වසර 40,000කට පමණ පසු මේ රට
මේ රට ගැන ඔබ මොනවද දන්නේ ???? මේකේ වැල විතරක් bump කර කර ඉදලා කොහේ හරි රටකට පැනපල්ලා
මේක බාගෙට බලලා කමෙන්ට් දාන්න එපා විශේෂයෙන් රාජ් සොමදෙවගේ video ටිකවත් ඉවර වෙනකන් බලන්න data වැය උනාට පාඩු නැහැ
එරෝසෝන් මොන්සෝන් උබලගේ මහ එවුන්ටත් මේවා ගැන කියලා දීපල්ලා
ආචාර්ය එස්. යූ දැරණියගල කියන්නේ ලංකාවේ ප්රාග් ඓතිහාසික ජනාවාස ගැන පර්යේෂණ කරපු ඉතා විශිෂ්ඨ මට්ටමේ උගතෙක්. ඔහු කරපු එක්තරා කැණීමකදී බලංගොඩ මානවයා විසින් පරිහරණය කරපු කුඩා (සෙමී 4ට වඩා දිග අඩු) තිරුවාණ පතුරු සහ (දුලබ ලෙසින්) අර්ධ චන්ද්‍රාකාර, ත්‍රිකෝණාකාර සහ ත්රපීසියමාකාර හැඩ තල ගැන්වුනු කහඳු යන දෙයින් සමන්විත ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලාවන් ඇති මෙවලම් කට්ටලයක් හමු වෙනවා.
මේ සොයා ගැනීමේ වැදගත්ම කාරණය වෙන්නේ මීට සමාන ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලාත්මක මෙවලම් යුරෝපියානු ශිෂ්ටාචාරයක භාවිත වෙන්නේ ඊට වසර 20,000කට පමණ පසු වීම.
.
.
.
.
පල්ලෙහා රූපයේ ඉන්නේ බලංගොඩ මානවයාගෙන් වසර 40,000කට විතර පස්සේ ඒ ප්‍රදේශයෙම ජීවත් වෙන අල්ලපු රටෙන් ලොරි චැසියට තහඩු ගහලා සීට් තියලා එවන ලයිට් හයි කරලා ස්ටිකර් ගහලා තියන තොරොම්බල් කරත්තයක් බලන්න පොර කන කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක්!
මේවත් බලන්න කොච්චර අපේ රටේ දේවල් වලට වෙන රටවල් වලින් පේටන්ට් අරන් තියෙනවාද ?
https://www.facebook.com/694893720884733/videos/575039999601056/?t=9
.....සිංහලයා ගැන නොදත් සිංහලුන්ට......
ලොව මවිත කළ බොහෝ දේ ලෝකයට මුල්වරට දී ඇත්තේ සිංහලයන් බව අද දවසේ සිංහලයන්ගෙන් දන්නේ කීයෙන් කී දෙනා ද?
ලොව මවිත කළ වැව් තැනීමේ කලාව (1153 - 1186 මහා පරාක්‍රමබාහු රජ සමය), ලොව මුල්ම මහල් ගොඩනැඟිලි නිර්මාණය (ක්‍රි.පූ. 161 - 137 දුටුගැමුණු රජ සමය), අතීත ලෝකයේ උසම හා විශාලතම ගඩොල් නිර්මාණය (ක්‍රි.ව. 273 - 301 මහසෙන් රජ සමය), ලොව මුල්ම රෝහල (ක්‍රි. පූ. 437 - 367 පන්ඩුකාභය රජ සමය), ලොව මහා පුදුමයක් වූ සීගිරිය (ක්‍රි.පූ. 477 - 495 කාශ්‍යප රජ සමය), ලොව මවිත කළ බහු වායු නල වානේ තාක්ෂණය (ක්‍රි.ව. 2 - 4 සියවස), ලොව මුල්ම ඇස් කණ්නාඩිය වන දියතරිප්පු කණ්නාඩි නිෂ්පාදනය (ගම්පොල රාජධානි සමය), දස දහස් ගණනින් වන ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම හා කැටයම් තාක්ෂණය, රාමායනය ග්රන්ථයට අනුව රාවනා රජ දවස විමාන හා බිමන් හෙවත් අහස් යාත්‍රා නැතහොත් දඩුමොණර භාවිතය, සෘෂිවරුන් ලෙසින් විශ්වය සමඟින් ගනුදෙනු කිරීම, අකුණු තාක්ෂණය ආදිය සිදු කරණු ලැබුවේ සිංහලයන් මිස ලොව අන් ජාතියක් නොවේ.
පුරාණ සිංහල ශිෂ්ටාචාරයේ ප්‍රෞඩත්වය රැඳෙන්නේ කලාශිල්ප මත පමණක්ම නොවේ. සිංහලයන් ගොඩනැගූ මහා ශිෂ්ටාචාරය තාක්ෂණික වශයෙන් ඉතා ඉහළ තලයක තිබිණි. සිංහලයන් ළගාකරගත් තාක්ෂණික ජයග්‍රහණ කිහිපයක් පහත පෙළගස්වා අත.
01. ලොව කිසිඳු ගංගා නිම්න ශිෂ්ටාචාරයක දැකිය නොහැකි 'දිය වැටෙන තැනම වැව් බැඳි මහා වාරි ශිෂ්ටාචාරයක්' බිහි කළ සිංහලයෝ
මහවැලි ව්‍යාපාරය සමයේදී මාදුරුඔය වේල්ල බැදිය යුතු ස්ථානය විද්‍යාත්මකව තීරණය කිරීම විදේශීය ඉංජිනේරුවන්ට අභියෝගයක්වීය. ඒ අනුව චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන මහත් පරිශ්‍රමයක් යොදා වේල්ල ගොඩනැගිය යුතු ස්ථානයතීරණය කරගත් අතර එම ස්ථානයේ වේල්ල ගොඩනැගීම උදෙසා වූ කැණීම් කටයුතු ඇරඹුණී. එනමුත් එම ස්ථානයෙන්ම පුරාණ සිංහල වේල්ලක් මතුවූයේ විදේශ ඉංජිනේරුවන් මවිත කරවමිණි. මාදුරුඔය ජලාශය නිමවා, එය විවෘත කරන අවස්ථාවේදී, විදේශ ඉංජිනේරුවරු අතීතයේ එම ස්ථානයේම පුරාණ තාක්ෂණය ඔස්සේවේල්ලක් ගොඩනැගූ සිංහල ඉංජිනේරුවරුන්ට සිය උපහාරය පුද කළහ.
ලොව පුරා විවිධ ගංගා නිම්න ශිෂ්ටාචාර බිහි වී ඇති නමුදු, මහා පරාක්‍රමබාහු රජුගේ ආදර්ශ පාඨය වන 'අහසින් වැටෙන එක දිය බිඳක් වුවද ප්‍රයෝජනට නොගෙන මුහුදට යාමට ඉඩ නොදෙමු' යන්න මත පිහිටා දිය වැටෙන තැනම වැව් බැදි මහා වාරි ශිෂ්ටාචාරයක් ලොව ප්‍රථම වරට බිහි කළේ සිංහලයන්ය. ක්‍රි.ව. 1155 වන විට ලොව ශ්‍රේෂ්ඨතම වැව් ජාලය හා වාරි කළමණාකරන පද්ධතිය ගොඩනැගිමට සිංහලයෝ සමත් වූහ. 12 වන සියවසේ කාශ්මීර ඉතිහාසඥයෙකු වන කල්හාන විසින් කාශ්මීර රාජ පරම්පරාවේ ඉතිහාසය පිළිබද සංස්කෘත භාෂාවෙන් රචිත 'රාජතරංගනිය' කෘතියේ කියැවෙන්නේ, වාරි කර්මාන්තය උගන්වනු පිණිස රාස්ස ඉංජිනේරුවන් හෙළබිමින් ඉන්දියාවට සපැමිණි බවයි.
ක්‍රි.ව. 1155 දී, එනම්, පරාක්‍රම සමුද්‍රය ගොඩනැගූ මහා පරාක්‍රමබාහු රජතුමන්ගේ (1153-1186) සමය වන විට, ඇලවල් 4,000කින් බැඳී ගිය වැව් හා ජලාශ 5,000ක වාරි පද්ධතියක් රජරට පුරාවට හා රටේ සෙසු පළාත්වල ද පැවතුණි. රටේ සෑම ගමකම ඉදිවූ වැවකින් ගොවිතැන් කටයුතු සදහා ඇවැසි ජලය සැපයුණි. ලොව කිසිදු රටක මෙවැනි චිරස්ථායී ලෙස ජල කලමණාකරනය සිදු කෙරුණ වාරි පද්ධතියක් නොවී ය. ලංකාවේ වාරී තාක්ෂණය මෙහිම අනන්‍යව දියුණු වූවක් වන අතර එය ලංකාවේ වියළි කලාපයට ඉතා සුදුසු ලෙස පරිනාමය වූවකි.
ලොව කිසිම රටක දක්නට නැති 'සැතැප්මට අඟලක් බෑවුම් වන' සේ ඉදිකළ යෝධ ඇල ලංකා වාරි ශිල්පයේ ශ්‍රේෂ්ඨ තාක්ෂණික නිර්මාණයකි. තවද පුරාණ වැව්වල වැව් බැම්ම හා සම්බන්ධව ඉදි කල 'බිසෝකොටුව' නම් වූ ජල පීඩනය පාලනය කොට පිටකිරිමේ ක්‍රමෝපාය ඉතා උසස් තාක්ෂණික නිර්මාණයකි.
සැතපුමට අඟලේ බැස්ම ඇති යෝධ ඇළ (රූප අනුග්‍රහය - lanakasinhala වෙබ් අඩවිය)පරාක්‍රම සමුද්‍රයේ බිසෝ කොටුව (රූප අනුග්‍රහය -sinhalaheritage වෙබ් අඩවිය)
02. ලොව මුල්ම මහල් ගොඩනැඟිල්ල වන ලෝවාමහාපාය ඉදි කළ සිංහලයෝ
ලොව පළමු මහල් ගොඩනැඟිලි ඉදිවූයේ දුටුගැමුණු රජ සමයේදී (ක්‍රි.පූ. 161-137) සිංහලයන් අතිනි. රෝමයේ කොලෝසියම ගොඩනැගිම ඇරඹෙන්නේ ක්‍රි. ව. 70 දී ය. භික්ෂුන්ගේ වාසස්ථානයක් වූ ලෝවාමහාපාය මහල් නවයකින් යුක්තව ඉදි කෙරුනු අතර එහි වහලයට තඹ තහඩු යොදා තිබුණු බැවු කියවේ. ලෝවාමහාපායේ එක් පසෙක දිග අඩි 400ක් විය. 40 බැගින් වූ ගල් කණු පේළි 40ක් එනම් ලොවාමහපායේ පහළම තට්ටුවේ ගල්කණු 1600 ක් තවමත් ඉතිරිව තිබේ.
03. අතීත ලෝකයේ උසම හා ගඩොලින් බැඳි ලොව විශාලතම ගොඩනැඟිලි නිර්මාණය කල සිංහලයෝ
ජේතවනාරාම දාගැබ අඩි 400 ක් (මීටර් 120) උසින් යුතු එකල ලෝකයේ උසම ස්ථූපය යි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ල වන්නේ ද ජේතවනාරාම දාගැබ යි. ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය ඉදි කරවූවේ මින්නේරිය වැව, කණදරා වැව, කවුඩුල්ල වැව, මහගල්කඩවල වැව, හුලුගල්ල වැව, හිරාමුල්ල වැව, හුරුළු වැව, මාමිණියා වැව, මාගල් වැව, කළවාණ වැව, මෙරවාපිය වැව, පබ්බතන්ත ඇළ ආදී (දැනට හඳුනාගත්) වාරී කර්මාන්ත 16ක් හා විශාල ඇළක් නිර්මාණය කළ අදත් මහසෙන් දෙවියන් හා හත්රජ්ජුරුබණ්ඩාර නමින් දේවත්වයෙහි ලා සලකනු ලබන බෞද්ධ රජෙකු වන මහසෙන් (ක්‍රි.ව. 273 - 301) රජු විසිනි. බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිධන් කර ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් මෙය පාරිභෝගික චෛත්‍යයක් ද වේ.
පුරාණ ලෝකයේ 'ගීසා' හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම ඉදි කිරීම වන්නේ ජේතවනාරාම දාගබයි. දළ වශයෙන් එය ඉදි කිරීමට පිළිස්සූ ගඩොල් 93,300,000 ක් යොදන්නට ඇත. (රත්නායක 1993) මෙම ථූපය සාගලික නිකායට අයත් විය. ඒ වටා පරිශ්‍රය අක්කර 8ක් පමණ (හෙක්. 5.6) විශාල ය. 3,000 ට වඩා බෞද්ධ භික්ෂූන්ට වැඩ සිටීමට පහසුකම් තිබුනේ ය. ථූපයේ එක පැත්තක දිග අඩි 576 කි. හතර පැත්තෙන් ඇතුළුවීම සඳහා තිබෙන පිය ගැට පෙළ අඩි 28 ක් පමණ පළලින් යුතු ය. අංගනයෙහි පිහිටුවා තිබෙන පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27 කි. ස්ථූපයේ අඩිතාලම මීටර් 6 ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදි වූයේය. මෙම දාගැබ සෑදීම සඳහා ඒ වන විට එනම් කි‍්‍රස්තු වර්ෂ හතර වන සියවස වන විට අපේ රටේ සිංහල වාස්තු විද්‍යාඥයින්ට හා සිංහල ඉන්ජිනේරුවන්ට තිබූ දක්ෂතාවය කොපමණ ද යන්න ඔබට ද අවබෝධ වනු ඇත. මෙම ජේතවනාරාම දාගැබ සඳහා අනෙකුත් විශාල දාගැබ් සඳහා මෙන්ම සලපතල මළුවක්ද සාදා ඇත. ජේතවනාරාම දාගැබේ සලපතල මළුව, විශේෂ එකකි. සළපතල මළුව යනු ගල් පුවරු අතුරන ලද දාගැබේ ඇති මළුවකි. මේ සළපතල මළුවේ අතුරන ලද සමහර ගල්පුවරුවල එම ගල්පුවරු අතුරන ලද්දේ කාගේ අනුග්‍රහයෙන් ද කවුරුන් ඊට දායක වූයේ ද යන්න පවා ලියා ඇති බව ඔබට එහි ගිය විට දී අද පවා දැක ගත හැකිය.
04. ලොව මුල්ම රෝහල ඉදිකළ සිංහලයෝ
ලොව පැරණිතම රෝහල් නෂ්ඨාවශේෂ හමුවන්නේ ලංකාවේ ය. එනම් 9 වන සියවසේ ඉදි වූ මිහින්තලය රෝහල යි. මිහින්තලේ, අනුරාධපුර හා මැදිරිගිරිය යන ප්‍රදේශවල රෝහල්වල නටබුන් දැකිය හැකි ය. එම රෝහල් හි ශෛල්‍යකර්ම උදෙසා භාවිතා කළ සියුම් උපකරණ ආදියේ නෂ්ටාවශේෂ පවා අද දිනයේ සොයාගෙන තිබේ.
ක්‍රි.ව. 6 වන සියවසේ දී ලියැවුණු මහාවංශයට අනුව පන්ඩුකාභය රජ දවස (ක්‍රි. පූ. 437 - 367) නේවාසික රෝහල් (සිවිකාසොත්ති ශාලා) ලංකාව පුරා විවිධ පළාත්වල ඉදි කෙරුණි. මෙය මුළු ලෝකයෙම අසනීප වූවන් රැකබලා ගැනීම උදෙසාම ආයතන ඉදිකලේ යැයි සදහන් වන පුරාණතම අවස්ථාව යි.
05. ලෝකයේ පැරණිතම විශ්ව විද්‍යාලය ඇති කළ සිංහලයෝ
'ක්‍රි.පූ. පස්වෙනි සියවසේ දී ලෝකයේ පැවති අග්‍රගණ්‍ය ආගමික සිද්ධස්ථානය අභයගිරිය විය. එවකට අභයගිරි විහාරයේ භික්ෂුන් වහන්සේලා 5,000ක් වැඩ සිටීමත්, විදේශ ශිෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් විවිධ විෂයයන් හැදෑරූ සුප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක් ලෙසට පැවතීමත් මෙම සිද්ධස්ථානයේ විශාලත්වය පිළිබද සාක්ෂියෝ ය. ලෝකයේ පැරණිම විශ්ව විද්‍යාල ආරම්භ වන විටද ලංකාවේ පැවති විශ්ව විද්‍යාල ඉතා දියුණු මට්ටමක පැවති බව පැහැදිලි වේ. මහා විහාරය එවකටත් ලෝකයේ සුප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක් ලෙස ප්‍රචලිතව පැවතිණ. ත්‍රිපිටක ධර්මය පාලි බසට පරිවර්තනය කිරීම සදහා ඉන්දියාවේ සිට පැමිණි බුද්ධගෝෂ හිමියන්ට එම කාර්යයට තමන් සුදුසු බව පෙන්වීම සදහා නිබන්ධනයක් ලියා ඉදිරිපත් කිරීමට සිදුවිය. නිබන්ධනය විසුද්ධිමග්ගය විය. එය පිටු 400කින් යුත් නිබන්ධනයකි. එම නිබන්ධනය පිළි ගැනීමෙන් පසු බුද්ධගෝෂ හිමියන්ට මහා විහාරය සතු සුවිශාල පුස්තකාලය පරිහරණය කිරීමට අවස්ථාව ලැබිණ.'
අපේ බොහෝ අය සිතා සිටින්නේ ලෝකයේ දියුණුව ඇරඹුනේ බටහිරයන් විසින් සොයා ගත් දැනුම නිසා කියාය. ඔවුන් මහත් බැතියෙන් බටහිරට වන්දනා කරන්නේ ඒ අනවබෝධය ඇතිවය. එහෙත් ඒ රටවල ශිෂ්ඨාචාරයන් බිහි වෙන්නටත් ප්‍රථම සිංහලයා සතුව ඉතා දියුණු ශිෂ්ඨාචාරයක් පැවතුණි. අද අප බටහිරට වන්දනාමාන කරන්නේ අපේ ජාතිය සතු අභිමානය ගැන නොදන්නා කමිනි. බටහිරයන් හා බටහිර ගැත්තන් විසින් ද ආක්රමණිකයින් විසින් ද අපෙන් මංකොල්ලකා වසන් කළ ඒ අභිමානය අප විසින් දැනගත විය යුත්තේ අපේ ශ්‍රේෂ්ඨ අතීතය මතක් කර සිංහලයාගේ පිට කොදු සවිමත් කිරීම සදහාය. මානසික වහල් බවින් මිදුනු නිවහල් අනාගත සිංහලයන් බිහි කිරීම උදෙසාය
අභයගිරි විහාරයේ තිබු පැරණි විශ්ව විද්‍යාලයට පිවිසෙන දොරටුව (රූප අනුග්‍රහය - විකිපීඩියා නිදහස් විශ්වකෝෂය)
06. ලොව මහා පුදුම අතරට එක් වූ සීගිරිය නිර්මාණය කළ සිංහලයෝ
ලොව මහා පුදුම අතරට එක් වූවකි, සීගිරිය. සම්ප්‍රදායික ඉතිහාසයට අනුව සීගිරියේ අතීතය කාශ්‍යප රජ දවස දක්වා දිවය යි. නමුත් එහි සැබෑ ඇරඹුම නිසැකවින්ම ඉන් වසර දහස් ගණනාවක් අතීතයට ගමන්කොට සොයාගත යුතු වේ. මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ලෙහි පිහිටා ඇති පුරාණ පර්වත රාජධානියක් වූ සීගිරිය ලංකාවේ සුප්‍රකට ම ඓතිහාසික ස්ථානය යි. සීගිරිය ප්‍රචලිත වන්නේ එහි සිංහ පාදය, කවි ලියා ඇති කැටපත් පවුර, සීගිරි චිත්‍ර හා සුවිශේෂි නගර සැලසුම් හේතුවෙනි. චූලවංශයට අනුව කාශ්‍යප රජතුමන් (ක්‍රි.පූ. 477 - 495) සීගිරිය තම අග නගරය කොට ගත්තේ ය. ඔහු සීගිරි පර්වතය මුදුනේ මාළිගය ගොඩනැගුවේ ය. විකල්ප මත වලට අනුව රාවණා රජතුමන්ගේ පුරාණ මාළිගය ද පිහිටා තිබී ඇත්තේ සීගිරියේ ය. සීගිරියේ ජල උද්‍යානය විවිධාකාර පොකුණුවලින් සමන්විත වනඅතර ජල පීඩනය ඔස්සේ ජල නල මගින් ක්‍රියාත්මක වන දියමල් එහි සුවිශේෂි තාක්ෂණික නිර්මාණයකි. වර්ෂා සමයේ දී මේවා අද ද ක්‍රියාත්මක වේ.
07. ලොව පැරණිතම වානේ තාක්ෂණය හිමිව තිබූ සිංහලයෝ
සිංහලයේ තිබූ වානේ උණු කිරීමේ තාක්ෂණය ඉතා දියුණු එකක් වූ අතර, අරාබියේ දැමස්කස් කඩු සදහා අවශ්‍ය වූ වානේ රැගෙන ගියේ ලංකාවෙනි. ලංකාවේ වානේ නිෂ්පාදනය උදෙසා ලොව ප්‍රථම වරට සුළං ශක්තියයොදා ගැනුණු අතර එසේ නිෂ්පාදනය කරන ලද වානේ දමස්කස්යේ කඩු නිෂ්පාදනය සදහා අරාබියට ද අපනයනය කෙරුණි. බ්‍රොන්සන් අල් හසන්ගේ වාර්තා වලට අනුව දමස්ක කඩු සදහා අවශ්‍ය වූ වුට්ස් නම් වානේ ලංකාවෙන් හා ඉන්දියාවෙන් ලබාගෙන තිබේ. එසේම අල් කන්ඩි නම් ලේඛකයා ලියා ඇත්තේ ද යේමන්, ෆාස්, කොරාසන් සහ මනිසුරා යන අරාබි කඩු නිෂ්පාදනය සඳහා සෙරන්ඩිබ් හෙවත් ලංකාවෙන් වානේ ලබාගෙන ඇති බව යි.
සමනළ වැව ප්‍රදේශයේ ඉතා ඉහල ගණයේ වානේ නිෂ්පාදනය කෙරුණු යකඩ උදුන් සිය ගණනක් හමු වී තිබේ. එම වානේ නිෂ්පාදන උදුන් නිරිත දිග මෝසම් සුළං වලට මුහුණලා නිපදවා ඇති අතර යකඩ පෙරා ගැනීම සිඳුකර ඇත්තේ චූෂණ (suction) ක්‍රියාවලියකින් කි.මි. 70 සුළං පීඩනය හේතුවෙන් උදුන තුළ නිෂ්පාදනය වන තාපය උපකාරයෙනි.
මීට අමතරව මහාචාර්ය සේනක බන්ඩාරනායකයන්ගේ මග පෙන්වීම මත ආචාර්ය රෝස් සෝලංගආරච්චි මහත්මිය විසින් සිඳුකල ගවේෂණවලදී කිරිඔය නිම්නයේ යකඩ නිෂ්පාදනාගාර සියගණනක් හමු වී තිබේ. ඇය සීගිරියේ කළ පර්යේෂණවලදී සනාථ වූයේ කිරිඔය නිම්නයේ යකඩ තාක්ෂණයට භාවිතා කොට තිබුණේ දුර්ලභ ගණයේ මැග්නයිට් යපස් බව යි.
නුවරගල කන්ද මුදුනෙන් නැඟි මින්නේරි වැව දක්වා ගලන කිරි ඔය දෙව්රේ මෙම වානේ නිෂ්පාදනාගාර පිහිටා තිබුණි. පිහිටිගල හෙවත් මව් පාෂාණය දක්වා හාරනු ලබන පොළොවෙහි මැටියෙන් සෑදූ උදුන මීටර් දෙකක පමණ උසකින් යුක්ත විය. චිම්නියක හැඩයට සෑදූ මෙම උදුන් ඉහළට යන විට කේතූකාරව කුඩා වි ය. හැම විටම මෙම උදුන් සුළං හමන දිශාවට මුහුණලා කදු බෑවුම් වල නිර්මාණය කර තිබුණි. මෙම උදුන් සඳහා වාතය සපයා ගැනීමට නල අටක් විය. එය බහු වායු නල තාක්ෂණය නම් වේ. ක්‍රි.ව. 2-4 අතර කාලයට අයත් යැයි සැලකිය හැකි මෙම යකඩ නිෂ්පාදනාගාර මහසෙන් රජ සමයට අයත් බව කාබන් කාල නිරීක්ෂණයෙන් සොයාගෙන තිබේ.
අතීතයේ, යකඩ පමණක් නොව යකඩවල හොදම කොටස් ගෙන නිෂ්පාදනය කරන වානේ තාක්ෂණය ද මෙරට ක්‍රියාත්මක විය. ඉහළ තත්වයේ යකඩ කැබලි ගෙන මැටි හා දහයියා වලින් සැකසූ කෝවවල දමා විශේෂිත දැව වර්ග යොදා උණු කර තිබේ. මේ වානේ තාක්ෂණයට උදාහරණ සීගිරීයෙන් හමුවී ඇත. සර් රොබර්ට් හැඩ්ෆිල්ඩ් සීගිරියෙන් හමුවූ යකඩ හා වානේ නියැදි කිහිපයක් පරීක්ෂා කොට පැවසුවේ Case Hardning යන වානේ ශක්තිමත් කිරිමේ කලාව සීගිරිය ප්‍රදේශයේ සිටි වානේ ශිල්පීන් දැන සිට ඇති බවත් එසේම ජල පිළියම මගින් වානේ ශක්තිමත් කිරිමේ කලාව ලංකාවේ පැවත ඇති බවත් ය. මලියසේන නම් වූ ශ්‍රි ලාංකික පුරා ලෝහ විද්‍යාඥයා කියා තිබුණේ ඔහු දන්නා පරිදි මේ වානේ ශක්තිමත් කිරිමේ කලාවට දිය හැකි පැරණිම දින වකවානු සාක්ෂි ද හමුවන්නේ ලංකාවෙන් බවය.
08. ලොව මුල්ම ඇස් කණ්නාඩි හා චූඩා මාණික්‍ය නිෂ්පාදනය කළ සිංහලයෝ
ලොව මුල්ම ඇස් කණ්නාඩි මෙන්ම චූඩා මාණික්‍ය නිෂ්පාදනය කරන ලද්දේ ගඟසිරිපුර ගම්පොල රාජධානි සමයේ දී ලංකාවේ වන අතර, එම දියතරිප්පු කණ්නාඩි නිපද වූ පරපුරේ අවසන් පුරුක වන ශිල්පියා අද ද එම කර්මාන්තයේ නිරත වේ. උඩුනුවර කහඹේ වෙසෙන සුධාමිණි ගෙදර ගුණසෝම ගඟසිරිපුර ගම්පොල රාජධානි සමයේ ඇරඹුන දියතරිප්පු කන්ණාඩි නිෂ්පාදනයේ මෙන්ම මාණික්‍ය නිෂ්පාදනයේ තවමත් යෙදෙන එම පරපුරේ අවසාන පුරුක යි. ඔහු සහ ඔහුගේ කර්මාන්තය පිළිබද ලිපියක් 2011 නොවම්බර් 27 දින රිවිර පුවත්පතේ 33 වන පිටුවේ පල වී තිබුණි. යට දැක්වෙන්නේ වයි. එස්. ටී. බී. වික්‍රමනායක විසින් රචිත එම ලිපියේ උපුටා ගත් කොටස් කිහිපයකි.
'ගුණසෝම මහතා පවසන පරිදි ගම්පොල රාජධානිය කරගත් හතරවෙනි බුවනෙකබාහු රජුට ඇස් නොපෙනීමේ දොසක් සදහා දියතරිප්පු ගලින් ඇස් කන්ණඩියක් නිර්මාණය කරදී ඇත්තේ ද ගුණසෝම පරපුරේ ආදීතමයෙකි. ඒ රජුගේ ඔටුන්නේ මැණික් වැඩ කළේ ද ගුණසෝම පරපුරේ මුතුන්මිත්තෙකි.
බුවනෙකබාසිටිවෙනමිණිරජ දවස
කිරුළකඅගමිණක්සාදාදී විගස
සිරිලකපවතින්ටඅපපරපුර වෙසෙස
හසුනකලියාදීසිළුමිණි ගම සතොස
ගුණසෝම පරම්පරාවේ අය බුවනෙකබා රජුගේ ඔටුන්නේ මැණික් ඔබ්බවා දීමෙන් ලැබු සන්නසේ සදහන් වන්නේ එසේ ය.
ගුණසෝමට දියතරිප්පු කන්ණාඩියක් හදන්නට දවස් නවයක් දහයක් පමණ ගතවේ. එසේම ඔහු දොස්තර වට්ටෝරුවලට කන්ණාඩි හදන්නේ ද නැත. කන්ණාඩිය අවශ්‍යය තැනැත්තාගේ පෙනිමේ දුර්වලතාව මත කන්ණාඩි නිර්මාණය කරනු ලැබේ. මෙම කන්ණාඩිවල විශේෂත්වය වනුයේ ඇසට ලැබෙන සිසිල යි. එසේම ඔහු කියන්නේ දියතරිප්පු කන්ණාඩි පළදින අයෙකුට කිසිදා ඇසේ සුද මතු නොවන බව යි.
මාස තුනකට වතාවක් රත්නපුර ගොරකාඇල පතල්වලට යන ගුණසෝම දින ගණන් නැවතී සිට කන්ණාඩි නිෂ්පාදනයට අවශ්‍ය පළිඟු ගල්, අඹතෙස් පාෂාණ සහ දියමන්ති ගල් ගෝනිවල දමාගෙන පිළිමතලාව කහඹේට ගෙන එයි. ඒ බස් රියෙනි. එසේ ගෙන එන ගල්, වර්ගකර පලා සකස් කර ගන්නේ ගෙදර අයගේ ද සහාය ඇතිව ය. එසේ ගෙනෙන පලිඟු ගල් පලා කපා ගන්නා කොටස් බට්ටුගලේ අල්ලා ගන්නා ගුණසෝම මැණික් කට්ටා ගල් කැට කුඩු කර පෙරා ගන්නා අතර භාජනයේ අඩියේ මිදෙන මන්ඩි කොටස (කුරුදුමැට්ට) ඒ සදහා සකස් කරගත් තිරුවානා ගලේ දමා වීදුරුවක් මෙන් වනතුරු ඔපමට්ටම් කර ගනී. අනතුරුව රත්නපුරයෙන් ගෙන එන හීන්වැල්ල එරමුදු ලීයේ තවදුරටත් මැදගනී. ඉන්පසු දිස්නෙ දෙන දියමන්තියක් සේ ඔප වැටෙන පලිඟු කැබැල්ල කන්ණාඩියක් බවට පත් කරගන්නා ගුණසෝම නැගි සිට අව්වට අල්ලා එය පිරික්සා බලන්නේ සටනින් ජයගත් සෙන්පතියෙකු මෙනි. එම වීදුරුව කන්ණාඩියට අවශ්‍ය පරිදි උත්තල හෝ අවතල කරගන්නේ ඉන් අනතුරුව ය. ඒ රිදී තිරුවානාවේ ඇල්ලිමෙනි.
පෘතුගීසී සමයේදී මෙම තාක්ෂණය උගත් ජේසුයිට් නිකායික පාදිලිවරු එම තාක්ෂණය යුරෝපයට ගෙන යන්නට ඇති බවට සැලකේ. අදටත් ඇස්කන්ණාඩි සොයාගත් පුද්ගලයෙකු පිළිබදව සදහනක් නොමැති අතර ඇස්කන්ණාඩි තාක්ෂණය යුරෝපයේ දියුණු වී ඇත්තේ 16 වන සියවසෙන් පසුව ය.'
'ලෝකයේ මුල්ම ඇස් කණ්ණාඩි හැදූ පරම්පරාවේ අන්තිමයා ගුණසෝම' යන නමින් තරංග රත්නවීර විසින් දිවයින පුවත්පතට කළ ලිපියේ චූඩා මාණික්‍යය නිෂ්පාදනය පිළිබඳව ගුණසෝම තම අදහස් දක්වා තිබුනේ පහත ලෙසිනි.
''දිය තරිප්පු පරම්පරාව කණ්ණාඩි නිර්මාණය කිරීමට සේම, චූඩා මාණික්‍යය නිර්මාණය කිරීමට ද සැබෑ දක්ෂයෝය. ලොව පළමු චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ දිය තරිප්පු පරම්පාරවය. ලංකාවේ බොහෝමයක් ඓතිහාසික විහාරස්ථානවල ඇති චෛත්‍ය වහන්සේලාගේ කොත සරසන චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ ද දිය තරිප්පු පරපුර බවට සැක නැත.'චූඩා මාණික්‍යයන් හදන්න වෙනම පළිඟු තියෙනවා. ඒ පළිඟු කැටත් කණ්ණාඩි හදන්න වගේම මුලින්ම ගා ගන්න ඕනා. ඊට පස්සෙ තමයි මට්ටම් කරලා හැඩ කරලා පොලිෂ් කරන්නේ. චූඩා මාණික්‍යයන් හදන්න දැන් මිනිස්සු හොයන්නේ වතුර වගේ ගල්. ගල් හැදෙන්නේ පොළවේ. ඒ නිසා පළුදු නැති ගල් හොයන්න අමාරුයි. පළුදු ගල්වලින් චූඩා මාණික්‍යයන් හදලා චෛත්‍යයවලට පැළඳු විට පන්සලට ගමට අපලයි කියලා මතයක් තියෙනවා. මම ඔහුට නැවත පැනයක් යොමු කළෙමි. 'අපේ සීයා ඉන්නකොට පළුදු ගල් විතරක් නෙමෙයි පුපුරපු ගල්වලිනුත් චූඩා මාණික්‍යයන් කපලා තියෙනවා. ඒත් කිසිම අපලයක් නම් පල දුන්නේ නැහැ.
09. ලොව කිසිඳු රටක දැකිය නොහැකි සඳකඩ පහන නම් අගනා නිර්මාණය කළ සිංහලයෝ
සිංහල ශිෂ්ටාචාරයේ ඉතුරු වී ඇති ගල් කැටයම් හා ලී කැටයම් වශයෙන් වන ගණනය කළ නොහැකි දස දහස් සංඛ්‍යාත වූ නිර්මාණ අද ද ලොව මවිත කරවන සුළුය. මේ අතරින් කැපීපෙනෙන නිර්මාණයකි, ලොව කිසිඳු රටක දැකිය නොහැකි, සඳකඩ පහන. අපගේ බෞද්ධ සිද්ධස්ථාන වලට ඇතුළු වන දොරටුවල පියගැට පෙළ ආරම්භයේ ඇති අර්ධ කවාකාර ගල් පඩිය පොදුවේ සඳකඩපහණ නමින් හඳුන්ව යි. ඉතාමත් අලංකාර කැටයම් සහිත නිර්මාණයක් වන මේ සඳකඩ පහණ පිළිබඳ විවිධාකාරයේ අදහස් අප රටේ පුරාවිද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර තිබේ. අනුරාධපුර යුගයේ සිද්ධස්ථාන ආශ්‍රිතව මුලින්ම හමුවන සඳකඩ පහණ විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් වුවද අද දක්වාම පවතිනවා. එහෙත් ඓතිහාසික වැදගත්කමකින් යුතුව කතාබහට ලක් කරන සඳකඩ පහණ අපට හමුවන්නේ අනුරාධපුර යුගයේ දී හා පොලොන්නරු යුගයේ දී ය.
10. අහසින් ගමන් ගිය, විශ්වය හා ගනුදෙනු කළ සිංහලයෝ
පුරාතනයේ රාවනා රජ දවස ලංකාවේ පුරාණ විමාන, අහස් යාත්‍රා එනම් දඩුමොණරයන් පවා තිබූ ඉතා දියුණු ශිෂ්ටාචාරයක් තිබූ බැව් රාමායනය ආදී පුරාණ වාර්තාවල කියවේ. එම පුරාණ ශිෂ්ටාචාරය කෙතරම් විශ්මිත දියුණුවක් අත්පත් කරගෙන තිබුණේ ද යත් පිටසක්වල ජීවීන් සමග ද පණිවුඩ හුවමාරු කරගැනීමට සමත් සිත දියුණු කළ සෘෂිවරු මෙහි වූ බැව් කියැවේ. අනුරාධපුර රන්මසු උයනේ “සක්වල චක්‍රය” එනම් විශ්වයේ සිතියමක් යැයි විශ්වාස කෙරෙන විශාල ගල් පුවරුවක කොටා ඇති ගුප්ත කැටයම් සමූහය හා ඒ ඉදිරිපස එරමිණියා ගොතා ගෙන වාඩි සිත සමාධිමත් කිරීමට ඉදිකර ඇති ගල් ආසන සහිත ස්ථානය එසේ පිටසක්වල ජීවීන් සමග ගණුදෙනු කිරීමට යොදාගත් විශ්ව දොරටුවක් (Star Gate) ලෙස ඇතැම්හු මත පලකරති
continue to 2nd page

Last edited: