🌼 බුද්ධ කේන්දරය 🙏🙏🙏

nidarsha91

Well-known member
  • මෝඩයා නැකතක් එන තුරු නිකරුනේ බලන් ඉන්නව... . තරුවලට මොනවද කරන්න පුලුවන් බන්. :rofl:
    ප්‍රභාසංශ්ලේෂනය කරන්න අවශ්‍ය සංගටකයක් තමයි හිරු කිරණ.

    ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්න හුඟාක් උන් පොතේ තියෙන දේ ප්‍රායෝගිකව යොදා ගන්න ඉගෙන ගන්නෙ නෑ. ඉතින් හෙන ලොකු ඩිග්‍රී තියෙනවා. හැබැයි පට්ට ගොන්. ඔය වගේ ප්‍රශ්න අහන්නවත් එපා මචන්. ඕව ප්‍රාථමික වැඩී.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    57,344
    145,810
    113
    එකමත් එක රටක

    ඔය ඉර නේ බන්.
    මට කියපන් උබට අගහරු , සෙනසුරු වලින් තියන බලපෑමක්.

    ප්‍රභාසංස්ලේෂණය ගැන නෙවෙයි බන් කේන්දරේ කියන්නේ .

    ඔය මගුල් බුදුහාමුදුරුවොත් බොරු කියලා කියලා තියනව . :rofl:

    ඔය මම අහපු ප්‍රශ්නයක් නෙවෙයි බන්. :lol:
    උබ මෙතන ධාර්මික, දහම ගැන කතාවක් දාපු නිසා මම ඕක දැම්මේ මගේ භාෂාවෙන්...

    මෙතනින් ඕක ගත්තේ......................

    දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ (සූත්‍ර අංක 1), ජ්‍යොතිෂය සහ සෙසු ගුප්ත විද්‍යාවන්, වංචනික ශාස්ත්‍ර ලෙස හඳුන්වා ඇත.
    වංචාවෙන් විවාහයක් කඩාකප්පල් කල කපටි ජ්‍යොතිෂවේදියකු ගැන කියැ‍ වෙන නක්කත්ත ජාතකයේ බුදු රජාණන් වහන්සේ ‍මෙසේ වදාල සේක,“මෝඩයා නැකතක් එන තුරු නිකරුනේ බලා සිටී. සැබෑම නැකත වන්නේ තමාගේ අරමුණ සපල කරගැනීමයි. තරුවලට කුමක් කල හැකිද?”
    එමෙන්ම විනය පිටකයේ චුල්ලවග්ග පාලියේ ජ්‍යොතිෂය සහ ‍සෙසු ගුප්ත විද්‍යාවන් මහා සංඝරත්නයට තහනම් කර ඇත.

    ------ Post added on Feb 5, 2023 at 10:32 PM
     
    nidarsha91

    Well-known member
  • ඔය ඉර නේ බන්.

    හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බල බල හිටපන්. තව දුරයි මේ ගමන, කවදහරි තේරෙයි. එදා වෙනකන් සතුටින් හිටපන් මචන්.

    මේ තමයි හොඳම වෙලාව? මොනව කරන්නද? ඇයි ඒ ප්‍රශ්නය අහන්නෙ නැත්තෙ?

    මේ වෙලාවෙ උඹට කෙලවෙන්න කර්මෙන් උඹට අවස්ථාවක් එවනව. නිකං හිතමුකො රට යන්න වගේ. එකෙක් උඹ ලඟට ඇවිල්ල මවල පෙන්නනවා. උඹ හිතනව මේක තමයි වෙලාව. බුදුන් වහන්සේ කිව්ව කියල කවුදෝ ලියල ඒක සින්හලට පරිවර්තනය කරල තියෙනව කියල.

    හැබැයි අවසාන ප්‍රතිඵලය උඹ ෆේල් වෙනව. මොකද වෙන්නෙ? බුදුන් වහන්සෙත් විවේචනයට ලක් වෙනව නේද?

    ආහ්, ඒක තමයි කියන්නෙ දැන ගියොත් කතරගම, කියල. ඔහේ හිතට එන එක කළා කියල සාර්ථක වෙන්න පුලුවන් නම්....
     
    • Haha
    Reactions: dilann

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    3,748
    2,528
    113
    කේතුමතී නුවර
    හරි විදියට බුද්ධ කියන්නේ සියල්ල දත්, ඒ කියන්නේ මේකයි කේන්දරේ
    රවි කේතු 1කේ, සිකුරු 2කේ, ගුරු 4, රාහු 7, චන්ද්‍රයා 9 ,ශණි 10,කුජ 11 හේ, බුධ 12හේ.
    සංවාදයට විවෘත්තයි.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    57,344
    145,810
    113
    එකමත් එක රටක
    හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බල බල හිටපන්. තව දුරයි මේ ගමන, කවදහරි තේරෙයි. එදා වෙනකන් සතුටින් හිටපන් මචන්.

    මේ තමයි හොඳම වෙලාව? මොනව කරන්නද? ඇයි ඒ ප්‍රශ්නය අහන්නෙ නැත්තෙ?

    මේ වෙලාවෙ උඹට කෙලවෙන්න කර්මෙන් උඹට අවස්ථාවක් එවනව. නිකං හිතමුකො රට යන්න වගේ. එකෙක් උඹ ලඟට ඇවිල්ල මවල පෙන්නනවා. උඹ හිතනව මේක තමයි වෙලාව. බුදුන් වහන්සේ කිව්ව කියල කවුදෝ ලියල ඒක සින්හලට පරිවර්තනය කරල තියෙනව කියල.

    හැබැයි අවසාන ප්‍රතිඵලය උඹ ෆේල් වෙනව. මොකද වෙන්නෙ? බුදුන් වහන්සෙත් විවේචනයට ලක් වෙනව නේද?

    ආහ්, ඒක තමයි කියන්නෙ දැන ගියොත් කතරගම, කියල. ඔහේ හිතට එන එක කළා කියල සාර්ථක වෙන්න පුලුවන් නම්....
    මොනවද බන් ඔය කියවන්නේ ? :lol:

    මම කිව්වේ උබ ඔය උඩ දාගෙන ඉන්න ජෝතිෂ්‍ය පට්ට පචයක් , මිනිස්සු අන්දන්න වංචාවක් කියලා ,
    උබම අදහන මෙතන කියවන දහමේ ත් තියනව.

    උබ මට කියපු "ගොන් , ප්‍රථමික" ප්‍රශ්නය මම ගත්තේ බුද්ද දේශනාවකින්. ඒක ගොන් , ප්‍රාථමිකයි කියලා බුදුහාමුදුරුවන්ට ගිහින් කියපන් .

    දැන් කෝ මට කියපන් කෝ ඉතින් උබට මෙච්ච්ර කාලෙකට අගහරු , බුද , සිකුරු , බ්‍රහස්පති වලින් තියන බලපෑම් එක බැගින්..................
     
    nidarsha91

    Well-known member
  • මොනවද බන් ඔය කියවන්නේ ? :lol:

    බුදු හාමුදුරුවො එහෙම කිව්වයි කියල ලියල තියෙන්නෙ කවුද? බුදුන් වහන්සෙ ඇයි ප්‍රශ්නයක් ආව නං, අඩුම තරමෙ පස්වග තවුසන්ගෙන්වත් අහන්න එපාය, තමන්ගෙන්ම ඇවිත් අහන්නය කිව්වෙ?

    වෙච්ච දේවල් වගේම වෙන දේවල් කියන්න උඹට කොහෙන්ද පටන් ගන්න ඕනෙ?

    මැරීන් ඉන්ජිනියරින් කර එකෙක්ගෙන් අහල බලපන්කො හඳේ පිහිටීම එක්ක කොහොමද මූදේ වතුර මට්ටම වෙනස් වෙන්නෙ කියල.

    ඉර කියන්නෙත් තරුවක් කියල නොදන්න අපේ ලංකාවෙ මහා උගත් කියල හිතන් ඉන්න වුණුත් ඉන්නවා....
     
    දැන් මම උබෙන් ඇහුවේ ඉරේ හදේ පිහිටීම නිසා ප්‍රභාසංස්ලේෂණය , උදම් ගැන නෙවෙයි නේ බන්.

    උබට මෙච්චර කාලෙකට අගහරු , බුද , සිකුරු , බ්‍රහස්පති වලින් තියන බලපෑම් එක බැගින් කියපන් බලන්න...

    ඉර කියන්නෙත් තරුවක් කියල නොදන්න අපේ ලංකාවෙ මහා උගත් කියල හිතන් ඉන්න වුණුත් ඉන්නවා....
    ඉර කියන්නේ තරුවක් තමයි බන්.
    එකෙන් උබට විතරක් අමුතු ප්‍රතිපලයක් දෙන්නේ නෑ උබේ උපන් වෙලාව එක්ක. :rofl:
    ------ Post added on Feb 5, 2023 at 11:01 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    10,232
    18,645
    113
    මට බුදු දහම ගැන නම් ගැඹුරු දැනුමක් නැහැ. ජෝතිෂ්‍යය ගැන නම් තරමක් දුරට දන්නවා. මගේ දැනුම් තේරුම් කම් අනුව ජෝතිෂ්‍යයේ තියෙන්නේ මිනිසුන්ගේ මෙලොව දියුණුව අරමුණු කරගත්ත වැඩ පිළිවෙලක්. බුද්ධ දේශනාව අරමුණු කරන්නේ සත්වයන්ගේ සංසාර අතමිදීමයි. මෙලොව දියුණුව අරමුණු කරගෙන ලෞකිකත්වය ට මුල් තැන දීලා කටයුතු කිරීමෙන් සංසාර විමුක්තිය හෝ නිවන් අවබෝධය ප්‍රමාද කරන නිසා බුදුන් වහන්සේ ජෝතිෂ්‍යය වැනි දේ ප්‍රතික්ෂේප කරලා බැහැර කරලා තියෙනවා. මෙලොව කම් සැපට ඇලෙමින් ඒවා සමඟ ගැටෙමින් ප්‍රමාදව කටයුතු කිරීම තමයි භික්ෂූන්ට තහනම් කරලා තියෙන්නේ.
    ඒ නිසා හුදෙක් සසර දුක නිවීම ම, නිවන ම තම එකම පරමාර්ථය කර ගත්ත කෙනෙක් කේන්දර බැලීම නොකටයුතු නිෂ්ඵල වැඩක්. කේන්දර බැලීම පමණක් නොවෙයි විවාහ ජීවිත ගත කරමින්, දරුවන් හදමින්, ව්‍යාපාර ගොඩ නගමින්, ගෙවල් යාන වාහන මිලට ගනිමින් ලෞකික ජීවිතයක් ගත කිරීමද ඔවුනට කැප නෑ. ඒ හින්දා ජෝතිෂ්‍ය බුදුදහමට පටහැනි බැවින් ප්‍රතික්ෂේප කලයුතුයි කියන (දවල් නිරාගමික රෑ පල්ලි සාමාජිකයෝ ද ඇතුළු) අය දැන් හිස මුඩු කරගෙන සිවුරු දාගෙන වනගත වුනා නම් හරි දැන්.
    මම පුද්ගලිකව, දැනට නිවන් දකින්න බලාපොරෝතුවක් නෑ. පස්සේ කාලෙක එහෙම හිතුනොත් ඒ ගැන ඒ වෙලාවට තීරණයක් ගන්නවා. දැනට මට මේ ජීවිතයේ කරන්න වැඩ ගොඩක් තියෙනවා. වගකීම් වලට බැඳිලා ඉන්නවා. අනාගත බලාපොරොත්තු තියෙනවා. ඒ නිසා මම පුද්ගලිකව ලෞකික විෂයයන් ඔස්සේ මගේ අරමුණු වලට යනවා. ඒ නිසා මට ජෝතිෂ්‍යය කොහෙත්ම අකැප නෑ. ජෝතිෂ්‍යය කියන්නේ මට ආගමක් නෙමෙයි. ඒක තවත් එක විෂයයක් විතරයි. ඒ විෂයයට මම කැමති නිසා හදාරනවා සහ එසේ හැදෑරු දේ තවත් කෙනෙකුට අවශ්‍ය නම් ප්‍රයෝජනයට ගන්නට පොදුවේ බෙදාගන්නවා. ඊට එහා ගිය පුද්ගලික අවශ්‍යතාවයකට කවුරු හරි මගෙන් මේ විෂයය ට අදාළ යම් සේවාවක් ඉල්ලා සිටියහොත් හා එසේ නම් පමණක් එබඳු අයට කොන්දේසි සහිත සේවාවක් දෙනවා.
    අවධාරණයෙන් කියන්න ඕන දෙයක් නම් මම කිසිම විටෙක නිවන අරමුණු කරගත් බුද්ධ ශ්‍රාවකයෙක් නිවන් මගින් ආපසු හරවලා කේන්දර බලන්න යොමුකරන්නේ නෑ. එහෙම කාටවත් බලෙන් කටට දෙන්නේ නෑනේ ජෝතිෂ්‍යය! ඒ වගේම තමයි මේ ලෝකයේ සිටින සියළු දෙනා අනිවාර්ය වශයෙන් බුද්ධ ශ්‍රාවකයන් විය යුතුයයි මම ආරාධනා කරන්නේ වත් නියෝග කරන්නේ වත් නෑ . ඒක ප්‍රායෝගික ත් නෑ. ඒ නිසා බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කල පමණින් ලෝකයේ සියලු මිනිසුන් ජෝතිෂ්‍යය, බටහිර විද්‍යාව වැනි විෂයයන් බැහැර කරන්න ඕනෙද?. අවසාන විග්‍රහයේදී මම අහන්නේ ජෝතිෂ්‍ය සිද්ධාන්ත මත පදනම් ව බුදුන් වහන්සේ ගේ ශ්‍රේෂ්ට චරිත ලක්ෂණ විවරණය කිරීම ජෝතිෂ්‍යවේදියකුට තහනම් ද? එහෙම සිදු කරන විවරණයන් එය පරිශීලනය කරන සියලු දෙනාම අනිවාර්ය කොන්දේසියක් යැයි සිතා විශ්වාස කලයුතුයි කියලා මම නම් කොහේවත් කියලත් නෑ, කියන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Satan_at_Hell

    nidarsha91

    Well-known member
  • දැන් මම උබෙන් ඇහුවේ ඉරේ හදේ පිහිටීම නිසා ප්‍රභාසංස්ලේෂණය , උදම් ගැන නෙවෙයි නේ බන්.

    උබට මෙච්චර කාලෙකට අගහරු , බුද , සිකුරු , බ්‍රහස්පති වලින් තියන බලපෑම් එක බැගින් කියපන් බලන්න...

    ඉර කියන්නේ තරුවක් තමයි බන්.
    එකෙන් උබට විතරක් අමුතු ප්‍රතිපලයක් දෙන්නේ නෑ උබේ උපන් වෙලාව එක්ක. :rofl:
    ------ Post added on Feb 5, 2023 at 11:01 PM
    කොහොමද ඔප්පු කරන්නෙ එහෙම විශේෂ වෙනසක් වෙන්නෙ නෑ කියල?
    .
    ..
    ...

    විවාදයට නෙවෙයි අවබෝදයට කියන්නෙ අන්න ඒකයි. උඹට විද්‍යුත් ධාරාවක් ගලනව පියවි ඇහැට පේනවද? විද්‍යුත් ශක්තිය වෙනත් ශක්තියකට හරවල නං දකින්න අහන්න අත් විඳින්න ලැබෙයි. ආන්න ඒ වගේ තමයි මචන්. මේ පද්ධතියෙ ඇතුලෙ හැමදෙයක්ම ලියවිලා තියෙන්නෙ. ඒ ලියවිච්ච එක දැනගන්න මේ පද්ධතියෙ ඇතුලෙම තියෙන භෞතික ද්‍රව්‍ය උදව් කරනවා. හරියට විද්‍යුතය ගෙනියන්න භෞතික වයර පාවිච්චි කරනවා වගේ.

    පොඩි උදාහරණයක් දෙන්නන්. මම මැෂින් තුනක වැඩ කරනවා. බොහෝ දුරට එකක තමයි වැඩියෙන්ම වැඩ කරන්නෙ. හැබැයි ඒක ගේම ඉල්ලද්දි අනිත් දෙකත් උත්සාහ කරන අවස්ථා එනවා. සමහර දවස් තියෙනව 1 උත්සාහ කරනවා කරනවා කරනවා කරනවා අසමත්. 2ත් උත්සාහ කරනවා කරනවා කරනවා කරනවා කරනවා රෙද්ද අසමත්. ඇයි මම මට උවමනයි කියල කරන්න උත්සාහ කරනවා. දැන් 3ත් බලන්නම ඕන. ශිට්.

    මම එහෙම කරන දේවල්.
    ඇන්ඩ්‍රොයිඩ් ස්ටූඩියෝ එමියුලේටර් එක්ක වැඩ.
    ස්ටැක් ඔවර්ෆ්ලෝ වැඩ.
    ෆයිනල් කට් ප්‍රෝ රෙන්ඩරින් වැඩ.
    ඉලස්ට්‍රේටර් වැඩ.
    යූටියුබ් අප්ලෝඩින්ග් වැඩ. එට්c.

    හැබැයි හරි. අද මේක කරන්න බෑ තමයි කියල තියල. අනිත් දවසෙ කරද්දි මෙන්න කිසිම ප්‍රශ්නයක් නැතුව උත්තර හම්බෙනවා. බග්ස් ෆික්ස් වෙනව. රෙන්ඩර් වෙනව. අප්ලෝඩ් වෙනව. ඒ අයි වැඩ කරනව.

    මම මචන් දවසක් කරල කියනව නෙමෙයි. ඕනෑම පරීක්ෂනයක සාර්ථකත්වය තීරනය වෙන එක සාධකයක් තමයි මචන් නියැඳි ප්‍රමානය. ඉතින් මම දැන් අවුරුදු 14ක් ඉවර කරල ඉවරයි. මේ 15 වෙනි අවුරුද්ද. මේව හිතලු නෙමෙයි මචන්. මට වඩා මේ දේවල් ගැන අවබෝදය අත්දැකීම් තියෙන අය මේ කිරියෙ ඉන්නවා. මේ ත්‍රෙඩ් එක දාපු මචන් එහෙම කෙනෙක්. ආයෙ ලොකු අයිය. ඒ අය මං වගේ කියව කියව ඉන්නෙත් නෑ.

    අවසානෙට එක උදාහරණයක් දෙන්නන්. මං කිව්ව ගිය අවුරුද්දෙ යූටියුබ් වලට උත්සාහ කරපල්ලා ඉස්සරහට තව වැඩේ පත්තු වෙනව කියල. මගෙ පණ්ඩිතකමක් කියනව නෙමෙයි. ඒත් මටත් ඒ ගැන කියන්න ඕන වුණා. ඔන්න දැන් බලපන්, අකුරු වලින් එහාට ගිහින් ඇඩ්සෙන්ස් චලන රූප වලට ගෙවනවා.

    ඒකත් කෙනෙක් කියයි ඒ අයි දාල මම ගොඩ යනවනෙ කියල. නෑ මචන් ඒ අයි ඩිටෙක්ට් කරනව. හැබැයි තමන්ගෙ රස්සාව නියම හැකියාව නන් උඹ මාර්කට් කරන්නෙ ගොඩම තමයි. නෝ කොපිරයිට්ස්. පියෝ ඉන්කම්.

    මං මේ හැම දෙයක්ම කියන්නෙ තමන්ව අඳුන ගන්න ලැබෙන එකේ වාසිය උඹම අත් දකින්න ඕනෙ හින්දයි මචන්. මොකද ජ්‍යෝති කියන්නෙ - එලිය. උඹේ ජීවිතේට වැටෙන එලිය තමයි ඒ. අඳුරෙ ඔහේ යනවද ? නැත්තන් එලියක් අරන් යනවද කියන එක උඹේ තීරණයක්. හූන කිව්ව වගේ කියන්නන්, තව අවුරුදු 25ක් 30ක් අතර තුර මේ ලංකාව ලෝකෙම අංක එක කරවන ටෙක්නොලිජි එක තමයි මේ.

    තෙරුවන් සරණයි බොක්ක !

    තෙරුවන් සරණයි බොක්ක ! 🙏
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    10,232
    18,645
    113
    සැ.යු.
    මේ thread එක බුද්ධ කේන්ද්‍රය සම්බන්ධවයි. බුද්ධ කේන්ද්‍රය සම්බන්ධව මෙහි කියා තිබෙන දේවල් ගැන කාට හරි අදහසක් තියෙනවා නම් මෙතැන ඒ ගැන කතාකරමු. ජෝතිෂ්‍යය ඇත්තද බොරුද වගේ කාරණයක් ගැන නම් ඊට අදාළ thread එකක් තියෙනවා. ඒ ගැන එතැන කතා කරමු. මෙන්න ඒ thread එක

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,956
    113
    ගෞතම සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ වෙසක් මස පුර පසොළොස්වක පොහෝ දිනෙක (564 BC) කටක ලග්නයෙන්, විසා නැකතෙන් උපන් බව පිළිගෙන තිබේ.
    ග්‍රහ පිහිටීම් මෙසේය ; රවි - මේෂ (10), චන්ද්‍ර - තුලා (4), කුජ - මකර (7), බුධ - මේෂ (10), ගුරු - කටක (1), ශුක්‍ර - වෘෂභ (11), ශනි - තුලා (4), රාහු - කටක (1), කේතු - මකර (7).
    View attachment 196357
    ජන්ම පත්‍රයක සතර කෙන්ද්‍රය (1,4,7,10) ම බලවත් වේ. බුද්ධ කේන්ද්‍රයේ සතර කෙන්ද්‍රයේම ග්‍රහයන් 4 දෙනෙකු උච්ච බලයෙන් සිටීම (ගුරු, ශනි, කුජ, රවි) අද්විතීය කරුණකි. බැලූ බැල්මට මෙය චක්‍රවර්ති රාජ යෝගයකි. එහෙත් කටක ලග්නයේ අධිපති සඳු සතුරු රාශියක (තුලා) නෛසර්ගික පාපියකු සමඟ (ශනි) සිටීමෙන් එකී චක්‍රවර්ති රාජ යෝගයේ බල බිඳී ඇත. ලග්නාධිපති හෝ චන්ද්‍රයා දුර්මුඛ වු විට රාජ යෝග නොයෙදෙන බව ජෝතිෂ්‍ය සිද්ධාන්තයකි.
    භාග්‍යස්ථාන අධිපති ලග්නයේ උච්ච් වී සිටියි. තවද බුධ 10 වැන්නේ බලවත්ව සිටියි. කරුණු එසේ හෙයින් මෙය රාජ යෝගයක් නොව අංගසම්පුර්ණ ඥාන යෝගයකි.
    ජලයට බලපවත්වන චන්ද්‍රයා 4 සිටිමින් ජල රාශියක් වූ ලග්නය (කටක) පූර්ණව දකියි. ජලය පිරුණු පොකුණක් අසල උපත සිදුවිය. 4 වැන්න යනු මාතෘ ස්ථානය යි. මාතෘ කාරක චන්ද්‍රයා සතුරු රාශියක් වූ 4 වැන්නේ පාපියකු සමඟ පාපින්ගේ දෘෂ්ටි ලබමින් පීඩිතව සිටීම ජන්මියාගේ මවට මාරක අපලයකි. උන්වහන්සේගේ උපතින් දින 7ක් ගිය තැන මවු තොමෝ කළුරිය කළාය. උත්පත්තිය සිදුවුණේ විසා නැකතින් බැවින් දන්නා කථාවට අනුව සිතුවොත් මහාමායා දේවිය දෙමාපියන් බැලීමට මාළිගයෙන් පිටව ඇත්තේ සා නැකතෙනි. සා නැකතින් ගමන් ගියොත් මාරක වේය යන්න ජෝතිෂ්‍යයේ සඳහන් කරුණකි. තවද 4 හි ශනි, චන්ද්‍රයා සමඟ වීමෙන් කුමරු ඉපදුනේ බලවත් ජන්ම ඒරාෂ්ටකයෙනි.
    ශනි 4 වූවත් උච්ච බලයෙන් යුතුවිය. තවද 4 අධිපති සිකුරු 11 හි ස්වක්ෂේත්‍රව සිටියාය. ශනි බලවත්ව 4 සිටීම සහ 4 බලවත් වීම යනු සුවිසල් වාසස්ථාන ලැබීමේ පිහිටීමකි. බෝසතුන්ට එවැනි වාසස්ථාන තුනක් තිබූ බව කියැවේ. එහෙත් චන්ද්‍රයා 4 සිටීමෙන් ඒවා කලින් කල වෙනස් වීමට ද අහිමි වීමට ද හේතුවෙයි.
    පිතෘස්ථානය නියෝජනය වන්නේ 10 නි. 9 න් ද පියා ගැන බැලිය යුතුයි. රවි යනු පිතෘකාරක ග්‍රහයා වෙයි. බුද්ධ කේන්ද්‍රයේ පිතෘස්ථානයේ පිතෘ ග්‍රහයා උච්ච ය. පිතෘස්ථානය අධිපති කුජ ද 7 උච්චව හිඳිමින් 10 දකියි. 9 අධිපතියා ද ලග්නයේ උච්ච වී 10 දැකීමෙන් මේ පිහිටීම් වඩ වඩාත් තීව්‍ර කරයි. එබඳු ජන්මියකුගේ පියා රජකු හා සමාන බලයෙන් යුතුවීම ශාස්ත්‍ර නියමයි. ඇත්තෙන්ම බෝසතුන්ගේ පියා රජෙකි. සුද්ධෝධන මහරජතුමා ය.
    සහෝදරස්ථානය වන 3 වැන්න අධිපති බුධ, 10 පාපියකු වන රවි සමග පීඩිතව සිටිමින් ද සහෝදර කාරක ග්‍රහයා වන කුජ උච්ච නමුත් පාපී කේතු සමඟ සිටිමින් ද සහෝදර ඵල හානි කර තිබේ.
    කුටුම්භස්ථානය 7 වෙයි. 7 අධිපති 4 නම් පතිවත ජීවිතය කරගත් මහත් ගුණවත් භාර්යාවක් ලැබීමට යෝගයකි. 7 අධිපති ශනි 4 උච්ච බලයෙන් සිටීමත්, විවාහකාරක සිකුරු ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව සබඳතා පෙන්වන අයස්ථානය වුද 7 ත්‍රිකෝණය වූද 11 සිටිමින් 4 දැකීමත් එකී යෝගය ප්‍රහර්ෂවත් කර තිබේ. සිදුහත් බෝසතුන්ට අනුපමේය ගුණසම්පන්න සුශීලවත් භාර්යාවක් හිමිවිය. ඇය නම් උතුම් යශෝදරාවයි. කුජ 7 බලවත් වූ බැවින් ඉක්මන් විවාහය ද නරක නවාංශකයක වියහැකි බැවින් හා රවි ගේ දෘෂ්ටිය ලද බැවින් විවාහයෙන් වෙන්වීම ද නියමයි. කුජ 7 වැන්නේ විවාහයට එතරම් ගුණ නැති බව ඉතා ප්‍රකට කරුණකි. කුජ උච්ච බලයෙන් සිටි බැවින් කණවැන්දුම් නොවී වෙන්වීම සිදුවිය. උපතේ සිට සොළොස්විය දක්වා ගුරුගේ මහදශාව විය. දශාවට අනුව මහානුභාව සම්ම්පන්න ජීවිතය විය. විවාහය සිදු වුයේ සෙනසුරු දශාව ලබද්දීය. කටකයට සෙනසුරු විවාහකාරකයා වෙයි. එහෙත් අසුබයා බැවින් ප්‍රීතිමත් විවාහ ජීවිතයක් නොවෙයි. දරුවා ලැබුණේ විවාහයෙන් අවුරුදු 13කට පසු විසිනම වියේදීය. ඒ පුත්‍රස්ථානාධිපති කුජ ගේ අතුරු දශාවේදී ය.
    දාරකස්ථානය හිමි කුජ පාපියකුගේ රාශියේ පාපියකු සමඟ සිටියි. නපුංසක බුධ පහ දකියි. දරුඵල අඩු කරන යෝගයකි. එහෙත් පුත්‍රකාරක ගුරු ලග්නයේ උච්ච වීම බලවත් පිරිමි දරුවකු හිමිවීමේ බලවත් ලකුණකි. බෝසතුනට රාහුල නම් සුරතල් පුතෙකු සිටියේය.
    ලග්නයේ ගුරු ග්‍රහයා සිටීමෙන් ජන්මියාට අංගසම්පුර්ණ පිරිපුන් ශරීරයක් හිමිවෙයි. උන්වහන්සේගේ ගුරු ග්‍රහයා ලග්නයේ උච්ච ව උත්තම බලයෙන් යුතුව සිටි හෙයින් සියළු පුරුෂ ලක්‍ෂණයෙන් පරිපූර්ණ බබළන රූපකාය විය. බලවත් ඒරාෂ්ටකයෙන් ඉපදී ළදරු කල නොමැරී බේරුනොත් කවර ආකාරයක හෝ ශ්‍රේෂ්ටයකු වන බව ජෝතිෂ් ශාස්ත්‍රයේ දැක්වෙයි. සොළොස්වියේ සිට වයස අවුරුදු 35 දක්වා වූ සෙනසුරු මහදශා කාලය තුල ගිහිගෙය හැර වනගත වීම, දුෂ්කරක්‍රියා කිරීම ආදී සියලු දේ සිදුවිය. අවුරුදු 35 දී බුධ ගේ මහදශාව ලබද්දී උන්වහන්සේ බුද්ධත්වයට පත්වූ සේක. කේන්ද්‍රයක 11 වැන්න යනු සමාජ සම්බන්ධතා සහ එම සේවා පෙන්වන ස්ථානයයි. සිකුරු සමාජය නියෝජනය කරන ග්‍රහයා යි. එකොළොස් වැන්නේ සිකුරු ස්වක්ෂේත්‍ර බලයෙන් සිටීමෙන් උන්වහන්සේ කෙරෙහි පැවති ජාති, ආගම්, කුල ගෝත්‍ර පංති භේද කිසවක් නොසලකා සියල්ලන්ට සම කරුණාවෙන් තම සුඛ විහරණය පවා නොතකා අනුකම්පා සහගතව පිහිට වීමේ මහඟු ගුණය මොනවට පෙන්වයි.
    ශනි 4 වැන්නේ සිටනවුන් දැඩි සිත් ඇති ධෛර්යමත් සියල්ල සම සිතින් දැරීමට සමත් පුද්ගලයෝය. 4 ශනි උච්ච බලයෙන් වීම මෙම ගුණය වඩා තීව්‍ර ලෙස බුදුන් වහන්සේ තුල තිබිණ. මාරක ස්ථානය වන 8 වැන්නාධිපති උච්ච වීම දීර්ඝායුෂ දෙන යෝගයකි. එවැන්නෝ කොපමණ දුක් වින්දත් දීර්ඝායුෂ නොවළඳා නොමැරෙති.
    මේ ආකාරයෙන් බුදුරදුන්ගේ මුළු ජීවිත කාලය ගෙවී ගිය ආකාරය ජෝතිෂ්‍ය සිද්ධාන්ත මඟින් ඉතා ශුක්ෂ්ම ලෙස විවරණය කල හැකිය. ගිලනුන්ට උපස්ථාන කළ අවස්ථා, තවුතිසා දෙව්ලොව වස් වැසීම, පාරලෙය්‍ය වනයේ හුදෙකලාව වස් වැසීම, ජේතවනාරාම වැනි මහා විහාර පුජා ලැබීම, නින්දා අපහාස වලට ලක්වීම, විෂම පුද්ගලයන් දමනය කිරීම, අතීසාර රෝග වැළඳීම හා පරිනිර්වාණය යන මේ සියල්ල ග්‍රහබලාබල අනුවත් දශාඵල අනුවත් ඉතා මැනවින් විග්‍රහ කල හැකියි. මෙය ජෝතිෂ් ශාස්ත්‍රයේ විශ්වසනීයත්වය තහවුරු කරවන වැදගත් අවස්ථාවකි.
    පෘථිවියෙන් වෙන බලපෑම් ජ්‍යොතිෂය සලකන්නේ නැත්තේ ඇයි? එහෙම කරන්නේ ජ්‍යොතිෂය ට අනුව මිනිස්සුන්ට ඉන්න පුළුවන් එකම තැන පෘථිවිය කියලා ජ්‍යොතිෂය පිළිගන්න නිසා. එනම් නම් මිනිස්සු හඳට ගිහින් ආවේ කොහොමද? International space station එකේ මිනිස්සු ඉන්නේ කොහොමද? මේක අනුව බැලුවාම ජ්‍යොතිෂය පිළිගන්නේ කොහොමද දෙයකට වැඩිම බලපෑමක් වෙන්නේ ඒකට ලඟින්ම තියන වැඩිම mass එක තියන වස්තුව නමුත් ජ්‍යොතිෂය එම වස්තුව වන පෘථිවිය සළකන්නේ නැහැ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    10,232
    18,645
    113
    කෙනෙකුට තමන් කැමති විදියට හිතලා අදහස් දක්වන්න නිදහස තියෙනවා. හැබැයි එහෙම අදහස් දක්වන්න කලින් තමුන්ගේ අදහස ගැන තමුන්ට වත් නිරවුල් අවබෝධයක් තියෙන්න ඕනේ. ජ්‍යෝතිෂ්‍යයේ පෘථිවියෙන් වෙන බලපෑම් ගැන සඳහන් නොවන බව කියන්නෙම අමු ගොබ්බ අදහසක්. ඇත්තම කතාව තමයි ජ්‍යෝතිෂ්‍යයේ සියළු සිද්ධාන්ත පෘථිවියත් එක්ක බැඳිලා තියෙන්නේ. මේ වගේ සාශ්ත්‍රයක් ගැන කිසිම අවබෝධයක් දැනීමක් නැතිව ඔහොම අදහස් දක්වන එක විහිළුවක්