වප් පොහොයේ වැදගත්කම!

Apr 26, 2008
10,015
355
0
38
~ In your bathroom ~
වප් පොහොයේ වැදගත්කම!

වප් පොහොයේ වැදගත්කම!

buddhasarnath3.jpg


නමෝ තස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස

"කඨිනස්‌ස අත්ථාරමාසො ජානිතබ්බොති, වස්‌සානස්‌ස පච්ජිමො, මාසො ජානිතම්බො" වස්‌සාන සෘතුවේ අවසාන මාසය කඨිනත්ථාර කාලය වශයෙන් දැන ගත යුතු යෑයි විනය පිටකයේ පරිවාර පාලියෙහි දේශනා කොට ඇත. වස්‌ සාර මාසයේ අන්තිම මාසය වප් පුර පසළොස්‌වක පොහොයෙන් ආරම්භ වන්නේ චීවර මාසය ලෙසය, ඇසළ පුර පසළොස්‌වක පොහෝ දිනයෙන් එළැඹෙන වස්‌ කාලය ආරම්භවත්ම උපාසක උපාසිකාවන් විහාරස්‌ථානවලට පැමිණ උපසපන් භික්‍ෂූන්ට වස්‌ එළැඹීමට ආරාධනා කොට තෙමසක්‌ ඉක්‌මගිය පසු එළැඹෙන වප් පුර පසළොස්‌වක පොහෝ දිනයෙන් ආරම්භ වන මාසය තුළ ආරාධනා ලැබ වස්‌ විසූ භික්‍ෂුන් වහන්සේලාට කඨින චීවර පූජාව සිදු කරනු ලබයි. එම නිසා අදින් ඇරඹෙන මෙම කාලය "චීවර මාසය" නමින් හඳුන්වනු ලබයි. භික්‍ෂූන් වහන්සේ නමක්‌ වස්‌ විසූ හැම ආරාමයකම මෙම චීවර මාසය තුළ කඨින පිංකම සිදු කර කඨින චීවර දානය සිදු කරයි.

මහා පවාරණය. දේවාවරෝහණය, සැරියුත් හිමියන් නුවණින් අග තැන් ලැබීම, මෛත්‍රී බෝධි සත්ත්වයන් බුදු සසුනේ පැවිදි බව ලැබීම, අරිට්‌ඨ කුමරුන් ප්‍රධාන රාජකීය දූත පිරිසේ ගමන් ආරම්භය ආදී ශාසනික හා ජාතික වැදගත්කම් රාශියක්‌ සිදු වූ දිනයක්‌ හැටියට අද දිනය බෞද්ධ අපට ඉතා වැදගත් වේ.

කඨින චීවර පූජාව උදාර බල සම්පන්න ගරු කුසල කර්මයකි. අපේ රටේ සෑම විහාරස්‌ථානයක මහා කුසලානිශංස සහගත කඨින චීවර පූජාවන් සිදු කරනු ලබන්නේ මහත් වූ සැදැහැ සිතිනි. "මහ පොළොව මෙන් කිසි කලෙක කම්පා නොවන මහමේරු පර්වතය මෙන් චණ්‌ඩ මාරුතයන්ගෙන් වුවද නොසෙල්වෙන ඒක ඝන වජ්‍ර පර්වතයක්‌ මෙන් නොබිඳෙන ශක්‌තිමත් ස්‌ථාවර ගරු කුසල කර්මයකි. කඨින යන වචනයේ අදහස වනුයේ ද නොබිඳිය හැකි තද සිදුරු කළ නොහැකි යන්නයි. අට මහා කුසල්හි පළමු කුසල ලෙස සඳහන් වන්නේ ද කඨින චීවර පූජාවයි. ගිහි පැවිදි උභය පාර්ශ්වයටම මෙම මහා පිංකමේ ආනිශංස හිමිවේ. භික්‍ෂූන් වහන්සේලාට චීවර දහසක පූජාවක්‌ ලැබුණත් කඨින චීවරයෙන් ලැබෙන පහසුකම්වලින් එකක්‌aවත් නොලැබේ. දායකවරුන්ටද වෙනත් චීවර පූජා කරනවාට වඩා වැඩි ආනිශංසයක්‌ කඨින චීවර දානය තුළින් ලද හැකිය.

කඨින චීවරයක්‌ සෑම භික්‍ෂුවකටම ලබාගත නොහැක. උපසපන් භික්‍ෂුවක්‌ වීම , පෙර වස්‌ එළැඹ තුන් මාසය මුළුල්ලේම එය ආරක්‍ෂා කර ගැනීම වප් පුර පසළොස්‌වක පොහෝ දින පවාරණය කිරීම යන කරුණු සැපිරු භික්‍ෂුව කඨිනය ලැබීම සඳහා සුදුසු වේ.

කඨින චීවර පූජාව සිදු කරන දායකයන්ට ලෞකික වශයෙන් ද ලෝකෝත්තර වශයෙන්ද මහා අනුසස්‌ ලැබේ. නාගිතාපදානයේ සඳහන් පරිදි නාගිත හිමියෝ එක්‌ ආත්ම භවයකදී කඨිනයක්‌ පූජා කොට උතුම් නිර්වාණාවබෝධය සඳහා එම කුසලය හේතු වේවා යි ප්‍රාර්ථනා කළහ. ඒ අනුසස්‌ බලයෙන් එතැන් පටන් සසර අපායේ නොඉපිද සදෙව් ලොවේ සහ මනුස්‌ස ලොවේ ඉපිද එහි සියලු සැප සම්පත් ලැබ "ඒහි භික්‌ඛු" භාවයෙන් පැවිදිව උපසම්පදාව ලැබ සිව්පිළිසිඹියාපත් මහා රහත් බවට පැමිණියහ.

මෙබඳු වූ මහා ආනිශංසයක්‌ කඨින චීවර ප්‍රජාවකින් ලද හැකි බැවින් ද සියලු ආමිස දානයන්ට වඩා කඨින දානය මහා අනුසස්‌ ඇති බැවින් ද පුරාණයේ පටන් රාජ අනුග්‍රහය සහිතව රාජ රාජ මහාමාත්‍ය ආදීන් පවා ගෞරව සද්ධාවෙන් කඨින පිංකම් සිදු කර ඇත.

ඉසිපතන විදාලයේ ධර්මාචාර්ය ශාස්‌ත්‍රවේදී උලපනේ සුමංගල හිමි


උපුටා ගෑනීම..
indexr1c1.gif
 
Last edited:
  • Like
Reactions: flag au: