වසංගත, ආපදා සහ රටේ අනාගතය....

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වසංගත, ආපදා සහ රටේ අනාගතය....

    වසංගත, ආපදා සහ රටේ අනාගතය

    ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට......

    WNUdp6B.jpg


    ටික කාලෙකට පස්සේ එලකිරිය පැත්තට ආවා. පොඩි අදහස් කිහිපයක් ලියන්න කියල හිතලමයි මේ පැත්තට ආවේ.
    වර්තමානයේ ලෝකයම මුහුණදීලා තියෙන තත්වය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ....

    මම මෙහෙම ආරම්භයක් ගන්නම්.....

    රටක ශ්‍රම පරම්පරාව, ඒකියන්නේ රට ඉදිරියට ගෙනියන්න තීරණ ගන්න, ඒ වෙනුවෙන් මහන්සි වෙන, රටේ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවය කරන කොටිම්ම රටේ වැඩකරන පරම්පරාව හැටියට සලකන්න පුළුවන් අවුරුදු 20 - 60 අතර ජීවත් වෙන කොටසට.

    ඒ කියන්නේ 1960 දශකයේ ඉඳල 90 දශකය වෙනකන් ඉපදුනු පරම්පරාව.
    මේක කියවන ගොඩක් දෙනෙක් ඒ පරම්පරාවට අයිති ඇති කියල හිතනවා.නිකමට අපි මෙතුවක් මුහුණ දීපු ඉතිහාසය ගැන ආපහු මතක් කරමු බලන්න.

    අවුරුදු ගානක් තිස්සේ අපි මුහුණ දීපු සිවිල් යුද්ධය..
    රටේ තැන තැන පිපුරුණු බෝම්බ.
    දේශපාලන අරගල.
    සිවිල් ගැටුම්.
    2004 සුනාමිය.
    කාලෙන් කාලෙට ආපු ගංවතුර, නාය යෑම්.
    පාස්කු බෝම්බ ප්‍රහාරය.

    ඒ වගේම දැන් ලෝක වසංගතයන්.........


    cAGlwO4.jpg


    1N5zmmF.jpg


    K3cy2hS.jpg


    හැබැයි අද වෙනකොටත් අපි කීයෙන් කී දෙනාද පූර්ව සුදානම ගැන අවබෝධයෙන් කටයුතු කරන්නේ......
    ඒ වගේම හදිසි අවස්ථාවකදී කටයුතු කරන්න ඕනේ කොහොමද, නොකළ යුත්තේ මොනවද කියන දේ ගැන ප්‍රයෝගික දැනුමක් තියෙන්නේ කාටද?

    උදාහරණයකට මම මෙහෙම කියන්නම්,
    සුනාමිය අවස්ථාවේදී මුහුදුරළ ආපස්සට ගිය වෙලේ එතනට නොයා යුතුයි, ඒවගේම උස් බිමකට යා යුතුයි කියන දේ ගැන දැන ගෙන හිටියේ කවුද ?

    ඒ වගේම හදිසි පිපිරුම් අවස්තාවකදී හැකි තරම් පොලවේ දිගා වීම තුලින් හානිය අවම කර ගන්න පුළුවන් කියන දේ ගැන අහල තිබ්බද ?

    ඒ වගේම දැන් සිද්ධ වෙන නිරෝධායන ක්‍රියාවලිය....

    ඇත්තටම අපි මෙව්වා ගැන මීට වඩා දැනුවත් වෙන්න ඕනේ නේද ? ආපදා කළමනාකරණය ගැන අපේ රටේ ලොකුවට කතා කරන්න පවා අපි පෙළඹුනේ 2004 සුනාමි ව්‍යසනයෙන් පස්සේ....

    ඉතින් මම හිතනවා අපේ රටේ පාසල් අධ්‍යාපනයට අලුතෙන් මේ විෂය ඇතුළු කල යුතුයි.දැන් තියෙනවා වගේ ඔහේ උඩින් පල්ලෙන් කියල දෙන විෂයක් හැටියට නෙමේ.ප්‍රයෝගික විෂයක්.

    ආපදා කළමනාකරණය.
    ස්වභාවික විපත් සහ පෙර සුදානම.
    ගංවතුර, නායයාම්,හදිසි ජලගැලීම්,භූමිකම්පා වැනි ස්වභාවික විපත්ති.
    මුලික ප්‍රථමාධාර.
    හදිසි ගිනි ගැනීම් වැනි ගෘහාශ්‍රිත අනතුරු වලදී කටයුතු කරන ආකාරය.
    යුධ තත්වයන්, බෝම්බ , න්‍යෂ්ඨික, රසායනික ප්‍රහාර වගේ අවස්ථාවන්ට මුහුණ දෙන ආකාරය.
    වසංගත වැනි රෝග තත්වයන්ට මුහණ දෙන ආකාරය.
    ඒ වගේම සයිබර් අපරාධ සහ වංචා.


    ZFXqKRo.jpg


    uFTMaPL.jpg


    ibEyAhZ.jpg


    p0DDZ5A.png


    2Ow0HjC.jpg


    දරුවෙකුගේ අවුරුදු 11 විතර පාසල් ජීවිතය තුලදී ක්‍රමානුකුලව ප්‍රයෝගික දැනුම එක්ක මේ වගේ අවස්ථාවන්ට මුහුණ දෙන විදිහ පුරුදු පුහුණු කරලා ගත්තොත් අනාගත ලෝකයේදී අපිට මුහණ දෙන්න සිද්ධ වෙන ගොඩක් ගැටලුකාරී අවස්ථා වලදී අපිට රටක් හැටියට ඒ ඒ අවස්ථාවන්ට මුහුණ දෙන එක ඉතාම පහසු වෙනවා නේද ?

    ගොඩක් රටවල දැනටමත් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා, ඒ වගේම අපිට පුළුවන් අපිටම අනන්‍ය විදිහට මේ දැනුම් පද්ධතිය සකස ගන්න.
    මොකද ගොඩක් රටවලට නැති අත්දැකීම් අපිට අපේ මිනිස්සුන්ට තියෙනවා....

    ඔයාලගේ අදහසුත් මෙතන දාන්න....ඒ වගේම මේ වගේ අදහසක් රටේ ඉහලම තැන් වලට ගෙනියන්න හැකි කෙනෙක් ඉන්නවා නම් ඒ දේ කරන්න කියලත් ඉල්ලනවා....

    CZmLdRa.jpg


     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    ඉතාමත් හොඳ අදහසක්. ඔහොම විධිමත් අධ්‍යාපනයක් දෙන්න නැත්නම් අපේ උන් වැඩ කරන්නේ වඳුරෝ වැස්සට ගෙවල් හදනවා වගේ තමයි
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    සෞඛ්‍යය කියල විෂයක් තියනවා පොඩි පන්තිවල. ඕක O/L දක්වා ඉස්කෝලේ යන ඕනෑම එකෙකුට ඉගෙන ගන්න ලැබෙනවා. එහෙම එකේ කිවිසුමක් අරින හැටි/ කහින හැටි උගන්වන්න දැන්වීම් /පෝස්ටර් දදා කියල දෙන්න වෙලා තියෙන්නේ. වැසිකිලි ගිහින් අතහෝදන ප්‍රතිශතය 40% ට අඩුයි.
    තව තව විෂයන් දාල මොනවා ඉගැන්නුවත් විභාග පාස් වෙන්න විතරක් ඉගෙන ගන්නා ළමයි/මිනිස්සු ඉන්න කන් ප්‍රතිපලය එකම තමයි.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සෞඛ්‍යය කියල විෂයක් තියනවා පොඩි පන්තිවල. ඕක O/L දක්වා ඉස්කෝලේ යන ඕනෑම එකෙකුට ඉගෙන ගන්න ලැබෙනවා. එහෙම එකේ කිවිසුමක් අරින හැටි/ කහින හැටි උගන්වන්න දැන්වීම් /පෝස්ටර් දදා කියල දෙන්න වෙලා තියෙන්නේ. වැසිකිලි ගිහින් අතහෝදන ප්‍රතිශතය 40% ට අඩුයි.
    තව තව විෂයන් දාල මොනවා ඉගැන්නුවත් විභාග පාස් වෙන්න විතරක් ඉගෙන ගන්නා ළමයි/මිනිස්සු ඉන්න කන් ප්‍රතිපලය එකම තමයි.

    ඒකනම් ඉතින් එහෙම තමා......:dull::dull:

    ඒත් කොතනකින් හරි වෙනස් වෙන්න ඕනේ නේ........ :yes::yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචෝ හුග කාලෙකින් දැක්කේ... ඉතින් කොහොමද ? මේ කාලෙ නෝ ට්‍රිප් නේද ? මගෙ යාලුවෙක් නම් සතියකට කලින් සිරිපාදේ ගියා. හෙන පාලුයිලු...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    වටිනා අදහසක් සහෝ.රේප්+

    මෙහෙම පැත්තක් තියෙනවා. ලංකාවේ බලන්නේ හින්දි පීචර්, reality වැඩසටහන්...

    Discovery, National Geographics, science වගේ චැනල් වල මේවා ගැන මිනිස්සු දැනුවත් කරනවා.

    උදාහරණයක් විදියට සුනාමි ගැන මම අනන්තවත් documentary බලල ඇති (2004 පෙර). ඒවා ඇතිවෙන හැටි, වැළකෙන හැටි, අතීත පාඩම් ගොඩක් දැනුවත් වෙනවා.

    තව උදාහරනයක් black death වසංගතය. ඉස්සර මිනිස්සු කරපු මෝඩ වැඩ ගැන දැනුවත් කර. කොහොමද පැතිරුනේ. අවම කරගන්න හැටි වගේ

     
    • Like
    Reactions: Dodo Mahaththaya

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    FB..

    ඇදිරී නීති දාන එක කාටත් වදයක් කවුරුත් කැමති නෑ.හැමෝම ආස වෙනද වගේ වෙනද වගේ කාල බීල ඉන්න.නමුත් පොඩ්ඩක් හිතන්න.

    රජය ලිහිල් වෙන්න කල්පනා කරනවා ගෙදරට බඩු යවන්න.බෙහෙත් යවන්න.ඒවගේම වානිජ බැන්කු අරින්න.තොග වෙලද ස්තාන පැය 24ම අරින්න.

    ගෙවල්වල ඉන්න මිනිස්සු,විශේෂයෙන් පොඩි දරුවො වයසක අයට ඕන දෙය්වල් තියෙනවනෙ.ඉතින් ඇදිරිනීති දිගටම තියෙන නිසා අර වගේ යමක් රජයෙක් කරන එක හොදයි.නමුත් අපි හොදට සිහියෙන් කල්පනාකරන්න ඕන අපේ අරමුන "ගෙදරටම වෙලා ඉන්න" "ගෙවල්වලට යන්නත් එපා" කියන සීමාවෙ උපරිමව ඉන්න ඔනෙන බව.

    ඒනිසා දේශපාලකයොම විතරක්මේ කාර්යසාදක බලකාවලට නොදා අනික් මෙතෙක් ක්‍රියාවලියෙ සිටි අයත් මේවට ගන්න.ඒවගේ උපදෙස් දීම වෛද්‍ය නිලධාරින් කියනදේට හොදට ඇහුම්කන් දෙන්න.මේ ක්‍රියාවලියෙ ඉන්න පොලිසිය හමුදාව පරිපාලන නිලදාරින් තමන්ගෙ මෙතෙක් අත්දැකීම් අනුව කියනදේවල් වලට ඇහුම්කන් දෙන්න.

    මේක අවම වශයෙන් සැප විදල සුර සැප නොසොයා මොලේ කල්පනාවෙන් ඉන්න ඕන වෙලාවක්.ගෙවල් වලට බඩු ගේනවා කියල සීමාවක් නැතුව නගර වල කාර්ය බහුල වෙන්න ගත්තොත්,මිනිස්සු හෝ ගාල ගෙවල් වලට එන්න ගත්තොත්.අපේ මෝඩ මිනිස්සූ මේ අවස්තාවෙන් හතර අතට කෝල්කරල මිනිස්සු ලවා ගෙදර බඩු අනවශ්ය ලෙස ගෙන්නගෙන ආතල් ගන්න හැදුවොත් අර මෙච්චර කල සෞඛ්‍ය කාර්ය මන්ඩලය,පොලිසිය හමුදාව හා කර්යසාධක පරිපාලන නිලදාරින් වෙහෙසුන වෙහෙසිල්ල වතුරෙ යනවා.අපේ මිනිස්සුන්ගෙ වෙලද පල චර්යාව අපි දැක්කනෙ.ඒවගේම මේ ගෙවල්වලට බඩු ගේන අලුත් වෙනස්කම් මොනව උනත් කෝරොනා මැඩලන්න ගත්ත හරයාත්මක ක්‍රියාව්වලිය ඩැමේජ් කරන්න එපා.කරන හැමදයෙක්ම හොදට සොයා බලල කරන්න.මේ දේවල් වෙන හැටි පරිශාවෙන් ඉන්න.


    අපේ මේ වෙලාවෙ අරමුන අවම සැප පහසුව විදල මේ වසන්ගතේ කඩා ගන්න එක මිසක් මේ වෙලාවෙ සුර සැප විදින්න ගිහිල්ල දෙවන ඉතාලියක් කරගන්න එක නෙවේ.රජය හොද කල්පනාවෙන් ඉන්න.විශේෂක්නයෝ වෛදයවරුන්ට සවන්දෙන්න,හමුදාපතිතුමාට සවන්දෙන්න.අජිත් රෝහන මහත්මයට සවන්දෙන්න,ඒ අයට්යි එක දිගට මැරුනෙ.ඒ අයයි මිනිස්සුන්ගෙ චර්යාවෙ නියම තත්වෙ දන්නෙ.ඒ අය එපා කියන කිසි දෙයක් කරන්න එපා.

    "Be at Home, Be not allowed to come in visitors"

    ඔය Basic rule එක හැකි තරම් රකින්න.
     
    • Like
    Reactions: Dodo Mahaththaya