වරාය නගරය සහ අවුරුදු 70
=====================
උගත් බුද්ධිමත් සුවාධීන: අවුරුදු 70ක් හිටපු උන් මේක කෑව. බලන්න ඩුබායි, සිංගප්පූරුව, හොංකොං කොයිතරම් හොඳයිද දියුණු කරල ලස්සනට තියෙනව


.
ගංකබර බයියා: ඒ රටවල්, නගර දියුණු වෙලා තියෙන්නෙ විදෙස් ආයෝජන සහ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීම නිසා. ඒවගේ වෙළඳාම කරන්න ලේසියි

. අපේ රටේ වෙළඳාම් කරන්න අමාරුයි.පිටින් ආයෝජන එන්නෙ නෑ මෙහෙ තියෙන නීති, ප්‍රතිපත්ති එක්ක.

Ease of doing Business ranking එකේ අපේ රට ඉන්නෙ 99වෙනියට[1].
උ.බු.සු. : ඉතින් අපේද වරද? අපේද වරද? එහෙම ආයෝජන එන පරිසරයක් හදන්න ඕන කව්ද? අවුරුදු 70ක් රට කෑව.. අවුරුදු 70ක් #%%&^*


️

️

ගංකබර බයියා: පොඩ්ඩක් ඉන්නකෝ... අලුතෙන් හදන වරාය නගරයෙ ඩුබායි, සිංගප්පූරුවෙ තියෙනව වගේ ආයෝජන වලට හිතකර නීති, මූල්‍ය ප්‍රතිපත්ති සහ රෙගුලාසි පද්ධතියක් හදනව. එතකොට විදෙස් ආයෝජන ආවම ඔයාට රස්සවක් කරන්න ඩුබායි යන්නෙ නැතුව අපේ රටේම වරාය නගරෙට යන්න පුලුවන්.

උ.බු.සු. : හයියෝ... වරාය නගරෙ කියල වෙනම රටක් හදන්නෙ. අපිට වීස ගන්න ඕන ඒකට යන්න. එහේ වෙනම නීතියක්. චීන කොලනියක්. ඕක මහ විනාසයක්. රටේම කලුගල් ඉවර උනා ඕකට. ඕක එපා එපා එපා..



ගංකබර බයියා : ඔය ඔක්කොම බොරු.

ඒක වෙනම රටක් නෙමෙයි අපේම රටේ කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක්. ඒක වෙනම ආයෝජන කලාපයක් විතරයි.වීසා කොහෙත්ම ඕන නෑ. රටේ නීතියම තමයි තියෙන්නෙ, ඒකෙ යම් යම් ලිහිල් ප්‍රතිපාදන තියෙනව ආයෝජනයන්ට ගැලපෙන්න.
උ.බු.සු. : ඉන්දියාව තරහ වෙයි.

ගංකබර බයියා: ඕකුන් කවදාවත් අපි දියුණු වෙනවට කැමති නෑ. හැමදාම අපේ කකුලෙන් ඇදපු එක කරේ.
උ.බු.සු. : ඒ උනාට ඕක එපා, එපා එපාමයි. විපක්ශය එක්ක අපි ඕකට විරුද්ධ වෙනව. මම ජවිපෙට ඡන්දෙ දෙන්නෙ නැති උනාට

උන් කියන්නෙ ඇත්ත.
ගංකබර බයියා : අපිට කොළඹ වරායෙන් දියුණු වෙන්න තිබුන. ඔය ජවිපෙ උන් විපක්ශ වරායෙ වැඩ වර්ජන කරල ඒ අවස්ථාව නැති කරා. මේකටත් කෙලින්නෙ නැතුව ඉදපන්.
------------------------2025---------------------

වරාය නගරයට විරුද්ධ වූ පොදු අපේක්ශකයා ජයග්‍රහණය කරයි.

වරාය නගරය සංවර්ධනය ඇන හිටියි.

ගොඩනගා තිබුනු කොටස් නව රජය විසින් තමන්ට බලයට පත්වීමට උදව් කළ ඉන්දියානු අවස්ථාවාදීන්ට කුණු කොල්ලයට විකුණයි.

ඉතිරි කොටස් ටිකක වී ගබඩා කරයි.
--------------------------------------------------
[2028 වසරේදී]
උගත් බුද්ධිමත් සුවාධීන: අවුරුදු 70ක් හිටපු උන් මේක කෑව. බලන්න ඩුබායි, සිංගප්පූරුව, හොංකොං කොයිතරම් හොඳයිද දියුණු කරල ලස්සනට තියෙනව.

මම නම් රස්සාවක් කරන්න ඩුබායි ආව. උඹලත් කොහෙ හරි පැනගනිල්ලා.
***මේක මෝඩකම නෙමෙයි වහල් කාලකණ්ණිකම***
[1]
https://www.doingbusiness.org/en/rankings