මේ අවුරුද්ද අවසානය වෙනකොට සජිත් ජනාධිපති කරනවා කියලා කබීර් කියපු කතාවට සහ රනිල් දහවන විධායක ජනාධිපති කරනවා කියලා වජිර කියපු කතාවට ජවිපෙ ගොඩක් දෙනෙකුට මළ පැනලා.දැන් ජවිපෙ වේදිකා උඩ ආයෙත් සජිත් දේශපාලන මාතෘකාවක් වෙලා. මාලිමා වේදිකාවේ දිගටම රනිල් සහ මහින්ද ඉලක්කවෙලා තිබුණා.මෙච්චර කල් මාලිමාවේ කට්ටියගේ හොඳ ළමයා වෙලා හිටපු සජිතුතත් ඉලක්කයක් වෙලා.
ඒ කතාවට අනුර හොඳටම බයවෙලාලු.ටිල්වින්ට හොඳටම රිදිලාලු.අවුරුදු 60 කට ආසන්න කාලයක් දුක් විදලා බලය ගත්තේ ආපහු දෙන්න නෙවෙයි කිය කිය හිටිය ජෙප්පන්ටත් යකා නැගලා.මොකද සජිත් හරි,රනිල් හරි ජනාධිපති වෙන්න නං අනුර පැනලා යන්නම ඕනි.ජවිපෙ නායකයා පැනලා යන නායකයෙක් කියලා කියන එක ජෙප්පන්ට කරන මාර අසහාසයක්.රටේ රාළ ඊයේ ලිපියෙන් කිව්වේ අනුර පැනලා යනවා නම් ජවිපෙට පළවෙනි අභියෝග එන්නේ සජිත්ගෙන්වත්,රනිල්ගෙන්වත් නෙවෙයි හරිනිගෙන් කියලයි.
රටේ රාළගේ ඊයේ ලිපියෙන් ටිල්වින් තිගැස්සිලා ගියා කියලා ආරංචියි.සමහරවිට ටිල්වින්ගේ රොෂාන්ත බලකායට රටේ රාළ සම්බන්ධව තීරණයක් ගන්න කියලා කියන්නත් බැරි නෑ.අනුරට ජනාධිපති පුටුව නැති උනොත් තඟදාලා ටිල්වින් කඩාගෙන තියෙන මාලිමාවේ ලේකම්ගේ බලය සහ ජවිපෙ ප්රධාන ලේකම්ධූරය කියන දෙකම ටිල්වින්ට අහිමි වෙනවා.ටිල්වින්ට ඒ බලය නැතිවුන දවසට ටිල්වින්ට දේශපාලන ප්රශ්න විතරක් නෙවෙයි සදාචාර ප්රශ්න ගොඩකුත් එනවා.අනුරගේ ජනාධිපතිකම නැති රැකියා තියෙන ටිල්වින්ගේ දුෂ්ඨ බලයත් එහෙම උනොත් නැතිවෙනවා.
ඒක නිසා අනුර පැනලා යනවා කියන එක අනුරටත් වඩා ටිල්වින්ට මාරාන්තිකයි.
ඒක නිසා ටිල්වින් අනුරටත් වැඩිය ඉස්සරහට ඇවිත් කබීර්ගේ කතාවට උත්තර දෙන්න පටන් අරන්.ටිල්වින් කියන්නේ අපි බලය ගත්තේ අවුරුදු පහකට,දැන් ගිහින් තියෙන්නේ මාස හයයි,තව ගොඩක් කල් තියනවා.දැන්ම ජනාධිපතිවරණයක් එන්නේ නෑ.ඒක තියෙන්නේ 2029යේ කියලා.ඔන්න දැන් ටිල්වින් වැටිලා තියන තැන.ටිල්වින්ට මතක නෑ ගෝඨාභය ආවෙත් අවුරුදු පහකට කියලා. හැබැයි ඡන්දයක් නැතිව ගෝඨාභය අවුරුදු දෙක හමාරෙන් ගෙදර ගියා.ඉතින් ගෝඨාභයටත් වැඩිය දුර්වල රාජ සභාවේ අන්දරේ ගානට වැටිලා ඉන්න අනුරට යන්න වෙනවා කියන එක අහන්නත් දෙයක්ද?
ඇත්තටම කබ්ර්ගේ ඒ කතාව දැන් මාලිමාවට ලොකු මානසික බාධාවක් වෙලා.අනුරත් දැන් පෙන්නන්න හදන්නෙ මේ අවුරුද්ද අවසානයේ එහෙම අභියෝගයක් එන්නේ නෑ කියලා සහ එන ඕනිම අභියෝගයක් ජය ගන්න අනුරට පුළුවන් කියලයි." ලෝකයේ මොන අභියෝගයක් නිර්මාණය උනත් මෙරට නොසැලෙන ආර්ථිකයක් නිර්මාණය කිරීම මගේ අපේක්ෂාවයි.ලෝකයේ වසංගතයකදී, යුධමය තත්ත්වයකදී,තීරුබදු වෙනසකදී මෙරට ආර්ථිකය බිඳ වැටෙනවා.ඒකෙන් කියන්නේ අපි ශක්තිමත් ජාතික ආර්ථිකයක් ගොඩනගාගෙන නෑ.අපි අපේ ජාතික උරුමයක් සහිත නව ආර්ථික උපයමාර්ගයකට අපේ රට පරිවර්තනය කරලා ඕනෑම අභියෝගයකින් නොසැලෙන ආර්ථිකයක් නිර්මාණය කරන්න ඕනි " කියලා අනුර දැන් කියනවා.
අනුර හදන්නේ ළඟ එන ආර්ථික අර්බුදය වචනවලින් නවත්තන්න.එහෙම කයිවාරුවලින් අර්බුද නවත්තන්න බෑ.නවත්තනවා නම් ඒ ඉතාම කෙටි කාලයකට විතරයි.ඒ කියන්නේ කයිවාරු වලංගු වෙන්නේ අර්බුදය එනකං විතරයි.දැන් අර්බුදය එන්න පටන් අරන්.ළඟ එන අර්බුදයට අනුරගේ කයිවාරු අදාල නෑ.රටේ රාළ කිව්ව විදිහට රනිල් හදලා ගිය ආර්ථික ස්ථාවරත්වය උඩ ඉඳගෙන රනිල්ට බැන බැන අනුර දාපු සෙල්ලම් සියල්ල දැන් ඉවරයි.දැන් ඒ ස්ථාවරත්වය කඩා වැටෙන්න පටන් අරන්.
කඩාවැටීම පටන් ගත්තේ මේ අවුරුද්දේ මාර්තු මාසේ පටන්.දැන් දිගටම වෙන්නේ කඩා වැටීම. මාර්තුවේ ඉඳන් අපේ රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරය ඉහළ යමින් රුපියල බාල්දු වෙමින් තියනවා.ඒක නිසා ආනයනික භාණ්ඩ මිල ඉහළ යනවා වගේම අපේ විදේශ ණය ප්රමාණයත් වේගයෙන් ඉහල යනවා.මාස හතරක කාලයක් තුළ රුපියල් පහකින් රුපියල අවප්රමාණය වෙලා තියනවා.මේ දවස්වල රත්රන් මිල වේගයෙන් ඉහල යෑමෙන් පේන්නේ ඒ අර්බුදයේ එක පැත්තක්.
අපේ සමස්ත විදේශ ණය ප්රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 35 ක් විතර වෙනවා.රුපියල අවප්රමාණය වෙන්න වෙන්න ණය ප්රමාණය ඉහල යනවා.ඩොනල්ඩ් ට්රම්ප් තීරු බදු ලිහිල් නොකළොත් අපි කබලෙන් ලිපට වැටෙනවා.රනිල් 2024 වසරේ ආර්ථික වර්ධනය වේගය 5%ක සීමාවට ගෙනත් අනුරට රට බාරදුන්නා.අනුරලා එක්කෝ ඒක 6% වගේ සීමාවට ගෙනියන්න ඕනි.අනුරලා කියන විදිහට නාස්තිය දූෂණය නතර කරලා තියනවා නම් ඒක එහෙම වෙන්න ඕනි.එහෙමත් නැත්තං අඩුම ගානේ 5% සීමාවේ තියාගන්න හර ඕනි.අනුරට ඒක කරන්න හිතන්නවත් බෑ.
ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුවේ පුරෝකතනවලට අනුව මේ අවුරුද්දේ රටේ ආර්ථික වර්ධනය 3.3% - 3.9% අතර අගයක් දක්වා කඩාගෙන වැටෙනවා.අනුරට ඒ කඩා වැටීම පහුගිය ආණ්ඩු මත දාලා බේරෙන්න බෑ.රිලව් පිට, වඳුරෝ පිට දාලා බේරෙන්නත් බෑ.අනුරට තමන්ගේ නොහැකියාව බාරගන්නම වෙනවා.ඊළඟට 2026දී ආර්ථික වර්ධන වේගය 3%ට කඩා වැටෙන බවට ADB සහ World Bank පුරෝකතනවල තියනවා.මේ හරහා වෙන්නේ 2028 IMF ඉලක්කවලට යන්න බැරිවෙන එකයි.අන්ත්මට අපිට ණය ගෙවන්න බැරි රටක් බවට Brand වෙනවා.
මේ අර්බුදයට අනුර මේ අවුරුද්දේ අවසන් කාර්තුව වෙනකොට මුහුණ දෙනවා.කිසිම බරපතලකමක් නොදානු ණය ගන්න අනුරට මේ අවුරුද්ද අවසන් වෙනකොට ණය ගන්න තැණක් නැතිවෙනවා.ඒ අර්බුදය ඉස්සරහා අනුරට අනිවාර්යෙන්ම පහු බහින්න සිද්ධ වෙනවා.ඒකට අනුරට තියන එක උත්තරයක් තමයි පැනලා යෑම.ඒ පැත්ත දැකලා තමයි කබීර් කියන්නේ සජිත් ජනාධිපති කරනවා කියලා,වජිර කියන්නේ රනිල් ජනාධිපති කරනවා කියලා.මේ දෙන්නගේම කතාවේ පොදු සාධකය අනුර පැනලා යනවා කියන එකයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.