පරිභෝජනය කියලා. එකේ ඇති යුනිට් 20 ක්ද කියක්ද කියලා.
රීඩර් යුනිට් 1 යි කියලා දාලා බිල දීලා තියෙනවා නං එයා දන්නේ නැතිව ඇති මීටර් එක කැඩිලා කියලා. කැඩිලා කියලා දන්නවා නං ගොඩක් දුරට ආසන්න මාස වල බිල වගේම එකක් තමයි දෙන්නේ.
ලබන මාසේ ආවම එය දැනගනියි එහෙනං මීටරේ වැඩ නැහැ කියලා. එතකොට ඇස්තිමේන්තු මාසික බිලක් දීලා මීටරේ මාරූ කරන්න බෝර්ඩ් දෙකට දැනුම් දෙයි. සමහර විට මාස දෙක තුනක් යයි මීටරේ මාරු කරන්න. එත් බෝර්ඩ් එකටවත්, උබට වත් ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. ඒ ටිකේම ඇස්තිමේන්තු බිලක් දෙන නිසා.
මේ මාසේ නං ආයේ ගානක් එකතු කරන එකක් නැහැ කියලා මම හිතන්නේ උබේ බිලට.