හුටා එහෙමත් එකක්ද දැන්. හා හා.
විශිෂ්ඨ ඥාණයකින් අවබෝධ කරගන්න එහෙමත් නැත්නම් සාක්ෂාත් කරගන්න යම් දෙයක් ඇත්ද ඒවාට අභිඤ්ඥා කියලා කියනවා. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට පොතේ පතේ දැනුමකින් ලබන්න බැරි දෙයක්.
චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගැනීමත් අභිඤ්ඥාවක්. ඊට අමතරව පංච අභිඤ්ඥා ඔහොම දේවල් තියෙනවා.
උබ බලාපොරොත්තු වෙනවා ඇත්තේ දිබ්බ සෝත, දිබ්බ චක්කු, පරචිත්ත විජානන, පුබ්බේ නිවාසානුස්සති, සෘද්ධි විධ වගේ දේවල් වෙන්න ඕන. ඒවා සාමාන්‍යයෙන් රහත් වෙච්ච කෙනෙකුටවත් පිහිටන්නේ නෑ. සමහර රහතන් වහන්සේලාට ඉතා ස්වල්ප ප්‍රමාණයෙන් පිහිටනවා. හැබැයි ධ්‍යාන වඩලා රහත්වෙච්ච හෝ රහත් නොවුන ඕන කෙනෙක්ට ඔය ඥාන උපදාවගන්න පුළුවන්. ඍෂිවරු පවා රහත් නොවී ඔය වගේ ඥාන උපදවාගෙන තියෙනවා.