වසර 15කට පෙර....

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    SAjOk70.jpg

    දෙවන ලෝක යුද්ධයේදී ජපානය පර්ල් වරායට බෝම්බ හෙළීමෙන් පසුව ඇමෙරිකාවට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරය ලෙස එරට සලකන්නේ 2001 සැප්තැම්බර් මස 11 දා නිව්යෝක් සහ වොෂින්ටන් නගර ඉලක්ක කරගෙන එල්ල කල ප්‍රහාරයයි.ප්‍රහාරයට වග කිව යුත්තන් සම්බන්ධව විවිධ කතා නිර්මාණය වුවද මෙම සිද්ධියෙන් 3000කට ආසන්න පිරිසක් මරණයට පත්වූ බව එරට රජය විසින් වාර්තා කර තිබිණි.මෙම ප්‍රහාරය එම දිනයේදී රූපවාහිනය ඔස්සේ සජීවීව විකාශනය කල අතර පහත දැක්වෙන්නේ එදින උදෑසන සිදුවූ සිද්ධීන් දාමය ඡායාරූපවලින් සංක්ෂිප්තව ඉදිරිපත් කිරීමකි.


    2001 සැප්තැම්බර් මස 11 දා වෙනදා මෙන් නිව්යෝක් නගරයට සාමාන්‍යය උදෑසනක් විය.වසර තිහක පටන් නගරයේ ගොඩනැගිලි පරයා නැගී සිටින ලෝක වෙළද මධ්‍යස්ථාන නිවුන් කුළුණු දෙකත් සුපුරුදු පරිදි කාර්යාල කටයුතු සඳහා විවෘතව පැවතිණි.​

    5saPIF3.jpg





    එදින උදෑසන 08.46 ට ඇමෙරිකානු ගුවන් සේවා පියාසැරි 11 යානය ලෝක වෙළඳ මධ්‍යස්ථාන උතුරු කුළුනේ ගැටුණි.පුවත විකාශනය කල ආයතන එය අනතුරක්ද ප්‍රහාරයක්ද යන වග දැන සිටියේ නැත.

    fqLUW1L.jpg





    උදෑසන 09.03 එක්සත් ගුවන් සේවා පියාසැරි 175 ගුවන් යානය දකුණු කුළුනේ ගැටුණි.

    uBkF7bZ.jpg





    දෙවන යානය ගැටීමෙන් පසුව විශාල පිපිරීමක් සිදුවිය.ගුවන් යානයේ ඉන්ධන හේතුවෙන් පිපිරීම ඇතිවූ බව පැවසිණි.ඉන්පසු කුළුණු දෙකම ගිනි ගෙන දැවෙන්නට විය.

    8n1UqDx.jpg





    ගුවන් යානා දෙක කුළුණු දෙක හරහා ගමන් කිරීම නිසා සෝපාන විනාශ වී යෑමෙන් ඉහල මහල්වල සිරවී සිටි පිරිස ගිනිදළු සහ දුමාරයෙන් බේරීමට කවුළු තුලින් පිටතට හිස හොවාගෙන සිටියහ.

    gRvYz7j.jpg





    මෙම ඡායාරූපය ප්‍රහාරයේ සලකුණක් බවට පත්විය.පුද්ගලයින් 200ක් පමණ පහළට වැටීමෙන් හෝ පැනීමෙන් මරණයට පත්විය.

    wXgKS1u.jpg





    උදෑසන 09.40 ඇමෙරිකානු ගුවන් සේවයේ පියාසැරි 77 ගුවන් යානය පෙන්ටගනයට කඩා වැදුණි.ඉන් මිනිත්තු පහකට පසුව සියලුම ගුවන් යානාවලට ආසන්නතම ගුවන් තොටුපොලට ගොඩබස්සවන්නට නියෝග කෙරිණි.

    8Pcbus2.jpg





    උදෑසන 09.59ට දකුණු කුළුණ කඩාවැටුණි.

    sACudf5.jpg





    ගොඩනැගිල්ල ආසන්නයේ සිටි පිරිස් එම ප්‍රදේශයෙන් පලාගියහ.ඔවුන්ගේ සිරුරු අළු සහ දූවිල්ලෙන් වැසී තිබිණි.

    fjjKYFl.jpg





    පැහැරගන්නා ලද එක්සත් ගුවන් සේවයේ පියාසැරි 93 ගුවන් යානය උදෑසන 10.03ට පෙන්සිල්වේනියා,ෂාන්ක්ස්විලේ ප්‍රදේශයට කඩා වැටුණි.එම ගුවන් යානයේ ඉලක්කය වේ යැයි විශ්වාස කලේ එක්සත් ජනපදයේ අගනුවරයි.අනෙක් ප්‍රහාර ගැන දැනහුන් එහි මගීන් විසින් යානය පැහැරගත්ත වුන්ගෙන් යානයේ පාලනය ලබාගැනීමට උත්සාහ කර තිබේ.

    eYC2KOD.jpg





    උදෑසන 10.28ට උතුරු කුළුණ කඩා වැටුණි.

    KTniEYo.jpg





    නිව්යෝක් ප්‍රහාරයෙන් පුද්ගලයින් 2,753ක් මරණයට පත්වූ බව සඳහන් වේ.2001 සැප්තැම්බර් 18දා එම භූමිය ගුවනට දිස්වූ අයුරු.

    XXwTjAf.jpg





    ප්‍රහාරයෙන් පසුව විපත පත්වූවන් බේරාගැනීමට ගිය ගිනි නිවන භටයින් 343ක්,පොලිස් නිලධාරීන් 60 මරණයට පත්විය.

    4kslku2.jpg





    පෙන්සිල්වේනියාහි පුද්ගලයින් 40ක් සහ වොෂින්ටන් හි පුද්ගලයින් 184ක් ඇතුලුව 3,000කට ආසන්න් පිරිසක් මරණයට පත්විය.

    SMdI6Uj.jpg





    ග්‍රවුන්ඩ් සීරෝ හෙවත් ලෝක වෙළද මධ්‍යස්ථානය පිහිටි භූමියේ මුදාගැනීමේ කටයුතු ඔක්තෝම්බර් 9 වෙනිදා තෙක් සිදුකෙරිණි.එම භූමියේ ගිනි ගැනීම දෙසැම්බර් මස 20 දක්වා සිදුවූබව සඳහන් වේ.

    hC4VLl9.jpg




    ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකනු වැසියන් තුවාල ලැබූවන්ට ලබාදීමට රුධිරය ප්‍රදානය කල අතර ඔවුන්ගේ ප්‍රදානයන් ලේ බැංකුවල සංචිත ඉක්මවා යන තරම් විය.ග්‍රවුන්ඩ් සීරෝ හි බේරාගැනීම් කටයුතු සඳහා පුද්ගලයින් සිය ගණනක් ස්වේච්ඡාවෙන් මැදිහත්විය.​

    okoDiP1.jpg





    ප්‍රහාරයෙන් පසුව ජනපති බුෂ් "ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය" ප්‍රකාශයට පත් කරන ලදි.ඇමෙරිකානු රජයට අනුව ප්‍රහාරයේ වගකීම අල්කයිඩා සංවිධානයට බැර විය.ඉන් වසර 10කට පසුව අල්කයිදා නායක හමුදා මෙහෙයුමකින් මරාදැමුණු බව එරට රජය ප්‍රකාශයට පත් කරන ලදි.

    qcWIDEs.jpg





    ප්‍රහාරයෙන් වසර ගණනකට පසුව විනාශ වූ කුළුණු දෙක පිහිටා තිබූ ස්ථානවල ආලෝක දහරා දෙකක් අහස දෙසට ඉලක්ක කර පිහිටුවන ලදි.

    a85aolM.jpg





    මෙම ඛේදවාචකය සිහිකරනු වස් එම භූමියේ 9/11 සමරුව මහජනයාට විවෘත කරන ලදි.

    En1ml5D.jpg





    Source:businessinsider.com

    -HarshaLulzSec-
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හම්මේ ඉතින්. අවුුරදු 15කුත් ගිහින් ඇ..:eek::eek:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දැනුයි නිදහසේ කියෙව්වේ..
    උඹ දාපු තව ත්‍රෙඩ් එකකට හදිස්සියේ බම්ප් එකක් දාගෙන ගියා..
    ඒකත් කියවන්න ඕනෙ වෙලාවක..:yes: