වසර 2593කට පසුව විවර වන දිවා ගුහාව

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    වසර 2593කට පසුව විවර වන දිවා ගුහාව

    වසර 2593කට පසුව බොදුනුවන්ට විවර වන බුදුන් වැඩි 'දිවා ගුහාව'

    "අපේ බුදුන් අපි වැන්දා
    පෙරළ පෙරළි අපි වැන්දා.."

    වැල නොකැඩී එන උවසු උවැසියන් මේ කරුණා කරන්නේ ශ්‍රී පාදස්ථානයයි. දින ගණනක් පේවී ලක ලැහැස්තිව වන්දනා කරන්නේ බුදුරජාණන් වහන්ස්ගේ සිරිපා සලකුණයි. ඒ යන එන ගමනේදී දිවාගුහාව වදින්නට ද ඔවුන් අමතක කරන්නේ නැත. දෑසින් නොදැක්කද ස්ථීරවම මේ දිවාගුහාව යැයි දැන නොසිටියද සොළොස්මස්ථාන වදින ගාථාව කියමින් දිවාගුහාවද වන්දනා කරති...

    එසේ ලෝකවාසී සුවහසක් බොදුනුවන්ගේ දෑසට නොපෙනී කාලයේ වැලිතලාවෙන් වැසී තිබූ, බුදුරජාණන් වහන්සේ තෙවැනි වර ලංකාවට වැඩම කළ අවස්ථාවේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් ශී‍්‍ර පාදස්ථානයට වැඩම කොට දිවා විහරණ කළ ‘දිවාගුහාව’ අවුරුදු 2593 කට පසු ලෝකය හමුවේ දැන් අනාවරණය වී තිබේ. ඒ බව ශ්‍රීපාදස්ථානාධිපති හිමියන්ද තහවුරු කර සිටී.

    ශී‍්‍ර පාද ස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් සහ සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ සුනිල් ශාන්ත වීරසේකර මහතා පවසන පරිදි දිවාගුහාව පිහිටා ඇත්තේ නල්ලතන්නිය ශී‍්‍ර පාද මාර්ගයෙහි ශී‍්‍ර පාද මළුවට මීටර් සියයක් පමණ පහළින් සහ ඉදිකටුපාණට ඉහළින් දකුණු පස කැලෑව තුළට වන්නටය.

    මෙහි අර්ධ වශයෙන් නිර්මාණය කළ බුද්ධ ප‍්‍රතිමාවක් නිශ්ශංකමල්ල රජුගේ පිළිරුවක් සහ ශිලා ලේඛනයක් දක්නට ලැබේ.

    මීට කලකට පෙර දිවාගුහාව මෙහි පිහිටා ඇතැයි සොයාගත් බව නාහිමියන් සහ බස්නායක නිලමේවරයා වැඩිදුරටත් පවසන අතර, එය තහවුරු කර ගැනීමෙන් පසුව මෙලෙස එය රටට හෙළි කරන බවද ඔවූහූ සඳහන් කරති.

    දිවාගුහාව නම් බුදු රදුන්ගේ පාදර්ස්පර්ශයෙන් පූජනීය වූවකි. බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනය සමග මේ සිදුවීම බැදී ඇත. තුන්වන වරට බුදුන් වහන්සේ ලංකාවට වඩිනු ලබන්නේ බුද්ධත්වයෙන් වසර අටකට පසුවය. ඒ මනිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙනි. ඒ ආර්ධනය පිළිගත් බුදුන් වහන්සේ මහරහත්න් වහන්සේ පිරිවරා ලක් දිවට වැඩම කළහ. මහාවංසයේ පළමු පරිච්ඡේදයේ 77 වැනි ගාථාවෙන් ඒ බව තහවුරු වන්නේය.

    "නත්ථ ධම්මං දේසයිත්වා
    සත්ථා ලොකානු කම්පකකෝ
    උග්ගන්නත්වා සමනේ කූටේ
    පදං දස්සේහි නායකෝ"

    සුමනකූට, සමන්තකූට, සමනොලගිර නමින් හදුන්වන කදු මුදුනට බුදුන් වහන්සේ වැඩම කරන්නේ සමන් දෙවිදුන්ගේ ආරාධනාව පිළිගෙනය. මුහුදු මට්ටමින් අඩි 1360 ක් උසැති මෙම ශුද්ධ භූමිය සතර මහා බුදුවරුන්ගේ පාදස්පර්ශය ලැබූ බව බෞද්ධ සාහිත්‍යයේ කියන්නේය. කකුසද, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන බුදුවරු සිරිපාදය කදු මුදුන මත තම පාද ලාංඡනය තබා ඇත්තේය. ඒ පැමිණි ගමනේදී ගෞතම බුදුන් වහන්සේ දිවා විහරණය කර ඇති ගුහව අද දිවා ගුහාව නමින් හදුන්වන්නේය.

    "සාරක්ථප්පකාසිනි" අටුවාවේ එන පරිදි "සුමන කූටේ පදං දස්සෙත්වා පබ්බත පාදේ දිවා විහාරංකත්වා" එම ගාථාවන් හා වංස කතා අටුවා කතා තොරතුරු අනුව ශ්‍රී පාද පද්මයට නුදුරේම ඇති මෙම භගවා ලෙන දිවා ගුහාවම විය හැකිය. පොළොන්නරු යුගයේ (ක්‍රි.ව.1187) නිශ්ශංකමල්ල රජු ශ්‍රීපාදය වන්දනා කොට අවසන දිවා ගුහාව ද වන්දනා කළ බවට මෙම භගවා ලෙනෙහි සෙල්ලිපියක් කොටමින් සදහක් කර තිබේ. එහි තම රූපයද කොටා ශිලා ලිපි දෙකක්ද කොටා ඇති අතර එහි කියැවෙන්නේ "නිශ්ශංක පරාක්‍රමබාහූ චක්‍රවර්තී ස්වාමින් වහන්සේ පදලසදා වැද බැසසිටි නියායි" යනුවෙනි.







    9032_Diva-Guhawa_0429.jpg

    9032_King-Nissankamalla_0408.jpg

    9032_King-Nissankamalla_0413.jpg

    9032_Sellipiya_0386.jpg

    9032_King-Nissankamalla_0398_1.jpg

    මූලාශ්‍රය -මව්බිම පුවත්පත
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Machan sri padhe laga podi guha 1000 withara thiyenawa. Hama ekema akuru kotalat tiyenawa. oyath a wage podi ekak! Diwa guhawata yanna puluwan dewiyanta witarai machan. eke thiyena watina dewal deyyo araksha karanawa lu
    budun vadiya anith than balanna puluvan vela thiyeddi ay diva guvaha vitharak?
     
    Last edited: