වයසට යද්දි...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වයසට යනව කියන්නේ ජීව විද්‍යාත්මක දෙයක්. මහළුවීම කියන්නේ අපේ ශරීරයේ වියැකෙන/ගෙවෙන පටක නැවත 100%ක් ම පුනර්ජනනය කරගන්න බැරි වීම.
    සුපිරියි කිඹුල් අයියෙ.. :cool:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෙන්නෙ නෑ.....


    ඇග ඔක්සිකරණය විම වලක්වන දේවල් තියනවා.....ඒව භාවිතා කිරීම මහලුවීමේ වේගය අඩු කරනවා.....

    ACESeZnCu

    හැබැයි මං වගේ හයිලැන්ඩර්ල නම් වයසට යන්නේ නෑ.:cool:

    වෙන්නෙ නෑ කිව්වෙ වයසට ගිහිල්ලත් මොලේ පාවිච්චි කලාට සිහිය මතකය අඩුවෙන එක නවත්තගන්න බෑ කියන එකද :sorry: :sorry:


    :eek::eek::shocked::shocked: සිරාවටම බන්.. අසිහියෙන් වැඩ කරන එක මමනන් ආසම නැති සීන් එකක්. ඒක නිසාමයි මම බොන්නෙත් නැත්තෙ.. පිට තැනකට ගියත් ගොඩක් වෙලාවට නිදාගන්නෙ නැත්තෙත් ඒ නිදි මතේ නිසා මගේ සිහිය තාවකාලිකව නැති වෙන නිසා. මම කිසිම දේකින් මත් වෙන්න කැමති නැහැ සිහිය නැති වෙන නිසා... :yes::yes:

    ගහපං පහක් මාත් බොන්නැත්තෙ ඒකයි බං :sorry: :sorry:
    සිගරට් ගහන එකෙක් ලඟ හිටියත් පුළුවන් තරම් ඈත් වෙනව ඔය හේතුව නිසාම :sorry: :sorry:


    හැබැයි උඹට බෝඩ් එකක් නැතුව වයසට ගියාම හිතින් චෙස් දාම් අදින්න පුලුවන් වෙයි..
    දවසක් මම උදේ 8 ඉදල රෑ 12 වෙනකල් එකම ගේම් එකක් ගගහ ඉදල මට උණ විකාරයක් හැදුන. උණ හැදිල උණ විකාරෙන් මම හීනෙන් ඒ දවල් ගහපු ගේම් එක ගහනවා පිස්සුවෙන් වගේ.. තනියම කියෝලා.. ඇගිලි වැඩලු මගේ... ගෙදර අයට පට්ට ආතල්
    :P:P:P

    මට උණ හැදුනට විකාර කරල නෑ බං කවදාවත් :no: :no:
    විකාර කරන්නෙ හොඳ සිහියෙන් ඉන්දැද්දි විතරයි :baffled: :baffled:
    සමහර ගේම් ගහල නිදාගත්තාමනම් හීනෙං නං ගේම් එක පේනව :baffled: :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ගහපං පහක් මාත් බොන්නැත්තෙ ඒකයි බං :sorry: :sorry:
    සිගරට් ගහන එකෙක් ලඟ හිටියත් පුළුවන් තරම් ඈත් වෙනව ඔය හේතුව නිසාම :sorry: :sorry:


    ඇයි පහක්.. දාපන්කො දහයක්ම..එලස් :P:P:P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    Common-Symptoms-of-Dementia.jpg


    ඩිමෙන්ෂියා කියල ලෙඩක් තියෙනව.. වයසට ගියාම සමහරක් අයට මේක හැදෙනව.. එයාලට ලැජ්ජ බය කියන එක දැනෙන්නෙ නැතුව යනව. ස්වයං පාලනය නැතුව යනව. හිතට එන දේ කරනව..
    මං හිතන්නෙ මේ ළඟදි බීච් එකේ හෙලුවෙන් නාපු සුද්දත් එහෙම කෙනෙක්ද දන්නෙ නෑ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Common-Symptoms-of-Dementia.jpg

    ඩිමෙන්ෂියා කියල ලෙඩක් තියෙනව.. වයසට ගියාම සමහරක් අයට මේක හැදෙනව.. එයාලට ලැජ්ජ බය කියන එක දැනෙන්නෙ නැතුව යනව. ස්වයං පාලනය නැතුව යනව. හිතට එන දේ කරනව..
    මං හිතන්නෙ මේ ළඟදි බීච් එකේ හෙලුවෙන් නාපු සුද්දත් එහෙම කෙනෙක්ද දන්නෙ නෑ..

    ඒ කියන්නේ හැමෝටමත් මේක හැදෙන්නේ නැහැ කියන එකද? ඉතින් ඒක ලෙඩක් නන් ඇයි ඒකට ප්‍රතිකාරයක් මුකුත් නැත්තේ:confused:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ කියන්නේ හැමෝටමත් මේක හැදෙන්නේ නැහැ කියන එකද? ඉතින් ඒක ලෙඩක් නන් ඇයි ඒකට ප්‍රතිකාරයක් මුකුත් නැත්තේ:confused:

    තාම හොයාගෙන නැතුව ඇති :no: :no:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහ්හ් ලොක්කා.දැන් කාලේ හරි වගේ.බණක් භාවනාවක් කරගෙන වනගත උනොත් හොදයි නේද ?

    ආහ් චූටි මල්ලිී, හොද චූටි... පට්ට නාකියෙක් චූටි මල්ලි කියල නමදාගෙන... :angry::angry::angry:
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka

    හොදයි... අවුරැදු මිලියන ගානක් ජිවත්වෙන බැක්ටීරියාවක් එන්නත් කරගෙන වයස වැඩිකරගන්න ක්‍රමයක් ගැන මන් මේ ළගදි කියෙව්වා ඒත් ඒක එන්නත් කරපු කෙනත් වයස පාටයි... මේ දේ විද්යාත්මකව පැහැදිලි කිරිම් කරන්න අමාරැනිසා තමයි මං බුද්ධාගම referred කලේ... google වල සර්ච් කලොත් හොයාගන්න බැරිවෙන එකක් නැහැ...


    useful tips,

    http://albiologysinhala.blogspot.com/2014/05/blog-post_1883.html

    "වයසට යෑම සහ මරණය"
    දිනක් බුදු රජාණන් වහන්සේ ලඟට පැමිණි කොසොල් රජතුමා බුදු රජාණන් වහන්සේ ගෙන් මෙසේ විමසුවා.
    "ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඉපදුන සත්වයන් අතර වයසට යෑමෙන් සහ මරණයට පත් වීමෙන් මිදුන කවුරුන් හෝ සිටිනවා ද?"
    අපගේ ගෞතම බුදු රජාණන් වහන්සේ කොසොල් රජතුමා හට මේ පිළිතුර දුන් සේක.
    "පින්වත් රජතුමනි, මේ ඉපදී සිටින සත්වයන් අතර වයසට යෑමෙන් සහ මරණයට පත්වීමෙන් නිදහස් වූ කවුරුන් වත් නෑ."

    මේ ඉරණම මා ඉදිරියේ තිබෙන දෙයකි. මටත් වයසට යෑමෙන් බේරීමක් නම් නැත..
    වයසට යෑමත් සමග මට ලැබෙන්නේ මොනවා ද?

    මගේ ඇඟපත දුර්වල වෙනවා. තව කවුරු හරි කෙනෙක්ට මාව "'වත්තන්" කරගෙන එහාට මෙහාට එක්කරගෙන යන්න වෙනවා. තව කෙනෙක් ගේ උදව් නැතිව වාඩි වෙන්න, ඇඳේ නිදා ගන්න, නැගිටින්න බැරිව යනවා.
    වතුර ටිකක් කටේ හලා ගන්න, ගිල ගන්න බැරිව යනවා. කෙළ ගිලගන්න බැරිව කටෙන් බේරෙන්න පටන් ගන්නවා.
    අත පණ නැතිව ගියාම, මූණ පිහදාගන්න, දත් මදින්න, කට සෝද ගන්න, කොන්ඩේ පීර ගන්න, උකුණො කසන්න, ඇඟපත කසන්න බැරිව යනවා.
    කුණු අතුල්ලල නාගන්න බැරිව යනවා.

    ගඳ ගහන මේ ශරීරයේ ඒ දුගඳ යන්න සෙන්ට් ටිකක් ගා ගන්න බැරිව යනවා. හෙයා ජෙල් ගාල පැෂන් කරන්න, ස්ටයිල් එකට කොන්ඩේ කපා ගන්න, පීරගන්න බැරිව යනවා.
    වැසිකිළි ගියාම සෝදගන්න බැරිව යනවා. කක්ක ගොඩේ වැටිල, කවුරු හරි ඇවිත් ඒවා අයින් කරන කම්ම, ඒ ගඳ උහුල ගෙන ඉන්න වෙනවා.
    කක්කා යන එක, චූ යන එක පාලනය කරගන්න බැරිව යනවා. ඇඳේම චූ යනවා, කක්ක යනවා. චූ ගියාම, ඒ වගෙන් "යූරියා" හැදෙනවා. ඒ හැදුනම මුළු කාමරම ගඳයි. ඉවසගන්න බැරි මේ යූරියා ගඳ උහුල ගෙන ඉන්න වෙනවා. (පුංචි බබාලා ඉන්න ගෙවල් වල මේ ගඳ තියෙනවා)

    පිඟානේ තියෙන කෑම ටික අනල කටට ගන්න, කටට ගත්තු ටික හපන්න, හපපු කෑම ටික ගිල ගන්න බැරිව යනවා. කෑම වල සුවඳ, රස දැනෙන්නේ නැතිව යනවා.
    රසට කෑම කන්න බැරිව යනවා. කැමති කැමති කෑම ජාති කන්න බැරිව යනවා. දිය වැඩියාවට සමහර කෑම අගුණයි. ප්‍රෙෂර් එකට් සමහර ඒව අගුණයි. වාතෙට සමහර ඒව අගුණයි. ලුණු, මිරිස් නැතිව දිය රහට කෑම කන්න වෙන්නේ. එක දවසක් එක වේලක් නම් කමක් නෑ. ඉතිරි ජීවිත කාලය පුරාම මෙහෙමයි.
    බත් කටවල් දෙක තුනක් කනකොට කෑම ගිල ගන්න බැරි වෙනවා. කෑම අප්පිරියාව ඇති වෙනවා. හැබැයි තවම බඩගිනියි. බඩගින්න තියෙද්දිම, කෑම ටික අනල වීසි කරන්න වෙනවා. බඩගින්නෙම ඉන්න වෙනවා.
    බඩ ගින්නේ ඉන්නකොට මතක් වෙන්නෙම රස රස කෑම ජාති. මේවා සිහි කර කර ඉන්න වෙන්නේ. නමුත් කන්න නෑ.

    බෙහෙත් ජාති බොන්න වෙනවා. කසාය වර්ග, පෙති, ගුලි, කල්ක එකී නොකී හැම ජාතියක් ම බොන්න වෙනවා.
    වතුර ටිකක් වත් ගිල ගන්න බැරි වෙලාවක් එනවා. එතකොට මුළු ඇඟම වේලෙනවා. ඇඟ වේලුනාම නහර වැල් එක තැනක තියෙන්නේ නෑ. බෙහෙත් විදින්න, නොයේක් පරීක්‍ෂණ වලට ලේ ටිකක් ගන්න දහ පහලොස් සැරයක් විතර අත පය හිල් කරන්න වෙනවා. මේ වේදනාවත් විඳින්න වෙනවා.
    ඇවිදගෙන යනකොට කකුල තියෙන තැන නෙමේ තියවෙන්නේ. විසිවෙලා වැටෙනවා. ඔළුව පැලෙනවා, අතපය කැඩෙනවා. උකුල් ඇට බිඳෙනවා. ඇවිදගන්නත් බැරිව යනවා.

    ඇස් පේන්නේ ඇතිව යනවා. කවුද ආවේ කවුද ඉන්නේ මොනවත් දන්නේ නෑ. මේ දවල් ද, රෑ ද කියල දන්නේ නෑ.
    ඇස් පේන්නැතිව ගියාම ටීවී බලන්න ෆිල්ම් බලන්න බැරිව යනවා.

    කන් ඇහෙන්නේ නැතිවත් යනවා. කතා කරගන්නත් බැරිව යනවා.
    කතා කරගන්න බරි උනාම මහා දුකක්. බඩගිනියි, තිබහයි, කක්ක බරයි, චු බරයි, අතන රිදෙනවා, මෙතන රිදෙනවා, මේ මොකවත් කියා ගන්න බැරිව යනවා. අන්ත අසරණ තත්වයට පත්වෙනවා.

    ඇඟ පණ නැතිව ගියාම එකම ඉරියව්වෙන් වැටිල ඉන්න වෙනවා. එතකොට තුවාල හැදිල කුණු වෙනවා. "ඇඳ වණ"" හැදුනාම පණුවොත් හැදෙනවා. කුණු වෙනවා. පලාතේ ඉන්න බැරි දුඟඳක් ඇති වෙනවා.
    මේවා ඉවසගෙන ඉන්න වෙනවා.

    සිහිය නැතිව යනවා. මතකය නැතිව යනවා. කසාද බැඳපු කෙනාට මොකද උනේ කියල දන්නේ නෑ. මේ උපස්ථාන කරන්නේ කවුද කියල දන්නේ නෑ. තමන්ට ඉපදිච්ච ළමයි මොකද කරන්නේ, ඉන්නවා ද, මළාද කියල දන්නේ නෑ. ඡන් දෙන් දිනුවේ කවුද, ජනාධිපති කවුද, ආන් ඩුව මොන පක්‍ෂෙද කියල දන්නේ නෑ. යාලුවෝ මතක නෑ. ඉඩකඩම් වලට මොකද උනේ කියල දන්නෙ නෑ.
    නළු නිලියන්ට මොකද උනේ කියල දන්නේ නෑ. තමන් තරුණ කාලෙ වරදෙ බැඳුන අයට මොකද උනේ, එකට බීපු අයට මොකද උනේ, බිස්නස් වලට මොකද උනේ කියල දන්නේ නෑ.
    සතුරු කම් කරපු අයට මොකද උනේ කියල දන්නේ නෑ.
    අහපු සින්දු බලපු ටෙලි නාට්‍ය මතක නෑ.
    කතා කරපුවා, හිනා උන ඒවා, කරපු විහිළු තහළු, කාපු බීපුවා, මේවා ඔක්කෝම මතක නැතිව යනවා.
    ඉගන ගත්තු ඒවා, ගත්තු පීඑච් ඩී මතක නෑ.

    වඩාත්ම අනතුර තමයි, තමන් ඉගෙන ගත්තු "බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය" මතක නැති වීම. එතකොට සිහි කරන්න දෙයක් වත් නෑ.
    පිනක් රැස් වෙන්නේ නෑ. බුදුන් වඳින්න, වන්දනා ගමන් යන්න, දානයක් දෙන්න, සිල් රකින්න, මේවා මොනවත් කරගන්න බැරිව යනවා.
    වයසට ගියාම, තමන් ගේ දරු මුණුබුරෝ සලකනවා කියල දෙයක් නෑ. ඒ අය සලකණවා වෙන්නත් පුලුවන් , නොවෙන්නත් පුලුවන්. කලට වෙලාවට සලකන්න කෙනෙක් ලැබුනේ නැති නම් තවත් අසරණ වෙනවා.

    මේ වයසට ගියාම ලැබෙන "පැකේජ්" එකේ ටිකයි කීවේ. තව එහෙම්ම ම යි.
    "එපා" කියල "බේරෙන්න බෑ". ඊට කළීන් "දිවි නහ ගත්ත" කියල හරියන්නෙත් නෑ.
    මොකක්ද මේකට කරන්න ඕන?
    වයසට යන්න කලින් මේ සඳහා සූදානම් වෙන්න ඕන.
    කොහොමද අපි වයසට යෑමෙන් ඇති වෙන මේ ඉරණමට මූණ දෙන්න සූදානම් වෙන්න ඕන.?
    මොකක් ද අපි කරන්න ඕන?



    ලොකු පෝස්ට් එකක් quote කලාට සමාවෙන්න ඕනා....

    අපි මොනවා කරත් අන්තිමට නවතින්නෙ මෙතන බන්,පොඩ්ඩක් පාරට බැහැලා බැලුවාම මැරෙන්නෙ නෑ වගේ ජීවත්වෙන කීදෙනෙක් ඉන්නවද කියල බලපන්,
    මේ ඉන්න ටිකේ නැති බැරි කෙනෙක්ට උදව්වක් කරගෙන පොලවෙ පය ගහලා ජීවත් වෙන එක කාටත් හොඳයි.....
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    වැදගත් විස්තර ටිකක්. උඹ මේ වගේ වැදගත් එකක් දැම්මමද කොහෙද...එතකොට ඒ ඩිමෙන්ෂියා කියන රෝගයට ප්‍රතිකාර තියෙනවද? සනීප කරන්න බැරිද? :confused:

    මම නැති කාලෙක තොපිලට තේරෙයි මගේ අගේ :frown:
    සියුම් ස්නායු සයිල..විනාශ උනාට පස්සේ වයසත් එක්ක ආයේ ඒවා යතාතත්වෙට පත්වෙන්නේ නැහැ මම දන්නා තරමින්..ඔය නිව්රෝන කියන ඒවා විනාශ උනාම බොහොම බරපතල විදියටම මතකය අමතක වෙන සීන් එකක් තියෙනවලු .., වයසට යනකොට මිනිස්සු තනි වෙනවනේ බං හුදකලා උනාම මානසිකව වගේම ශාරීරිකවත් ඉක්මනට දුර්වල වෙනවා...ලංකාවේ වගේ රටවල තවත්වේ ඒකයි.. සුද්දන්ට ඔය ප්‍රස්නේ අඩුයි ..උන් හට පැන්නත් කොල්ලෝ වගේ ඉන්නවනේ ..
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    :eek::eek::shocked::shocked: සිරාවටම බන්.. අසිහියෙන් වැඩ කරන එක මමනන් ආසම නැති සීන් එකක්. ඒක නිසාමයි මම බොන්නෙත් නැත්තෙ.. පිට තැනකට ගියත් ගොඩක් වෙලාවට නිදාගන්නෙ නැත්තෙත් ඒ නිදි මතේ නිසා මගේ සිහිය තාවකාලිකව නැති වෙන නිසා. මම කිසිම දේකින් මත් වෙන්න කැමති නැහැ සිහිය නැති වෙන නිසා... :yes::yes:

    මෙහෙමයි කුමාරයා වෙන්නේ ..:shocked:

    සිහිය තමයි තියෙන්න ඕනේ සිහිය නැත්නම් මතකෙකුත් රැදෙන්නේ නැහැ ..
    මිනිස්සුන්ට කිසිදෙයක් දීර්ග කාලීනව මතකේ තියෙන්නේ නැහැ ,
    අපිට මතක් වෙන්නේ යම් සිදුවීමක් ගැන අන්තිම වරට අපි මතක් කරපු මතකය විතරයි , එහෙම වෙද්දී කාලයක් යනකොට ඇත්තටම වෙච්චි සිදුවීමට වඩා අපේ මතකේ සටහන් වෙලා තියනදේ අතරත් වෙනස් කම් වෙන්න පුළුවන් , ඒත් අපිට එකේ වෙනසක් තේරෙන්නේ නැහැ ..අපි යමක් මතක් කරන වාරයක් පාසා මනස ඒක අප්ඩේට් කරගන්නවා ..:shocked:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    T h u s h:19088103 said:
    :eek::eek::shocked::shocked: සිරාවටම බන්.. අසිහියෙන් වැඩ කරන එක මමනන් ආසම නැති සීන් එකක්. ඒක නිසාමයි මම බොන්නෙත් නැත්තෙ.. පිට තැනකට ගියත් ගොඩක් වෙලාවට නිදාගන්නෙ නැත්තෙත් ඒ නිදි මතේ නිසා මගේ සිහිය තාවකාලිකව නැති වෙන නිසා. මම කිසිම දේකින් මත් වෙන්න කැමති නැහැ සිහිය නැති වෙන නිසා... :yes::yes:

    මෙහෙමයි කුමාරයා වෙන්නේ ..:shocked:

    සිහිය තමයි තියෙන්න ඕනේ සිහිය නැත්නම් මතකෙකුත් රැදෙන්නේ නැහැ ..
    මිනිස්සුන්ට කිසිදෙයක් දීර්ග කාලීනව මතකේ තියෙන්නේ නැහැ ,
    අපිට මතක් වෙන්නේ යම් සිදුවීමක් ගැන අන්තිම වරට අපි මතක් කරපු මතකය විතරයි , එහෙම වෙද්දී කාලයක් යනකොට ඇත්තටම වෙච්චි සිදුවීමට වඩා අපේ මතකේ සටහන් වෙලා තියනදේ අතරත් වෙනස් කම් වෙන්න පුළුවන් , ඒත් අපිට එකේ වෙනසක් තේරෙන්නේ නැහැ ..අපි යමක් මතක් කරන වාරයක් පාසා මනස ඒක අප්ඩේට් කරගන්නවා ..:shocked:
    e kiyanne ape memory ekath apitama athal denawada? :confused:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    e kiyanne ape memory ekath apitama athal denawada? :confused:

    ඔව් ..මමත් ඕක මනෝවිද්‍යාව පොතක තිබිලා කියෙව්වේ ...,එකෙත් පොඩි අත්තක් තියෙනවා කියලත් තේරුණා ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    පොකිරිස්ස වයසට යන්නෙ නෑලු
    වයසට යන්නැති තව සත්තු ඉන්නව.. සර්ච් කරල අපිටත් බලන්ඩ මේකෙ දාන්ඩ
     
    Last edited: