මම Vitz එකක් ක්ලියර් කර ගත්තා දවස් කීපෙකට කලින් හම්බන්තොටින්. ඒකෙ rear speakers වලින් සද්දෙ එන්නෙ නැති නිසා බැලුවා. ටෝච් එකෙක් එහෙම ගහල බැලුවම තමා දැක්කෙ පිටිපස්සෙ ස්පීකර් දෙකම නෑ. ඉස්සරහ ස්පීකර් තියෙනවා. පේන විදියට වරායෙ අයියලා ශොට් එක දීලා වගේ නේද?
ජපනා වාහනේ හදල පස්සට ස්පීකර් හයි නොකර එවන එකක් නෑ නේද?
ක්ලියර් කරල ගන්න වෙලාවෙ මීටර් උනේ නෑ. ඕක ස්පීකර් හතරටම කන තියල බලන්නෙත් නෑනේ. සෙට් එක ඔන් කලා. වැඩ කරපු නිසා තවත් බැලුවෙ නෑ. ඒ වෙලාවෙ බැලුවෙ සෙට් එක, ජැක් එක, කාපට්, ස්පෙයාර් විල් වගේ ඒවා දිහා නිසා මේක දැක්කෙ නෑ.
මේ සීන් එක උන අය තව ඉන්නවද?
මචන් මන්නන් හිතන්නේ නැ ඕක වරායේ ඇතුලත වුන දෙයක් කියල. වරාය ඇතුලත/නැව් ඇතුලත දේවල් වෙන පිළිවෙල ඇත්තට දැකල තියෙනවනන් ඒක අමුතුවෙන් හිතාගන්න බැරි නැ. මම දැකල තියෙනව ඒකයි කියන්නේ. speaker එක හොරකන් කරත් වරායෙන් එලියට පන්නන්න තවත් ගේමක් දෙන්න ඕන. ඒත් ඊට වැඩිය ලොකු ලොකු සෙල්ලන් උඹල විස්වාස කරන exportersල/bid කරද්දි ඉන්න අතරමැද ඉන්න agent ල දාන බව අමතක කරන්න එපා. ඒ වගේම ජපානෙන් අලුත්ම අලුත් කියල ගෙන්නන වාහනත් ජපානේ අවුරැදු 2ක් වගේ use කරපුව කියලත් අමතක කරන්න එපා. ඒක හන්ද ඔය වගේ ප්රශ්න වලදි වරාය/custom වගේ ඒව පිට වැරදි දාලා හිත හදාගන්නවට වැඩිය වුනදේ කල්පනා කරල contact කරන්න ඕන අය contact කරල කිව්වනන් තමයි හොඳ.
Last edited:





Kohenda gaththe..kiyak wunada..
