ape office එකේ කෙල්ලෙක් india streetfood කාල ඒකියි ඒකිගෙ තාත්තයි දෙන්නම hospital food poisoning වෙලා.
ඔව්ව කාල බඩ ගිහින් නැවතුනොත් ඇති.
සුමනා අමරසිංහ කියන කෙනා මැරෙන්නම ගියේ (දැන් නම් මැරිලා) එක පාරක් ඉන්දියාවේ ගිහින් බීපු drink එකක් නිසා..
වෛද්‍ය හේමාල් ප්‍රනාන්දුට යළි යළිත් ඇය පින් දුන්නාය. සුමනා අමරසිංහ හදිසියේම මුහුණදුන් මේ විපත්තිය සිදුවූයේ ඉන්දියාවේදීය. ඔවුන් ඉන්දියාවට ගියේ වේලක්කන්නි පල්ලියට භාරයක් ඔප්පු කරනු පිණිසය. ඉන්පසු තිරුපති කෝවිල වැඳ පුදාගත් ඔවුන්ට විසිතුන් වැනිදා නැවත පැමිණීමට අවශ්‍ය වුවත් එසේ පැමිණීමට නොහැකි බැවින්, ඉන් පසුදා පැමිණීමට ඔවුහු තීරණය කළහ. සුමනා ඒ නිසා කවදත් කැමැති මොසැම්බ් එකක් බීමට තීරණය කළේ මේ අතර ය.
“ඒ බීමෙන් පස්සේ තමයි මේ සියලු කරදර පටන් ගත්තේ. පැය කීපයකට පස්සේ බඩ රිදෙනවා කියලා ඈ කිව්වා. මුලින්ම අපි හිතුවේ මේක පුංචි අජීරණයක් වෙන්න ඇති කියලයි. නමුත් දිගටම වගේ වමනයත්, අජීරණයත් තිබුණා. තිබුණු ගමන් මහන්සියට මම ඇඳට ගියේ අසනීපය වැඩිවුණොත් මාව ඇහැරවන්න කියලා චුට්ටක් විතර ඇහැ පියව ගන්නයි. ඒත් රෑ හොඳටම අසනීපය වැඩි වුණත් සුමනා මට කතා කළේ නැහැ. උදේ මම නැඟිටින විට ඇගේ පිළිවෙළ මට ඇල්ලුවේ නැහැ. හොඳටම අමාරුබවක් තමයි මම ඇගෙන් දැක්කේ. ඉක්මනටම ඇඳුම් ටික බෑග්වලට දැම්ම ඈ සූදානම් වුණේ ලංකාවට යන්න . කොහොම වුණත් ගුවන්යානයට නැග්ගට පස්සේ ‘සිහින ලොවක්’ චිත්‍රපටයේ නිෂ්පාදක වගේම කීත් රංගත් දුරකතන ඇමතුමක් දුන්නා. බොහොම අමාරුවෙන් ඒ දුරකථන ඇමතුමට උත්තර දුන්න සුමනා ලංකාවට ගිහින් ගන්නම් කියලත් ඔවුන්ට කිව්වා. රාත්‍රී 9.00ට විතර අපේ ගුවන්තොටුපළට ආව අපි ඉක්මනින්ම වාහනයක් ගෙන්නවා ගත්තේ සුමනාව රෝහලට අරගෙන යන්න. ඈ වාහනයට නැග්ගා විතරයි මගේ ඇඟට කඩාගෙන වැටුණා. සුමනා සුමනා කියලා මම තට්ටුවක් දාලා කතා කළත් සුමනා නොවෙයි කතා කළේ. පුළුවන්තරම් ඉක්මනට අපිව සෙන්ට්‍රල් එකට අරගෙන යන්න කියලා අපේ රථයේ රියැදුරාට මම කිව්වේ මේ අතරදි.”
https://archives.sarasaviya.lk/2014/10/23/?fn=sa1410236