වසංගත, ආපදා සහ රටේ අනාගතය....
වසංගත, ආපදා සහ රටේ අනාගතය
ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට......
ටික කාලෙකට පස්සේ එලකිරිය පැත්තට ආවා. පොඩි අදහස් කිහිපයක් ලියන්න කියල හිතලමයි මේ පැත්තට ආවේ.
වර්තමානයේ ලෝකයම මුහුණදීලා තියෙන තත්වය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ....
මම මෙහෙම ආරම්භයක් ගන්නම්.....
රටක ශ්‍රම පරම්පරාව, ඒකියන්නේ රට ඉදිරියට ගෙනියන්න තීරණ ගන්න, ඒ වෙනුවෙන් මහන්සි වෙන, රටේ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවය කරන කොටිම්ම රටේ වැඩකරන පරම්පරාව හැටියට සලකන්න පුළුවන් අවුරුදු 20 - 60 අතර ජීවත් වෙන කොටසට.
ඒ කියන්නේ 1960 දශකයේ ඉඳල 90 දශකය වෙනකන් ඉපදුනු පරම්පරාව.
මේක කියවන ගොඩක් දෙනෙක් ඒ පරම්පරාවට අයිති ඇති කියල හිතනවා.නිකමට අපි මෙතුවක් මුහුණ දීපු ඉතිහාසය ගැන ආපහු මතක් කරමු බලන්න.
අවුරුදු ගානක් තිස්සේ අපි මුහුණ දීපු සිවිල් යුද්ධය..
රටේ තැන තැන පිපුරුණු බෝම්බ.
දේශපාලන අරගල.
සිවිල් ගැටුම්.
2004 සුනාමිය.
කාලෙන් කාලෙට ආපු ගංවතුර, නාය යෑම්.
පාස්කු බෝම්බ ප්‍රහාරය.
ඒ වගේම දැන් ලෝක වසංගතයන්.........
හැබැයි අද වෙනකොටත් අපි කීයෙන් කී දෙනාද පූර්ව සුදානම ගැන අවබෝධයෙන් කටයුතු කරන්නේ......
ඒ වගේම හදිසි අවස්ථාවකදී කටයුතු කරන්න ඕනේ කොහොමද, නොකළ යුත්තේ මොනවද කියන දේ ගැන ප්‍රයෝගික දැනුමක් තියෙන්නේ කාටද?
උදාහරණයකට මම මෙහෙම කියන්නම්,
සුනාමිය අවස්ථාවේදී මුහුදුරළ ආපස්සට ගිය වෙලේ එතනට නොයා යුතුයි, ඒවගේම උස් බිමකට යා යුතුයි කියන දේ ගැන දැන ගෙන හිටියේ කවුද ?
ඒ වගේම හදිසි පිපිරුම් අවස්තාවකදී හැකි තරම් පොලවේ දිගා වීම තුලින් හානිය අවම කර ගන්න පුළුවන් කියන දේ ගැන අහල තිබ්බද ?
ඒ වගේම දැන් සිද්ධ වෙන නිරෝධායන ක්‍රියාවලිය....
ඇත්තටම අපි මෙව්වා ගැන මීට වඩා දැනුවත් වෙන්න ඕනේ නේද ? ආපදා කළමනාකරණය ගැන අපේ රටේ ලොකුවට කතා කරන්න පවා අපි පෙළඹුනේ 2004 සුනාමි ව්‍යසනයෙන් පස්සේ....
ඉතින් මම හිතනවා අපේ රටේ පාසල් අධ්‍යාපනයට අලුතෙන් මේ විෂය ඇතුළු කල යුතුයි.දැන් තියෙනවා වගේ ඔහේ උඩින් පල්ලෙන් කියල දෙන විෂයක් හැටියට නෙමේ.ප්‍රයෝගික විෂයක්.
ආපදා කළමනාකරණය.
ස්වභාවික විපත් සහ පෙර සුදානම.
ගංවතුර, නායයාම්,හදිසි ජලගැලීම්,භූමිකම්පා වැනි ස්වභාවික විපත්ති.
මුලික ප්‍රථමාධාර.
හදිසි ගිනි ගැනීම් වැනි ගෘහාශ්‍රිත අනතුරු වලදී කටයුතු කරන ආකාරය.
යුධ තත්වයන්, බෝම්බ , න්‍යෂ්ඨික, රසායනික ප්‍රහාර වගේ අවස්ථාවන්ට මුහුණ දෙන ආකාරය.
වසංගත වැනි රෝග තත්වයන්ට මුහණ දෙන ආකාරය.
ඒ වගේම සයිබර් අපරාධ සහ වංචා.
දරුවෙකුගේ අවුරුදු 11 විතර පාසල් ජීවිතය තුලදී ක්‍රමානුකුලව ප්‍රයෝගික දැනුම එක්ක මේ වගේ අවස්ථාවන්ට මුහුණ දෙන විදිහ පුරුදු පුහුණු කරලා ගත්තොත් අනාගත ලෝකයේදී අපිට මුහණ දෙන්න සිද්ධ වෙන ගොඩක් ගැටලුකාරී අවස්ථා වලදී අපිට රටක් හැටියට ඒ ඒ අවස්ථාවන්ට මුහුණ දෙන එක ඉතාම පහසු වෙනවා නේද ?
ගොඩක් රටවල දැනටමත් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා, ඒ වගේම අපිට පුළුවන් අපිටම අනන්‍ය විදිහට මේ දැනුම් පද්ධතිය සකස ගන්න.
මොකද ගොඩක් රටවලට නැති අත්දැකීම් අපිට අපේ මිනිස්සුන්ට තියෙනවා....
ඔයාලගේ අදහසුත් මෙතන දාන්න....ඒ වගේම මේ වගේ අදහසක් රටේ ඉහලම තැන් වලට ගෙනියන්න හැකි කෙනෙක් ඉන්නවා නම් ඒ දේ කරන්න කියලත් ඉල්ලනවා....