වර්ජනය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ

sltb.jpg

පෞද්ගලික බස් මගමරුවන් මිනීමැරීමේ අයිතිය වෙනුවෙන් කරන වර්ජනය මේ වන විට සාර්ථකව දියත් වේ.

බොහෝ කාර්යාල සේවකයන් නිවාඩු දමා ඇති නිසා අමතර දුම්රිය ධාවනය වුවත්, එතරම් තදබදයක් නැති බව වාර්තා වේ. දුම්රිය කොහොමත් තදබද නිසා මෙය සාමාන්‍ය තත්වයට වඩා හොඳ තත්වයක් විය හැකි ය.

මේ අතර පාසල් ප්‍රවාහන සේවා, ත්‍රිරෝද රථ ආදිය සුපුරුදු අන්දමින් පාරේ දුවනු දක්නට ලැබේ. එම අංශ පෞද්ගලික බස් හිමියන් තරම් සංවිධානගත නැති බව පෙනේ.
පෞද්ගලික බස් ප්‍රවාහන සංගම් යනු පෞද්ගලික බස් සේවකයන්ගේ සංවිධානවලට වඩා එම බස් හිමිකරුවන්ගේ සංවිධාන වේ. .

පෞද්ගලික බස් සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, රක්ෂණාවරණ, නිවාඩු තබා බස් නැවතුම්පළවල හිසට සෙවණක්, වැසිකිළියක්, වතුර පයිප්පයක්වත් නැත.

ඔවුන්ට පඩි පාලක සභාවක් හෝ නැති බව මගේ දැනුමයි. මා වැරදි නම් කරුණාකර නිවැරදි කරන්න. .

මෙම සේවකයන් වනාහි පෞද්ගලික බස් හිමියන්ගේ වහලුන් පිරිසකි. ඔවුන්ට කිසිදු රැකියා සුරක්ෂිතභාවයක් නැත. හිමිකරුවාට අවශ්‍ය ඕනෑ වෙලාවක ඔවුන් දොට්ට දැමිය හැකි ය. එහෙත්, එසේ කරන්නට බැරි වී තිබෙන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව, මෙම රැකියාව කිසිවකුට ලෙහෙසියෙන් කළ නො හැකි නිසා ය.

වර්ජනය කළ අද දවස වෙනුවෙන් බස් හිමියන් කී දෙනෙකු සේවකයන්ට පඩි ගෙව්වාදැයි සොයා බලන්න. බස්රියෙන් මාටියා ගසා ගන්නට ලැබෙන සොච්චම් මුදල නිසා මේ වහලුන් සිතන්නේ බස් තමන්ගේ ය කියා ය. මගීන් පාරේ ඇති රොඩු ය කියා ය.
රියදුරු රැකියාව කරන, ඊනියා ප්‍රභූන්ගේ රියදුරන් නො වන වෙනත් බොහෝ රියදුරෝ මාර්ග නීතිවලට අනුකූලව රිය පදවති. ලෙහෙසියෙන් දඩ නො කති. තමන්ගේ කාර්යය ද හරියට කරති.
බස් රියදුරන් මග මරුවන් වන්නේ කාලකන්නිකමට ය.

අද දවසේ අපේ රටේ වීරයන් වන්නේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ රියදුරෝ, කොන්දොස්තරලා හා කාර්මිකයෝ ය.
මග මරුවන් ඉදිරියේ රජය දන නො නැමිය යුතු ය. හෙට වන විට මාර්ගයට වාර්තා කිරීමට කාලය දී නො පැමිණෙන බස්කාරයන්ගේ මාර්ග බලපත් අවලංගු කළ යුතු ය.

1978 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය කර්මාන්තයක් ලෙස ප්‍ර‍කාශයට පත් කළ කර්මාන්තයක වැඩවර්ජනය කිරීම වරදකි. පෞද්ගලික බස් ප්‍රවාහනය දැනට අත්‍යවශ්‍ය කර්මාන්තයක් නො වන්නේ නම් එසේ ප්‍රකාශයට පත් කළ හැකි ය. වගකීම් ඉටු නො කරන බස් රජයට පවරාගෙන ලංගමට භාර දිය හැකි ය.

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයෙන් ලංගම දියුණු කිරීම ගැන බැරෑරුම්ව කල්පනා කිරීමට මෙය අවස්ථාවක් කර ගත යුතු ය. ලංගම යනු බස් පමණක් නො වේ. වටිනාකම මිළ කළ නො හැකි තැන්වල පිහිටා ඇති බස් නැවතුම්පොළ ඇතුළුව ලංගම සතු දේපල නිසි ලෙස කළමනාකරණය කරනවා නම්, බස් ගාස්තු අඩු කරන්නට වුව හැකියාව ලංගමට තිබේ.

දුම්රිය සේවා දියුණු කිරීමට ද රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය උපයෝගී කර ගත යුතු ය.
 
Last edited:
  • Like
Reactions: Dhanushka.N

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    1978 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය කර්මාන්තයක් ලෙස ප්‍ර‍කාශයට පත් කළ කර්මාන්තයක වැඩවර්ජනය කිරීම වරදකි. පෞද්ගලික බස් ප්‍රවාහනය දැනට අත්‍යවශ්‍ය කර්මාන්තයක් නො වන්නේ නම් එසේ ප්‍රකාශයට පත් කළ හැකි ය. වගකීම් ඉටු නො කරන බස් රජයට පවරාගෙන ලංගමට භාර දිය හැකි ය.

    උබ පුද්ගලික බස් ආන්ඩුවට ගන්ඩ කතාව. ඒත් බන් උබලගෙ වද පොන්සිය පාඩු ලබල රාජ්ය ආයතන විකුනන් කෑමේ ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙලින් මුලින්ම විකුනන්ඩ යන්නෙ ලoගමනෙ.:lol::lol::lol::lol: ලoගම වික්කම පුද්ගලික බස් පවර ගන්නෙ සිරිකොතටද??:lol::lol::lol: තොපි රෙද්දත් නැතුව කඩේ යන්නෙ, නොදකින්.:baffled:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,512
    25,293
    113

    අද දවසේ අපේ රටේ වීරයන් වන්නේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ රියදුරෝ, කොන්දොස්තරලා හා කාර්මිකයෝ ය.
    මග මරුවන් ඉදිරියේ රජය දන නො නැමිය යුතු ය. හෙට වන විට මාර්ගයට වාර්තා කිරීමට කාලය දී නො පැමිණෙන බස්කාරයන්ගේ මාර්ග බලපත් අවලංගු කළ යුතු ය.

    1978 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය කර්මාන්තයක් ලෙස ප්‍ර‍කාශයට පත් කළ කර්මාන්තයක වැඩවර්ජනය කිරීම වරදකි. පෞද්ගලික බස් ප්‍රවාහනය දැනට අත්‍යවශ්‍ය කර්මාන්තයක් නො වන්නේ නම් එසේ ප්‍රකාශයට පත් කළ හැකි ය. වගකීම් ඉටු නො කරන බස් රජයට පවරාගෙන ලංගමට භාර දිය හැකි ය.

    දැන් රනිල් ලංගම විකුණව්වට පස්සේ මොකේටද පවරන්නේ? :rolleyes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    උබ පුද්ගලික බස් ආන්ඩුවට ගන්ඩ කතාව. ඒත් බන් උබලගෙ වද පොන්සිය පාඩු ලබල රාජ්ය ආයතන විකුනන් කෑමේ ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙලින් මුලින්ම විකුනන්ඩ යන්නෙ ලoගමනෙ.:lol::lol::lol::lol: ලoගම වික්කම පුද්ගලික බස් පවර ගන්නෙ සිරිකොතටද??:lol::lol::lol: තොපි රෙද්දත් නැතුව කඩේ යන්නෙ, නොදකින්.:baffled:
    මට උබව පෙන්න බැරි උබේ ඔය අශික්කිත කතා ශෛල්‍ය.