සිදුහත් කුමාරයා ඉපදුන දවසවත් නිශ්චිතව දන්නෙ නැතුව කේන්දර හදන පිස්සො
බොරු බයිලා....ඕවා ඔක්කොම අපිත් අහලා තියෙනවා හැබැයි කේන්දරෙන් නෙමෙයි. අහපු ඒවයින් කේනදරේ හදලා ඇත්තේගෞතම සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ වෙසක් මස පුර පසොළොස්වක පොහෝ දිනෙක (564 BC) කටක ලග්නයෙන්, විසා නැකතෙන් උපන් බව පිළිගෙන තිබේ.
ග්‍රහ පිහිටීම් මෙසේය ; රවි - මේෂ (10), චන්ද්‍ර - තුලා (4), කුජ - මකර (7), බුධ - මේෂ (10), ගුරු - කටක (1), ශුක්‍ර - වෘෂභ (11), ශනි - තුලා (4), රාහු - කටක (1), කේතු - මකර (7).
View attachment 196357
ජන්ම පත්‍රයක සතර කෙන්ද්‍රය (1,4,7,10) ම බලවත් වේ. බුද්ධ කේන්ද්‍රයේ සතර කෙන්ද්‍රයේම ග්‍රහයන් 4 දෙනෙකු උච්ච බලයෙන් සිටීම (ගුරු, ශනි, කුජ, රවි) අද්විතීය කරුණකි. බැලූ බැල්මට මෙය චක්‍රවර්ති රාජ යෝගයකි. එහෙත් කටක ලග්නයේ අධිපති සඳු සතුරු රාශියක (තුලා) නෛසර්ගික පාපියකු සමඟ (ශනි) සිටීමෙන් එකී චක්‍රවර්ති රාජ යෝගයේ බල බිඳී ඇත. ලග්නාධිපති හෝ චන්ද්‍රයා දුර්මුඛ වු විට රාජ යෝග නොයෙදෙන බව ජෝතිෂ්‍ය සිද්ධාන්තයකි.
භාග්‍යස්ථාන අධිපති ලග්නයේ උච්ච් වී සිටියි. තවද බුධ 10 වැන්නේ බලවත්ව සිටියි. කරුණු එසේ හෙයින් මෙය රාජ යෝගයක් නොව අංගසම්පුර්ණ ඥාන යෝගයකි.
ජලයට බලපවත්වන චන්ද්‍රයා 4 සිටිමින් ජල රාශියක් වූ ලග්නය (කටක) පූර්ණව දකියි. ජලය පිරුණු පොකුණක් අසල උපත සිදුවිය. 4 වැන්න යනු මාතෘ ස්ථානය යි. මාතෘ කාරක චන්ද්‍රයා සතුරු රාශියක් වූ 4 වැන්නේ පාපියකු සමඟ පාපින්ගේ දෘෂ්ටි ලබමින් පීඩිතව සිටීම ජන්මියාගේ මවට මාරක අපලයකි. උන්වහන්සේගේ උපතින් දින 7ක් ගිය තැන මවු තොමෝ කළුරිය කළාය. උත්පත්තිය සිදුවුණේ විසා නැකතින් බැවින් දන්නා කථාවට අනුව සිතුවොත් මහාමායා දේවිය දෙමාපියන් බැලීමට මාළිගයෙන් පිටව ඇත්තේ සා නැකතෙනි. සා නැකතින් ගමන් ගියොත් මාරක වේය යන්න ජෝතිෂ්‍යයේ සඳහන් කරුණකි. තවද 4 හි ශනි, චන්ද්‍රයා සමඟ වීමෙන් කුමරු ඉපදුනේ බලවත් ජන්ම ඒරාෂ්ටකයෙනි.
ශනි 4 වූවත් උච්ච බලයෙන් යුතුවිය. තවද 4 අධිපති සිකුරු 11 හි ස්වක්ෂේත්‍රව සිටියාය. ශනි බලවත්ව 4 සිටීම සහ 4 බලවත් වීම යනු සුවිසල් වාසස්ථාන ලැබීමේ පිහිටීමකි. බෝසතුන්ට එවැනි වාසස්ථාන තුනක් තිබූ බව කියැවේ. එහෙත් චන්ද්‍රයා 4 සිටීමෙන් ඒවා කලින් කල වෙනස් වීමට ද අහිමි වීමට ද හේතුවෙයි.
පිතෘස්ථානය නියෝජනය වන්නේ 10 නි. 9 න් ද පියා ගැන බැලිය යුතුයි. රවි යනු පිතෘකාරක ග්‍රහයා වෙයි. බුද්ධ කේන්ද්‍රයේ පිතෘස්ථානයේ පිතෘ ග්‍රහයා උච්ච ය. පිතෘස්ථානය අධිපති කුජ ද 7 උච්චව හිඳිමින් 10 දකියි. 9 අධිපතියා ද ලග්නයේ උච්ච වී 10 දැකීමෙන් මේ පිහිටීම් වඩ වඩාත් තීව්‍ර කරයි. එබඳු ජන්මියකුගේ පියා රජකු හා සමාන බලයෙන් යුතුවීම ශාස්ත්‍ර නියමයි. ඇත්තෙන්ම බෝසතුන්ගේ පියා රජෙකි. සුද්ධෝධන මහරජතුමා ය.
සහෝදරස්ථානය වන 3 වැන්න අධිපති බුධ, 10 පාපියකු වන රවි සමග පීඩිතව සිටිමින් ද සහෝදර කාරක ග්‍රහයා වන කුජ උච්ච නමුත් පාපී කේතු සමඟ සිටිමින් ද සහෝදර ඵල හානි කර තිබේ.
කුටුම්භස්ථානය 7 වෙයි. 7 අධිපති 4 නම් පතිවත ජීවිතය කරගත් මහත් ගුණවත් භාර්යාවක් ලැබීමට යෝගයකි. 7 අධිපති ශනි 4 උච්ච බලයෙන් සිටීමත්, විවාහකාරක සිකුරු ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව සබඳතා පෙන්වන අයස්ථානය වුද 7 ත්‍රිකෝණය වූද 11 සිටිමින් 4 දැකීමත් එකී යෝගය ප්‍රහර්ෂවත් කර තිබේ. සිදුහත් බෝසතුන්ට අනුපමේය ගුණසම්පන්න සුශීලවත් භාර්යාවක් හිමිවිය. ඇය නම් උතුම් යශෝදරාවයි. කුජ 7 බලවත් වූ බැවින් ඉක්මන් විවාහය ද නරක නවාංශකයක වියහැකි බැවින් හා රවි ගේ දෘෂ්ටිය ලද බැවින් විවාහයෙන් වෙන්වීම ද නියමයි. කුජ 7 වැන්නේ විවාහයට එතරම් ගුණ නැති බව ඉතා ප්‍රකට කරුණකි. කුජ උච්ච බලයෙන් සිටි බැවින් කණවැන්දුම් නොවී වෙන්වීම සිදුවිය. උපතේ සිට සොළොස්විය දක්වා ගුරුගේ මහදශාව විය. දශාවට අනුව මහානුභාව සම්ම්පන්න ජීවිතය විය. විවාහය සිදු වුයේ සෙනසුරු දශාව ලබද්දීය. කටකයට සෙනසුරු විවාහකාරකයා වෙයි. එහෙත් අසුබයා බැවින් ප්‍රීතිමත් විවාහ ජීවිතයක් නොවෙයි. දරුවා ලැබුණේ විවාහයෙන් අවුරුදු 13කට පසු විසිනම වියේදීය. ඒ පුත්‍රස්ථානාධිපති කුජ ගේ අතුරු දශාවේදී ය.
දාරකස්ථානය හිමි කුජ පාපියකුගේ රාශියේ පාපියකු සමඟ සිටියි. නපුංසක බුධ පහ දකියි. දරුඵල අඩු කරන යෝගයකි. එහෙත් පුත්‍රකාරක ගුරු ලග්නයේ උච්ච වීම බලවත් පිරිමි දරුවකු හිමිවීමේ බලවත් ලකුණකි. බෝසතුනට රාහුල නම් සුරතල් පුතෙකු සිටියේය.
ලග්නයේ ගුරු ග්‍රහයා සිටීමෙන් ජන්මියාට අංගසම්පුර්ණ පිරිපුන් ශරීරයක් හිමිවෙයි. උන්වහන්සේගේ ගුරු ග්‍රහයා ලග්නයේ උච්ච ව උත්තම බලයෙන් යුතුව සිටි හෙයින් සියළු පුරුෂ ලක්‍ෂණයෙන් පරිපූර්ණ බබළන රූපකාය විය. බලවත් ඒරාෂ්ටකයෙන් ඉපදී ළදරු කල නොමැරී බේරුනොත් කවර ආකාරයක හෝ ශ්‍රේෂ්ටයකු වන බව ජෝතිෂ් ශාස්ත්‍රයේ දැක්වෙයි. සොළොස්වියේ සිට වයස අවුරුදු 35 දක්වා වූ සෙනසුරු මහදශා කාලය තුල ගිහිගෙය හැර වනගත වීම, දුෂ්කරක්‍රියා කිරීම ආදී සියලු දේ සිදුවිය. අවුරුදු 35 දී බුධ ගේ මහදශාව ලබද්දී උන්වහන්සේ බුද්ධත්වයට පත්වූ සේක. කේන්ද්‍රයක 11 වැන්න යනු සමාජ සම්බන්ධතා සහ එම සේවා පෙන්වන ස්ථානයයි. සිකුරු සමාජය නියෝජනය කරන ග්‍රහයා යි. එකොළොස් වැන්නේ සිකුරු ස්වක්ෂේත්‍ර බලයෙන් සිටීමෙන් උන්වහන්සේ කෙරෙහි පැවති ජාති, ආගම්, කුල ගෝත්‍ර පංති භේද කිසවක් නොසලකා සියල්ලන්ට සම කරුණාවෙන් තම සුඛ විහරණය පවා නොතකා අනුකම්පා සහගතව පිහිට වීමේ මහඟු ගුණය මොනවට පෙන්වයි.
ශනි 4 වැන්නේ සිටනවුන් දැඩි සිත් ඇති ධෛර්යමත් සියල්ල සම සිතින් දැරීමට සමත් පුද්ගලයෝය. 4 ශනි උච්ච බලයෙන් වීම මෙම ගුණය වඩා තීව්‍ර ලෙස බුදුන් වහන්සේ තුල තිබිණ. මාරක ස්ථානය වන 8 වැන්නාධිපති උච්ච වීම දීර්ඝායුෂ දෙන යෝගයකි. එවැන්නෝ කොපමණ දුක් වින්දත් දීර්ඝායුෂ නොවළඳා නොමැරෙති.
මේ ආකාරයෙන් බුදුරදුන්ගේ මුළු ජීවිත කාලය ගෙවී ගිය ආකාරය ජෝතිෂ්‍ය සිද්ධාන්ත මඟින් ඉතා ශුක්ෂ්ම ලෙස විවරණය කල හැකිය. ගිලනුන්ට උපස්ථාන කළ අවස්ථා, තවුතිසා දෙව්ලොව වස් වැසීම, පාරලෙය්‍ය වනයේ හුදෙකලාව වස් වැසීම, ජේතවනාරාම වැනි මහා විහාර පුජා ලැබීම, නින්දා අපහාස වලට ලක්වීම, විෂම පුද්ගලයන් දමනය කිරීම, අතීසාර රෝග වැළඳීම හා පරිනිර්වාණය යන මේ සියල්ල ග්‍රහබලාබල අනුවත් දශාඵල අනුවත් ඉතා මැනවින් විග්‍රහ කල හැකියි. මෙය ජෝතිෂ් ශාස්ත්‍රයේ විශ්වසනීයත්වය තහවුරු කරවන වැදගත් අවස්ථාවකි.
හරි, දැනුවත් වුණාබොරු බයිලා....ඕවා ඔක්කොම අපිත් අහලා තියෙනවා හැබැයි කේන්දරෙන් නෙමෙයි. අහපු ඒවයින් කේනදරේ හදලා ඇත්තේ
4 කෙන්දරේ පාළු උනා කියල එහෙම අවුල් නෑ අනිකුත් ග්‍රහ දෘෂ්ටි වැටෙනවා නම්..අපෙ අම්මගෙ ලොකුම අක්කගෙ හතර කෙන්දරෙ පාලුයි.
ආච්චි බොරු එකක් හදල තමා, කසාද බන්දවල දීල තියෙන්නෙ
ලමයි 4ක් ඉන්නව, ෛස්සර හෙන දුප්පත්. දැන් හොදයි. ඔක්කොම එකට ඉන්නෙ. එකම ඉඩමෙ ගෙවල් හදාගෙන.
බාන්ඩාර වෙලින් එලවලු ගෙනල්ල තිස්ස/පන්නෙගමුව/ වීරවිල පොලවල් වලට එලවලු දානව.
ගොවිතැන් කරනව.
ලොරිත් 2ක් තියනව, අලුත් ඉසුසු අඩි 14/12 එව්ව.
කැපුවත් සජිත් තමයි උන්. ගෙදරම චන්ද 20ක් විතර සෙට් වෙනව
මරනෙට මගුලට සජිය එනව
සල්ලිත් දෙනව
මන් හිතුව ඔක අල්ලගෙන කෑගහෛ කියලාලූ??
View attachment 196430ඔය comment එකේ ලූ යන්නක් නම් පෙන්න නෑ කොහෙවත්. අතැඹුලක් සේ සියල්ල දැනගෙන කියලා තියෙන්නේ. නැද්ද?
app එකෙන් හරියටම බලලා වගෙයි කතාව
පුද්ගලිකව ගන්න එපා. මේ forum එකේ කිසිම දෙයක් මම පුද්ගලිකව ගන්නේ නෑ. ඒ නිසා මට පුද්ගලිකව මොනවා කිවුවත් ගණන් ගන්නේ නෑ. ඒත් මේ ශාස්ත්‍රය වෙනුවෙන් මම පෙනී ඉන්නේ. හේතු සාධක ඇතුව දැනුවත් ව කෙනෙක් මේවා විවේචනය කළාට මගේ කිසිම අකමැත්තක් නෑ. ඒ හැරත් මට ඔය කාටවත් බලෙන් ජෝතිෂ්‍යය පිළිගන්වන්න වුවමනාවකුත් නෑ. ජෝතිෂ්‍යය ඇත්තද බොරුද කියන ප්‍රශ්නය මේ එළකිරියේ විසඳන්න පුළුවන් එකක් නෙමෙයි. කරන්න පුළුවන් එකම දේ වාද විවාද කරන එක සහ තම තමන් ගේ බුද්ධි මට්ටම ප්‍රදර්ශනය කිරීම විතරයිමන් හිතුව ඔක අල්ලගෙන කෑගහෛ කියලා
ow oka pattapal boruwakසිදුහත් කුමාරයා ඉපදුන දවසවත් නිශ්චිතව දන්නෙ නැතුව කේන්දර හදන පිස්සො
බොරු බයිලා....ඕවා ඔක්කොම අපිත් අහලා තියෙනවා හැබැයි කේන්දරෙන් නෙමෙයි. අහපු ඒවයින් කේනදරේ හදලා ඇත්තේ
බොරු කියන්න එපා. ස්ක්‍රීන් ෂොට් දාපන්."අනේ මගේ කේන්දරේ බලලා දෙන්න පුලුවන්ද? මට අපල තියෙනවද?" කියාගෙන අඬාගෙන හොටු පෙරාගෙන PM දාගෙන ආපු අයියලා දැන් ජෝතිෂ්‍යය පට්ටපල් බොරු කියලා ලිබරල් පණ්ඩිත talks දෙනවා දකිද්දීත් අප්පිරියයි.![]()
මම දැක්කා මගේ එකත් වෙන කෙනෙක් හරියටම ඒ ස්ථානයේම ඉපදිලා තියෙන්නෙ කියලා දාලා තිබුනා. ඒකයි මම ඇහුවෙ. එහෙම සාමාන්‍යයෙන් වෙන්නෙ නෑ නේද. සමහර විට වැරදිලා වෙන්න ඇති.. (මගේ වෙලාව නම් අනිවාර්‍යෙන්ම වැරදිලා නර්ස් නෝනට මන් හිතන්නෙ)සථානය වෙනස් නිසා වෙනස් වෙන්න ඕන
මූන බලල කියන අනාවැකි වෙනස්වෙනවා. අනෙක් ඒවා නම් එකම තමයි.එකම උපන් දිනේ එකම වෙලාවෙ දෙන්නෙක්ට හෝ කිහිප දෙනෙක්ට එන්න පුළුවන් නේද? එතකොට ඒ හැමෝගෙම කේන්දරේට කියන්නෙ එකම දේවල්ද? මෝඩ ප්‍රශ්නයක්ද දන්නෙ නෑ.![]()
Wade danna ekaa gema gahanwa machan aiye. anith un danne na gema thiya une mokakda kiyalakohen haduwada danne ne ban
therune ne
ඔයා කියන දේ පැහැදිලි මදි. ටිකක් පැහැදිලිකරලා කියන්න පුලුවන්ද?මම දැක්කා මගේ එකත් වෙන කෙනෙක් හරියටම ඒ ස්ථානයේම ඉපදිලා තියෙන්නෙ කියලා දාලා තිබුනා. ඒකයි මම ඇහුවෙ. එහෙම සාමාන්‍යයෙන් වෙන්නෙ නෑ නේද. සමහර විට වැරදිලා වෙන්න ඇති.. (මගේ වෙලාව නම් අනිවාර්‍යෙන්ම වැරදිලා නර්ස් නෝනට මන් හිතන්නෙ)![]()
මම දැක්කා කෙනෙක් මගේ උපන් දිනය, වෙලාව, ස්ථානය දාලා තිබුණා එයාගෙ කියලා. සේරම මගේ ඒවාට සමානයි. නර්ස් මගේ වෙලාව වරද්දලා ඇති කියුවෙ නිකන් 🫢ඔයා කියන දේ පැහැදිලි මදි. ටිකක් පැහැදිලිකරලා කියන්න පුලුවන්ද?
අදාළ account එකෙන් challenge කළොත් ලොවෙත් දානවා.බොරු කියන්න එපා. ස්ක්‍රීන් ෂොට් දාපන්.
පුදුමයිමම දැක්කා කෙනෙක් මගේ උපන් දිනය, වෙලාව, ස්ථානය දාලා තිබුණා එයාගෙ කියලා. සේරම මගේ ඒවාට සමානයි. නර්ස් මගේ වෙලාව වරද්දලා ඇති කියුවෙ නිකන් 🫢
උඹ කියපු විදිහට හඳහන් බොරු කියන අය උඹෙන් PM දාල හඳහන බලවගන්න හදනවා. අපිට පෙන්නපන් කවුද ඔය කියන අය කියල.අදාළ account එකෙන් challenge කළොත් ලොවෙත් දානවා.
ඔන්න ඉතිං ප්‍රසිද්ධියේ රෙද්ද ලෙප්ට් කරගන්න හදන්නේ.උඹ කියපු විදිහට හඳහන් බොරු කියන අය උඹෙන් PM දාල හඳහන බලවගන්න හදනවා. අපිට පෙන්නපන් කවුද ඔය කියන අය කියල.![]()
මොකෝ ඇඹරෙන්නේ. පෙන්නපන් කවුද උඹෙන් කේන්දර හදවගන්න හදන්නෙ කියල.ඔන්න ඉතිං ප්‍රසිද්ධියේ රෙද්ද ලෙප්ට් කරගන්න හදන්නේ.
මගේ හතර කේන්දරේ දෙකෙන් වැඩිවෙලා පාලු වෙලා තියෙන්නේ..අපෙ අම්මගෙ ලොකුම අක්කගෙ හතර කෙන්දරෙ පාලුයි.
ආච්චි බොරු එකක් හදල තමා, කසාද බන්දවල දීල තියෙන්නෙ
ලමයි 4ක් ඉන්නව, ෛස්සර හෙන දුප්පත්. දැන් හොදයි. ඔක්කොම එකට ඉන්නෙ. එකම ඉඩමෙ ගෙවල් හදාගෙන.
බාන්ඩාර වෙලින් එලවලු ගෙනල්ල තිස්ස/පන්නෙගමුව/ වීරවිල පොලවල් වලට එලවලු දානව.
ගොවිතැන් කරනව.
ලොරිත් 2ක් තියනව, අලුත් ඉසුසු අඩි 14/12 එව්ව.
කැපුවත් සජිත් තමයි උන්. ගෙදරම චන්ද 20ක් විතර සෙට් වෙනව
මරනෙට මගුලට සජිය එනව
සල්ලිත් දෙනව
