වරද ධර්මයේ ද?

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    වරද ධර්මයේ ද?

    දිනෙන් දින සංඛ්‍යාවෙන් ද අමානුෂිකත්වයෙන් ද ප්‍රචණ්ඩකාරී ස්වභාවයෙන් ද ඉහළ යන අපරාධ ගැන අපට අසන්නටත්, දකින්නටත් ලැබේ. මෙකී අපරාධයන්ට මාධ්‍ය තුළ හිමිවන ප්‍රචාරය ද අතිමහත් ය. එනිසාවෙන් ම, බොහෝ දෙනෙකු සිටින්නේ එවැනි සිදුවීම් පිළිබඳ කවර හෝ දැනුම්වත් භාවයක් ඇතිව ය.
    මෙවැනි පුවත් වාර්තාකරණයේ තිබෙන නවතම ප්‍රවණතාවයක් වනුයේ ඒ හා සම්බන්ධ අදහස් හුවමාරු කරන්නට ග්‍රාහකයන්ට අවස්ථාව ලැබීම යි. බහුල වශයෙන් ම අන්තර්ජාලය හරහා සිදු කෙරෙන ග්‍රාහක අදහස් දැක්වීම් ඒ ඒ පිරිස් එකී සිදුවීම්වලට සහ සමාජයීය ගමන් මාර්ගයට ගෙනෙන විවරණයන් සහිත ය. ඒ අතරිනුත් සමාජයීය ඛේදවාචකයන් හමුවේ නොවැරදී ම සටහන් තබන කරුණක් බවට පත්ව තිබෙන්නේ ධර්මය ඇසෙන රටක ස්වභාවය යන්නයි.
    මෙතරම් ධර්මය දේශනා කරන, මෙතරම් ධර්මය ශ්‍රවණය කරන රටක් කෲර ම්ලේච්ඡත්වයන් විදහා දක්වන ගෝත්‍රික හැසිරීම් පෙන්නුම් කරන්නේ ඇයි කියා ඇතැමුන් අවඥාවෙන් ද ඇතැමුන් වික්ෂෝපයෙන් ද ඇතැමුන් තමන්ගේ පාණ්ඩිත්‍යය පෙන්වන ක්‍රමයක් වශයෙන් සලකා ද ප්‍රශ්න කරන බව පෙනී යයි. ඒ කවර අයුරකින් මෙකී ප්‍රශ්න කිරීම සිදු කළ ද එසේ චෝදනා නගන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි බව දැන නොසිටීම ඒ සියල්ලන්ගේ අවාසනාව නො වේ ද?
    ‘ධර්මය කියන, ධර්මය ඇසෙන රටක සිදු වන අපරාධ’ කියා විශේෂණ යොදා ගත් විට ධර්මය කියන නිසාත්, ධර්මය ඇසෙන නිසාත් මෙවන් අපරාධ ඉහළ යන බවක් කවරෙකුට හෝ හැඟී යන්නට ද පුළුවන. එහෙත්, මෙරටේ අපරාධයන් සිදු කෙරෙන්නේ ධර්මය ඇසෙන නිසාවත්, ධර්මය කියන නිසාවත් නො වේ; ධර්මය සමාජගත වනවාට වඩා ප්‍රබල ව රූපවාහිනිය, ගුවන්විදුලිය, අන්තර්ජාලය, දුරකථනය ආදිය හරහා සිත් සතන් විකෘති කරලන කෙලෙස් වැපිරීම සිදුවන නිසාවෙනි. ඒ ගැන කිසිවෙක් කථා කරන්නේ නැත.
    ධර්මයට වඩා මුණගැසෙන්නේ අධර්මය වූ කල්හි, සිත බහුල ව හැසිරෙන්නේ එකී අධර්මයන්ගේ වූ කල්හි ප්‍රබල ව නැගී සිටින්නේ ද අධර්මය මිස ධර්මය නො වේ. අප මේ අත්දකින්නේ එහි අනිටු විපාක යි. යම් තරමකින් හෝ සන්සිඳීමක් ඇතිව කවරෙකු හෝ මේ සමාජ ව්‍යුහය තුළ ක්‍රියාකාරී ව සිටිනවා නම් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් තමන්ගේ ද අනුන්ගේ ද යහපත හිතසුව පිණිස දේශනා කොට වදහළ ධාර්මික ප්‍රතිපදාවේ යෙදෙන අයෙක් ම ය. ඇතැම් විට ඒ කෙනා ඒ ප්‍රතිපදාව සම්බුදුරජුන්ගේ පැනවීමක් බව නොදන්නවා විය හැකි ය. නමුත්, ලෝකයේ යම්තාක් සුභාෂිතයන් ඇති ද ඒ සියල්ල සම්බුද්ධ භාෂිතයන් වීම ධර්මතාවයකි!
    සිතින් සිතා ගත නො හැකි තරම් අතිශයින් දිගු කාලයක් පුරා කුසලය සොයමින්, සත්‍යය ගවේෂණයේ යෙදෙමින් පිරූ පුණ්‍යානුභාවයෙන් සියලු ලෝක අවබෝධ කොට සම්මා සම්බෝධිය ලද ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ කෙලෙස් නසන්නා වූ, වීතරාගී වූ, අමා නිවනට පමුණුවන්නා වූ පරමෝත්තම ධර්මයකි. සමාහිත සිත් ඇති ඒ මුනිඳුන් විසින් දේශනා කොට වදහළ ඒ උතුම් දහමට සම කළ හැකි කිසිවක් ලෝකයේ නොමැති බව පරම සත්‍යයකි. ඒ වනාහි ප්‍රතිපදාවකින් තමා තුළට පමුණුවා ගත යුත්තක් මිස අනුන් දෙසට හරවා විවේචන, විග්‍රහ කළ යුතු මිනුම් දණ්ඩක් නො වේ.
    එනිසා, ඒ උතුම් ධර්මයටත්, ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේටත් අභූතයෙන් චෝදනා නගන වචනයකුදු පිට නොකරන්නට ප්‍රවේශම් වෙමින් අප කළ යුත්තේ අකුසල් දුරු කිරීම ය, කුසල් දහම් දියුණු කරන්නට බොහෝ මහන්සි වීම ය. එවිට මේ බුද්ධ ශාසනයේ දියුණුවක්, විශේෂ දියුණුවක්, මහත් දියුණුවක් සැලසෙන බව බුද්ධානුශාසනාව යි. ඒ දියුණුව අපට මග නොහැරේවා!
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ආගම වැරදිද හරිද කියන එක පැත්තක තියමු...
    හැබැයි ආගම නමින් තමයි වර්තමානයේ ලෝකයේ හැම ජඩ වැඩක්ම වෙන්නේ....
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ආගම වැරදිද හරිද කියන එක පැත්තක තියමු...
    හැබැයි ආගම නමින් තමයි වර්තමානයේ ලෝකයේ හැම ජඩ වැඩක්ම වෙන්නේ....

    මං හිතන්නේ ආගම් කියන්නේ අපිට හේතුවක් හොයාගන්න බැරි දේවල් වලට හේතුවක් විදියට ආදේශ කරගන්න නිර්මාණය කරගත්තු දෙයක් කියල. විද්‍යාව වගේ. එහෙම නෙවෙයිද :dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආගම වැරදිද හරිද කියන එක පැත්තක තියමු...
    හැබැයි ආගම නමින් තමයි වර්තමානයේ ලෝකයේ හැම ජඩ වැඩක්ම වෙන්නේ....

    අතීත ලෝකෙ එහෙම වුන්නැද්ද එතකොට ? වුන්නැත්තං ඇයි ? :eek: