වයින් බෝතලයක් ගන්න කොළඹ අවට යන්න තියෙන නි&#351

goku90

Member
Jul 25, 2017
326
107
0
වයින් බෝතලයක් ගන්න කොළඹ අවට යන්න තියෙන නි&#351


වයින් බෝතලයක් ගන්න කොළඹ අවට යන්න තියෙන නියම තැන් කීපයක් මෙන්න


1. House of Wines


Wine-Purchasing-Spots-aniwa-01.jpg




වයින් සෙලර් නම් මෙන්න තැන. මල්පාරේ තියෙන මේ හවුස් ඔෆ් වයින් කියන්නේ වයින් සහ ෂැම්පේන් ගන්න යන්න තියෙන හොඳම තැනක්. මෙතන විකුණන්නෙත් වයින් විතරයි. තමන් වයින් ගැන ඒ තරම් නොදන්නවා නම් අපිට මෙතන රෙකමන්ඩ් කරන්න පුලුවන් අනිවා. මොකද අපිට වුවමනාව කිවුවහම ඒකට ගැලපෙන විදියට වයින් බෝතලයක් මිලදී ගන්න මෙතන ඉන්න අය උදවු කරන නිසා. මෙතන තියෙන වයින් වල ගණන් ගැන කියනවා නම් සෑහෙන්න ලොකු රේන්ජ් එකක පැතිරිලා තියෙනවා. ඒ කියන්නේ එක්දාස් පන්සීයට දෙදාහටත් ගන්න තියෙනවා, දහ දොළොස් දාහටත් ගන්න තියෙනවා. හොඳම දේ තමයි වයින් ගැන නොදන්නවා නම් එතන සේවක මහත්තයෙක්ට තමන්ට මොන වගේ වයින් එකක්ද ඕන කියන එකයි, තමන්ගේ බජට් එකයි කියන එක.

තැන මෙතන:



2. Ariyapala Super Market

Wine-Purchasing-Spots-aniwa-02.jpg





Source – google.lk/maps/place/Ariyapala+Wine+Store
ලෝරිස් පාර පටන් ගන්න තැනම ඩුප්ලිකේෂන් පාරේ තියෙන ආරියපාල එක බැලූ බැල්මට දැනෙන්නේ හරි පරණ ගතියක්. ඇතුළට ගියහමත් අඳුරු, පොඩ්ඩක් දූවිලි වැදුණු, පරණ ලිකර් ස්ටෝර් එකක ගතිය දැනෙනවා. හැබැයි ඇත්තටම මෙතන තියෙන ලිකර් වර්ග ගැන නම් අපිට වරදක් කියන්න බෑ. හොඳම තමයි කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම මෙතන තියෙන වයින් සිලෙක්ෂන් එක මරු. ගණන් විවිධයි. ඒත් තමන්ගේ බජට් එකට අනුව, තමන්ගේ ටේස්ට් එකට ගැලපෙන හොඳ වයින් එකක් ‍තෝරගන්න පුලුවන්.

තැන මෙතන:





3. WS23

Wine-Purchasing-Spots-aniwa-03.jpg



Source – facebook.com/pg/ws23lk
ලිබර්ටි ප්ලාසා එකේ පහළ තට්‍ටුවේ තියෙන එකත් වයින් හොයන අයට හොඳ තැනක්. හැබැයි මෙතන අර පිස්සු හැදෙන තරම් ලොකු සිලෙක්ෂන් එකක් නෑ. ඒත් රුපියල් දෙදාස් ගණන් වල ඉඳන් ඉහළට හොඳ වයින් බ්‍රෑන්ඩ් වලින් තමන්ට ටේස්ට් එකට සෙට් වෙන වයින් එකක් ‍තෝරගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, මේ අයගේ වෙබ් සයිට් එකට ගිහින් ඕන නම් තමන්ගේ වුවමනාවට ගැලපෙන රෙඩ් හරි වයිට් හරි රෝස් හරි ස්පාක්ලින්ග් හරි වයින් එකක් ‍තෝරගන්නත් කිසිම ගැටළුවක් නෑ. පැය විසිහතරක් ඇතුළත ඔන්ලයින් ගන්න ඕඩර් ඩිලිවර් කරනවා. හැබැයි කලින් කෝල් එකක් දීලා තමන් ඉන්න පළාතට ඩිලිවර් කරනවද, ගාස්තු කොහොමද කියලා කතා කරගන්න එක තමයි හොඳ.

තැන මෙතන:





4. Fine Spirits


Wine-Purchasing-Spots-aniwa-04.jpg


Source – facebook.com/pg/Retailshop
යුනියන් ප්ලේස් එකේ තියෙන ෆයින් ස්පිරිට්ස් කියන්නේ පාරේ යනකොට බැලූ බැල්මට පොඩි ලිකර් ෂොප් එකක්. හැබැයි ඇතුළට ගිහිල්ලා බලපුවහම තමයි පේන්නේ එතන සෑහෙන්න හොඳ වයින් කලෙක්ෂන් එකක් තියෙන, ඉඩ කඩ තියෙන තැනක් කියන එක. ඇත්තටම මෙතන ඇතුළට ගියහම ආසයි. ඒ කියන්නේ නියම ක්ලාසි වයින් ෂොප් එකක ගතිය තියෙනවා. හැබැයි එහෙම වුනාට ගණන් දරන්න පුලුවන්. සාන්ත හෙලේනා මාර්ලෝ වගේ වයින් එකක් දෙදාහකට අඩුවෙන් ගන්න පුලුවන්. ඒ කියන්නේ ඒ ගණන් වල ඉඳන් ඉහළ ගණන් වෙනකල් හොඳ රේන්ජ් එකක වයින් ජාති මෙතන තියෙනවා.

තැන මෙතන:





5. Wine World

Wine-Purchasing-Spots-aniwa-05.jpg




Source – facebook.com/pg/wineworldlk
ඇත්තටම වයින් වර්ල්ඩ් කියන්නේ ඔන්ලයින් ලිකර් මිලදී ගන්න පුලුවන් සයිට් එකක්. ඒකත් අපි මෙතනට දානවා. මොකද මේ අය ගාවත් සුපිරි වයින් කලෙක්ෂන් එකක් තියෙන නිසා. වයින් වර්ල්ඩ් සයිට් එකේ රතු වයින්, සුදු වයින්, රෝස් වයින් සහ ස්පාර්ක්ලින් වයින් වලට ලොකු තැනක් දීලා තියෙනවා. ඒ වගේම මේ වයින් වල ගාණත් සාපේක්ෂව ගත්තහම සෑහෙන්න සාධාරණයි. රුපියල් එක්දාස් පන්සීයේ වගේ ඉඳලා ඉහළට තියෙනවා. අනික් හොඳම දේ තමයි මේ අය ලංකාවේ ඕනම කොණකට වයින් ඩිලිවර් කරන එක.

තැන මෙතන: wineworld.lk



අනිවා අවවාදය: කණ් පාත් වන තුරු බීමෙන් පොකැට්‍ටුවටත්, ශරීර සෞඛ්‍යයටත්, ගෙදර සාමයටත් “වදින්නට” ඉඩ ඇත. වගකීමෙන් පානය කරන්න.

http://www.aniwa.lk/2017/11/19/1711191-wine-purchasing-spots/
 

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    12000k deela vine bonna thota pissuda ban. okkoma ekai.taste eka vitarai chuttak venas.vadien salli dunna kiyala muthu kick ekak naha.