වන්සක්කාර නිලමෙලාට

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    =======පදු මිනිස්සු========

    පදු එහෙමත් නැතිනම් බත්ගම කීවාම ඒ අදාල කුළයට අයිති අය ලැජ්ජා වෙනවා මම පුංචි අවදියේ සිට දැක තිබෙනවා සමහරු ඒ අයට බැන්නේ ඕකුන් ඉර හැරෙනකොට වෙනස් වෙනවා කියලයි ( ඉරේ කතාවට අදාල කතාව ඉස්සරහට මේක කියවනකොට ඔබට දැනේවි )

    කවුද මේ පදු මිනිස්සු ඇයි එයාලාව කුළ දූරාවලියේ පහලටම දැම්මේ ..?
    සමාජයෙන් නෙරපලාම දාන්න ඒ ජනකොටස කල වරද කුමක්ද..?

    පහලම කුළයක් කියලා සමාජගතකරන්නට ඔවුන් කල වරදක් නැත , කලා නම් කලේ ඔවුන් මෙ රටට සේවයක් කල එක පමණකි,

    එනම් අනුරාධපුර යුගයටත් එහා ගිය ඉතිහාසයක් තිබෙන එසේ නැතිනම් ලංකාවේ දිගු ඉතිහාසයකට නෑකම් කියන ප්‍රාග් මානවයා හා සම්බන්ධතාවයක් පවතින කුලයකි
    අනුරාධපුර යුගයේදී මොවුන් බලත්ත කුලිකයන් වශයෙන් හදුන්වා ඇති අතර එය එකල පැවති උසස්ම කුලයක් වන බවත් සමාජ මතයක් පවතී එනිසාවෙන් මෙම කුළය අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ සතර දොරටු බාරව කටයුතු කල කුළයයි,

    අතීතයේ සිදුවූ මහා නිර්ම‍ාණයන් සියල්ලක්ම මොවුන්ගේ නිර්මාණාත්මක මනසින් සහ දෑතින් නිමවූ බව සැබෑවකි ,

    හෙළ වෙදකමේ සූරයන්ද මොවුන්වන අතර පුලස්ති රිසිවරයාගෙන් පැවත එන හෙළ වෙදකම තවමත් එලෙසම මොවුන් අත පවතින බවට සහතිකය

    අතීතයේ මහා වාරි කර්මාන්ත දාගැබ් ශෛලමය නිර්මාන සියල්ල මෙම ජනතාව අතින් නිම වී ඇති නමුත් එම ඉතිහාසය අදටද වසන්කර ඇත එසේ කර මෙම ජන කොටස පහලටද ඇද දමා ඇත...

    වර්තමානයේ ඉඩම් හිඟය, විරැකියාව සහ ප්‍රචණ්ඩකාරී ප්‍රවණතා වලට වඩාත්ම ලක් වූ කුලය මෙම කුලයයි

    දුකට කරුණක් නම් මෙම කුලයට අයත් අය පසුකාලීනව ඇතිවූ සමාජ අතීත රාජ්‍ය ජීවිත හානි සහිත බලපෑම් නිසාවෙන් ඔවුන්ගේ සැබෑම වාසගම්ද ඉවත්කරගනිමින් හුදකලා වන්නට විය අද මෙම ජනකොටස තමන් කවුරුන්ද කියා නොදනී එහෙත් අතීතයේ ඇතිවූ පදු නාමය නිසාවෙන් ඔවුන් තමන්ගේ කුළය වසකරමින් සිටී

    ඇත්තටම ඔවුනට මෙසේ සිදුවූයේ ඇයි කියා ඔබ දන්නවාද..?

    ඔවුන් කල වරද නම් ඔවුන් තමයි තවමත් ජීවමානව සිටින යක්ෂ ගෝත්‍රයට නෑකම් කියන එකම පිරිස

    හරිම විදියට කීවොත් සමාජය පද්දා කියමින් පහලට ඇද දැමූ ජන කොටස ශ්‍රී රාවනා රජුගෙන් පැවත එන යක්ෂ ගෝත්‍රික ජනයා සරලවම කියනවා නම් මොවුන් තමයි මහා රාවනා රජවරුන්ගෙන් පැවත එන පිරිසිදු සිව් හෙළ ජන කොටස....

    මහනුවර යුගයේ ඇතිවූ මහා කුල පෙරලියෙන් පසු පහත් කුලයක් බවට මෙම කුලය පත්කර ඇත.

    දැනට පවතින කුල දූරාවලියේ පහලින්ම පෙන්නුම් කරත් අතීතයේ රට පාලනය කල ඇමතිවරු,දක්ෂ ඉන්ජිනේරු වරු,සේනාපතිවරු මෙම කුලයට අයත් හෙළයන් වෙයි,

    එහෙත් මෙම පරපුර ඉතිහාසයේ පාවාදෙන්නන් සහ බලවතු අතින් පීඩා විද අදටත් පහලට ඇද දැමූ කුළයයි මොවුන් මේ හෙළයට කල සේවාව, මහා රාවණා දුෂ්ඨයෙක් කල සේම ඔවුනද පහලට ඇද දමා ඉතිහාසය වසන් කර ඇත...

    එසේනම් අප වටහාගත යුතු කරුණ නම් රාවණා නාමයද සගවා තැබීමට අතීතයේ සිටම උත්සාහ ගත් බවයි,.

    මේම ලිපිය කියවා ඇවිස්සෙන මහා කුළවතුන් එන්නට පුළුවන
    නිළමේලාට හාමුලාට රිදෙන්නටද පුළුවන ඔවුනට මෙසේ කියමි අප සිංහළ මිස සිංහල නෙවෙති ඒවාගේම අප විජයගේ මහාවංශය කියවාගත් අදහන හෙළයන් නොවන්නේය අප මහා රාවණා රජුගෙන පැවතෙන යක්ෂ, රාක්ෂ, දේව සහ නාග යන ගෝත්‍රයන්ට නෑකම් කියන හෙළයන් කොටසකි

    FB_IMG_1661068137643.jpg
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මිනිස්සු බන් ඔක්කොම.. පද්දන්ගේත් ඉන්නවා තැනක හැසිරෙන්න දන්නේ නැති, කාලකන්නි කොටසක් ඒ වගේම ගොවිගමේත් එහෙමයි. ඒ දේවල්නම් මිනිස්සුන්ගේ විඥානය එක්ක එන ගැටළු. ඔය රාවනා කතානම් බයිලා. නොපෙනෙන, නොදන්නා දෙකින් හරි අපිත් පොරවල් වෙලා හිටියනේ කියල හිත හදාගන්න තමි ඉතින් රාවනා කතාව වැදගත්..
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මම දෑකල තියන දෙයක් තමා පදු මිනිස්සු ලස්සනයි.. ගොඩක් වෙලාවට ලස්සන කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ගත්තොත් බොහෝ විට පදු. ලංකවේ පද්දන්ට හොද චන්ද පදනමක් තියනවා. ගොඩක් පැතිවල දෙශපාලන පක්ශයෙන් තොරව, පද්දෙක් ඉල්ලුවොත් අනිත් පද්දෝ ටික චන්දේ දෙනවා.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,284
    26,769
    113
    Kandy
    මම දෑකල තියන දෙයක් තමා පදු මිනිස්සු ලස්සනයි.. ගොඩක් වෙලාවට ලස්සන කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ගත්තොත් බොහෝ විට පදු. ලංකවේ පද්දන්ට හොද චන්ද පදනමක් තියනවා. ගොඩක් පැතිවල දෙශපාලන පක්ශයෙන් තොරව, පද්දෙක් ඉල්ලුවොත් අනිත් පද්දෝ ටික චන්දේ දෙනවා.
    යෙස්
     
    • Like
    Reactions: Solo Rider