වයිෆ්ට රිදෙන්න මාළු ජාඩි හදමු

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    වයිෆ්ට රිදෙන්න මාළු ජාඩි හදමු

    ජාඩි හදාගන්නෙ මෙන්න මෙහෙම .මේකට ඔනෙ වෙන්නෙ මෙන්න මේවා

    1. අලුත් මාලු – වැල්ලෙන් ගෙනාව ගමන් නම් වැඩිය හොඳයි . හුරුල්ල , කුම්බලා (බෝල්ලො කියලත් කියනවා), බලයා, අලගොඩුවා, වගෙ මාලු තමයි ගන්නෙ . මාලු හොඳට ලුණු වතුරෙන් හරි , මුහුදු වතුරෙන් හරි හෝදගන්න ඕනෙ.මාලු වල තියෙන වැලි ඉවත් වෙන්න සෝදා ගැනීම වැදගත්.ඊට පස්සේ මාලුන්ගේ ඔලුවත් බඩත් අයින්කරලා ලොකු මාලුන්ගේ නම් පෙති කපාගන්න.
    2. ලුණු කැට සහ වියලි ගොරකා යහමින් ඕනෙ වෙනවා.

    3. පිරිසිදු වියලි ලොකු මැටි මුට්ටියක් අරගෙන ලුණු ගොරක තට්ටුවක් අතුරලා , මාලු පෙති හෝ මාලුවන් කීපදෙනෙක් තියන්න . දැන් ඊට උඩින් ආයෙත් ලුණු ගොරක අතුරලා ආයෙත් මාලු තට්ටුවක් අතුරන්න . මෙහෙම ඔක්කොම මාලු අතුරලා ඉවර වෙලා මුට්ටියෙ කට හොන්දට කඩ වැස්මකින් බන්දින්න . ඊට පස්සේ වතුර නොවැටෙන , මැස්සන් නොගැවසෙන තැනක මේ ලුණු ගොරක මාලු මුට්ටිය තියන්න .දුම් මැස්ස තමයි මේකට හොඳම තැන .

    මාසයක් විතර ගියහම මාලු ටික ගාණට පදම් වෙලා තියෙනවා. ලුණු වල තියෙන ලවණ ගතියට මාලුවගේ ඇඟේ තියෙන වතුර ලුණු උරාගන්නවා . විද්‍යාත්මකව මේකට කියන්නෙ ආසෘතිය කියලා . ගොරකත් මේ වැඩේට උදව් වෙනවා. ඒ නිසා මාලු නරක් නොවී තියෙනවා. මේ මාලු මාසයක් විතර යනකොට කෑමට ගන්න පුලුවන් . අවශ්‍ය තරම් මාලු මුට්ටියෙන් අරගෙන හෝදලා පෙති කපලා මැටි හට්ටියකට දාලා , ඊට සෑහෙන්න රතුලූණු , හොඳ සැරට මිරිස් කුඩු , පමණට ලුණු (ලුණු දානකොට පරිස්සමෙන් මේව ලුණු මාලුනේ) , හායි හූයි කියන්න සැරට කොචිචි කරල් කීපයක් දෙකට පලලා, පමණට දිය කිරි දාල තැම්බීගෙන එනකොට මිටි කිරි එකතුකරලා හැඳි ගාල ලිපෙන් බාගන්න ඕනෙ . ජාඩි හොද්දට කන කෑමක් නිසා හොදි හිඳෙන්න දෙන්න එපා. ජාඩි වල නියම රහ එන්නෙ කොච්චි දැම්මහම . මේ ජාඩි හොද්ද එක්ක රතු බත් කන්න පුලුවනි ඔනෙ තරමක් . පොල් සම්බලකුත් එකතු වුණහම හරි රසයි . ජාඩි බත් අදින කෑමක්. ඒවගේම තමයි පොල් දාල තැම්බුව කොස් , දෙල් තම්බලා පොල් එක්ක කන්නත් ජාඩි හරි නියමයි . රතු බත් එක්ක , දෙල් කහ පොල් දාලා මලවලා , ජාඩි හොද්දක් හදාගත්තම හරි ජාති දවල්ට බත් කන්න


    lC0AOG4.jpg


    Q8sOpNk.jpg

    :shocked:

    kamubomu.blogspot.com
     
    Last edited:

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    නඩු භාණ්ඩයක් ලෙස ජාඩි හඳුනාගැනීමේදී ගැටලුවක්
    ජාඩි පීප්පයක් සොරාගෙන හසුවී විත්තිකරු අධිකරණයට
    පානදුර සමූහ - කපිල සෝමරත්න
    රුපියල් 64000ක් වටිනා ජාඩි සමඟ ජාඩි පීප්පය සොරකම් කිරීම සම්බන්ධ චෝදනාවක් ලබා සිටි විත්තිකරු අධිකරණයේ පෙනී සිටියේය. ඔහුට නඩු පවරා තිබුණේ වාද්දුව පොලිසිය විසිනි.විත්තිකරු වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ මා. දේ. විජේපාල මහතා මෙසේ කීවේය.

    ස්වාමිනි! මේ විත්තිකරුට බොරු චෝදනාවක් එල්ල කරනවා වාද්දුව පොලිසිය. ජාඩි කූරියෙක්වත් නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර නැහැ. එසේ ජාඩි ඉදිරිපත් කළත් කොහොමද ජාඩි හඳුනා ගන්නේ. හඳුනා ගැනීමේ සලකුණු ජාඩිවල නැහැ.වාද්දුව පොලිසියේ කොස්තාපල් ආනන්ද අධිකරණය වෙත පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය.‍

    ස්වාමීනි! වාද්දුවේ ජාඩි මුදලාලිගේ ජාඩි පීප්පය හොරකම් කරගෙන ගියේ මේ විත්තිකරු බවට හඳුනා ගෙන තිබෙන බවට සාක්කිද තිබෙනවා. ජාඩි පීප්පයේ රුපියල් 64000ක් වටිනා ජාඩි තිබුණු බවට ජාඩි මුදලාලි ප්‍රකාශයක් පොලිසියට දී තිබෙනවා. වරද පිළිනොගන්නේ නම් පැමිණිල්ල මෙහෙයවීමට සූදානම්.

    නීතිඥ වි‍ජේපාල මහතා, ස්වාමිනි දැන් මේ පැමිණිල්ලත් ජාඩිවෙලා. ජාඩි කිලෝ 180ක් විත්තිකරු සොරකම් කළ බවයි පොලිසිය ‍ කියන්නේ. නඩු භාණ්ඩ වශයෙන් සොරකම් කළ ජාඩි පොලිසිය අධිකරණයට ඉදිරිපත් නොකර නඩු කියන්නේ කොහොමද? විත්තිකරු නිදහස් කරන ලෙස ඉල්ලනවා.

    නඩුවේ විභාගය පානදුර අතිරේක දිසා විනිසුරු හා ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් මාර්තු මස 03ට කල්දමන ලදී.