වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (7) චිකන් ෆ්‍රයි
අවශ්‍ය කළමනා :




අනිත් උයපුව මේකෙන් බලපන් උයපන් යකෝ
අවශ්‍ය කළමනා :
- බත් කප් 2 ( පමණට ලුණු දමා තම්බාගත් )
- චිකන් 200 g ( කලින් බැදගෙන පොඩියට ඉරාගත්)
- කැරට් කප් 1 ( සිහින්ව දිගට කූරු කපාගත් )
- ලීක්ස් කප් 1/2 (රවුමට කපාගත් )
- සුදුළුුනු මේස හැන්දක් ( තලාගත් )
- ඉඟුරු මේස හැන්දක් ( තලාගත් )
- ලූනු කප් 1/4 ( පෙති කපාගත් )
- බිත්තර 2
- ලුණු තේ හැන්දක්
- ගම්මිරිස් තේ හැඳි 1/2
- කෑලි මිරිස් තේ හැන්දක්
- කහ කුඩු තේ හැඳි 1/2
- සෝයි සෝස් මේස හැන්දක්
- තෙල් හෝ බටර් කප් 1/4



- ස්පානක් ලිප තබා බටර් මේස හැඳි දෙකක් එක්කර දියවෙන්න හරින්න
- එයට බිත්තර එකතු කර ස්ක්‍රැම්බල් කරගන්න
- ස්ක්‍රැම්බල් කළ බිත්තර සාස්පානෙන් ඉවත් කර පැත්තකින් තබන්න
- සාස්පානට ඉතිරි බටර් එකතු කර දියවෙන්න හරින්න
- එයට සුදුළුුනු සහ ඉඟුරු එකතුකර විනාඩියක් පමණ තෙම්පරාදුකරගන්න
- එයට ලූනු එකතු කර තවත් විනාඩියක් තෙම්පරාදු කරගන්න
- එයට කැරට්, ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස්, කහ කුඩු සහ සෝයි සෝස් එකතු කර කළවම් කර විනාඩි 2,3ක් තෙම්පරාදු කරගන්න
- ඉන්පසු එයට බත් එකතු කර හොඳින් හැඳි ගාමින් විනාඩි 5 – 6 ක් පමණ හොඳින් බත බැදගන්න
- අවසානයේ ස්ක්‍රැම්බල් කළ බිත්තර, ඉරාගත් චිකන් සහ ලීක්ස් එකතු කර හොඳින් කළවම් කර ලිපෙන් ඉවත් කරගන්න.




අනිත් උයපුව මේකෙන් බලපන් උයපන් යකෝ
Last edited:



