වල් අජිත් සහ හොඳ සුනිල් ලා

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
වල් අජිත් සහ හොඳ සුනිල් ලා

[FONT=&quot]“ඔයාට අමරදේවගෙ සිංදුවක් කියල පෙන්නන්න බැරි ද?“

[/FONT]

[FONT=&quot]දැනට වසර පහකට පෙර ශ්‍රී පාලි මණ්ඩපයේ අරුන්දතියේදී අජිත් කුමාරසිරිගේ ගී සැඳෑවක් පැවති මොහොතක මේ ප්‍රශ්නය ඇසුවේ සංගීතය විශේෂ උපාධියට හැදෑරූ ශිෂ්‍යයෙකි. අජිත් ඊට දුන් පිළිතුර මට මතක නැතත් ඔහු ගැයූ ගීත කිහිපයකින් පසු සිසු සිසුවියන් පිරිසක් ද, ප්‍රසංග කලා අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ද නැගිට යන්නට ගිය බව මතක ය. සංවිධානය කෙරී ඇති, ගලා යන නාට්‍යයකට හෝ ගීත සැඳෑවකට ‘හූ‘ තැබීමේ සම්ප්‍රදායක් ශ්‍රී පාලියේ ස්ථාපිතව නොතිබුණු නිසා කැමති අයට ඉතිරි ගීත අසන්නට ශාලාවේ රැඳෙන්නට අවකාශ ලැබිණි. විරාම අතරතුර දුම්වැටි (හෝ ගංජා සුරුට්ටු) කිහිපයක් උරමින් සියල්ල දෙස බලා උන් අජිත් අවසානයේ නිහඬව පිටව ගියේ ය.[/FONT]

[FONT=&quot]‘මොකාද යකෝ තොපි ඒ ගෙන්නුවෙ?“[/FONT]


[FONT=&quot]“ඌ බං උගුරෙන්නෙ සිංදු කියන්නෙ!“[/FONT]


[FONT=&quot]වැඩය සංවිධානය කළ සිසුන් තිදෙනාට දින කිහිපයක් යන තුරු අස්වැසිල්ලක් ලැබු‍ණේ නැත. ඔවුන් අසරණ ලෙස ‘කඩා වැටී‘ තිබුණේ ප්‍රසංග කලා ආචාර්යවරියක් මදි නොකියන්නට දෙහි කැපූ පසු ය.[/FONT]


[FONT=&quot]“පාර්ලිමේන්තුවට බල්ලො බුරනවලු! මොනවද ඒ වචන? රෙද්දක් ඇඳන් අහන් ඉන්න පුළුවන් ද ඌ කියන කුණුහරුප? ටිකක් හිතන්න තිබ්බ නේද විශ්වවිද්‍යාලෙකට ගෙන්නන්න කලින්?“[/FONT]


[FONT=&quot]අසරණ සිසුවෝ තිදෙන නිරුත්තරව පැමිණ මා අසළ සිටි අයුරු මට අදත් මතක ය.[/FONT]


[FONT=&quot]“සර්?“[/FONT]


[FONT=&quot]ඔවුන්ගේ කටයුත්තට මුල සිට දිරි දුන් මගෙන් අස්වැසිල්ලක් බලාපොරොත්තුවෙන් ඔවුන් රැඳෙන්නට ඇත.[/FONT]


[FONT=&quot]“අපි බලමු!“[/FONT]


[FONT=&quot]ඊට දින කිහිපයකට පසු පැවති ප්‍රතිරූප අධ්‍යයනය පිළිබඳ දේශනයට මම වෙනස් ප්‍රවේශයකින් පිවිසියෙමි. සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ ප්‍රවාද සඟරාවේ පැරණි කලාපයක පළවී තිබුණු සංගීතය පිළිබඳ ව වූ ලිපියක් ඡායා පිටපත් කළ මම එහි ලේඛකයාගේ නම උවමනාවෙන්ම මකා දැමුවෙමි. අන්තර්ජාලයෙන් සොයා Bonsoir වැඩ සටහන විසින් සකස් කර තිබුණු ඉංග්‍රීසි භාෂිත වාර්තා වැඩසටහනක් සහ අජිත්ගේ ගීත කිහිපයක් පෙළ ගස්වා ගත්තෙමි. ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ සියල්ල සූදානම් කර, කලින් ‘පාර්ලිමේන්තුව ඇතුළේ බල්ලන් බුරන බව‘ අජිත් උගුරෙන් ගැයූ අරුන්දතියම දේශනය සඳහා සැකසුවෙමි.[/FONT]


[FONT=&quot]දේශනය ඇරඹුනේ සියල්ලට පෙර නම මකා දැමූ ලිපියේ පිටපත් සියල්ලන්ට බෙදා දීමෙනි. එය සාවධානව කියවන්නට ආරාධනා කළ මම මොහොතක් පසෙකට වුණේ සිසු සිසුවියන්ගේ හැඟීම් අධ්‍යයනය කරන්නට ය. [/FONT]


[FONT=&quot]“කවුද සර් මේක ලියල තියෙන්නෙ?“ සංගීතය හදාරන, යටකී ‘අමරදේවගේ ගීතය ඉල්ලූ‘ ශිෂ්‍යයා ඇතුළු පිරිසට ප්‍රශ්නයක් ඇති විය.[/FONT]


[FONT=&quot]“කවුරු වෙන්න පුළුවන් ද?“ මා පෙරළා ඇසුවේ ද ප්‍රශ්නයකි. [/FONT]


[FONT=&quot]පිළිතුරට පෙර [/FONT][FONT=&quot][FONT=&quot]Bonsoir [/FONT]වැඩසටහනත්, තවත් ගීත ගණනාවකුත් ඔවුන්ට නරඹන්නට ඉඩ හළ මම න්‍යායාත්මක පිවිසුමට අවසානයේ පිවිස, ප්‍රතිරූප ගොඩනැගීම පිළිබඳ අදහස් දැක්වීමක් ද සිදු කර දේශනය අවසන් කළෙමි. ඒ වන විටත් උගුරෙන් ගී කියූ අජිත් පිළිබඳව වුණු [/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot]Bonsoir [/FONT][/FONT]වාර්තා වැඩසටහන ඔවුන් වික්ෂිප්ත කර තිබුණු අතර, උප සිරැසි ද සහිත අජිත්ගේ දෘශ්‍ය ගීත වෙනස් අදහස් ගොඩ නංවා තිබුණේ ය. මම අවසානයේ පිළිතුර දුන්නේ සමුගනිමිනි.[/FONT]


[FONT=&quot]“ඔය ලිපිය ලියල තියෙන්නෙත් අජිත් කුමාරසිරි කෙනෙක්!“[/FONT]


[FONT=&quot]“නෑ...!“ [/FONT]


[FONT=&quot]සංගීතය හදාරණ යටකී ශිෂ්‍යයා මා වෙත පැමිණ මෙසේ කීවේ ය.[/FONT]


[FONT=&quot]“අද ලෙක්චර් එක නං මාරයි සර්!“[/FONT]


[FONT=&quot]අජිත්ව ගෙන්වීම නිසා අසරණව උන් සිසුවෙක්ද අවසානයේ පැමිණයේ ය.[/FONT]


[FONT=&quot]“මාරයි සර්!“[/FONT]


[FONT=&quot]“කිසි මාරයි එකක් නැහැ. මම කළේ තිබ්බ දේ පෙන්නුව එක. ඒ ගොල්ල ගොඩ නගාගෙන හිටපු ප්‍රතිරූප වෙනස් වෙන්න ඇති“[/FONT]


[FONT=&quot]මේ සිදුවීම මට යළි සිහියට නැගුණේ මගේ මිතුරෙක් ෆේස්බුක් අඩවියක පෙර දිනයක ලියා තිබුණු කරුණක් දැකීමෙනි. ‘සිංහබාහු‘ වේදිකාගත කෙරුණු, මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ නාමයට පිදුණු, පේරාදෙණිය සරච්චන්ද්‍ර එළිමහන් රඟමඩලට ශිෂ්‍ය සාහිත්‍ය උළෙල සංවිධායකයින් විසින් අජිත් කුමාරසිරිලා ගෙන්වා තිබීම ඔහුගේ දැඩි වේදනාවට හේතු වී තිබිණි. ඔහුට අජිත්ලාව පෙනී තිබුණේ පෙර දිනක ‘සිංහබාහු‘ නාටකය පෙන්වද්දී සුප්පාදේවිය කරළියට එන විට විසිල් පහරක් ගැසූ පරපුරේ කෙනෙකු ලෙසිනි![/FONT]


[FONT=&quot]සරල යැයි පෙනෙන මෙම ප්‍රකාශයේ ඇති බිහිසුණු බව පිළිබඳ සාකච්ඡාවට මත්තෙන් ඉහත පූර්විකාවේ අවසානය කියන්නට ඉඩ දෙන්න. [/FONT]


[FONT=&quot]මගේ දේශනයෙන් ද දිගු කලකට පසු අජිත්ගේ ගී සැඳෑව දා නොසිටි ආචාර්ය මිතුරෙක් මගෙන් මෙසේ ඇසී ය. කතාබහට මුල් වූයේ අජිත්ට ඕසීඅයිසී සම්මාන උළෙලේ හොඳම සිනමා පසුබිම් සංගීතයට හිමි සම්මානයත්, හොඳම සිනමා පසුබිම් ගායනයට හිමි සම්මානයත් ලැබීමය.[/FONT]


[FONT=&quot]“කවුද අර ‘වල්‘ අජිත්ට සම්මාන දුන්නෙ? කවුද එයාව කැම්පස් එකට ගෙන්නුවේ?“[/FONT]


[FONT=&quot]ඔහු සංගීතය පිළිබඳ ආචාර්යවයවරයකු වූ අතර ‘වල්‘ අජිත්ලාගේ ගීත වෙනුවට ‘හොඳ‘ සුනිල්ලාගේ ගීත අගයන පරපුරකට ශිල්ප ඥාණය බෙදාදෙමින් උන් අයෙකි. හොඳ සුනිල් යනු සුනිල් පෙරේරා නම් නොවේ. සුනිල් එදිරිසිංහ ය. [/FONT]


[FONT=&quot]අජිත් ‘වල්‘ වෙන්නේ ඇයි?[/FONT]


[FONT=&quot]අජිත් ‘වල්‘ වෙන්නේම සුනිල්ලා ‘හොඳ‘ වන නිසා ය. ‘වල්‘ අජිත් කියන ‘කුණුහරුප‘ විමසන්නට පෙර ‘හොඳ‘ සුනිල්ලාගේ ‘පිරිසිදු‘ වචන ගැන හොයා බලමු. [/FONT]


[FONT=&quot]අපට හමුවන ගීතය, කණ් කැඩෙන්නට ඇසෙන පුද්ගලික බස් රථයේ ගීතවලට බැණ වැදී ගෙදර ගොස් නිසොල්මනේ අසන ගීතය, හඳුන්වන්නට අද යොදන නම ‘සුභාවිත ගීතය‘ යන්න යි. ‘සුභාවිත ගීතය‘ මනරම්ව තේරුම් කර දෙන්නට නිවේදකයාට, සිංහල ගුරුතුමාට ලෙහෙසි ය. එය අසා නිදි නැති රැයවල සැනසෙන්නට, දැහැනට සමවදින්නට, විරහව විඳ කඳුළු සළන්නට, ජාති ආලයෙන් ඔද වැඩෙන්නට, ළමයින් මල් බව තේරුම් ගන්නට, පෙම්වතිය හෝ පෙම්වතා ගැන සිහින දැක සැනසෙන්නට රස විඳින්නාට ලෙහෙසි ය. මරනවා යනුවෙන් අජිත් ‘වල්‘ විදිහට කියන වචනය ‘නසනවා‘ යනුවෙන් සුභාවිත ගීතවලදී සුනිල් ‘හොඳ‘ විදිහට කියයි. ‘රට‘ කියා අමුවෙන්ම අජිත් කියද්දී සුනිල් කියන්නේ ‘දේශය‘ කියා ය. වලි කුකුළන් හේනට ඇවිදින් නටන බව සුනිල්ලා ගැයූවද කුකුළා, වල් ඌරා මරන් කන බවද, බල්ලන් උඩු බුරන බවද කියමින් අජිත් මෙන් උගුර ඇතුළෙන් කෑගසන්නේ නම් නැත.[/FONT]


[FONT=&quot]සරලව ගතහොත් රළු පරළු වදන් නැති හොඳ සුනිල්ලාගේ ගීත මනහර ය. අති දක්ෂ රචකයින් ‘ගේය පද රචනා‘ කර ඇති ඒවායේ වචනාර්ථ ගැඹුරු අරුත් හා සංවේදනා ඇති කරන සුළු ය. කන්කළු ය. වයලීනය, සිතාරය, බටනලාව වැනි මියුරු සත්සර නාද නංවන සංගීත උපකරණවලින් නැගෙන නාද සිත්තම්වලින් පූර්ණ ය. [/FONT]


[FONT=&quot]මගේ මිතුරු ප්‍රසංග කලා ආචාර්යවරුන්ට ‘යකා නැග්ගේ‘ අජිත් මේ කිසිදු කරුණක් පූර්ණ කර නොතිබුණු නිසා ය. සංගීත ශිෂ්‍යයා බැරිම තැන අමරදේවගේ ගීතයක් ඉල්ලුවේ මේ නිසා ය. බොක්ස් ගිටාරයක් පමණක් ගෙන නිකමට එහි තතක් දෙකක් පිරිමැද උගුරෙන් කෑගසා මොන නාද සිත්තමක් මවන්න ද? සඳ ගැන කියා පෙම්වතියකගේ මුහුණකට සසඳන්නේ නැතිව, එය පාර්ලිමේන්තුවට පායන බව කීමෙන් (පාර්ලිමේන්තුව නම් ගේය පදවැලකට කිසිම සුදුසුකමක් නැති වචනයකි. ‘ර‘ යන්නෙහි කිසිදු ගීතමය ගතියක් නැත!) සුරංගනාවිය ගැන කියා ඇයට පෙම් කරන්නේ නැතිව පීනන්න ගඟට බසින්න එපා, ගඟේ වතුර හොඳ නැතැයි කීමෙන් ඇතිවන හැඟීම මොනතරම් ජුගුප්සාජනක ද?[/FONT]


[FONT=&quot]සුනිල්ලාගේ හා අජිත්ලාගේ දේශපාලනය[/FONT]



[FONT=&quot]ගීතයට මොන දේශපාලනයක්දැයි අසන සංගීත ආචාර්යවරු මට කොතෙකුත් හමු වී ඇත. ගීත පදවැල් කඩ කඩා ටියුෂන් පන්තියේ, පාසැල් පන්ති කාමරයේ හෝ විශ්වවිද්‍යාල දේශන ශාලාවේ (නැතිනම් දොරමඩලාවේ) ඒවායේ අරුත් ලිහා දෙන සිංහල විශාරදයෝ කිසිම විටෙක මේ වදන් පසුපස ඇති දේශපාලනය නොදකිති; නොපෙන්වති. වචනයෙන් වචනය ලිහා කෙරෙන ගීත විචාරයක් වෙත නොගොසින් අපි සුනිල්ලාගේ ගීත දෙක තුනක් ගෙන බලමු. ගැඹුරු ලෙස කලාව හා දේශපාලනයට යන්නට පෙර මතුපිටින් පෙනෙන දෙය දැක ගනිමු.[/FONT]


[FONT=&quot]“රන්මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ...[/FONT]
[FONT=&quot]පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොණේ....“[/FONT]


[FONT=&quot]මේ උතුරු යුද්ධය ඉහළින්ම නැගෙද්දී නිතර ඇසුණු ගීතයකි. හදවතින් අප කිසි විට සොල්දාදුවන් තනි නොකරන බව කියමින් යුද්ධ බිමේ ඉදිරියට යන්නට ඔවුන්ට දිරි දෙන්නේ සුනිල්ගේ හඬ ය. සොල්දාදුවෝ මේ ගීතය අසා සැනහී යුධ බිමට ගිය හ. සමහරෙක් මිය ගිය හ. තවෙකෙක් දෙපා, දෙඇස් අහිමි ව යළි ආ හ. නිසොල්මන් සැඳෑවක ගුවන් විදුලිය ක්‍රියාත්මක කළ යළි පැමිණි අයට මේ ගීතය ඇසුණාට සැක නැත. [/FONT]


[FONT=&quot]“ලෝකයක් නසන්නට රුදුරු අවි අත දරා... සැරසෙමු ද?[/FONT]
[FONT=&quot]නැසුනු ලොව අභිමුවෙහි විජය කොඩි නගන්නේ... කවුරුන් ද?“[/FONT]


[FONT=&quot]මේ උදාහරණය මා සමග කී නාට්‍යකරුවකු වන ධනංජය කරුණාරත්න මගෙන් ඇසුවේ දැන් සොල්දාදුවා කුමක් සිතනු ඇත් ද යන්න යි. ගීතය සුනිල්ගේ ය![/FONT]


[FONT=&quot]මේ ගීතයට ඉහළ ඉල්ලුමක් තිබුණේ චන්ද්‍රිකා යුගයේ ‘සුදු නෙළුම්‘ ව්‍යාපාර සමයේ ය. මහින්ද රජය යුද්ධයට අවතීර්ණ වන විට ‘රන් වැටක් ලෙස‘ පෙරට ආවේ ය. මෙකරුණ ඇසූ මගේ තවත් මිතුරෙක් එම තර්කයට තමන් විරුද්ධ යැයි කීවේ, [/FONT]


[FONT=&quot]“එහෙම බැලුවොත් අපට ගන්න වෙන්නෙ ජයතිලක බණ්ඩාර විතරනේ... එකම මතයක ඉඳන් සිංදු කියපු“ කියමිනි. [/FONT]


[FONT=&quot]කොහොම වුණත් සුනිල්ලා නිකං ආවාට ගියාට සිංදු නොකියන බව අවසානයේ හො[/FONT][FONT=&quot]ඳටම ඔප්පු විය‍. ඒ මේ ගීතය සමගිනි. [/FONT]


[FONT=&quot]“ඝෝර මරසෙන් රැගෙනබලසෙන් - යළිත් ඇවිදින් පෙරහැරේ..[/FONT]
[FONT=&quot]මාර බල බිඳි බුදු පියාණෙනි - ඔබ දෙසූ ධර්මය අනතුරේ...“[/FONT]


[FONT=&quot]මේ බොදු බල සේනා සංවිධානයේ තේමා ගීතයයි. [/FONT]


[FONT=&quot]අජිතුයි, ඌරොයි, පාර්ලිමේන්තුවයි![/FONT]


[FONT=&quot]අජිත් සංවිධානවල තේමා ගීත ගයා නැත. ගයන්නට හොඳ කටහඬක් අජිත්ට නැත. අජිත්ම එක්තරා සංවාදයකදී කියා තිබූ පරිදි ඔහු නාදයට වඩා හඬ හා ඝෝෂාව ගැන විශ්වාස කරයි. එයට ලං වෙයි. හඬ හා ඝෝෂාව වඩා ළඟ මගේ ෆේස්බුක් මිතුරා කියන සුප්පා දේවි එන විට නැගුණු විසිල් පහර පැත්තට ය. එය කිසිම නාදයකට තබන්නේ නැති ව ඔහේ ගසා දමන්නකි. ඉතින්, බැලූ බැල්මට අජිත්ගේ ‘ගොරගොරය‘ ඒ වගේ ම ය![/FONT]


[FONT=&quot]සුනිල්ගේ සුභාවිත ගීත අසා, ඒ විමසා නොබැලූ අපි අජිත්ගේ ගීත විමසන්නේ ද නැත. අජිත්ගේ ගීතවල සුභාවිත පද වෙනුවට කඨෝර වචන එනවිටම මුහුණ නරක් කරගන්නා අපි ‘කුණුහරුප වදන්‘ වලට විරෝධය පාමු. අජිත් කියන මේ ‘කුණුහරුප‘ මොනවා ද?[/FONT]


[FONT=&quot]“පාර්ලිමේන්තුව ඇතුළට හඳපායනවා - හඳ එළියට පිස්සු හැදිල බල්ලො බුරනවා[/FONT]
[FONT=&quot]සිංහ පැටවු වාගෙ බුරනවා - බල්ලො හඳට යන්න හදනවා....“[/FONT]


[FONT=&quot]මේ පද කණ වැකෙද්දීම පිස්සු වැටෙන අපි පාර්ලිමේන්තුව ගැන, අද දවසේ දේශපාලනය ගැන අති-සරල වචන කිහිපයකින්, රළු වචන පෙළකින් අජිත් කියන බව සිතා නොසන්සුන් වෙමු. අපට එහි දෙවන වචන පෙළ නොඇසේ. වචන තවමත් රළු ය. නමුත් ඔහු විමසන ප්‍රශ්න ප්‍රබල දේශපාලන අර්ථ සහිත ය. සුභාවිත ගීතවල නොඇසෙන සුළු ය.[/FONT]


[FONT=&quot]“සිංහයාගේ අතට කඩුව දුන්නෙ කවු ද? - ලෙලදෙනකොට පැනල ඇවිත් අපිව කයි ද?[/FONT]
[FONT=&quot]පොඩි පුතා අහනවා... එයාට නින්ද යන්නෙ නෑ... කොඩියේ සිංහයට බයයි.... සිංහයගෙ කඩුවටත් බයයි....!“[/FONT]


[FONT=&quot]රළු පරළු ලෙස පෙනෙන මේ වැනි සරල වචන කලින් දවසක හත්තොටුවෙගමගේ වීදි නාට්‍යවලද හමු විය. [/FONT]


[FONT=&quot]“පාග පාග අහක දාන්ඩ ද? කපල කොටල මරල දාන්න ද?[/FONT]
[FONT=&quot]ඒ කරලා බදාගන්ඩ ද? මෙහෙම කරල රට හදන්ඩ ද?“[/FONT]


[FONT=&quot]අතිශය ‘අමු‘ මෙම වචන අපට සැනසිල්ලේ විඳින්නට ඉඩක් නොදෙයි. ‘රොක්‘ ස්වරූප ගිටාරය, උගුරෙන් එන, සෙම බැඳුණු කට හඬ අපේ දෙසවන් පීඩාවට පත් කරයි. ඇත්තටම අජිත් විමසන දේවල්, සිහි කැඳවන කරුණු, උපහාසයට නගන කාරණා සැනසෙන්නට දේ ද? නිවුණු හඬකින් අසා, දෙනෙත් පියා, විඳ සැතපෙන්නට දේ ද? ගොරතර කටුක දේවල් ද?[/FONT]


[FONT=&quot]“මල් පොකුරු අරන් ආවත් - සඳ එළියෙම නුඹ ආවත්...[/FONT]
[FONT=&quot]යන්න වෙන්නෙ රළු පාරක.... තුන්වෙනි ලෝකයෙ රටක් මේක...“[/FONT]


[FONT=&quot]කසුන් කල්හාරගේ ‘අනන්තයට යන පාර දිගේ‘ හි සුභාවිත වචනවලට එරෙහිව අජිත් ‘ගොරගොර‘ ගාන්නේ එසේ කියමිනි. ඔහු විරහ ගීත ද කියයි. ඒ මෙසේ ය.[/FONT]


[FONT=&quot]“ග්‍රීස් ගහේ මුදුනටම ගියා - ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා....[/FONT]
[FONT=&quot]සිංහල අවුරුදු දවසේ...[/FONT]
[FONT=&quot]කොඩිය අරන් මම බැහැල ගියා - ඇය ඔටුනු පැළඳ නගරයට ගියා...[/FONT]
[FONT=&quot]සිංහල අවුරුදු දවසේ....[/FONT]
[FONT=&quot]පබාවතිය මගෙ යන්න ගියා - කුසට ගෑස්ට්‍රික් අම්ල තියා[/FONT]
[FONT=&quot]සිංහල අවුරුදු දවසේ....“[/FONT]


[FONT=&quot]සියල්ල අපේ දොරමඩලාවෙන් උඩ දමා දෙන, ජාතික රූපවාහිනියෙන් සජීවීව විකාශය කරන සිංහල අවුරුදු දවසේ සිද්ධ වුණු දේවල් ය. අවුරුදු කුමරිය ගැන ලියද්දී ග්‍රීස් ගහක් ඈඳීමත්, පබාවතී ලඟ ගැස්ට්‍රික් අම්ල තැබීමත් විඳ දරාගන්නට බැරි සුභාවිත ගීත රසිකයා පබාවතීට හා ගැස්ට්‍රික්වලට වෙනම රූපවාහිනී වැඩ සටහන් බලා ඇති බැවින් මේ දෙක එකට ගැනීම ගැන උරණ වෙයි. ගීතයේ දේශපාලන ප්‍රකාශය අත හැර දමයි.[/FONT]


[FONT=&quot]සුනිල්ගේ ‘අමල් බිසෝ‘ දොර නොහැර දරුවන් රැක බලාගෙන, දීපංකරේ සිට සිය සැමියා එනතුරු හිඳිද්දී, අජිත්ගේ ‘පබාවතී‘ කිරුළ දරා නගරයට යයි. ඒ අකමැත්තෙන් ද නොවේ.[/FONT]


[FONT=&quot]“කොළඹ කට්ටියක් අරන් ගියා - ටිකක් කැමැත්තෙන් ඇයත් ගියා... සිංහල අවුරුදු දවසේ....[/FONT]
[FONT=&quot]රටක් වටින ඇය යන්න ගියා - වැඩිම මනාපය ඇයට ගියා.... සිංහල අවුරුදු දවසේ....“[/FONT]


[FONT=&quot]යුද්ධයට යන්නට, නැතිනම් නොගිහින් සාමයෙන් ගෙදර ඉන්නට, යුද්ධය නැති වන විට බොදුබලය හා එක්වන්නට සුනිල්ලා ගීත කියද්දී අජිත් ද යුද්ධය ගැන ගීත කියයි. යුද්ධයෙන් පසු මානව හිමිකම් පිළිබඳ සෙවූ ජිනීවා අමතයි.[/FONT]


[FONT=&quot]“හේයි ජිනීවා... අපි දැන් මරන්නෙ නෑ.... අපි දැන් කනවා විතරමයි[/FONT]
[FONT=&quot]කනකොට කනකොට ඌරො ලස්සනයි... කනකොට හරක් ලස්සනයි... කනකොට සිංදු ඕනමයි...[/FONT]
[FONT=&quot]කනකොට ඔයාව ළඟට ඕනමයි... [/FONT]


[FONT=&quot]හේයි ජිනීවා... අපි දැන් මරන්නෙ නෑ.... අපි දැන් කනවා විතරමයි[/FONT]
[FONT=&quot]කනකොට වල් ඌරො ලස්සනයි... කුකුල්ලු ගොඩක් ලස්සනයි... කනකොට රටත් ලස්සනයි...!“[/FONT]


[FONT=&quot]රළු වචනවල සැඟවෙන අජිත්ගේ ‘කුණුහරුප‘ වචනවල වන මානව ප්‍රේමය, යුධ විරෝධය අපට නොපෙනෙයි. ඇඳ, උඩුතොල, උරනවා ඇසුණු විගස, කොතරම් බණ අසා, සුපේෂල වී සිටියත් අපේ සිත් සැළෙයි. ‘චික්‘ කියැවෙයි.[/FONT]


[FONT=&quot]“සයනයිඩ් කරල යටි තොල හංගා තබා... උඩු තොල විතරක් උරමු ද මගෙ සුදු බබා...[/FONT]
[FONT=&quot]ආණ්ඩුව ඇවිත් අපෙ ඇඳ උඩටම බබා.... උතුර සුන්දර ද මං ගිහිල්ල නැහැ බබා....“[/FONT]


[FONT=&quot]අජිත් ‘වල්‘ විය යුතුය. පාර්ලිමේන්තුව ඇතුළේ බල්ලන් උඩු බුරන බව කියා දේශපාලනයේ වියරුව ගැන කියන, කොඩියේ සිංහයාට පුතා බය වී ඇති බව කියා ජාතික සංස්ථාපිතයන්හි අර්බුද ගැන සිහි කැඳවන, මල් පොකුරු ගෙන අනන්තයට යන පාරෙන් එන ඇයට මෙය තුන්වන ලෝකයේ රටක් බව සිහි කර දෙන, පබාවතිය අවුරුදු කුමාරිය වූ පසු කොළඹට කැමැත්තෙන් ගිය බව කියා ජරාජීර්ණ සමාජය ස්ත්‍රිය විනාශ කරන අන්දම කියන, ජිනීවාවලට අපි දැන් නොමරන බවත්, කන එක පමණක් කරන බවත් කෑගසා කියන, ආණ්ඩුව ඇඳ උඩටම පැන අප සිර කර, අපේ ලිංගික ජීවිත දක්වාම තීරණය කර ඇති බව කියන අජිත් ඇත්තටම ‘වල්‘ ය. ඔහු කිසිදු හොඳක් නොදකියි. නොපෙන්වයි. ඔහුට ‘හොඳ‘ වෙන්නට බැරිකමක් නැත. ඔහු කළ යුත්තේ දොරමඩලාව අසා, උදේ රැයින් නැගිට බණ අසා, සිරි පැරකුම් බලා, පබාවතී මෙහෙය වන රූපවාහිනී වැඩ සටහන රස විඳ, හොඳම වෙදා චැනල් කර ගැස්ට්‍රික්වලට බෙහෙත් ගෙන, උතුර සුන්දර ද බලා ගන්නට ‘ට්‍රිප් එකක්‘ යාමට සූදානම් වීම ය. ඒ ගමන අතරතුර සිංදු කියන්නම ඕනෑනම්, ඔහුට ‘හොඳ‘ සුනිල්ගේ සිංදුවක් තෝරාගෙන කියන්නට පුළුවන.[/FONT]


[FONT=&quot]ඔහු ඒ ටික කර ‘හොඳ‘ ළමයෙක් වන තුරු ඔහු ගොර හඬින් කියන පහත වදන් ‘හොඳ‘ සුනිල්ගේ ‘දෙවැනි බුදුන් ලෙස‘ ගීතයේ වදන් සමග සසඳා බලමු. [/FONT]


[FONT=&quot]“ආමි - නේවී... එයා ෆෝස්...[/FONT]
[FONT=&quot]ඊපීඩීපී, එල්ටීටීඊ...[/FONT]
[FONT=&quot]මව් බිම නැත්තං මරණය කිව් අය[/FONT]
[FONT=&quot]ටෙලෝ ටෙරෝ සහ කරුණා අම්මාන්...[/FONT]


[FONT=&quot]අම්මේ මේ කිසිවකුහට බෑ...[/FONT]
[FONT=&quot]ජීවිත දෙන්නට - වෛරෙන් නොමරා[/FONT]
[FONT=&quot]නුඹ වාගේ...[/FONT]
[FONT=&quot]අම්මේ මේ කිසිවකුහට බෑ...[/FONT]
[FONT=&quot]පණක් රකින්නට ඔබ වාගේ....[/FONT]


[FONT=&quot]එස්එල්එෆ්පී, යූඑන්පී[/FONT]
[FONT=&quot]එල්එස්එස්පී, එන්එස්එස්පී....[/FONT]
[FONT=&quot]ජේඑච්යූ සහ ජේවීපී,[/FONT]

[FONT=&quot]අම්මේ මේ කිසිවකුහට නෑ...[/FONT]
[FONT=&quot]උඹ වාගේ මා ගැන සැලසුම්...[/FONT]
[FONT=&quot]මගෙ ජීවිතයට....[/FONT]

[FONT=&quot]අම්මේ මේ කිසිවකුහට නෑ...[/FONT]
[FONT=&quot]වැටහෙන්නේ දුක අවංකවම....“


[/FONT]
ප්‍රියන්ත පොන්සේකා
උපුටා ගැනීම අළු බ්ලොග් අඩවියෙන්
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
[FONT=&quot]අජිත්ගේ ‘වල්‘ සිංදු කිහිපයක් : [/FONT]







 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ මතු කරන ප්‍රශ්නෙට හේතුව මොකක්ද ? ඒ ගැන මේ ලිපියේ කතා වෙන්නේ නෑ.
    හැබැයි එකක් නං පෞද්ගලික අත්දැකීමෙන්ම කියන පුළුවන්. අමරදෙවලා, වික්ටර්ලා, නන්දාලා, සුනිල්ලා වගේ මේ ලිපියේ "හොඳ"යි ලේබල් ගහපු අය කියපු සිංදු අමරණිය වෙන්නත්, "වල්" යයි ලේබල් ගහපු අයගේ සිංදු එහෙම නොවෙන්නත් පැහැදිලි හේතුවක් තියනවා.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේ මතු කරන ප්‍රශ්නෙට හේතුව මොකක්ද ? ඒ ගැන මේ ලිපියේ කතා වෙන්නේ නෑ.
    හැබැයි එකක් නං පෞද්ගලික අත්දැකීමෙන්ම කියන පුළුවන්. අමරදෙවලා, වික්ටර්ලා, නන්දාලා, සුනිල්ලා වගේ මේ ලිපියේ "හොඳ"යි ලේබල් ගහපු අය කියපු සිංදු අමරණිය වෙන්නත්, "වල්" යයි ලේබල් ගහපු අයගේ සිංදු එහෙම නොවෙන්නත් පැහැදිලි හේතුවක් තියනවා.

    ලියුම්කරු මතු කරන්න උත්සහ කරන්නේ චවන වලින් එහා ගිය යටි පෙළ ගැන විය යුතුයි. අජිත්ගේ ගීත වල කියවෙන්නේ බොහෝ විට දේශපාලනය, මං හිතන්නේ ඇත්ත තීත්තයි, කටුකයි කියන යථාර්තය තමයි ඔහු සි ගීත තුලින් කියන්න උත්සහ කරන්නේ කියලා.

    අමරදේවයන්, නන්දා මාලනියන්, සුනිල් එදිරිසිංහයන්ගේ වගේම අජිත් කුමාරසිරිගේ ගීතයනුත් රසවිඳින්න හැකියාව ම
    තිබෙනවා (ඇතැම් ගීත හා පද ගැන මටත් යම් යම් විවේචන නැතුවා නොවේ)

    සුභාවිත ගීතයන් හා අජිත්ගේ ගීත ප‍්‍රධාන වශයෙන් වෙනස් වෙන්නේ පද රචනා වල තියෙන ආකෘතියම වෙනස හා එයට යොදාගන්නා වචන සුමට නොවන නිසාත් ඔහුගේ සංගීතමය ශෛලියත් හේතුවන බව මගේ විශ්වාසයයි.

    ඇත්තටම ගීතයක වචන සුමට විය යුතුමද?
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    මම නම් හිතන්නේ සුභාවිතය කියන්නෙම කුණුහරුප වැදගත් විදිහට කියන්න අවස්තාව ලබාගැනීමක් කියලා.. වැදගත් විදිහට කිව්වත් නොවැදගත් විදිහට කිව්වත් කුණුහරුපයේ තේරුම වෙනස් වෙන්නේ නෑ.. වෙනස තියෙන්නේ ඔය කියන සුභාවිතයෙදි කියැවෙන කුණුහරුපය පොළොවේ පයගහලා ඉන්න මිනිස්සු බොහොමයකට තේරෙන්නේ නැති එක සහ ඒ එක්කම සුභාවිතය තේරෙනවා කියන "නැණවත්" මිනිස්සු ගහන පදේට නටලා ඒ ගැන්සියට තමනුත් අයිතියි කියලා පෙන්නන්න ඒ අයගේ තියෙන කැමැත්ත ඔය විදිහට එළියට එන එක.. ලංකාවේ උන් කොහොමත් උගුරට හොරා බෙහෙත් බොන්න හරි ආසයි නේ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලියුම්කරු මතු කරන්න උත්සහ කරන්නේ චවන වලින් එහා ගිය යටි පෙළ ගැන විය යුතුයි. අජිත්ගේ ගීත වල කියවෙන්නේ බොහෝ විට දේශපාලනය, මං හිතන්නේ ඇත්ත තීත්තයි, කටුකයි කියන යථාර්තය තමයි ඔහු සි ගීත තුලින් කියන්න උත්සහ කරන්නේ කියලා.

    අමරදේවයන්, නන්දා මාලනියන්, සුනිල් එදිරිසිංහයන්ගේ වගේම අජිත් කුමාරසිරිගේ ගීතයනුත් රසවිඳින්න හැකියාව ම
    තිබෙනවා (ඇතැම් ගීත හා පද ගැන මටත් යම් යම් විවේචන නැතුවා නොවේ)

    සුභාවිත ගීතයන් හා අජිත්ගේ ගීත ප‍්‍රධාන වශයෙන් වෙනස් වෙන්නේ පද රචනා වල තියෙන ආකෘතියම වෙනස හා එයට යොදාගන්නා වචන සුමට නොවන නිසාත් ඔහුගේ සංගීතමය ශෛලියත් හේතුවන බව මගේ විශ්වාසයයි.

    ඇත්තටම ගීතයක වචන සුමට විය යුතුමද?
    විය යුතුමද ? නෑ. නමුත් එහෙමෙ උන ගීත වලට හිත ඇදීයාම වලක්වන්න බෑ. "රළු" යයි කියන වචන ඇසීමට අපි අකමැති නිසානේ ඒවාට රළු වචන කියන්නේ. ගිතයකිනුත් ඒ වචන ඇහෙදිදී ගීතයේ පණිවුඩය කුමක් වුවත් මුලිනම ඇති වෙන්නේ ගීතයට අකමැත්තක්.
    එම පණිවුඩයම සුමට වචනයෙන් සහ ඊට ගැලපෙන සංගීතයෙන් ඉදිරිපත් කළා නම් එය ඇසීමට කැමැත්තක් ඇතිවෙනවා, එම නිසාම කියන පද වලට අවදානයක් යොමු වෙනවා. නිරායාසයෙන්ම ඒ ගීත සදාකාලික වෙනවා.
    රළු වදනින් යුතු, ඊට ගැලපෙන් සංගීතයකින් යුතු ගීතයකට එය ඇසු වෙලේ සිතේ ආවේගයක්, හැඟීමක් ආවට එය ඉක්මනින් සිතෙන් අමතක වෙනවා.

    මම නම් හිතන්නේ සුභාවිතය කියන්නෙම කුණුහරුප වැදගත් විදිහට කියන්න අවස්තාව ලබාගැනීමක් කියලා.. වැදගත් විදිහට කිව්වත් නොවැදගත් විදිහට කිව්වත් කුණුහරුපයේ තේරුම වෙනස් වෙන්නේ නෑ.. වෙනස තියෙන්නේ ඔය කියන සුභාවිතයෙදි කියැවෙන කුණුහරුපය පොළොවේ පයගහලා ඉන්න මිනිස්සු බොහොමයකට තේරෙන්නේ නැති එක සහ ඒ එක්කම සුභාවිතය තේරෙනවා කියන "නැණවත්" මිනිස්සු ගහන පදේට නටලා ඒ ගැන්සියට තමනුත් අයිතියි කියලා පෙන්නන්න ඒ අයගේ තියෙන කැමැත්ත ඔය විදිහට එළියට එන එක.. ලංකාවේ උන් කොහොමත් උගුරට හොරා බෙහෙත් බොන්න හරි ආසයි නේ..
    ෂෝ එකට සුබාවිත ගීත අහන උන් ඉන්න නිසාම නෙමෙයි ඒ ගීත සදාකාලික වෙලා තියෙන්නේ . කුනුහරුපයක් උනත් සුමටව, නැත්තං උඹ කියන විදියට "වැදගත්" ලෙස කිව්වම අහන්න හිතන එක සාමාන්‍ය ස්වබාවය. ඒ ගීත ලියපු අය ඕක තේරුම් ගත්ත නිසා තමයි ඒ ගීත වලට ඒ විදියට පද පේලි යෙදුවේ.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    විය යුතුමද ? නෑ. නමුත් එහෙමෙ උන ගීත වලට හිත ඇදීයාම වලක්වන්න බෑ. "රළු" යයි කියන වචන ඇසීමට අපි අකමැති නිසානේ ඒවාට රළු වචන කියන්නේ. ගිතයකිනුත් ඒ වචන ඇහෙදිදී ගීතයේ පණිවුඩය කුමක් වුවත් මුලිනම ඇති වෙන්නේ ගීතයට අකමැත්තක්.
    එම පණිවුඩයම සුමට වචනයෙන් සහ ඊට ගැලපෙන සංගීතයෙන් ඉදිරිපත් කළා නම් එය ඇසීමට කැමැත්තක් ඇතිවෙනවා, එම නිසාම කියන පද වලට අවදානයක් යොමු වෙනවා. නිරායාසයෙන්ම ඒ ගීත සදාකාලික වෙනවා.
    රළු වදනින් යුතු, ඊට ගැලපෙන් සංගීතයකින් යුතු ගීතයකට එය ඇසු වෙලේ සිතේ ආවේගයක්, හැඟීමක් ආවට එය ඉක්මනින් සිතෙන් අමතක වෙනවා.


    ෂෝ එකට සුබාවිත ගීත අහන උන් ඉන්න නිසාම නෙමෙයි ඒ ගීත සදාකාලික වෙලා තියෙන්නේ . කුනුහරුපයක් උනත් සුමටව, නැත්තං උඹ කියන විදියට "වැදගත්" ලෙස කිව්වම අහන්න හිතන එක සාමාන්‍ය ස්වබාවය. ඒ ගීත ලියපු අය ඕක තේරුම් ගත්ත නිසා තමයි ඒ ගීත වලට ඒ විදියට පද පේලි යෙදුවේ.

    සුභාවිත ගීතයක ලක්ෂණ විදියට දකින්නේ සුන්දරකම, සිත සමාධිගත කරවිම, නැතහොත් ආනන්දයෙන් ප‍්‍රඥාව කරා රැගෙන යාමක් තමයි කියැවෙන්නේ ඒ පිළිබඳව කිසිම ප‍්‍රශ්ණයක් නෑ.

    නමුත් අජිත්ගේ ගීතවලින් අපි සාමන්‍ය ගීතයක දකින තැන්පත් බව දක්න
    නොලැබුනත්, ඔහුගේ සංගීතය විදින්න පුලූවන්

    ඇත්ත කියන්න ඔහු රළු වචන යොදාගන්නේ සුන්දර වචන වලින් තීත්ත ඇත්ත යටපත් කිරිමට ඔහු අකැමැති නිසා වෙන්න පුලූවන්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුභාවිත ගීතයක ලක්ෂණ විදියට දකින්නේ සුන්දරකම, සිත සමාධිගත කරවිම, නැතහොත් ආනන්දයෙන් ප‍්‍රඥාව කරා රැගෙන යාමක් තමයි කියැවෙන්නේ ඒ පිළිබඳව කිසිම ප‍්‍රශ්ණයක් නෑ.

    නමුත් අජිත්ගේ ගීතවලින් අපි සාමන්‍ය ගීතයක දකින තැන්පත් බව දක්න
    නොලැබුනත්, ඔහුගේ සංගීතය විදින්න පුලූවන්

    ඇත්ත කියන්න ඔහු රළු වචන යොදාගන්නේ සුන්දර වචන වලින් තීත්ත ඇත්ත යටපත් කිරිමට ඔහු අකැමැති නිසා වෙන්න පුලූවන්
    වෙන්න ඇති, නමුත් එහෙම කිරීමෙන් සිද්ද වෙලා තියෙන්නේ ඔහු ගීතයෙන් පවසන දේ වැඩි දෙනෙක් අතරට නොයෑමයි. ඔයා දාපු ඔය ලිපියෙනුත් ඒක කියවෙනවානේ ?
     

    madukp

    Member
    Aug 27, 2011
    117
    4
    0
    කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ මේ ලිපිය මුලින්ම හදපු මහත්තයා ගොඩක් කරුණු එක පිට එක පටලෝගෙන තියෙන්න් , එහෙම නැත්නම් උවමනාවෙන් අලුත් පරපුර නොමගට යැවීමේ සියුම් ක්‍රමවේදයක් මේ ලිපිය ලිවීමේ තාක්ෂණයේ තියෙනවා.

    උදාහරණ එකක් පමණක් දෙන්නම්.

    ==================
    [FONT=&quot]“රන්මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ...[/FONT]
    [FONT=&quot]පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොණේ....“[/FONT]


    [FONT=&quot]මේ උතුරු යුද්ධය ඉහළින්ම නැගෙද්දී නිතර ඇසුණු ගීතයකි. හදවතින් අප කිසි විට සොල්දාදුවන් තනි නොකරන බව කියමින් යුද්ධ බිමේ ඉදිරියට යන්නට ඔවුන්ට දිරි දෙන්නේ සුනිල්ගේ හඬ ය. සොල්දාදුවෝ මේ ගීතය අසා සැනහී යුධ බිමට ගිය හ. සමහරෙක් මිය ගිය හ. තවෙකෙක් දෙපා, දෙඇස් අහිමි ව යළි ආ හ. නිසොල්මන් සැඳෑවක ගුවන් විදුලිය ක්‍රියාත්මක කළ යළි පැමිණි අයට මේ ගීතය ඇසුණාට සැක නැත. [/FONT]


    [FONT=&quot]“ලෝකයක් නසන්නට රුදුරු අවි අත දරා... සැරසෙමු ද?[/FONT]
    [FONT=&quot]නැසුනු ලොව අභිමුවෙහි විජය කොඩි නගන්නේ... කවුරුන් ද?“
    ===================

    මේ ගීත දෙකේ අවස්ථාවන් දෙකක් නිරුපනය වන බව ශිෂ්‍යත්ව විබාගයට පෙනී සිටි දු පුතුන් උනත් දන්නවා කියල මම හිතනවා. අංක එක 'රන් මලක් ලෙස" අපේ දේශය එහි වටිනාකම සහ දේශ වාසීන් / යද හමුදාව එම දේශය අනතුරේ ඇතිවිට දිවි පුද හෝ රැක ගැනීම තෙම කරගත් ගීතයක්.

    අංක දෙක "ලෝකයක් නසන්නට" බලෙන් මත්වී [/FONT]
    [FONT=&quot][FONT=&quot]කරන [/FONT]යුද්දයක් තේමාවක් කර ගත් ගීතයක්. එයන් කවදාවත් අපේ රට අනතුරේ තිබියදී යුද්ද කල රණ විරුවන්ට විරුද්ධව චෝදන්වක් එල්ල වෙන්නේ නෑ.

    ==========================

    ලිපියේ හරයක් නම් නෑ. වචන සුමටද රළුද නෙවි ප්‍රශ්නය. රළු බසවෙනුත් හොද ගීත බිහි වෙනවා. එහෙත් හරසුන් බොලද ප්‍රලාප හෝ අදෝනා රළු විදියට ලිව්වම එහෙම වෙන්නේ නෑ :D
    [/FONT]
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    මල් පොකුරු අරන් ආවත්
    හඳ පානෙම උඹ ආවත්
    යන්න වෙන්නෙ රළු පාරක
    තුන් වෙනි ලෝකයෙ රටක් මේක

    ආවත් දුකයි ... නාවත් දුකයි ...





    ade mu marune ban
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,040
    338
    83
    Kaduwela
    poddak hitapan dath kibula enakan ..

    apitanam oya complex dewal threnenne na

    jiwitthaya simple karaganna one misak complex karaganna one naha

    kesi wethath
    hitapan ape datha awilla mekata dei hoda comment ekak
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මල් පොකුරු අරන් ආවත්
    හඳ පානෙම උඹ ආවත්
    යන්න වෙන්නෙ රළු පාරක
    තුන් වෙනි ලෝකයෙ රටක් මේක

    ආවත් දුකයි ... නාවත් දුකයි ...





    ade mu marune ban

    උඹට අජිත්ව හිතට අල්ලලා වගේ :D:D

    poddak hitapan dath kibula enakan ..

    apitanam oya complex dewal threnenne na

    jiwitthaya simple karaganna one misak complex karaganna one naha

    kesi wethath
    hitapan ape datha awilla mekata dei hoda comment ekak

    :rolleyes::rolleyes::rolleyes::P:P:rofl:;)