වසරේ ICC එක්දින කණ්ඩායම

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    වසරේ ICC එක්දින කණ්ඩායම

    ICC.jpg
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ එක්දින කණ්ඩායම අද (15) නම් කරනු ලැබුවා. එම කණ්ඩායමේ නායකත්වය සඳහා නවසීලන්ත ක්‍රිකට් පිලේ නායක කේන් විලියම්සන් නම් කර තිබෙනවා.

    වසරේ එක්දින තරගාවලිය සඳහා ඊයේ පැවති අවසන් මහ තරගයට ක්‍රීඩා කරනු ලැබූ එංගලන්ත සහ නවසීලන්ත කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් 06 දෙනෙකු ඇතුලත් වීම විශේෂත්වයක්. වසරේ ICC එක්දින කණ්ඩායමට බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් සහ ඉන්දියානු පිලේ රෝහිත් ෂර්මා සහ ජස්ප්‍රිට් බුම්රා ද නම් කර තිබෙනවා.

    මෙවර වසරේ එක්දින කණ්ඩායම සඳහා එකදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ඇතුලත් නොවීම සුවිශේෂී කරුණක් වනවා.


    source - nethnews
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    කුසල් මෙන්ඩිස්,තිරිමාන්න,දිමුත්,දනන්ජය සිල්වා,තිසර පෙරේරා,ජීවන් මෙන්ඩිස්,මිලින්ද, මුන් ටික ලෝකේ මොන ටීම් එකකටවත් ගන්නේ නෑ.අඩුම ගානේ බංගලියොවත් උන්ව ටීම් එකට දාන්නේ නෑ.එච්චරම දුර්වල පිතිකරුවන් පංදු යවන්නන් සහ පංදු රකින්නන්:D
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    මෙවර වසරේ එක්දින කණ්ඩායම සඳහා එකදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ඇතුලත් නොවීම සුවිශේෂී කරුණක් වනවා.[/SIZE]


    :lol: ඔය කරුන සුවිශේෂී කරුණක් නෙමි බන්, සාමාන්‍ය කරුනක්නෙහ් :lol: