වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    එල සහෝ!! අනුන් දැනුවත් කිරිමවෙනුවෙන් තම ව්ටිනාකලය වැයකරල මේවගේ වටිනා ලිපියක් ලියන්න පුළුවන් සුන්දර මිනිස්සුන්ට විතරයි !!! බොහොම පිං!!!:D:D:D:D
     
    • Like
    Reactions: shivantha123

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Godak watinawa machan.. Ube mahansiya agaya karanawa.. Apith ekka begagatta godak pin. Wisthara walatah bohoma sthuthi machan. Thawath me wage thread daanna puluwan wewa kiyala wish karanawa.. :D:D

    Rep added!!!
     
    • Like
    Reactions: shivantha123

    shameeboy

    Member
    Mar 18, 2007
    12
    1
    0
    Mage vishesha isthuthiya, (Lets rebuld the railway...)

    elakri wedak machan really appriciated

    mokada kiyanne set wela propose karamuda newatha me rail para hadanna kiyala....................


    ඔන්න මම එළකිරියට ඇවිත් අවුරැදු 4 කටත් වැඩි නිසා මම හිතුම අපේ යඵවන්ට වැදගත් දෙයක් දෙන්න ඕනෙ කියල. ඒකනිසා මම පහුගිය දවසක ගියා අපූරැ දුම්රිය මාර්ගයක විස්තර හොයාගෙන ,වැදගත් කියල හිතනව නම් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.

    වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය මර්ගය

    වසර 150 කට ආසන්න ඉතිහාසයක් ඇති ලංකාවේ දුම්රිය සේවය භා බැදූණු උසින්ම පිහිටි දුම්රිය මර්ගය වූයේ දැනට වසා දමා ඇති උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයයි. (Udupussellawa Rail Track - UPR)



    උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය යනු නානුඔය සිට නුවර ඵළිය හරහා රාගල දක්වා වැටී තිබූ පටු දුම්රිය මර්ගයයි.මේ ඒ පිළිබඳ සුන්දර ඉතිහාසයයි.

    කොළඹ - බදුල්ල උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ නුවරඵළියට යාමට නම් නානුඔය දුම්රිය ස්ථානයෙන් බැස වෙනත් ප්‍රවාහන මාධයයක් සපයා ගැනීමට සිදුවුනා.

    නානුඔය දුම්රිය ස්ථානයේ සිට නුවරඵළියට සැතපුම් 4 ½ ක් වූ දුර වැවිලි ප්‍රවාභනය කිරීම සභ ඔවුන්ගේ සිත් ගත් නුවරඵළිය දක්වා ගමන් කිරීම සඳභා දුම්රියක අවශයතාවය සුදු වැවිලි කරැවන්ට තදින්ම දැනුනා.

    1895 අප්‍රේල් 25 දින නුවර ඵළියට පැමිණි සර් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාර තුමාට මේ ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් පසු 1900 නොවැම්බර් මාසයේදී දෙපාර්තමේන්තු මට්ටමින් මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ උනා

    දුම්රිය මාර්ගය වැටී තිබූ නානුඔය සිට නුවර ඵළිය හරහා රාගල දක්වා මාර්ගයේ සම්පූර්ණ දිග සැතපුම් 19 ක්

    මාර්ගයේ පවතින දුෂ්කරතා නිසාත් අධික වියදම නිසාත් මෙම මාර්ගය පටු දුම්රිය මාර්ගයක් ලෙස ඉදි කිරීමටයි අනුමත උනේ
    අපි අද දකින පුඵල් දුම්රිය මාර්ග BORD GAUGE ලෙස හැඳින් වෙනවා. මෙම වර්ගයේ දුම්රිය මාර්ග වල රේල් පීලි දෙකක් අතර සම්මත පරතරය වුනේ අඩි 5 යි අඟල් 6 ක් ( 5`6``)

    නමුත් මේ උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය අයිති වන්නේ පටු දුම්රිය මාර්ග ( NARROW GAUGE ) ගණයටයි. මෙම වර්ගයේ දුම්රිය මාර්ග වල රේල් පීලි දෙකක් අතර සම්මත පරතරය වුනේ අඩි 2 යි අඟල් 6 ක් ( 2`6``)

    නානුඔය සිට රාගල දක්වා දුම්රිය ස්ථාන 5 ක් ඉදිවුනා

    නානුඔය සිට සැතපුම් 4 ක් දුරින් බ්ලැක් ෆූල් ( BPL ) දුම්රිය ස්ථානයත්
    නානුඔය සිට සැතපුම් 6 ½ ක් දුරින් නුවර ඵළිය ( NEY ) දුම්රිය ස්ථානයත්
    නානුඔය සිට සැතපුම් 12 ක් දුරින් කඳපොල ( KAP ) දුම්රිය ස්ථානයත්
    නානුඔය සිට සැතපුම් 16 ½ ක් දුරින් බෲක්සයිඩ් ( BKS ) දුම්රිය ස්ථානයත්
    නානුඔය සිට සැතපුම් 19 ක් දුරින් රාගල ( RLA ) දුම්රිය ස්ථානයයි.

    මීට අමතරව ,

    නුවර ඵළියත් කඳපොලත් අතර දුම්රිය නැවතුම්පල 3 ක් ඉදිවුනා ඒ

    නානුඔය සිට සැතපුම් 8 ½ ක් දුරින් පීඩ්රෑ (Pedro) දුම්රිය නැවතුම්පලත්
    නානුඔය සිට සැතපුම් 9 ½ ක් දුරින් සමර් හිල් ( Summer Hill ) දුම්රිය නැවතුම්පලත්
    නානුඔය සිට සැතපුම් 10 ½ ක් දුරින් පෝර්ට්වුඩ් (Portswood ) දුම්රිය නැවතුම්පලත්

    කඳපොලත් බෲක්සයිඩ් අතර දුම්රිය නැවතුම්පල 2 ක් ඉදිවුනා ඒ

    නානුඔය සිට සැතපුම් 12 ක් දුරින් 12:40* නැමති දුම්රිය නැවතුම්පලත්
    නානුඔය සිට සැතපුම් 14 ½ ක් දුරින් ශාන්ත ජෝන් (St John’s) දුම්රිය නැවතුම්පලත්

    මේ දුම්රිය නැවතුම්පල ඉදිකිරීමට ප්‍රධාන හේතුව වූයේ තේ ප්‍රවාහනය කිරීමටයි.

    නානුඔය සිට නුවර ඵළිය දකවා වූ පලමු කොටස 1903 දෙසැම්බර් 14 වන දින සර් හෙන්රි බ්ලේක් ආණඩුකාර තුමා විසින් ප්‍රවාහනය සඳහා විවෘත කෙරැනා

    කඳපොල දක්වා දෙවන කොටසත්,රාගල දක්වා තෙවන කොටසත්1904 වන විට අවසන් වුනා

    දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා වැයවූ සම්පූර්ණ මුදල රැ. 1,653,452.00 ක්.

    ඉතාමත් සුන්දර දුම්රිය මාර්ගයක් මෙන්ම ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය මාර්ගයත් මේ උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයයි. අද වන විට ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය මුහුදු මට්ටමෙන් අඩි 6204 උසින් පිහිටි පට්ටිපොල දුම්රිය ස්ථානය උවත්. උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයේ පිහිටි කඳපොල ( KAP ) දුම්රිය ස්ථානය ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානයයි මුහුදු මට්ටමෙන් අඩි 6316 ක් උසින් පිහිටි කඳපොල දුම්රිය ස්ථානය, පට්ටිපොල දුම්රිය ස්ථානයට වඩා අඩි 112 ක් උසින් පිහිටා තිබුනා.

    අති සුන්දර ගමනක් මෙන්ම අති දුෂ්කර බෑවුම් මාර්ගයක මෙම දුම්රිය මග වැටී තිබුනා, දුෂ්කර බෑවුම් මාර්ග ගැන සඳහන් කිරීමේදී

    බදුල්ල - කොළඹ උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ කඩුගන්නාව දුර්ගය , නානුඔය සිට හපුතලේ දක්වා දුර්ග මාර්ගයන්වල තියුනු නැග්මක් දැක ගැනීමට පුඵවන්. මෙම උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ නැග්මේ ප්‍රමාණය දක්වුනේ 1/44 ත් 1/45 ප්‍රමාණයේ නැග්මක්. තවත් පැහැදිලි කරනවා නම් දුම්රිය මාර්ගය අඩි 1 ක් ඉහලට ඵසවීමට අඩි 44 ක දුරක් ගමන් කල යුතුයි යන්නයි.

    නමුත් මේ උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයේ නැග්මේ සාමානයය වුනේ 1/24 ක්. අඩි 24 ක් ඇතුලත ඵක අඩියක් දුම්රිය මාර්ගය ඉහලට ඵසවීය යුතුයි. බෲක්සයිඩ් සිට කඳපොල දක්වා නැග්ම මීටත් වඩා දුෂ්කර උනා.ඵම නැග්මේ ප්‍රමාණය උනේ 1/16 ක්. අඩි 16 ක් ඇතුලත ඵක අඩියක් දුම්රිය මාර්ගය ඉහලට ඵසවීමක්.මෙය කඩුගන්නාව දුර්ගයට 3 ගුණයකට ආසන්න ආනතියක්
    මෙම බෑවුම රාගල සිට බෲක්සයිඩ් දක්වා පැවතුනා..මේ සීමාවේදී දුම්රියේ සාමානය වේගය වුනේ පැයට කිලෝමීටර් 9 ක් 10 ක් තරම් ප්‍රමාණයක්.

    සාමානය මිනිසෙකුගේ ඇවිදීමේ වේගය වුනේ පැයට කිලෝමීටර් 5 ක් , මේ අනුව දුම්රියේ වේගය ගැන දළ අදහසක් ලබා ගන්න පුලුවන්.මේ පිලිබඳ ඉතිහාසය දන්නා අය පවසන ආකාරයට රාගල සිට එන දුම්රිය සමහර ස්ථාන වලදි ඉහලට යාමට නොහැකිව නැවතී තිබූ බව සඳහන් වෙනවා.

    කොයිතරම් දුෂ්කර උනත් හරිම සුන්දර අත්දැකීමක් වෙන්න ඇති මේ දුම්රිය ගමන.

    උඩුපුස්සැල්ලාව මාර්ගයේ ධාවනය සඳහා ප්‍රථම වාෂ්ප එන්ජිම 1902 දී එංගලන්තයේ ෆාස්ට් ස්ටුවර්ට් සමාගමෙන් ගෙන්වා තිබෙනවා.

    1920 වන විට විශාල දියුණුවක් ලැබූ ලංකාවේ දුම්රිය සේවය දිනකට දුම්රිය 400 කට ආසන්න ප්‍රමාණයක් ධාවනය වුනා.මේ කාල සමයේදී උඩුපුස්සැල්ලාව මාර්ගයේ බඩූ දුම්රිය 5 ක් මිශ දුම්රිය 11 ක් ලෙස දිනකට දුම්රිය 16 ක් ධාවනය වුනා.
    මේ වනවිට උඩුපුස්සැල්ලාව දුම්රිය සේවය සේවය කොයිතරම් දියුණු තත්වක පැවතුනාද කියනවනම් බඩූ දුම්රිය මැදිරි ,මගී දුම්රිය මැදිරි වලට අමතරව ආණ්ඩුකාර තුමා වෙනුවෙන් විශේෂ සුඛෝපබෝගී මැදිරියක් පවා මේ උඩුපුස්සැල්ලාව දුම්රිය සේවයට යොදවා තිබුනා.

    1934 වර්ෂයේ දුම්රිය දත්ත වාර්ථා වලට අනුව එම වසරේ 7279 ක මගී සංඛයාවක් උඩුපුස්සැල්ලාව මාර්ගයේ දුම්රියෙන් ගමන් කර තිබෙනවා.

    කෙසේ වෙතත් ගමන් කිරීමේ දුෂ්කරතා දිගන් දිගටම මේ පටු මාර්ගයේ පැන නගිනවා.ලොරි වලින් භාණ්ඩ ප්‍රවාහනයත් මේවන විට ජනප්‍රිය වෙමින් පැවතුනා.
    [/IMG]

    පැනනගින මේ ගැටඵ නිසා එවකට පවතින පාලනඅධිකාරිය උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගය වසා දැමීමට තීරණය කරනවා.මේ අනුව 1942 දී රාගල සිට නුවරඑළය දක්වා පළමු කොටස වසා දමනවා.1948 අගේස්තු මස 02 වන දින ලංකාවේ දුම්රිය සේවය භා බැදූණු සුන්දරම සහ උසින්ම පිහිටි දුම්රිය මර්ගය වසා දමනවා. උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය අද දක්වා භාවිතයේ තිබුනා නම් ලෝකයේ ලස්සනම දුම්රිය මාර්ගය මෙය වීමට ඉඩ තිබුනා.

    දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය මාර්ගය වසා දැමීමත් සමගම මාර්ගයේ ඇති දුම්රිය ස්ථාන හැර අනෙකුත් සියඑම දේ ගලවා ඉවත් කලා.මේ හේතුව නිසා අද වනවිට ඉතිරිව ඇත්තේ ඉතා සුඵ නටඹුන් කිහිපයක් විතරයි.

    දුම්රිය මාර්ගය වසා දැමුවත් දුම්රිය ස්ථාන වල රාජකාරි පැවතුනා.ඔවුන්ගේ රාජකාරිය වූයේ වෙනත් දුම්රිය ස්ථානවලින් එන බඩු භාණ්ඩ භාරගැනීම සහ යැවීමයි. ප්‍රවාහනය සිදුවුනේ ලොරි වලින්.මෙයත් සෑහෙන කාලයක් පැවතුනා. නමුත් දුම්රිය ස්ථානාධිපති වරැන්ගේ සිට අනෙකුත් සේවයකයින් මේ සේවයට කැමැත්තක් දැකවූයේ නෑ.

    පසු කලෙක මෙම ප්‍රවාහනය සේවයත් එවකට පැවති රජයක් මගින් පුද්ගලික අංශයට පැවරීමෙන් පසු උඩුපුස්සැල්ලාව මාර්ගයේ සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම නැතිවී ගියා.

    පසුගිය කාලයේ නැවත මෙම මාර්ගය ආරම්භ කිරීමට යෝජනා පැවතුනත් යන අධික වියදම අතුඑ නොයෙකුත් දුෂ්කරතා හේතුවෙන් ආරම්භ කිරීමට නොහැකි උනා.
    අද වනවිට අපට උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගය ගැන ඉතිරිව ඇත්තේ ගොඩනැගලි කිහිපයක් , ඡයාරෑප කිහිපයක් හා බඳුනු සුන්දර මතකයක් පමණයි.


    උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගය ගැන ඉතිරිව ඇති නටඹුන් හොයාගෙන අපි මුලින්ම ගියේ නානුඔය දුම්රිය ස්ථානයට


    nanuoya1.jpg


    නානුඔය ඉඳල රාගල වෙනකම් අද තියන බස් පාරට සමාන්තරව හරි නැත්නම්, එම මාර්ගයේම තමයි දුම්රිය මාර්ගය තිබිල තියන්නෙ

    ඈතින් UPR කියල සළකුණු කරල තියන්නෙ
    උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය පටන් ගත්ත තැන.​

    dsc02448us.jpg


    බදුල්ල පැත්තට යනකොට පැදලිවම මේක බලාගන්න පුඵවන්

    dsc02435d.jpg


    105gn.jpg


    නානුඔය දුම්රිය ස්ථානයේ ආපන ශාලාව ඉස්සරහ උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගයේ දිශාව දැක්වෙන මේ ලකුණ දැකගන්න පුඵවන්​
    dsc02450ne.jpg


    උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයේ සිට පහළ නානුඔය දුම්රිය ස්ථානය හරිම ලස්සනට පේනවා

    dsc02458g.jpg


    බස් පාරට සමාන්තරව දුම්රිය මාර්ගයත් නුවරඵළියට ගිය මාර්ගයේ නටඹුන් තමයි මේ​

    dsc02470kk.jpg


    dsc02466oz.jpg


    dsc02468dx.jpg


    dsc02472fg.jpg


    බ්ලැක් ෆූල් ( BPL ) දුම්රිය ස්ථානයේ නටඹුන් කිසිවක් දැනට නැති උනාට බ්ලැක් ෆූල් පහු කරල යනකොට හම්බවෙන කැලේගාල කියන හරියෙ මේ දුම්රිය බිංගෙයි කොටසක් තවම ඉතිරිවෙලා තියනවා.

    dsc02483hj.jpg




    පහලින් තියන මේ ජායාරෑප දෙක ගොඩක් දුර්ලභ ජායාරෑප බ්ලැක් ෆූල් පහු කරල නුවරඵළියට යනකොට හම්බවෙන කැලේගාල කියන හරියෙදි ගත්ත ජායාරෑප 2ක්​


    154c.jpg

    ඉහලින් තියන ගොඩනැගිල්ල තවමත් ඉතිරිවෙලා තියනවා

    පහලින් තියන මේ ජායාරෑපය හරිම ලස්සනයි.මෙතන හඳුන්වල තියන්නෙ අශ්ව ලාඩම් වංගුව කියල​

    1101a.png


    තුරඟ තරඟ පිටියට ආසන්නයෙන් තමයි දුම්රිය මාර්ගය නුවරඵළියට පිවිසෙන්නෙ.. තුරඟ තරඟ පිටියට ආසන්නයෙන් තවමත් ඉතිරිවෙලා තියන දුම්රිය පාලම තමයි මේ.. නුවරඵළියට දුම්රිය ස්ථානය පිහිටලා තියන්නෙ මීට ටිකක් එහායින්

    dsc02495c.jpg


    dsc02489c.jpg


    මේ තියන්නෙ නුවරඵළියට දුම්රිය ස්ථානය අද ලංගම ඩිපෝව විදිහට භාවිතා කරන්නෙ එදා නුවරඵළියට දුම්රිය ස්ථානය.කොයිතරම් ලස්සනද

    dsc02502v.jpg


    dsc02500dm.jpg


    මේ පදික වේදිකාව ලඟ කොයිතරම් පුංචි කේච්චි නවතවනන්න ඇද්ද.අකමැත්තෙන් උනත් මේ ජායාරෑපය 3 ගන්න මට අවසර දුන්න. නුවරඵළිය ඩිපෝවෙ TO මහත්තයට එළකිරිය වෙනුවෙන් මගේ පිං.
    dsc02499cn.jpg


    මේ ජායාරෑපය 2 අන්තර්ජාලයේන්
    015621.jpg

    015624.jpg



    මේ තියන්නෙත් නුවරඵළියෙ දුම්රිය ස්ථානයේ පැරණි ජායාරෑපයක්

    dsc02733nx.jpg




    මේ පුංචි කේච්චිය නුවරඵළියෙදි ගත්ත පැරණි ජායාරෑප කහිපයක්

    1104t.jpg


    1103sq.jpg



    මීලඟ හමුවන දුම්රිය ස්ථානය කඳපොල ( KAP ).. ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය තමයි කඳපොල. මුහුදු මට්ටමෙන් අඩි 6316 ක් උසින් තමයි කඳපොල දුම්රිය ස්ථානය පිහිට තිබුනෙ..අදවෙනකොට කස්තුරිආරච්චි කියන ප්‍රවාහන ආයතනයකට තමයි මේ ගොඩැගිල්ල අයිති වෙලා තියන්නෙ..මම ටිකක් බයෙන් තමයි මෙතන photos ගත්තෙ.

    dsc02506zm.jpg


    dsc02515z.jpg


    dsc02509ti.jpg



    මීලඟ හමුවන දුම්රිය ස්ථානය බෲක්සයිඩ් ( BKS )..මට මේ ගමනෙදි හමුවුන ලස්සනම දුම්රිය ස්ථානය බෲක්සයිඩ්..බලලම කතා කරමු

    dsc02531xs.jpg



    කොහොමද තැන ජයලත් රටබීම සාප්පුව..අද බාර් එකක් විදිහට පාවිච්චි කරාට තවමත් පැරණි වදහටම තියනව..සම්පූරණයෙන් ලී වලින් හදල තියන බෲක්සයිඩ් දුම්රිය ස්ථානය.ටිකට් කවුන්ටරය තවමත් එලෙසම තියනවා..ඇතුල තනිකරම දුම්රිය මැදිරියක් වගේ

    dsc02521c.jpg


    dsc02526zd.jpg


    dsc02536d.jpg


    107dvs.jpg



    කැමති ජාතියක් තෝරගන්න පුඵවන්.අපරාදෙ කියන්න බෑ මේ මහත්තය මට ගොඩක් උදවු photos ගන්න.ඒ මහත්තයටත් එළකිරිය වෙනුවෙන් මගේ පිං.

    dsc02524tz.jpg



    මේ බෲක්සයිඩ් බඩු ගබඩාව

    dsc02523n.jpg


    dsc02520c.jpg


    මේ බෲක්සයිඩ් දුම්රිය නිල නිවාසය

    dsc02533at.jpg


    පහල තියන්නෙ දුම්රිය මාර්ගයේ පැරණි ජායාරෑපයක් සහ රාගල දක්වා යන බස් පාරේ දකින්න තියන එකම දුම්රිය පිල්ලක කොටසක්.තව දෙයක් කියන්න අමතක උනා.එදා කඳපොල සිට රාගල දක්වා දුම්රිය පාර තමයි,අද බස් පාර

    dsc02734tm.jpg


    dsc02551ph.jpg


    රාගලට යනකොට රෑ වෙලා photos ගන්න බැරි උනා.ඒත් රාගල දුම්රිය ස්ථානයෙ පැරණි ජායාරෑපයක් නම් හොයගත්ත

    dsc02736c.jpg


    රාගලදි මට තවත් විශේෂ පුද්ගලයෙක් මුණගැහුන.ඒ H.A. ප්‍රනාන්දු මහත්මය. රාගල අවාසාන දුම්රිය ස්ථානාධිපති තුමා තමයි ප්‍රනාන්දු මහත්මය.ඒ 1970 ගණන්වල.මෙතුමා රාගල දුම්රිය ස්ථානාධිපති වෙලා එනකොට දුම්රිය ගමන් නවත්තලත් සෑහෙන කල්. මෙතුමන්ලාගේ රාජකාරිය වූයේ වෙනත් දුම්රිය ස්ථානවලින් එන බඩු භාණ්ඩ භාරගැනීම සහ යැවීමයි.

    dsc02544e.jpg



    ආපහු එන ගමනේදි අපිට නුවරඵළියෙදි තවත් අපූරැ ජායාරෑපයක් හම්බඋනා. (මේ අතර 1941 වර්ෂයේදි නුවරඑළයේදී දුම්රියක් පීළි පැන පෙරළීමෙන් සිදුවූ අනතුරකින් රියදුරැ මියයනවා ) ඒ මේ සිදුවිමට අදාල ජායාරෑප

    dsc02727ub.jpg


    100ay.jpg


    මේ ජායාරෑප 2 හරිම දුර්ලභයි.පහල තියන ජායාරෑපයත් උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රියක්..බලන්න හොඳට මේ දුම්රියේත් අනතුරට ලක්වූ දුම්රියේත් අංකය 293.. මේ ජායාරෑපය ඒ තරම් දුර්ලභයි.

    106ee.jpg


    නුවරඵළියෙ කඳපොල තියන TEA FACTORY හෝටලයේ උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රියක මැදිරියක් අදටත් දැකගන්න පුඵවන්. TCK 6685 නම් දුම්රිය මැදිරිය දැනුත් අමුත්තන් සඳහා ආහාර ලබා ගැනීමට භාවිතා කරනවා.

    tck6685.jpg



    1761405heritanceteafact.jpg


    93106759.jpg

    [
    CENTER]
    මේ ගමන අවසන් කරල ආපු මට කොළඹ දුම්රිය කෞතුගාරයෙ තිබිල උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයේ පොල්තෙල් ප්‍රවාහනයට භාවිතා කරපු ටැංකියක ජායාරෑප ගන්නත් පුඵවන් උනා.


    dsc02707ly.jpg


    dsc02713h.jpg


    dsc02710p.jpg



    පහල තියන්නෙ ලංකාවේ පටු දුම්රිය මාර්ග වල ධාවනය වූ දුම්රිය ජායාරෑපය කිහිපයක්.

    srilanka10007.jpg


    srilanka10002.jpg


    srilanka10001.jpg


    465617044158e2e41283.jpg


    cgrn.jpg



    මම විශ්වාස කරනව අත හිරිවැටෙනකම් type කරපු මේ විස්තර ටික අපේ යඵවන්ට ප්‍රයේජනවත් වෙන්න ඇති කියල..මම මේක මුලින්ම දැම්මෙ එළකිරියට…හෙට වෙනකොට මේක site කීයක මගේ නොවී තියෙයිද දන්නෙ නෑ.කොහොම උනත් මට උදවු කරපු හැමෝටම ගොඩක් ස්තුතියි..විශේෂයෙන්ම මගේ wife ට..

    එළකිරියට ජය වේවා….. ශිවන්ත


    dsc02594rl.jpg




     
    • Like
    Reactions: shivantha123