වසන්ත ඝාතකයෝ පාපෝච්ඡාරණය කරති..
අනුරාධපුර පැනොරාමා රාත්‍රි සමාජ ශාලාවේ හිමිකරු වූ කරාටේ ශූර වසන්ත සොයිසා මහතාගේ ඝාතනය පිළිබඳව අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනාගෙන් කීපදෙනකු පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇත.
එහිදී ඔවුන් පාපොච්ඡාරණය කර ඇත්තේ මෙසේය.
'හමුදා සේවයෙන් ඉවත්ව සිටින "ලොක්කා" එදා රෑ අපිට හොඳටම මත්පැන් බොන්න දුන්නා. ඊට පස්සේ ඔහු යකඩ පොලු, ලී පොලු අපට දීලා සොයිසාට පහර දෙන්නැයි කිව්වා'.
ලොක්කා අපට මෙහෙම බොන්න දුන්නේ එයාගේ උපන් දිනය කියලයි. බීලා ඉවර වුණාට පසසේ සොයිසා මහත්මයාට ගහන්න කියලා ඔහු අපට දැනුම් දුන්නා.“ යැයි සදහන් කර තිබේ.
“ලොක්කා සොයිසා මහත්තයා සමඟ කාලයක් තිස්සේ අමනාපෙන් හිටිය බව කීවා. ලොක්කාගේ කතාව අනුව ඔහු සොයිසා මහත්තයා සමඟ ලොකු වෛරයකින් පසුවන බව දැනගත්තා. ලොක්කාව පොලිසියට අල්ලලා දීලත් තියනවාලු. අපි කරපු දේ ගැන අද අපි දුක්වෙනවා. මෙම සිද්ධියෙන් පස්සේ ලොක්කා ප්‍රදේශයෙන් පැනගොස් සිටින බව ආරංචියි.“ යැයි එම සැකකරුවන් කිහිපදෙනෙකු ප්‍රකාශ කර ඇත.
මේ අතර මෙම මිනීමැරුම සඳහා සැකකරුවන් 24 දෙනකු සහභාගි වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
දැනට අත්අඩංගුවේ සිටින මුළු සංඛ්‍යාව 14 කි.
ඒෂියන් මිරර්..