වසර දස දහසකට පසු බල්ලන් නැවත වනගත කිරීමේ ම#
This is superb article.....


ලංකාවේ කකුල් හතරේ බල්ලෝ ලක්ෂ 20ක් සිටිති. සමහර බල්ලෝ මහ මැදුරුවල සුර සැප විඳිති. අනෙක් බල්ලන්ට යන එන මං නැත.
බල්ලා ඉහළ සමාජයේදී සමාජ තත්වය පෙන්වන කැඩපතක් ද වේ.
කෙසේ වෙතත්, තිරිසනුන් අතරින් මිනිසාට වඩාත් ම සමීප සත්වයා බල්ලා ය. බල්ලා කෙතරම් මිනිසාට සමීප වූයේ ද යත්, අද වන විට කැළෑවල බල්ලන් නැති තරම් ය. ලංකාවේ නම් කැළෑ බල්ලන් විශේෂයක් ඇත්තේ ම නැත.
බල්ලා මිනිසාගේ මිතුරකු වන්නට ගොස් සිය අනන්‍යතාව කෙතරම් නැති කර ගත්තේ ද යත්, අද වන විට ඌට මිනිසාගේ ඉඳුල් නැතිනම් කෑමක් බීමක් නැතිව මැරෙන්නට සිදු වී ඇත. ඒකත් හරියට ආණ්ඩු සමග සන්ධානගත වූ ඇතැම් විප්ලවවාදීන්ගේ ඉරණම වැනි ය.
දැන් ලංකාව බල්ලන් ආපසු වනගත කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මෙය දියත් කර ඇත්තේ ආසියාවේ ආශ්චර්යය ආරම්භ වන දකුණු පළාතේ පිහිටි ගාල්ලේ කරාපිටිය රෝහලෙනි. කරාපිටිය රෝහලේ සිටි බල්ලන් 62ක් අල්ලා ගෙන ගොස් කිලෝමීටර් 12ක් දුරින් පිහිටි කොට්ටව කැළයට මුදා හළ බව කරාපිටිය රෝහලේ වැඩ බලන අධ්යක්ෂ ජයම්පති පෙරේරා වෛද්‍යතුමා අද The Nation පුවත්පතට පවසා තිබේ.
මේ කොට්ටව කැළය යනු කුඩා වනරොදකි. ඒ මැදින් ගාල්ල සිට හිනිදුම ප්‍රදේශයට දිවෙන මහා මාර්ගය ද වැටී තිබේ. එහි එක් කෙළවරක ඇගලුම් කම්හලක් ඇත. අනෙක් කෙළවරේ උසාවියක් හා රජයේ කාර්යාල ඇත. වටේ ම ගෙවල් ය.
තාම අර බල්ලෝ කැළේ ය. පහත පළ වන්නේ ඒ බල්ලන් රැස්වීමක් පවත්වා ඒකමතිකව නිකුත් කරන ලද පුවත්පත් නිවේදනයකි. මෙය අපට කොට්ටව කැළයේ සිට ෆැක්ස් කර තිබිණි.
"වසර දස දහසකට පමණ පසු අප නැවත වනගත කිරීම සඳහා ගත් පියවර සම්බන්ධයෙන් අපි අතිගරු ජනාධිපතිතුමන්ට, සෞඛ්‍ය ඇමතිතුමන්ට හා මෙම මෙහෙයුමේ මහ මොළකාර කරාපිටිය රෝහලේ වැඩ බලන අධ්යක්ෂ ජයම්පති පෙරේරා වෛද්‍යතුමාට අපේ ස්තුතිය ප්‍රකාශ කරන්නෙමු.
මෙය වනාහි වන්නි ජනතාව මුදා ගැනීමේ මහා මෙහෙයුමට පමණක් දෙවෙනි වන මානුෂික බලු මෙහෙයුමකි.
මෙය අපගේ උරුමය ආරක්ෂා කිරීම සඳහා මහෝපකාරී වන පියවරකි. මිනිස් ඇසුරේ සිටිමින් අපහාසයට ලක් වෙමින් නො සිට අප අනුගමනය කරමින් කොට්ටව කැළයට එන ලෙස අපි ලංකාවේ ඉතිරි බල්ලන් 19,999,938න් දඉල්ලා සිටිමු.
කොට්ටව කැළයට පිවිසුම් පර්යන්තයක් කරාපිටිය රෝහලේ පිහිටුවා ඇත. එතැන් සිට ප්‍රවාහනය නො මිළේ ය."
(ආදර්ශය: මෝඩ වැඩ කර ඒ පිළිබද පුවත්පත්වලින් ප්‍රචාරය ලබා ගන්නට යාම අනතුරුදායක ය.) News Source
This is superb article.....





