තව කල් තියෙනව යකෝ ඕවා හොයන්න.. මාත් උඹගෙ වයසට කිට්ටු උනාම ත්‍රේඩ් එකක් දානවා.. දැන්ම ඕවා ගැන හොයන්න හොඳ නෑ..
ඔහොම තමයි බ ජීවිතේ හැටි.. කොහොමට හිටපු පොරක්ද ඉතිං.. අද බලපංකො..
පරිස්සමින් සහෝ... පොල් වැටෙනවා වගේම ඇට්ටිත් වැටෙනවා ඉදල හිටල...








තව කල් තියෙනව යකෝ ඕවා හොයන්න.. මාත් උඹගෙ වයසට කිට්ටු උනාම ත්‍රේඩ් එකක් දානවා.. දැන්ම ඕවා ගැන හොයන්න හොඳ නෑ..
ඔහොම තමයි බ ජීවිතේ හැටි.. කොහොමට හිටපු පොරක්ද ඉතිං.. අද බලපංකො..








නාකියා මැරෙන්නයි යන්නේ......
උඹට මගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කරන අතර මල ගෙදරට එන උන්ට හොඳින් සලකන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.......![]()







ඒත් එතකොට කායිකව නිරෝගිව ඉන්න සමහර වැඩිහිටියොත් මේ වගේ මානසික තත්ත්ව වලට පත්වෙන්නේ?
පරිස්සමින් සහෝ... පොල් වැටෙනවා වගේම ඇට්ටිත් වැටෙනවා ඉදල හිටල...


රිදිලා™නාකියො ඒ දවස් වල ගත්ත ආතල් උඹල වගේ හිච්චි ඇට්ටර සුහුඹුල් පැටව් දන්නේ නැහැ බොල.![]()
දන්නෑ ඕයි.. ගූගලේ සර්ච් කරල ඕකත් හොයාගත්තෙ..
මෙන්න අදාල එකෙක් ආවා.. මට න්‍යායික නෙමෙයි ප්‍රොයෝගික පැහැදිලි කිරීමක් අවශ්‍යයි සහෝ...
ඔහොම තමයි බ ජීවිතේ හැටි.. කොහොමට හිටපු පොරක්ද ඉතිං.. අද බලපංකො..


apita ehema mathupitin bala kenek nirogi kiyala kiyann ba. ape comciousness(sihibuddiya) athi wenne patta complex chemical reaction damayakin, age mokak hari chemical ekak nathi unoth manasika aul athi wenna puluwan. kalayak thisse yamkisi essencial chemical ekak nolabunoth oya reaction chain eka aul yanna puluwan.
ehema chemical nolabenna hethu godak thiyenna puluwan, digestion aul nisa ahara walin nilabima, aga athule e chemical eka nishpadanaya wenne nathi wima..... wage dewal


body , mind kiyala wen karanna ba machn. manasa kiyanne complex chemical reaction eke prathipalayak. kalayak yaddi me reaction sidu wima hariyata wenne physical body eka hariyata wada karanne nathi nisa. mole thiyana niyuronath gewenawa api wayasata yaddi. ethkota ewa athara communication aul wenawa. ekath eka hethuwak.

හොදයි... අවුරැදු මිලියන ගානක් ජිවත්වෙන බැක්ටීරියාවක් එන්නත් කරගෙන වයස වැඩිකරගන්න ක්‍රමයක් ගැන මන් මේ ළගදි කියෙව්වා ඒත් ඒක එන්නත් කරපු කෙනත් වයස පාටයි... මේ දේ විද්‍යාත්මකව පැහැදිලි කිරිම් කරන්න අමාරැනිසා තමයි මං බුද්ධාගම referred කලේ... google වල සර්ච් කලොත් හොයාගන්න බැරිවෙන එකක් නැහැ...
useful tips,
http://albiologysinhala.blogspot.com/2014/05/blog-post_1883.html
"වයසට යෑම සහ මරණය"
දිනක් බුදු රජාණන් වහන්සේ ලඟට පැමිණි කොසොල් රජතුමා බුදු රජාණන් වහන්සේ ගෙන් මෙසේ විමසුවා.
"ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඉපදුන සත්වයන් අතර වයසට යෑමෙන් සහ මරණයට පත් වීමෙන් මිදුන කවුරුන් හෝ සිටිනවා ද?"
අපගේ ගෞතම බුදු රජාණන් වහන්සේ කොසොල් රජතුමා හට මේ පිළිතුර දුන් සේක.
"පින්වත් රජතුමනි, මේ ඉපදී සිටින සත්වයන් අතර වයසට යෑමෙන් සහ මරණයට පත්වීමෙන් නිදහස් වූ කවුරුන් වත් නෑ."
මේ ඉරණම මා ඉදිරියේ තිබෙන දෙයකි. මටත් වයසට යෑමෙන් බේරීමක් නම් නැත..
වයසට යෑමත් සමග මට ලැබෙන්නේ මොනවා ද?
මගේ ඇඟපත දුර්වල වෙනවා. තව කවුරු හරි කෙනෙක්ට මාව "'වත්තන්" කරගෙන එහාට මෙහාට එක්කරගෙන යන්න වෙනවා. තව කෙනෙක් ගේ උදව් නැතිව වාඩි වෙන්න, ඇඳේ නිදා ගන්න, නැගිටින්න බැරිව යනවා.
වතුර ටිකක් කටේ හලා ගන්න, ගිල ගන්න බැරිව යනවා. කෙළ ගිලගන්න බැරිව කටෙන් බේරෙන්න පටන් ගන්නවා.
අත පණ නැතිව ගියාම, මූණ පිහදාගන්න, දත් මදින්න, කට සෝද ගන්න, කොන්ඩේ පීර ගන්න, උකුණො කසන්න, ඇඟපත කසන්න බැරිව යනවා.
කුණු අතුල්ලල නාගන්න බැරිව යනවා.
ගඳ ගහන මේ ශරීරයේ ඒ දුගඳ යන්න සෙන්ට් ටිකක් ගා ගන්න බැරිව යනවා. හෙයා ජෙල් ගාල පැෂන් කරන්න, ස්ටයිල් එකට කොන්ඩේ කපා ගන්න, පීරගන්න බැරිව යනවා.
වැසිකිළි ගියාම සෝදගන්න බැරිව යනවා. කක්ක ගොඩේ වැටිල, කවුරු හරි ඇවිත් ඒවා අයින් කරන කම්ම, ඒ ගඳ උහුල ගෙන ඉන්න වෙනවා.
කක්කා යන එක, චූ යන එක පාලනය කරගන්න බැරිව යනවා. ඇඳේම චූ යනවා, කක්ක යනවා. චූ ගියාම, ඒ වගෙන් "යූරියා" හැදෙනවා. ඒ හැදුනම මුළු කාමරම ගඳයි. ඉවසගන්න බැරි මේ යූරියා ගඳ උහුල ගෙන ඉන්න වෙනවා. (පුංචි බබාලා ඉන්න ගෙවල් වල මේ ගඳ තියෙනවා)
පිඟානේ තියෙන කෑම ටික අනල කටට ගන්න, කටට ගත්තු ටික හපන්න, හපපු කෑම ටික ගිල ගන්න බැරිව යනවා. කෑම වල සුවඳ, රස දැනෙන්නේ නැතිව යනවා.
රසට කෑම කන්න බැරිව යනවා. කැමති කැමති කෑම ජාති කන්න බැරිව යනවා. දිය වැඩියාවට සමහර කෑම අගුණයි. ප්‍රෙෂර් එකට් සමහර ඒව අගුණයි. වාතෙට සමහර ඒව අගුණයි. ලුණු, මිරිස් නැතිව දිය රහට කෑම කන්න වෙන්නේ. එක දවසක් එක වේලක් නම් කමක් නෑ. ඉතිරි ජීවිත කාලය පුරාම මෙහෙමයි.
බත් කටවල් දෙක තුනක් කනකොට කෑම ගිල ගන්න බැරි වෙනවා. කෑම අප්පිරියාව ඇති වෙනවා. හැබැයි තවම බඩගිනියි. බඩගින්න තියෙද්දිම, කෑම ටික අනල වීසි කරන්න වෙනවා. බඩගින්නෙම ඉන්න වෙනවා.
බඩ ගින්නේ ඉන්නකොට මතක් වෙන්නෙම රස රස කෑම ජාති. මේවා සිහි කර කර ඉන්න වෙන්නේ. නමුත් කන්න නෑ.
බෙහෙත් ජාති බොන්න වෙනවා. කසාය වර්ග, පෙති, ගුලි, කල්ක එකී නොකී හැම ජාතියක් ම බොන්න වෙනවා.
වතුර ටිකක් වත් ගිල ගන්න බැරි වෙලාවක් එනවා. එතකොට මුළු ඇඟම වේලෙනවා. ඇඟ වේලුනාම නහර වැල් එක තැනක තියෙන්නේ නෑ. බෙහෙත් විදින්න, නොයේක් පරීක්ෂණ වලට ලේ ටිකක් ගන්න දහ පහලොස් සැරයක් විතර අත පය හිල් කරන්න වෙනවා. මේ වේදනාවත් විඳින්න වෙනවා.
ඇවිදගෙන යනකොට කකුල තියෙන තැන නෙමේ තියවෙන්නේ. විසිවෙලා වැටෙනවා. ඔළුව පැලෙනවා, අතපය කැඩෙනවා. උකුල් ඇට බිඳෙනවා. ඇවිදගන්නත් බැරිව යනවා.
ඇස් පේන්නේ ඇතිව යනවා. කවුද ආවේ කවුද ඉන්නේ මොනවත් දන්නේ නෑ. මේ දවල් ද, රෑ ද කියල දන්නේ නෑ.
ඇස් පේන්නැතිව ගියාම ටීවී බලන්න ෆිල්ම් බලන්න බැරිව යනවා.
කන් ඇහෙන්නේ නැතිවත් යනවා. කතා කරගන්නත් බැරිව යනවා.
කතා කරගන්න බරි උනාම මහා දුකක්. බඩගිනියි, තිබහයි, කක්ක බරයි, චු බරයි, අතන රිදෙනවා, මෙතන රිදෙනවා, මේ මොකවත් කියා ගන්න බැරිව යනවා. අන්ත අසරණ තත්වයට පත්වෙනවා.
ඇඟ පණ නැතිව ගියාම එකම ඉරියව්වෙන් වැටිල ඉන්න වෙනවා. එතකොට තුවාල හැදිල කුණු වෙනවා. "ඇඳ වණ"" හැදුනාම පණුවොත් හැදෙනවා. කුණු වෙනවා. පලාතේ ඉන්න බැරි දුඟඳක් ඇති වෙනවා.
මේවා ඉවසගෙන ඉන්න වෙනවා.
සිහිය නැතිව යනවා. මතකය නැතිව යනවා. කසාද බැඳපු කෙනාට මොකද උනේ කියල දන්නේ නෑ. මේ උපස්ථාන කරන්නේ කවුද කියල දන්නේ නෑ. තමන්ට ඉපදිච්ච ළමයි මොකද කරන්නේ, ඉන්නවා ද, මළාද කියල දන්නේ නෑ. ඡන් දෙන් දිනුවේ කවුද, ජනාධිපති කවුද, ආන් ඩුව මොන පක්ෂෙද කියල දන්නේ නෑ. යාලුවෝ මතක නෑ. ඉඩකඩම් වලට මොකද උනේ කියල දන්නෙ නෑ.
නළු නිලියන්ට මොකද උනේ කියල දන්නේ නෑ. තමන් තරුණ කාලෙ වරදෙ බැඳුන අයට මොකද උනේ, එකට බීපු අයට මොකද උනේ, බිස්නස් වලට මොකද උනේ කියල දන්නේ නෑ.
සතුරු කම් කරපු අයට මොකද උනේ කියල දන්නේ නෑ.
අහපු සින්දු බලපු ටෙලි නාට්‍ය මතක නෑ.
කතා කරපුවා, හිනා උන ඒවා, කරපු විහිළු තහළු, කාපු බීපුවා, මේවා ඔක්කෝම මතක නැතිව යනවා.
ඉගන ගත්තු ඒවා, ගත්තු පීඑච් ඩී මතක නෑ.
වඩාත්ම අනතුර තමයි, තමන් ඉගෙන ගත්තු "බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය" මතක නැති වීම. එතකොට සිහි කරන්න දෙයක් වත් නෑ.
පිනක් රැස් වෙන්නේ නෑ. බුදුන් වඳින්න, වන්දනා ගමන් යන්න, දානයක් දෙන්න, සිල් රකින්න, මේවා මොනවත් කරගන්න බැරිව යනවා.
වයසට ගියාම, තමන් ගේ දරු මුණුබුරෝ සලකනවා කියල දෙයක් නෑ. ඒ අය සලකණවා වෙන්නත් පුලුවන් , නොවෙන්නත් පුලුවන්. කලට වෙලාවට සලකන්න කෙනෙක් ලැබුනේ නැති නම් තවත් අසරණ වෙනවා.
මේ වයසට ගියාම ලැබෙන "පැකේජ්" එකේ ටිකයි කීවේ. තව එහෙම්ම ම යි.
"එපා" කියල "බේරෙන්න බෑ". ඊට කළීන් "දිවි නහ ගත්ත" කියල හරියන්නෙත් නෑ.
මොකක්ද මේකට කරන්න ඕන?
වයසට යන්න කලින් මේ සඳහා සූදානම් වෙන්න ඕන.
කොහොමද අපි වයසට යෑමෙන් ඇති වෙන මේ ඉරණමට මූණ දෙන්න සූදානම් වෙන්න ඕන.?
මොකක් ද අපි කරන්න ඕන?



ඕව මේ වයසේ උබට කිව්වට තේරෙයිද මන්ද .පොඩ්ඩක් ගුගල් කරලා බලන්න ඕනේ බොල
පව් බන් ..හදවත කම්පා වෙනවා බන් මෙහෙම ප්‍රශ්න අහද්දී







හොදයි... අවුරැදු මිලියන ගානක් ජිවත්වෙන බැක්ටීරියාවක් එන්නත් කරගෙන වයස වැඩිකරගන්න ක්‍රමයක් ගැන මන් මේ ළගදි කියෙව්වා ඒත් ඒක එන්නත් කරපු කෙනත් වයස පාටයි... මේ දේ විද්‍යාත්මකව පැහැදිලි කිරිම් කරන්න අමාරැනිසා තමයි මං බුද්ධාගම referred කලේ... google වල සර්ච් කලොත් හොයාගන්න බැරිවෙන එකක් නැහැ...

පව් බන් ..හදවත කම්පා වෙනවා බන් මෙහෙම ප්‍රශ්න අහද්දී

ඉපදීමත් සමඟ බොහෝ දේ අපට උරුම වෙනවා. ඒ අතර ලෙඩවීම, වයසට යාම, කැමැති දේ නො ලැබීම,…
![]()
ඉපදීමත් සමඟ බොහෝ දේ අපට උරුම වෙනවා. ඒ අතර ලෙඩවීම, වයසට යාම, කැමැති දේ නො ලැබීම, අකැමැති දේ ලැබීම, මරණයට පත්වීම ආදියත් උරුම බවයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. අද අප සාකච්ඡා කරන්නේ වයසට යාම දුකක් වන්නේ කෙසේද යන්නයි.
● ස්වාමින් වහන්ස, ඉපදුන දා සිට අප වයසට යනවා. වයසට යාම දුක කුමක්ද?
ඇත්තෙන්ම වයසට යාම දුකයි. බුදුරජාණන් වහන්සේ ජරාපි දුක්ඛා කියලා වදාළේ ඒකයි. ජරා කියන්නේ වයසට යාමයි. ඉන්ද්‍රියන් දිරා යනවා, රූප කලාපය කැඩී යනවා, පැලී යනවා, හම රැළි ගැහෙනවා. මේ සියලුම දේ වයසට යාමත් සමග අපට උරුම වෙන දේවල්.● වයසට යාමත් සමඟ අපට බොහෝ දේ අහිමි වෙනවා. අපේ සිත එවිට රැකගත යුත්තේ කොහොමද?
වයසින් මෝරන්න මෝරන්න මේ ඉන්ද්‍රියන් වැසෙන ස්වභාවයට පත්වෙනවා. අප දන්නවා වයසට යන්න යන්න ඇස් පේන්නේ නැතුව යනවා. කණ් ඇසෙන්නේ නැතිව යනවා. දත් වැටෙනවා. හම රැළි වැටෙනවා. කොන්ද කුදුවෙනවා. කොණ්ඩේ සුදු වෙනවා. මේ වගේ විවිධාකාරයේ ශරීරයේ විකෘතිතා ඇති වෙනවා. එය ආවේණික දුකක්. පීඩා ගෙන දෙන දුකක්. අනෙක් දුක තමයි මානසිකව ඇතිවන දුක. වයසට යන බොහෝ දෙනා අතීතය හා වර්තමානය සසඳනවා. වයසක පුද්ගලයෙක් ළඟින් තරුණ ළමයෙක් දිව්වොත් ඒ පුද්ගලයාට හිතෙනවා මමත් ඒ දවස්වල මේ වගේ දිව්ව නේ. දැන් තමයි මට බැරි. මගේ ශරීරය මට පාලනය කරගන්න බැහැනේ කියලා හිතෙනවා. එතකොට දුකයි. අතීතයට බැඳුන නිසාත්, වර්තමානයේ තිබෙන අපහසුතාත් නිසාත් ඔහුට කම්පාවක් ඇති වෙනවා. ඒ දුක එයා ඇතිකර ගන්නා ලද දුකක්. ශරීරය වයස්ගත වෙන්න වෙන්න දිරාපත් වෙනකොට පීඩාකාරී ස්වභාවයක් උරුමවම තිබෙන එකක්. ඒකත් ආවේණික දුකක්. නමුත් පෙර කී දුක ඔහු විසින් විහින් ඇතිකර ගත් දුකක්. වයසට ගියා ම මෙහෙම තමයි කියා සිතනවා නම් ඒ දුක ඇතිවෙන්නේ නැහැ. අතීතය ගැන හිතන්න පෙර කළ දේ දැන් කරන්න බැහැනේ කියලා සිතුවොත් විශාල වශයෙන් දුකට පත්වෙනවා. මේ කියන දුක අපට මුහුණ දෙන්න වෙන දුකක්. වයසට යනවා කියන දුක ඉපදුන දා සිට වෙන දෙයක්. වයසට යාම වගේ ම මරණයටත් අප ටික ටික ළං වෙනවා. ඒක ජීවිතයේ හැටි තමයි කියලා තේරුම් ගත්තා නම් අපට ඒ දුක පාලනය කරන්න පුළුවන්.
මෙහි දී අප හොඳින් අපගේ භූමිකාව තේරුම් ගන්න ඕනෑ. යම් දවසක සිටි අපගේ මුතුන් මුත්තන්ගේ තැන අද අප අරගෙන තිබෙනවා. ඒ වගේම අප වයසට යනකොට අපේ තැන ගන්නත් තව පිරිසක් ඉන්නවා. ඒක තමයි මේ ලෝකය ගමන් කරන රටාව. ඒ නිසා විශ්‍රාම යන වයස එනකොට විශ්‍රාම යන්නට සිත සකසාගෙන ඉන්න ඕන. මගෙන් ඉටුවිය යුතු කාර්යභාරය මම කළා. දැන් මම විශ්‍රාම යන්න ඕන කියලා හිත හදා ගන්නවා. නමුත් සමහර අය වයස යන්න යන්න බැඳෙනවා. සමහර අය ඉන්නවා යතුරු කැරළි ඉනේ ගහගෙන ඉඳලා ඒක අත තියාගෙන මැරෙන අය. අතහැරීම කියන එක වයසට ගියාම කරන දෙයක් නොවෙයි. වයසට යන්නට පෙර කළයුතු දෙයක්. වයසට ගිහිං අතහරින්න ගියාම හරිම අමාරුයි. අතහැරීම ටික ටික පුරුදු කළාම වයසට ගියාට පස්සේ අත හරින්න ලෙහෙසියි. ඒ නිසා කල් ඇතුව වයසට යාමට සූදානම් වෙන්න මහන්සි ගන්න ඕන.● වයසට යාමේදී කායික මෙන්ම මානසික පීඩාත් වැඩියි. බුදුදහමට අනුව මෙයට ඇති විසඳුම කුමක්ද?
සිද්ධාර්ථ කුමාරයා මහල්ලෙක් දැකල සිතුවා අනේ මටත් මෙහෙම වෙයි කියලා. ඒ නිසානේ ජීවිතයේ ම පරිවර්තනයක් ඇතිකර ගත්තේ. ඒ විදිහට අපත් සමාජයේ මිනිසුන් ජීවත්වන ආකාරය දැකලා අපගේ ජීවිතය හදාගන්න ඕන. අප එහෙම නොවෙයි. වයසට ගිය අය දැකලා ජීවිත මදය ඇතිකර ගන්නවා. අන්න අර වයසක මනුස්සය යන්නේ මේ විදිහට කියලා ඒ අයගේ අපහසුතාවලට හිනා වෙනවා. එහෙම නැතුව අනේ කවද හරි දවසක මමත් වයසට පත් වෙනව නේ මටත් මේ තත්ත්වය උරුම වෙනවානේ කියලා හිතන්නට පුරුදු වෙන්න ඕන.
දිනක් රට්ඨපාල මහරහතන් වහන්සේගෙන් රජතුමා අහනවා ඇයි ඔබවහන්සේ මහණ වුනේ කියලා. එතකොට උන්වහන්සේ වදාළා මම මහණ වුනේ මම දැක්කා මිනිසුන් වයසට යන හැටි. වයසට ගිහින් දුක් විඳින හැටි. ඒ තත්ත්වය මගේ ජීවිතයට උරුමවෙනවා කියන කාරණය මට තේරුණා. පස්සේ පසුතැවිලි වෙනවාට වඩා මේ ඉන්ද්‍රියන් හොඳට ක්‍රියාත්මක වන කාලයේ මම මගේ ජීවිතය සුවපත් කර ගන්න ඕන කියලා හිතල මම පැවිදි වුණා කියලා වදාළා.
මේ ලෝකයේ ඉපදුන අප කාටවත් වයසට යාම නතර කරන්න බැහැ. ඇඳට එක්තැන වුන වෙලාවක හරි තමන් ගතකළ ජීවිතය ගැන ආපස්සට හැරිලා සතුටුවෙන්න පුළුවන් ආකාරයට තමයි අපේ ජීවිත හැඩගස්සා ගන්න ඕන.
අපත් සමඟ වර්තමානයේ ජීවත් වන අපගේ වයසක මව්පියන් නෑදෑයන් අපට ලොකු පාඩමක් කියා දෙනවා. තව විදිහකින් කිියනවානම් මේ මැරෙන අය වයසට ගිය අය අපේ හොඳම ගුරුවරු. ඒ ගුරුවරු අපට නොකියා කියා දෙන පාඩම අප ඉගෙන ගන්න ඕන. කවදා හෝ දවසක මට උදා වූ තත්ත්වය ඔබටත් උදාවෙනවා කියලා ඒ අය අපට පාඩමක් කියා දෙනවා. ඒ පාඩම බුද්ධිමත්ව අපි ග්‍රහණය කර ගත්තොත් අප ඒ තත්ත්වයට පත් වෙන්නට කලින් අපගේ සිත හදාගන්න පුළුවන් වේවි.
වයසට යාමේදී කායික පීඩා ඇතිවීම ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමාට කියනවා සිටුතුමනි ගත ලෙඩ වුවත් සිත ලෙඩ කරගන්න එපා කියලා. ශරීරය ලෙඩ වෙන එක ස්වාභාවිකයි. ඒක කාටත් වලක්වන්නට බැහැ. බුදුරජාණන් වහන්සේගේ ශරීරය පවා ලෙඩ වුණා. ඒ රෝග පීඩාවලට පත්වීම වයසට යාම ස්වභාවයක්. මේ ශරීරය කියන්නේ රෝග කාරක පක්ෂිනට කූඩු හදන්න පුළුවන් තැනක්. රෝග නිධානයක්. දිරාගියපු ගසක් වගේ කියනවා. දිරාගිය ගසකට කොට්ටෝරුවන්ට, මයිනන්ට බෙන හාරන්න හිල් හදන්න ලෙහෙසියි. ඒ වගේ වයසට යනවාත් සමඟ ලෙඩ රෝග හැදෙන්න තිබෙන ප්‍රවණතාවය වැඩියි. ඒක ලෝක ස්වභාවයක්. එහෙම වුනා කියලා හිත ලෙඩ කරගන්න වුවමනා නැහැ. අප කවදාවත් ලෙඩ වෙන්නේ නැහැ කියලා හිතාගෙන හිටියොත් සිතත් ලෙඩ වෙනවා. නැත්නම් අප කවදා හෝ ලෙඩ වෙනවා කියලා දැනගෙන ඒකත් අවබෝධ කරගෙන ලෙඩ නොවී ඉන්න උත්සාහ කරන්න ඕන. ඒ වගේම ලෙඩ වූ වයසට ගිය අයට උදව් උපකාර කරගෙන ඉන්න උත්සාහ කරන්න ඕන. අප ධර්මය ඉගෙන ගනිද්දී අප දන්නවා මේ ශරීරය කියන්නේ මගේ නොවන එකක් කියලා. මට ඕන ආකාරයට පාලනය කර ගන්න බැරි එකක් කියලා. ඒ ශරීරය වයසට යාමත් සමඟ ඇතිවන මානසික පීඩා ඉදිරියේ සිත හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ කැඩෙන බිඳෙන ස්වභාවයෙන් යුත් ශරීරය මට කවදාහරි අත හරින්න වෙනවා කියලා අවබෝධ කරගෙන අනවශ්‍ය විදිහට බැඳීම් ඇතිකර නොගෙන සිටින්නට ඕන. ඒ නොබැඳී සිටීම තමයි වයස්ගත වෙනකොට තිබෙන විශාලම සැනසිල්ල. අද කාලයේ හුඟක් අය වයසට යන්න යන්න බැඳෙනවා වැඩියි. ඒ බැඳීම වැඩි නිසාම වයසට ගිහිං හිත හදාගන්න බැහැ. ඒ නො බැඳී සිටීම අතිශයින්ම වැදගත්. ඒ ආකාරයට නොබැඳී සිටීම ම ඔහුගේ මනස සුවපත් කරන්න විශාල පිටුවහලක් වෙනවා.තෙරුවන් සරණයි!
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය
ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

