දෙවන ලෝක යුද්ධයේදී ජපානය පර්ල් වරායට බෝම්බ හෙළීමෙන් පසුව ඇමෙරිකාවට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරය ලෙස එරට සලකන්නේ 2001 සැප්තැම්බර් මස 11 දා නිව්යෝක් සහ වොෂින්ටන් නගර ඉලක්ක කරගෙන එල්ල කල ප්‍රහාරයයි.ප්‍රහාරයට වග කිව යුත්තන් සම්බන්ධව විවිධ කතා නිර්මාණය වුවද මෙම සිද්ධියෙන් 3000කට ආසන්න පිරිසක් මරණයට පත්වූ බව එරට රජය විසින් වාර්තා කර තිබිණි.මෙම ප්‍රහාරය එම දිනයේදී රූපවාහිනය ඔස්සේ සජීවීව විකාශනය කල අතර පහත දැක්වෙන්නේ එදින උදෑසන සිදුවූ සිද්ධීන් දාමය ඡායාරූපවලින් සංක්ෂිප්තව ඉදිරිපත් කිරීමකි.
2001 සැප්තැම්බර් මස 11 දා වෙනදා මෙන් නිව්යෝක් නගරයට සාමාන්‍යය උදෑසනක් විය.වසර තිහක පටන් නගරයේ ගොඩනැගිලි පරයා නැගී සිටින ලෝක වෙළද මධ්‍යස්ථාන නිවුන් කුළුණු දෙකත් සුපුරුදු පරිදි කාර්යාල කටයුතු සඳහා විවෘතව පැවතිණි.
එදින උදෑසන 08.46 ට ඇමෙරිකානු ගුවන් සේවා පියාසැරි 11 යානය ලෝක වෙළඳ මධ්‍යස්ථාන උතුරු කුළුනේ ගැටුණි.පුවත විකාශනය කල ආයතන එය අනතුරක්ද ප්‍රහාරයක්ද යන වග දැන සිටියේ නැත.
උදෑසන 09.03 එක්සත් ගුවන් සේවා පියාසැරි 175 ගුවන් යානය දකුණු කුළුනේ ගැටුණි.
දෙවන යානය ගැටීමෙන් පසුව විශාල පිපිරීමක් සිදුවිය.ගුවන් යානයේ ඉන්ධන හේතුවෙන් පිපිරීම ඇතිවූ බව පැවසිණි.ඉන්පසු කුළුණු දෙකම ගිනි ගෙන දැවෙන්නට විය.
ගුවන් යානා දෙක කුළුණු දෙක හරහා ගමන් කිරීම නිසා සෝපාන විනාශ වී යෑමෙන් ඉහල මහල්වල සිරවී සිටි පිරිස ගිනිදළු සහ දුමාරයෙන් බේරීමට කවුළු තුලින් පිටතට හිස හොවාගෙන සිටියහ.
මෙම ඡායාරූපය ප්‍රහාරයේ සලකුණක් බවට පත්විය.පුද්ගලයින් 200ක් පමණ පහළට වැටීමෙන් හෝ පැනීමෙන් මරණයට පත්විය.
උදෑසන 09.40 ඇමෙරිකානු ගුවන් සේවයේ පියාසැරි 77 ගුවන් යානය පෙන්ටගනයට කඩා වැදුණි.ඉන් මිනිත්තු පහකට පසුව සියලුම ගුවන් යානාවලට ආසන්නතම ගුවන් තොටුපොලට ගොඩබස්සවන්නට නියෝග කෙරිණි.
උදෑසන 09.59ට දකුණු කුළුණ කඩාවැටුණි.
ගොඩනැගිල්ල ආසන්නයේ සිටි පිරිස් එම ප්‍රදේශයෙන් පලාගියහ.ඔවුන්ගේ සිරුරු අළු සහ දූවිල්ලෙන් වැසී තිබිණි.
පැහැරගන්නා ලද එක්සත් ගුවන් සේවයේ පියාසැරි 93 ගුවන් යානය උදෑසන 10.03ට පෙන්සිල්වේනියා,ෂාන්ක්ස්විලේ ප්‍රදේශයට කඩා වැටුණි.එම ගුවන් යානයේ ඉලක්කය වේ යැයි විශ්වාස කලේ එක්සත් ජනපදයේ අගනුවරයි.අනෙක් ප්‍රහාර ගැන දැනහුන් එහි මගීන් විසින් යානය පැහැරගත්ත වුන්ගෙන් යානයේ පාලනය ලබාගැනීමට උත්සාහ කර තිබේ.
උදෑසන 10.28ට උතුරු කුළුණ කඩා වැටුණි.
නිව්යෝක් ප්‍රහාරයෙන් පුද්ගලයින් 2,753ක් මරණයට පත්වූ බව සඳහන් වේ.2001 සැප්තැම්බර් 18දා එම භූමිය ගුවනට දිස්වූ අයුරු.
ප්‍රහාරයෙන් පසුව විපත පත්වූවන් බේරාගැනීමට ගිය ගිනි නිවන භටයින් 343ක්,පොලිස් නිලධාරීන් 60 මරණයට පත්විය.
පෙන්සිල්වේනියාහි පුද්ගලයින් 40ක් සහ වොෂින්ටන් හි පුද්ගලයින් 184ක් ඇතුලුව 3,000කට ආසන්න් පිරිසක් මරණයට පත්විය.
ග්‍රවුන්ඩ් සීරෝ හෙවත් ලෝක වෙළද මධ්‍යස්ථානය පිහිටි භූමියේ මුදාගැනීමේ කටයුතු ඔක්තෝම්බර් 9 වෙනිදා තෙක් සිදුකෙරිණි.එම භූමියේ ගිනි ගැනීම දෙසැම්බර් මස 20 දක්වා සිදුවූබව සඳහන් වේ.
ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකනු වැසියන් තුවාල ලැබූවන්ට ලබාදීමට රුධිරය ප්රදානය කල අතර ඔවුන්ගේ ප්‍රදානයන් ලේ බැංකුවල සංචිත ඉක්මවා යන තරම් විය.ග්‍රවුන්ඩ් සීරෝ හි බේරාගැනීම් කටයුතු සඳහා පුද්ගලයින් සිය ගණනක් ස්වේච්ඡාවෙන් මැදිහත්විය.
ප්‍රහාරයෙන් පසුව ජනපති බුෂ් "ත්රස්තවාදයට එරෙහිව යුද්ධය" ප්‍රකාශයට පත් කරන ලදි.ඇමෙරිකානු රජයට අනුව ප්‍රහාරයේ වගකීම අල්කයිඩා සංවිධානයට බැර විය.ඉන් වසර 10කට පසුව අල්කයිදා නායක හමුදා මෙහෙයුමකින් මරාදැමුණු බව එරට රජය ප්‍රකාශයට පත් කරන ලදි.
ප්‍රහාරයෙන් වසර ගණනකට පසුව විනාශ වූ කුළුණු දෙක පිහිටා තිබූ ස්ථානවල ආලෝක දහරා දෙකක් අහස දෙසට ඉලක්ක කර පිහිටුවන ලදි.
මෙම ඛේදවාචකය සිහිකරනු වස් එම භූමියේ 9/11 සමරුව මහජනයාට විවෘත කරන ලදි.
Source:businessinsider.com
-HarshaLulzSec-



